ඔබ මීට පෙර අසා තිබුනාද, T 56 රයිෆලයට බාල සහෝදරයෙක් ඉන්නවා කියා. ඒ සහෝදරයා තමයි T 81 ප්‍රහාරක රයිෆලය.
(Type 81 assault rifle)
මේ රයිෆලයට යොදන්නෙත් T 56 රයිෆලයට යොදන 7.62 x 39 පතරොම් වර්ගයම තමයි.
මේ රයිෆලය අදටත් අපේ ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරන ප්‍රබල අවියක්.
ඔබ දන්නවනේ, T 56 රයිෆලය, රුසියානු AK 47 රයිෆලය අනුකරණය කරමින්, 1956 දී චීනය විසින් නිෂ්පාදිත අවියක් බව.
T 81 රයිෆලයත් චීන නිෂ්පාදනයක්.
1971 දී තමයි මුලින්ම සැලසුම් කර තිබෙන්නේ.
මෙය අනුකරණයක් නෙවෙයි. 1981 දි තමයි මුලින්ම අත්හදා බලා තිබෙන්නේ.
1983 දී තමයි වෙළඳපොළට නිකුත්කර තිබෙන්නේ.
මේ රයිෆලයේ ගති ලක්ෂණ මොනවාද කියා බලමු.
T 56 රයිෆලයට වගේම මේ රයිෆලයටත් බයිනෙත්තුවක් තිබෙනවා. ඇත්තටම බයිනෙත්තුවක් තුවක්කුවකට සවි කරන්නේ ක්‍රම දෙකකින් සටන් කරන්න. තුවක්කුවට සවි කර තිබියදීම බයිනෙත්තුවෙන් සතුරාට අනින්න පුළුවන්.
ඒ වගේම තුවක්කුවෙන් ගලවලා අරගෙන පිහියක් වගේ යොදාගෙන අනින්න පුළුවන්.
නමුත් අද ලෝකයේ කොහෙවත් බයිනෙත්තු සටන් නැහැ.
ලෝකයේ සෑම තැනකම තුවක්කු වලට අද බයිනෙත්තු සවි කරන්නේ ගෞරවාචාර පෙළපාලියක් සඳහා පමණයි.
එපමණක් නොව මේ රයිෆලයෙන් බෝම්බ විදීමද කරන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන් නිෂ්පාදිත බෝම්බ වර්ගයක් තිබෙනවා.
නමුත් අපේ ත්‍රිවිධ හමුදාවනම් ඒවා බහුලව යොදාගත්තේ නැහැ.
එයට හේතුව මිලිමීටර් 40 බෝම්බ විදින තුවක්කු වෙනමම භාවිත කිරීමයි.
අනික් හේතුව වෙඩි තියන ගමන් තුවක්කු කටට බෝම්බ සවි කර කර ඉන්න එක ටිකක් කරදරයි.
තමන්ගේ පතරොම් වලට අමතරව එවැනි බෝම්බ ගෙනයාමත් සොල්දාදුවකුට ටිකක් කරදරයි. ඊට වඩා ලේසියි බෝම්බ විදින තුවක්කුව පාවිච්චි කිරීම.රයිෆලයකට සවි කරන බෝම්බය තමයි මේ දැක්වෙන්නේ.
මේ තුවක්කුව සම්පූර්ණයෙන් කොටස් වලට ගැලවූ විට පෙනෙන ආකාරය පහත දක්වනවා.
නමුත් ඉතා සංකීර්ණ නිසා ඒ සියලු කොටස් විස්තර කරන්නේ නැහැ.
තවත් වෙනසක් පෙන්වන්නම්. ඒ තමයි මේ තුවක්කු මෝස්තර දෙකේ ආරක්ෂිත අගුල පිහිටා ඇති ආකාරය.
T 56 තුවක්කුවේ ආරක්ෂක අගුල විශාලව සහ ශක්තිමත්ව තිබෙනවා. එය තිබෙන්නේ තුවක්කුවේ දකුණු පැත්තේ. T 81 තුවක්කුවේ ආරක්ෂක අගුල ඉතා කුඩායි. එය තිබෙන්නේ තුවක්කුවේ වම් පැත්තේ.
T 81 තුවක්කුවේ අගුල ඉතා පහසුවෙන්, නොදැනුවත්වම වෙඩි තැබීමේ ඉරියව්වට වැටීමට ඉඩ තිබෙනවා.
එයට හේතුව එය ඉතා කුඩා සහ පහසුවෙන් තල්ලුවන ලීවරයක් නිසා. ඒ හේතුව නිසා මේ තුවක්කුවෙන් අත්වැරදීමෙන් වෙඩි පිටවූ අවස්ථා කීපයක් මම යුද බිමේදී දැක තිබෙනවා.
මේ ඉන්නේ. කොහොමද නිකම් හුරුබුහුටි පෙනුම. මෙයාත් අපේ හමුදාවේ ඉන්නවා. විශේෂ බලකාය සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවත් එක්ක තමයි විශේෂයෙන් ඉන්නේ.
ඇත්තටම මෙය ඉතාම හුරුබුහුටි ස්වයංක්‍රීය අවියක්. ඔබ බොහෝවිට මෙය දැක ඇති බටහිර ක්‍රියාදාම චිත්‍රපටි වල.
මතකතබාගන්න මේ තුවක්කුව යුද බිමට ගැලපෙන්නේ නැහැ. මෙය ගැලපෙන්නේ ළඟ ළඟ (කෙටිදුර) සිදුවන වීදි සටන්, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ සටන් සහ විශේෂයෙන් ප්‍රභූ ආරක්ෂාව සඳහායි.
ඇත්තටම මෙය විශාල ස්වයංක්‍රීය පිස්තෝලයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.
තනි අතින් වෙඩි තියන්න පුළුවන්, ඒ තරම් ගැස්සෙන්නේ නැති නිසා. UZI, Mini UZI, UZI Pistol, ආදී වශයෙන් මෝස්තර කීපයකින් එන මේ තුවක්කුව ඉතාම ජනප්‍රිය අවියක්.
තවමත් ඒ ජනප්‍රියත්වය එතරම් පහත වැටී නැහැ. මේ ලිපියේදී මම මේ තුවක්කුවේ වෙනත් මෝස්තර ගැන කතාකරන්න යන්නේ නැහැ.
මේ ලිපියෙන් කතාකරන්නේ මෙහි දක්වා තිබෙන Mini UZI තුවක්කුව ගැන පමණයි.
අපි මීළඟට බලමු මේ තුවක්කුවේ තාක්ෂණික විස්තර.
- වර්ගය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු
- නිර්මාතෘ : ඌසියල් ගැල්
- පළමු සැලසුම සැකසීම : 1948
- නිෂ්පාදනය ඇරඹීම : 1950
- නිෂ්පාදක : ඊශ්‍රායල් හමුදා කර්මාන්ත Israel Military Industries = IMI ( ඒ හැර ඊශ්‍රායලයේ අනුමැතිය යටතේ වෙනත් රටවල පිහිටි සමාගම් විසින්ද නිපදවනවා)
- මෙතෙක් නිපදවා ඇති අවි ගණන : කෝටියකට අධිකයි
- අවියේ බර (පතරොම් රහිතව) : කිලෝග්‍රෑම් 3.5 යි
- අවියේ දිග (මිට හෙවත් බට් එක දිගහැර) : මිලිමීටර් 640 යි (අඟල් 25 යි)
- අවියේ දිග (මිට හකුලා) : මිලිමීටර් 470 යි (අඟල් 18.5 යි)
- තුවක්කු බටය හෙවත් බැරලයේ දිග : මිලිමීටර් 260 යි (අඟල් 10.2 යි)
- යොදන පතරොම් වර්ගය : මිලිමීටර් 9 ( මේ හැර මේ අවියේම වෙනත් මෝස්තර සඳහා .22LR, .45 ACP, .41 AE යන මෝස්තර වල පතරොම් යොදනවා.
- වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 600 යි
- උණ්ඩ ප්‍රවේගය : තත්පරයකට මීටර් 400 යි
- සඵල වෙඩි දුර : මීටර් 200 යි
- උණ්ඩ යෙදීම : පතරොම් 20, 25, 32, 40, 50 ලෙස විවිධ ප්‍රමාණයේ මැගසින් මගින්.
මේ තුවක්කුවෙන් වෙඩි තියන හැටි සරලව පෙන්වන්නම්. කොටස් ගලවමින් සවිකරමින් විස්තර කරන්න ගියොත් ලිපිය අනවශ්‍ය විදිහට දික් වෙනවා. පහත දැක්වෙන පින්තූරයෙන් ඔබට සතුටුදායක අවබෝධයක් ලැබෙනු ඇති.
A, R, S, යන ස්ථාන වලට සේෆ්ටි ලීවරය යොමු කලවිට සිදුවන්නේ මෙයයි. A= Automatic සම්පූර්ණ ස්වයංක්‍රීය තත්වය. එනම් ට්‍රිගරය මිරිකාගෙන සිටිනතාක් කල් සියලුම පතරොම් පත්තු වෙනවා. R = Rapid ට්‍රිගරය එකවරක් මිරිකු විට තුවක්කුවෙන් එක වෙඩිල්ලක් පමණක් පිටවෙනවා.
නැවත ට්‍රිගරය මිරිකු විට එක වෙඩිල්ලක් පිටවෙනවා. ඒ කියන්නේ ට්‍රිගරය මිරිකන වාරයක් වාරයක් පාසා එක වෙඩිල්ල බැගින් පිටවෙනවා. S = Safe තුවක්කුව අගුලු දැමීම. තුවක්කුව සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත සහ ආරක්ෂිත තත්වයට පත්වෙනවා. තුවක්කුවේ කොටස් පහත රූපයෙන් බලන්න.
https://jangun.wordpress.com



