නේතන්: මල් බබා.සේරම කියන්නේ ඌ දැහැමිව ජීවිතේ ගෙනියන එකෙක් කියල
සචිත්: (අමුතුම ත්රීල් එකක් ලබමින්) පිස්සුද සෑර් ඌ ගැන දන්නෙ මම නේ.ඌ තමයි සේරම හොර ගේම් යටින් ගන්නේ.ඉස්කෝලෙක මිස් කෙනෙක් පෙන්නන්න බෑ.සෙවළ වැක්කෙරෙනවා.
නේතන් තව දුරටත් කල්පනාවක නිමග්න වෙයි.ඒ අතර සචිත් තව අහවල් එක අතගාමින් තැලුම් මකා ගැනීමට උත්සහයක නිරත්වන බවක් නේතන් දකී
නේතන්: දැන් තෝ කියන්නෙ මල් බබා කියන එකාද මේ රිවෝල්වර් එක විකුනුවේ?
මොන ගූ තලියක්ද මේ ඔලුවට පාත් වෙන්නෙ.දැන් මම මේක මුට කීවොත් මුගෙන් බේරෙන්න පුළුවන්,ඒත් එලියට ගිහින් කොහොමද මම ඉන්නෙ,මල් බබා අනිවාර්යයෙන් දැනගන්නවා මමයි ඔත්තුව දුන්නෙ කියලා.උන් හිටිතැන් නැති වෙන්න වැඩක් ඒකෙන් වෙන්නෙ (සචිත් තනියම කල්පනා කරයි.)
නේතන්: ඈ බොල වේ*ගෙ පුතෝ තොට මම කියපු දේ ඇහුනෙ නෑද්ද?
සචිත්: ඇහුනා සර්.ඒත්..ඒත්
සචිත් හට කීමට හැකි උයේ එපමනකි.නැවතත් යටි බඩ දෙසට එල්ලවු දරුනු ප්රහාරයක සුව විඳ ගැනීම සඳහා සචිත් බිමට නැඹුරු විය.
නේතන් කොතෙක් දරදඬු මිනිසෙක් ඌවත් මේ සිද්ධිය නිසා හිත සසලවූ බවක් පෙනෙන්නට විය
නේතන්: තොගෙ ගෙවල් කොහෙද?
සචිත් වේදනාවෙන් ඇඹරෙමින් තමන්ගේ ලිපිනය නේතන් හට කියයි.පසුව නේතන් සමගින් සචිත් තම නිවස බලා යෑමට වාහනයට නගියි.
ගමන අතරතුර නේතන්ට කල්පනා කිරීමට දහසකුත් දේ ඇත.රිවෝල්වරය විකුනුයේ කවුරුන්ද?මිලදී ගත් පුද්ගලයා කෙසේ ගේම් ගසන්නෙක්ද?මේ කතාවේ මුල් පොට පාදා ගන්නෙ කෙළෙසද යන්න ඔහුගේ හිතට වද දෙමින් තිබෙයි.සචිත්ද නේතන්ගේ චොරොකි රථයට වී තම ප්රථම වාහන ගමනේ අසිරිය විදී.
ජා-ඇල වත්තල වැනි ප්රදේශයන්හී තිබෙන පහසුකම් මෙහි නොමැති බව නේතන්ට සැනෙකින් අවබෝධ වෙයි.මෙවැනි පාරක වාහනයක් පදවාගෙන යෑම ඉතා කල්පනාවෙන් කල යුතුය.නැතහොත් වාහගනය සෑදීම සදහා වියදම් වන මුදල මාසේ අවසානෙට ලැබෙන සොච්චම් පඩියෙන් කර ගැනීමට නොහැකි බව නේතන් දැන සිටි කාරනයකි..
එක්වරම ඔවුන් විශාල වත්තක් දෙසට ඇතුළු වෙයි.මේ සියල්ල සචිත්ගේ මග පෙන්වීම අනුවෙනි.වත්ත දෙපස ගොඩ ගැසූ බයිසිකල් කටු,තහඩු මඩු දුප්පත්කමේ මූලික ලක්ෂන මතු කරන්නට සමත් වෙයි.
සචිත්:එන්න සෑර් ගේ ඇතුළට.ඉඳ ගන්න නම් තියෙන්නෙ මේ බූරූ ඇඳ තමයි
නේතන් හට දැනුනු විඩාව නිසාම සචිත්ගේ කීම පිළිගන්නට මැලි නොවේ,ගේ දොරකඩින් ඇතුළු වූ ගමන්ම අමුතුම ජරා ගඳක් නහය කඩාගෙන යන්නට මෙන් දැනුනි.ඒත් නේතන් එය ඉවසා සිටියේ තමන් හට ඇති එකම පුරුක සචිත් බැවිනි
නේතන්: කෝ උඹේ කාමරේ,මට ඒක ටිකක් පරික්ෂා කරන්න ඔනා
සචිත් තමන්ගේ කාමරය නේතන් හට පෙන්නයි.කිලිටි දොර රෙද්දක් දැමූ කාමරයක් නේතන්ගේ ඇස ගැටෙයි
කාමරයට ඇතුළු වූ විගසම තැන තැන දැමූ ලොකු හිල් ඇති යට කලිසම්.නිරුවත් ස්ත්රීන් ගේ චායා රුප,බීඩී කොට නේතන්ගේ ඇස ගැටෙයි,පසෙකින් කොම්පියුටරයකි,මෙවැනි හිඟන්නෙක් ලඟ මෙතරම් හොඳ කොම්පියුටරක් කොහෙන්ද?නේතන්ගේ සිතට සැකයක් උපදී