කොල්ල නේ මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ මේකයි මගේ ආච්චි මැරුණා මිට මාස 4කට කලින්. අපි 7 දවසේ දානේ නම් දුන්නා බණක් කියලා උදේ පන්සලට ගිහිල්ලා දානේ පුජා කරා. තුන් මාසේ දානේ මගේ මාමා දෙනවා කිය කිය ඉදලා අන්තිම මොහොතේ සල්ලි යනවා කියලා දුන්නේ නැහැ. මට කොල්ල නේ ලොකු වත්කමක් නැහැ දානයක් දෙන්න. මගේ මාමා කිව්වේ හත් දවසේ දානේ වගේ දෙන්න බැහැ කියලා තුන් මාසේ දානේ හාමදුරුවෝ 18නමක් ගෙන්නලා දානේ දෙන්න ඕනේ කියලා. ඒක ඇත්තක් ද කොල්ල නේ ? හත් දවසේ දානේ දුන්නා වගේ දීලා වැඩක් නැහැ කියලා කිව්වා තුන් මාසේ දානේ දෙනකම් අච්චි වෙනුවෙන් කිසිම පින් අතේ වැඩක් කරා කියලා පින් හම්බෙන්නේ නැහැ කියලා කිව්වා. මට හරි දුකයි කොල්ල නේ උන් දෙනවා කියලා දානේ නොදී හිටපු එකට උබලා දන්නවනම් කියනවද ගෙදර බණක් කියලා පන්සලේ හමුදුරුට පන්සලට ගිහිල්ලා දානයක් පිළිගන්වලා මේ පින් දෙන්න පුලුවන් ද කියලා ?

