අපි ගොඩක් දෙනෙක් බල්ලන්ට ගොඩක් ආදරේ කරනවා,ගෙවල් වල ඇති කරනවා.
සමහර ගෙවල් වල කොල්ලට වඩා බල්ලට සලකනවා.
සමහර කොල්ලෝ කෙල්ලට වඩා බල්ලට සලකනවා.
සමහර කෙල්ලෝ කොල්ලව බල්ලා ගානට දාලා බල්ලව කොල්ලා කරගන්නවා.






ඔය මොකකින් මොකක් උනත් අපේ බල්ලට තුවාලයක් උනොත් අපි මොකද කරන්න ඕන හරියටම වෙට් ලගට යනකම්?
ගොඩක් අය ඕකට උත්තරයක් දන්නේ නෑ.
සමහර අය බල්ලාට තුවාලයක් වෙලා ලේ එනකොට අරක්කු දානවා,කහ දානවා,සර්ජිකල් ස්ප්රීට් දානවා.
ඔය අරවා මේවා නැතුව පිලිවෙලකට බල්ලාගේ තුවාලේකට බෙහෙත් දාන විදිය ගැන මම කියලා දෙන්නම්.
ඉස්සෙල්ලාම කරන්න ඕන තමන් ඇතුලු අනිත් අය සන්සුන් වෙන එක.
තමුන් හෝ වෙන කෙනෙක් කලබල උනොත් බෙහෙත් දාන වැඩේ ටිකක් අමාරු වෙනවා මොකද බල්ලා බය වෙන නිසා.
මුලින්ම තුවාලේ පිරිසිදු කරන්න ඕන.
පිරිසිදු කරන්න නම් පොඩි සේලයින් සොලුශන් එකක් ගන්න ෆාමසි එකකින්.
රු.500 වඩා අඩුයි පොඩි සේලයින් එකක්.
ඒකක් අරන් බල්ලාගේ තුවාලේ හෝදන්න ඒකෙන්.
හෝදන්න කිව්වේ සේලයින් එක තුවාලේ උඩට හොදට දාන්න මුලු තුවාලේම හේදිලා යන්න.
තුවාලේ සේලයින් එකෙන් පිරිසිදු කරාට පස්සේ ජෙන්සන් වයලට් කියන බෙහෙත් එක ගන්න ෆාමසි එකෙන්.
ඒකත් පොඩි ගානක් වෙන්නේ.
මේ බෙහෙත් එක දම්පාටයි.
ඒක අරන් පුලුන් කෑල්ලකට පොගවලා ඒ පුලුන් කෑල්ලෙන් තුවාලේ උඩට බෙහෙත් එක තවරන්න හෙමීට සතාට රිදෙන්නේ නැති විදියට අත තද නොකර.
පුලුන් කෑල්ලකට දාලා තවරන්න බැරි නම් තුවාලේ තියන තැනට පරිස්සමෙන් ජෙන්සන් වයලට් එක වක්කරන්න.
ඊට පස්සේ නෙගසන්ට් ඩස්ටින් පවුඩර් එකක් ගන්න ෆාමසි එකෙන්.
රු.400 වඩා අඩුයි මේක.
නෙගසන්ට් එක අරන් සේලයින් වලින් හොදලා,ජෙන්සන් වයලට් දාපු තුවාලේ උඩින් පවුඩර් එක ඉහින්න හොදට තුවාලේ වැහෙනකම්.
ඒ කරලා වෙට් ලගට අරන් යන්න අනිවාර්යෙන්ම මොකද සමහර වෙලාවට තුවාල නිසා බල්ලන්ට ටැටිනස් කියන රෝග තත්වෙට එන්න පුලුවන්.
ටැටිනස් වලට ආවම සතාව බේරගන්න බෑ ගොඩක් වෙලාවට.
දුක් විදලා මැරෙන්නේ සතා.
ඒ නිසා අනිවා තුවාලයක් උනාම වෙට් ලගට ගෙනියන්න.
වෙට් ලගට ගෙනියනකම් කරන්න ඕන ප්රථමාධාර විතරයි මම මේ කිව්වේ මොකද ගොඩක් අයට ඒ දැනුම නැති නිසා.
ඒ නිසා ගෙදර ඇති කරන සතා වෙනුවෙන් අදම ප්රථමාධාර ගෙනත් තියාගෙන තුවාලයක් උනාම නියමිත විදියට කරන්න ඒ දේවල්.
හැමවෙලාවේම කල් ඉකුත්වීමේ දින ගැන අවදානමෙන් ඉන්න.
රු.1300.00 වඩා අඩුවෙන් සේලයින් පොඩි එකයි,ජෙන්සන් වයලට් එකයි,නෙගසන්ට් පවුඩර් එකයි ගන්න පුලුවන්.
නෙගසන්ට් පවුඩර් එක දාන්න ඕන දවසට එකපාරයි.
තුවාලේ ගද ගහනවා වගේ නම් පැය හයකට පාරක් සේලයින් වලින් හෝදලා ජෙන්සන් වයලට් දාන්න.
බෙහෙත් දාන්න කලින් සතාගේ තුවාලේ පින්තූරයක් ගන්න ෆෝන් එකෙන්.
වෙට් ලගට ගියාම ඒ පින්තුරේ පෙන්නන්න.
ඔන්න ඔහොමයි කතන්දරේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
මම කියන දේවල් වලට මම 100% වගකීම ගන්නවා.
මොනාහරි තියනවානම් අහපන් ඕන දෙයක්.
දන්නවා නම් අනිවා උදව් කරනවා උපරිමෙන්ම.
සතාට ආදරේ කරපන්,බලාගනින් බල්ලෙක් විදියට නැතුව යාලුවෙක් විදියට.
කවදාවත් වරදින්නේ නෑ.




awlk nah neh 
