ආර්ටික් හස්කි හෙවත් සයිබේරියන් හස්කි ගැන තමා අද මම මේ ත්රේඩ් එක දාන්නේ.
ගොඩක් අය මෙයාලව හදුන්වන්නේ වැරදි නමකින් සර්බියන් හස්කි කියලා.
සමහර වෙට්ලා පවා මෙයාලව දන්නේ නෑ සයිබෙරියන් හස්කි කිව්වාම.
සර්බියන් හස්කි කියලා තමා මෙයලව දන්නේ ගොඩක් අය.
ඒ උනාට සර්බියන් හස්කි කියලා බ්රීඩ් එකක් නෑ මේ ලෝකේ කොහේවත්.
ඉන්නේ සයිබේරියන් හස්කි කියලා විතරයි.
මෙයාලව මුලින්ම හැදින්වුයේ ආර්ටික් හස්කි කියලා.
පස්සේ ඒක වෙනස් උනා සයිබේරියන් හස්කි කියලා.
වර්තමානයේ භාවිතා වෙන්නේ සයිබේරියන් හස්කි කියලා.
ඝණකම් ලෝම තිබීම,ඕනෑම සීතල තත්වයකදි සුපිරියට ජීවත් වීමට ඇති හැකියාව,හිම මත හොදින් දුවන්න ඇති හැකියාව,නිතරම සෙල්ලමට බර වීම නිසා මෙයාලව ගොඩක්ම භාවිතා කරන්නේ හිම ක්රීඩා වල හිම කරත්ත ඇදගෙන යන්න සහ වෙනත් හිම ක්රීඩා සදහයි.
සයිබේරියන් හස්කි කියන බ්රීඩ් එක හැමෝටම හදන්න අනුමත කරන බ්රීඩ් එකක් නෙවෙයි.
හස්කි බ්රීඩ් එක ට්රේන් කරන්න අමාරුයි ඇන්ඩ් හොද ඉවසීමක් තියෙන්න ඕන.
ගොඩක් වෙලාවට හස්කි උන් තමන්ගේ තනි තිරණ ගැනිමේ ඇති කැමැත්ත නිසා අපි කියන දේ අහන්නේ නෑ.
ඒ නිසාම තමා හැමෝටම හරියන්නේ නෑ කිව්වේ හස්කි උන්ව හදන්න.
හොදට බල්ලෝ හදලා අත්දැකීම් තියන , ට්රේන් කරලා අත්දැකීම් තියන අයට හස්කි උන්ව හදන්න කියලා තමා මම නම් අනුමත කරන්නේ.
ජීවිතේට බල්ලෙක් හදලා නැත්තම් කවදාවත් හස්කි එකෙක්ව නම් හදන්න එපා මොකද බල්ලෝ හැදිල්ලත් එපා වෙනවා හස්කි එකෙක්ව ජිවිතේට හදන පලවෙනි බ්රීඩ් එක උනොතින් නම්.
හස්කිලාව හැම රටකම , හැම කාලගුණ තත්වයකම හදන්නත් බෑ මොකද කිව්වොත් හස්කි උන්ට හොදට සීතල ඕන උන්ට ජීවත් වෙන්න.
ලන්කාවේ හදනවානම් එක්කෝ තමුන් සීතල පැත්තක ඉන්න ඕන හෝ තමන් ඉන්න ගෙදර දවසම ඒ.සි.කරලා තියෙන්න ඕන.
එහෙම නැතුව හස්කි එකෙක්ව හැදුවොතින් අවුරුදු දෙකක් තුනක් යනකොට සතාට කිඩ්නි ෆේලියර්ස් ඇවිත් මැරෙනවා රස්නේ නිසා.
සෝ ඒ නිසා හස්කි එකෙක්ව හදනවානම් ගොඩක් හිතලා හදන්න ඕන බ්රීඩ් එකක්.
මෙයාලා කොහොමද සෙට් උනේ අපේ ලෝකෙට?
ඒ කතන්දරේ මම මෙහෙම කියන්නම්කෝ.
හස්කි කියන්නේ ලෝකේ ඉන්න පරණම බල්ලෝ බ්රීඩ් වලින් එකක්.
මෙයාලා ආවේ ඊසානදිග සයිබිරියාවෙන්.
ඊසාන දිග සයිබිරියාවේ හිටියා චුක්චි කියලා ගෝත්රයක්.
ඔය උඩ ඉමේජ් එකේ ඉන්නේ එයාලා තමා.
ඒ ගෝත්රයේ හිටපු ගෝත්රිකයන් එක්ක හස්කි උන් හැදුනා ඒ ගෝත්ර වැසියන්ට උදව් කරමින්.
සමහර වෙලාවට ගෝත්රිකයන් කෑම සොයා යාමේදි හස්කි උන්ව එක්කන් ගියා සීතලේ කෑම හොයන්න.
ගොඩක් අය කියන්නේ හස්කි කියන්නේ ඊසානදිග සයිබිරියාවේ හිටපු කොමන් බ්රීඩ් බල්ලෝ සහ වෘකයන් එක්ක දෙමුහූම් වෙලා හස්කි බ්රීඩ් එක හැදුනා කියලයි.
ඒ කතාව ගොඩක් හස්කි හදන අය විස්වාස කරනවා මොකද හස්කි එකෙක්ව හදනකොට ගොඩක් අයට හිතෙනවා මූ බල්ලෙක් නෙවෙයි වෘකයෙක් කියලා.
ඒ මොකද කිව්වෝත් හස්කි උන් බුරන්නේ ගොඩක් අඩුවෙන්.
හස්කි උන් ගොඩක් වෙලාවට කරන්නේ වෘකයින් විදියටම උඩු බුරන එකයි.
නන්නාදුනන කෙනෙක් ගෙදරට ආවත් හස්කි උන් බුරන්නේ නැති තරම්.
උන් මොකා ආවත් උන්ගේ පාඩුවේ ගොඩක් වෙලාවට ඉන්න කැමති බ්රීඩ් එකක්.
ආරක්ශාවට හදන්න ඉන්නවානම් ජිවිතේට හස්කි එකෙක් නම් හදන්න එපා.
හස්කි බ්රීඩ් එක ගොඩක් වෙලාවට හදන්නේ එක්කෝ හිම ක්රීඩා කරන්න හෝ හුරතලේට.
අරවා මේවා මොනවා හස්කිලාට කිව්වත් සයිබේරියන් හස්කිලාට මේ ලෝකේ ගොඩක් බ්රීඩ් වලට කරන්න බැරි දෙයක් කරන්න පුලුවන්.
මේ සීන් එක ගොඩක් අය දන්නේ නෑ හස්කිලාට මෙහෙම කරන්න කරන්න පුලුවන් කියලා හස්කි එකෙක්ව හැදුවත්.
ඒ තමා කතා කිරිමේ හැකියාව.
හරියට ට්රේන් කරානම් හස්කි එකෙක්ට කතා කරන්න පුලුවන් මොකද කිව්වොත් උන්ගේ කටහඩ උන්ට පාලනය කරන්න පුලුවන් හැකියාවක් තියනවා එක එක සද්ද වලට.
පිස්සු හැදෙයි සද බැබලෙයිනේ.
හස්කි එකෙක් කතා කරනවා බලන්න ඕන නම් මේ විඩියෝ දෙක බලන්නකෝ ආස අය.
ලෝකෙ ඉන්න බල්ලෝ බ්රීඩ් වලින් ගොඩක් බ්රීඩ් වලට නැති පට්ට ලස්සන ඇස් දෙකක් තියනවා සයිබේරියන් හස්කිලාට.
හස්කිලාගේ ඇස් වලත් වේරියේශන්ස් ගානක් තියනවා.
හස්කිලා ප්රධාන වශයෙන් ඉන්නේ මෙන්න මේ පාටවල් වලින්.
හස්කි කියන්නේ ගොඩක් වෙලාවට හොදට ඉඩ තියනවානම් විතරක් හදන්න ඕන බ්රීඩ් එකක් මොකද ගොඩක් වෙලාවට හස්කිලා දුවන්න,පනින්න,පොඩි පොඩි සත්තු පස්සේ යන්න,පොලොවේ වලවල් හාරන්න කැමතියි.
වෘකයෝ වගේ උඩු බුරන්න ගොඩක් ආසයි හස්කිලා.
උන්ට පාලුවක් එහෙම ආවම උන් උඩු බුරනවා.
මට නම් හස්කි උන් උඩු බුරනවා අහන් ඉන්න ආසයි.
උන්ගේ උඩු බිරිල්ල ඇතුලේ උන්ට අපිට කියාගන්න ඕන ඒත් කියාගන්න බැරි පණිවිඩයක් තියනවා කියලා මට නම් හිතෙනවා.
අනිවාර්යෙන්ම ෆර් එක නම් දිනපතා මේන් ටේන් කරන්න වෙනවා සයිබේරියන් හස්කි එකෙක්ව හදනවානම් මොකද උන්ගේ ෆර් එක උන්ගේ පැවැත්මට සහ ලස්සනට ගොඩක්ම බලපාන නිසා.
පොඩි කාලේ හස්කි උන් ගොඩාක්ම ලස්සනයි.
වෙන කිසිම බ්රීඩ් එකක් නැති පුදුමාකාර , ගුප්ත ලස්සනක් තියනවා පොඩි හස්කි පැටියෙක් ඇතුලේ.
ඒ ලස්සනට තවත් ලොකු ලස්සනක් එකතු කරනවා උන්ගේ ඇස් දෙක.
ඒ නිසාම ගොඩක් දෙනෙක් හස්කිලාව ගන්නවා ඒ ලස්සනට රැවටිලා.
පස්සේ තමා තේරෙන්නේ හදන්න තියන අමාරුව.
ගොඩක් අය හස්කිලාව ගන්නේ වැරදිලා.
උන්ගේ ලස්සන නිසා තමා හස්කිලාව ගන්නේ මෙලෝ හසරක් නොදැන.
පස්සේ ඉතින් සතාව හරියට හදාගන්න බැරි උනාම සතාව දීලා දාන්න කෙනෙක් හොයනවා.
ලන්කාවේ නම් KASL රෙජිස්ටර් කරපු හස්කි පැටියෙක්ව රු.70000.00 - රු.100000.00 අතර ගානකට ගන්න පුලුවන්.
මොන බ්රීඩ් එකක් හැදුවත් හස්කිලාගේ ඇස් නම් ජිවිතේට අමතක වෙන්නේ නෑ හස්කි එකෙක්ව හදපු කෙනෙක්ට.
හස්කියෙක් හදනවා කියන්නේ ලොකු චැලේන්ජ් එකක් මොකද සීතල තියෙන්න ඕන,ආසාව තියෙන්න ඕන,කැප වෙන්න ඕන,සතාව ට්රේන් කරන්න ඕන නිතරම.
සෝ තමන්ට 100% හස්කියෙක් හදන්න පුලුවන් වාතාරණයක් තියනවානම් විතරක් හස්කි එකෙක්ව හදන්න කියලයි මම කියන්නේ.
ඔන්න ඔහොම සීන් කෝන් එකක් කියලා මම මේ ත්රේඩ් එක අවසන් කරනවා.
මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෙක් මගේ කලින් ත්රේඩ් එකක සයිබේරියන් හස්කිලාට ආස අය වෙනුවෙන් ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
Last edited:


මම අරගන දැන් මාසයක් වගේ,බුවාට මාස 3ක් වෙන්නෙ,
,බය නෑ ඇටයා වගෙ හිටියට,
හුරතලෙත් එමමයි,නිකමට හරි කෑ ගැහුවොත් මිනිහා බෙල්ල බිම තියන් දුකින් ඉන්නවා,
මට නම් හම්බුනු ෆට්ටම බල්ලො වර්ගෙ රොටා තමයි