මට පොඩි කලෙ ඔහොම තැනක් තිබ්බ. පරණ ට්රැක්ටර් ටයර් හතරක් කෙලින් හිටවල, හහට ලෑලි දාල, පරන කුඩ වලින් වහලක් ගහල. අපේ වත්තෙ කොනක. ඒකාලෙ වත්තෙ කැලේ තිබ්බෙ අවුරුදු ගානක් යනකම් කවුරුත් දැනන් හිටියෙ නෑ. මල්ලියි මම යි විතරයි. මල්ලි එහෙම තනක් හදන් තිබ්බ අඹ ගහක් උඩ. ලණු ඉනිමගකින් නගින්න. හුලං ඉස්කෝතු ස්ටොක් එකක් තිබ්බ මතකයි. අප්පා ඒ කලෙ කොච්චර සුන්දරද?

ඇඬෙනවා මාමේ....
මටත් ඔහොම තැනක් තිබ්බ....
පොඩි කාලෙ අපි හිටියෙ මහ ගෙදර.... ගෙදර වටේටම තියෙන්නෙ ලොකු වෙල් යායක්...ගෙදර නිකන් දූපතක් වගේ....
ඒ ඉඩමෙ කොනක තියනවා විසාල ගල් තලාවක්...වෙල් යාය අයිනට වෙන්න..
ඒ ගල් තලාවේ කොනක තමයි ඔය කියන විදියේ මගේ පොට් එක තිබුණේ...
වැස්සකට උනත් තෙමෙන් නැතුව එතෙන්ට වෙලා ඉන්න පුළුවන් විදියට හදල තිබුණා
ආයෙ නම් ඉතින් ලබන ආත්මේවත් එහෙම අත්දැකීමක් ගන්න බැරිවෙයි.

..
මොකද ඒ කාලෙ වෙනකොට පොඩි උන්ට ඔහොම ළමා කාලයක් තියෙන පරිසරයක් බලාපොරොත්තු වෙන්න බෑ.....
අර කිව්ව වගේ මේක හේදිලාම ගිහිල්ල නැවත ගොඩනැගිල එන යුගේක අතරමගක තමා
ආයෙ ඔහොම අත්දැකීමක් ලබන්න වෙන්නේ