අභිධර්ම සංගමය.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    kriye buddist kiyala aagama beraganna godak pora talk dena un athare aththma aagama gana avabodayak thiyana un vidiyata dakinne max, shenic , ashmi vitharayi
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මෙතෙනට සාමාන්‍ය පුද්ගලයෙක් හැරෙන්න අරිහතුන් වහන්සේ නමක් substitute කරොත් කොහොමද ඔය ටික වෙනස් වෙන්නේ?? මොකද අරිහතුන් වහන්සේට "පිට පැලෙන්න සම්බෝල පාර කාපු නිසා, තව බෝල පාරක් කන්න බියක් ඇති වීම." යන මනසිකාරය ඔතන එන්නේ නෑනේද?




    සබ්බචි.සා චයිතසික 7 කිව්වොත් අපිටත් එකයි ,රහතුන්ටත් එකයි.සිතක් පහලවෙද්දි පෙරපසු නොවී මේ 7 කාගේත් යෙදෙනවා..

    අනික මේ චයිතසික 7, කාට උනත් සිතක් පහලකරගැනීමට / අරමුනක් ගන්න්නට අනිවාර්යෙන් උවමනා කරන ලක්ශන 7ක් කිව්වොත් ඔබට තෙරෙවි. "සිතක් වැටෙන්න නොදී දරගෙන ඉන්නේ,ගත් අරමුන ගිලිහෙන්න නොදී දරාගන ඉන්නේ .. ක්ශනයක් පාස ඉපදෙමින් බිදීමින් ගත් අරමුනින් ඉවත් වෙන්න හදන සිත, අයෙත් ඉපදුන පසු ඒඅරමුනේම තබගන්නේ (මනසිකාර) මෙ හතෙනි.."


    එතකොට සබ්බ චි/සාදාරන හත යෙදුනු සිතට ඉතුරු 45න් (52-7) කීපයක් යෙදීම අනුව තම්යිඅනුව තමයි, සිත මොන කැටගරියෙද කියා තෙරනය වෙන්නේ..
    උද..
    සිත + සබ්බ චි සා 7 +(සෝබන චයිතසික ) =>> කුසල් සිත
    සිත + සබ්බ චි සා 7 +(අකුසල චයිතසික ) =>> අකුසල් සිත

    කරියට, මිරිස් ගොඩාක් වැටුනාම මිරිස් රහ වැඩි කරියක් වෙනවා..
    ලුනු වැඩිඋනාම ,ලුනු රස වැඩි කරයක් වෙනවා වගේ.

    කෙසේවෙතත් මෙ හතෙහි සමහර ඒව තෙරුම් කිරීම දුශ්කරබව රේරුකනේ හාමුදුරුවෝ පෙන්වාදෙනවා..පස්ස මනසිකාර එහෙම.(57පිටුව අභිදම්ම මාර්ගය ).ඒ නිසා මේ චයිතසික අල්ලගෙන ගොඩක් දගලන්න එපකියන එකයි තමයි මගේ මතය.. නිවනට හේතුවන තෙරුම් ගන්න ඔන තැන්ටික තව ඉදිරියටයි තියෙන්නේ.

    =========================

    මට උත්තර දෙන්න ඔනි උනේ ......"පිටේ බෝලයක් වැදුනු පෘතක්ජනයාත් ,රහතුන්වහන්සේත් " අතර වෙනස ,සබ්බචි/සාදරන වලින් කරපු පැහැදිලි කිරීමටයි.


    රහතුන් වහන්සේ ගැන අදහසක් ගන්නනම් මෙතන අල්ලගන්නවට වඩා "පන්චස්කන්දය" කියන තැන විග්‍රහ කරගත්තාම හරි..
    (තිලිනත් පැහැදිලිකලා හොදට )

    අපිට තියෙන්නේ...
    රූප/වේදනා/සන්න/සන්කාර/විඤ්ඤාන

    රහතුන්වහන්සේගේ පන්චස්කන්දය...
    රූප/වේදනා/සන්නා/ක්‍රියා සිත්/පඤ්ඤා

    උන්වහන්සේට වේදනාව ඇතිවෙනවා..(රස බත,රසනැති බත කියලා ) . එත් සිද්දවෙන්නේ නැත්තේ උන්වහන්සේ ඒකට සන්කාර කරන්නේ නෑතිවීමයි.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    bawana karana eka, sathiya gana hoyanna poddak patan gatta. mama kalpana kare buddagame theory abhidarmaya gana igena ganne wishesayen igena ganna ona na neda kiala hithenawa bawana karanna mindfulness eka athi kara ganna.

    honda thread ekak, danuma hoyagena yana ayata.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    bawana karana eka, sathiya gana hoyanna poddak patan gatta. mama kalpana kare buddagame theory abhidarmaya gana igena ganne wishesayen igena ganna ona na neda kiala hithenawa bawana karanna mindfulness eka athi kara ganna.

    honda thread ekak, danuma hoyagena yana ayata.

    ධර්මය නොදැන, භාවනාවෙන් විතරක් හිත ගැන හොයනවා කියන එක අඳුරෙ අතපත ගානවා වගේ වැඩක්. අඳුරෙ ඉඳගෙන සෑහෙන වෙලාවක් දෙයක් අතගාල ඒකෙ හැඩය ගැන දළ අදහසක් ගන්න පුළුවන්. හැබැයි ධර්මය කියන පහණ පත්තු කරල, ඒ එලිය ආධාරයෙන්, සුළු වෙලාවකින් ඒ දෙය ගැන ගන්න වැටහීම ගන්න බෑ. බුදුන්ට කලින් මිනිස්සු අවුරුදු ගණන් දුක් විඳලා තපස් රැක්කත් නිවන් දකින්න බැරි උනා. කිහිපදෙනෙක්ට අහසින් යන්න වගේ දේවල් කරන්න පුළුවන් උනා. හැබැයි බුද්ධ සාසනයේ සමහර අභික්ෂුන් එක ගාථාවක් අහල නිවන් දැක්ක, මේ ලෝකය හොල්ලන්න තරම් ශක්තියක් ලබා ගත්ත. ඒක තමයි ධර්මය දැනගෙන භාවනා කරන එකේ වාසිය.
    බුද්ධාගමේ සිත ගැන ලොකුම විශ්ලේෂණය තියෙන්නෙ අභිධර්මයේ. ඉතින් සිත මෙල්ල කරන්න කලින් ඒක හැසිරෙන විදිය ගැන දන්නවනම්, භාවනාව ගොඩක් පහසු වෙනව.
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ධර්මය නොදැන, භාවනාවෙන් විතරක් හිත ගැන හොයනවා කියන එක අඳුරෙ අතපත ගානවා වගේ වැඩක්. අඳුරෙ ඉඳගෙන සෑහෙන වෙලාවක් දෙයක් අතගාල ඒකෙ හැඩය ගැන දළ අදහසක් ගන්න පුළුවන්. හැබැයි ධර්මය කියන පහණ පත්තු කරල, ඒ එලිය ආධාරයෙන්, සුළු වෙලාවකින් ඒ දෙය ගැන ගන්න වැටහීම ගන්න බෑ. බුදුන්ට කලින් මිනිස්සු අවුරුදු ගණන් දුක් විඳලා තපස් රැක්කත් නිවන් දකින්න බැරි උනා. කිහිපදෙනෙක්ට අහසින් යන්න වගේ දේවල් කරන්න පුළුවන් උනා. හැබැයි බුද්ධ සාසනයේ සමහර අභික්ෂුන් එක ගාථාවක් අහල නිවන් දැක්ක, මේ ලෝකය හොල්ලන්න තරම් ශක්තියක් ලබා ගත්ත. ඒක තමයි ධර්මය දැනගෙන භාවනා කරන එකේ වාසිය.
    බුද්ධාගමේ සිත ගැන ලොකුම විශ්ලේෂණය තියෙන්නෙ අභිධර්මයේ. ඉතින් සිත මෙල්ල කරන්න කලින් ඒක හැසිරෙන විදිය ගැන දන්නවනම්, භාවනාව ගොඩක් පහසු වෙනව.

    thanks.

    eka wenna puluwan. mata mulin dewal ath hareema hitha ek than karana eka wage dewal puhunu karanna ona. mama mulin uthsaha karanawa dharmaya gana wishesayen igena ganne nathuwa eka karanna. bawana karana ekath wishesayen mama bawana karanawa kia kia wath wenama bawana wargayak kiala classify karanneth nathuwa, mindfulness haraha hitha thanpath karanna thamai uthsaha karanne. me hama dema aayasayakin nathuwa hemihita swabawikawama laba ganna thamai hadanne.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකක්ද අර ජවන සිත් 7ක් යන සීන් එක.

    ජවන් සිත් වලදී තමයි කුසල් අකුසල් රැස් වෙන්නේ. එක චිත්ත විතියකදී හත් පාරක් කුසල් අකුසල් රැස් වෙනවා.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    bawana karana eka, sathiya gana hoyanna poddak patan gatta. mama kalpana kare buddagame theory abhidarmaya gana igena ganne wishesayen igena ganna ona na neda kiala hithenawa bawana karanna mindfulness eka athi kara ganna.

    honda thread ekak, danuma hoyagena yana ayata.


    මගේ අදහස.. බුදුහාමුදුරුවන් ලොවට පහල වෙන්නේ සත්වයගේ සසර ගමන නැවැත්වීමටයි.. ඒසදහා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දර්මය දේශනාකරනවා. එතකොට අප වහවහා කලයුත්තේ ච/සත්‍ය අවබෝධයයි.
    (කෙසේද..? දුක පිරිසිද දැනගැනීම,සමුදය දුරුකිරීම, නිරෝධය සාක්ශාත් කිරීම, මාර්ගය වැඩීම.ක්‍රමය තවත් පැහැදිලි කරන්නම් පසුව.. )


    එසේ නොකොට, දේශනාකර තිබෙන මාර්ගසත්‍ය වැඩීම පසෙකතබා ධර්මය පරතෙරට දැනගන්නට යාම නොවේ කලයුත්තේ.හේතුව මාර්ගය නොවැඩු පුද්ගලයා හෙට මලොත් ,ඔහු සතරාපායට වැටීමේ අනතුරතුල සිටින බැවිනි.කෝටිල හාමදුරුවන්ට ,තුච්චකෝටිල කියා බුදුහිමියන් ඇමතුවේ ඔහු ධර්මධර වී බුදුහිමියන් ඉදිරියේ සිසුන්ව තියන් ධර්මය සිසුන්ට කියාදෙන්නට තරම් සමත් වුනත් ,සසර කෙටිකරගැනීමට කිසිවක් කරනොගත් නිසයි.

    කෙසේවෙතත් එයින් අදහස්කරන්නේ නෑ..කෙනෙකු ධර්ම දැනුම දිවුනු කරගැනීම නොවැදගත් කියල.පැහැදිලිවම,දිවුනුකරගත් ධර්ම දැනුම, මාර්ගය වැඩීමට ලේසියක් වෙනවා.
    තවත් ප්‍රායොගිකව කිව්වොත්.. අනපානයෙන් සමාදිය උපදලා එතැන්සිට එන එන අරමුන අනිත්‍ය/දු/ අනත්ත විදියට බැලුවනම් මාර්ගය තමයි ඔහු වඩන්නේ.මෙකට කිසි දර්ම දැනුමක් ඔනිත්නෑ..

    නමුත් ඔහුම අභිදර්මය ගැන සරල වැටහීමක් ඇතිව හිටියනම්(උද. චිත්තයාගේ අයුශ චිත්තක්ශන තුනයි.. එය උත්පාද/තිති/භන්ග වශයෙන් ඇතිවී/පැවතී/නිරුද්ධ වෙනව. රුපයාගේ අයුශ චි.17යි. එය පලමු චිත්තල්ශනයේ උපදිනව.....).අන්න මේ දැනුම තියනකෙනාට අනිච්ච /දු/ අනත්ත වඩද්දී ,අනිකාටවඩා අනිච්ච සඥ්ඥාව වැටහෙනව කියල හිතන්න පුලුවන්. එනිසා මගේ අදහසවෙන්නේ මාර්ගයවඩන ගමන්, ධර්ම ඇනුමත් දිවුනු කරගන්න ඔනි. දර්මය දන්නවනම් අනිකාටත් එය කියාදී කල්‍යාන මිත්‍රයෙක් වෙන්න පුලුවන්.


     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    mama elakrirye apu dawase idann dakka watinama thread eka .. pinn goadkk mehama deyakk patanan gaththata :)

    mata me thread eke katha karanna tharamm danumakk nm na.. eth mama abidarmaya igena ganna uthsaha karanne rerukane chandrawimal maha nahimege poth set eka oyala ekka beda ganan hithuwa... godakk aya kiaywala nm athi.. eth kiyawapu nathi aya wenuwenn ...

    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=15
    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=16
    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=17
    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=18

    :)

    saha me site eke okkoma poth thiyenawa ..

    http://www.ogatharana.org/
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අභිධර්මය මේ තරම් රසවත් කියල මම දැනන් හිටීයෙ නෑ. මේ දේශණා ටික ඉවර වෙනකන් බලනකන් ඉවසිල්ලක් නෑ. ගොඩක් පින් මේ ලින්ක් එක දැම්මට.

     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම සතියකට විතර කලින් thread එකකට දාපු post එකක් මේ. ඒක මෙතනටත් අදාලයි කියල හිතුන.



    oo අරක්කු බීවම පව් සිද්ද වෙනවද?

    ආච්චිගේ රෙද්ද. අරක්කු බීලා තමුන්ගේ පාඩුවේ හිටියම පව් සිද්ද වෙන්නේ කොහොමද?

    amasin, උඹට මේක කිව්වට වැඩක් නැති බව දන්නව. ඒත් title එක දැකල මේකට එන අයට දැනගන්න මේක කියන්නම්. මොකද ඕක ප්‍රධාන පස් පවෙන් එකක් උනාට ගොඩක් අය හරියට දන්නේ නෑ බොන එක එච්චර ලොකු පවක් වෙන්නේ කොහොමද කියල. මොකද, උඹ කිව්ව වගේ, කරටි කැඩෙන්න බීල, සිහිනැති උනාම වැරදි කරන්න බෑනෙ?


    පාපයක් කියන්නෙ, අපේ ඊළඟ භවය දුගතියක් කරා යන්න හේතු වන හේතු කාරක.
    මත් වෙන එක පාපයක් වෙන්නෙ මෙහෙමයි.
    අපේ සිතට අරමුණු ගන්න උදවු වෙන දොරටු 6ක් තියනව.
    1.ඇස්
    2.දිව
    3.කන්
    4.නාසය
    5.සම ඇතුළු ශරීරයේ ස්නායු පද්ධතිය
    6.මනස

    අපි මත් උනාම, එහෙම නැත්නම් මත් වෙනව කියන්නෙ මේ දොරටු 6ම අඩපණ කරන එක. ඉතින් කවුරු හරි මේ දොරටු 6 අඩපන කිරීමට ආසාවක් ඇති කරගෙන මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කොට, අපේ භවාංග සිත, එහෙමත් නැත්නම් අපේ හිතේ මූලය, ඒ දොරටු 6 අඩපණ කරගැනීමට ආසාවක් ඇති කරගන්නව. මේක හේතු කරගෙන අපේ ඊළඟ භවය අර දොරටු 6 ප්‍රභල නැති සත්වයෙක් වෙලා ඉපදෙන්න තියන සම්භාවිතාව වැඩි වෙනව. එහෙම සත්තු ඉන්නෙ ගොඩක් වෙලාවට සතර අපායෙ. මොකක් හරි පිනක් වැඩ කරල මිනිස් ආත්මයක් ලැබුවත්, මන්දබුද්ධික වෙන්න, අන්ධ වෙන්න තියන අවස්ථාව වැඩියි.

    මෙන්න මේක නිසයි මත් වීම පස් පවෙන් එකක් වෙන්නෙ.

    මේ මට පුළුවන් උපරිමයට සරල කරල කිව්වෙ.;)
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    niyama thred ekak, adayi dekke, okkoma kiyewwe ne, ara arakku bona kata dila thibuna pilithura nam niyamayi......godak watinawa...
     
    • Like
    Reactions: mmaxx

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අභිධර්මය මේ තරම් රසවත් කියල මම දැනන් හිටීයෙ නෑ. මේ දේශණා ටික ඉවර වෙනකන් බලනකන් ඉවසිල්ලක් නෑ. ගොඩක් පින් මේ ලින්ක් එක දැම්මට.


    :yes::yes::yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හීනයක් දකිද්දී චිත්තවීති ඔක්කොම යන්නේ නැද්ද? චිත්තක්ෂණයක් complete වෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ එකනේ අනෙකුත් හාමුදුරුවෝ හීනෙකින් මිනියක් මැරුවත් ඒක පාරාජික කලේ නැත්තේ?

    කර්මය වද වෙන අවස්ථා කීපයක් තියෙනව.
    හිත පොලා පනින අවස්ථාව. පිස්සන්ට තියෙන්නේ. හිත එක අරමුණක තියෙන්නේ නා.
    තව නින්ද වගේ
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    මේ බුදු දහම දිදුලනම සමයයි. බුදු බණ ජාතක කතා වස්තු වලට විතරක් සීමා නොවී කොල්ලන් කෙල්ලන් අන්‍යාගමිකයින් ඇත්ත හොයන් යන කාලයයි. වෙන මොනම කාලයකටත් වඩා. මුලු රටම බෞද්දයෝ වෙන්න ඕනෙ නැ. අනිත් අයත් ටිකක් ඉගෙන ගනී සත්‍ය තේරුම් ගනී. තමාගේම බඹයක් තරම් වූ සිරුර ගැන හොයන්න පටන් ගනී. ඔයා හොදම තැනින් පටන් ගත්තේ. දිගටම කර ගෙන යන්න. එලකිරි වැඩක්.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මේ thread එකේ මුලදීම ruwantheekshana සහෝදරය ජවන ගැන අහල තිබ්බ. ඒ දවස් වල මමත් දැනගෙන හිටියෙ නෑ ඒ ගැන. හැබැයි මේ වෙනකොට ටිකක් ඉගෙන තියෙන්නෙ ඒ ගැන. හැබැයි අද වෙනකන් අමතක වෙලා තිබ්බෙ ruwantheekshana මේ ගැන ඇහුව කියල.

    මේක මම වෙන thread එකකදී දාපු එකක්. හැබැයි අර ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි මේකෙන්.





    දිට්ඨේ දිට්ඨ මත්තන් භවිස්සති..
    සුතේව සුතමත්තන් භවිස්සති..යැයි බුදුන්වහන්සේ ,දාරුචීරියට වදාලේ සතර සතිපට්ඨානයමද?

    කෙටියෙන් පැහැදිලි කරන්නේනම් අගනේය..

    දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සති
    සුතේ සුත මත්තං භවිස්සති
    මුතේ මුත මත්තං භවිස්සති
    විඤ්ඤතේ විඤ්ඤාමත්තං භවිස්සති

    බුදුහාමුදුරුවන්ගෙ දේශනා වල හැම එකකින්ම වගේ විග්‍රහ වෙන්නේ ත්‍රිලක්ෂණය. ඉතින් බුදුහාමුදුරුවෝ භාහිය දාරුවිර්යට තපසයට දේශනා කරපු මේ ගාථාවේ හා සතර සතිපට්ඨානයෙත් මූලික අදහස එකයි. ලෝකයේ ඇත්ත, අනිත්‍ය ස්වභාවය දැකල නිවන් දකින ඒක.

    හැබැයි මම දකින විදිහට, මෙතැනදී ඒ අනිත්‍ය ස්වභාවය දකින විදිහ සතර සතිපට්ඨානයට වඩා සංක්ෂිප්තයි, ගැඹුරුයි.

    අපි ලෝකය දකින්නෙ සම්පුර්න, හෙලවෙන රුපයක් විදිහට උනාට, අපි ඇත්තටම ලෝකය විඳින්නේ මාත්‍ර විදිහට.
    ඇහැට හෙලවෙන රුපයක් පෙනුනට, චිත්තක්ෂණයක් තරම් කෙටි කාලයකදී ග්‍රහණය කරගන්න රූප මාත්‍රවලින් අපි මවාගත්ත දෙයක් තමයි අර හෙලවෙන රුපය විදිහට දකින්නෙ. ඒක හරියට film එකකදී නිශ්චල පින්තුර 24ක් තප්පරයක් ඇතුලත තිරයේ පෙන්නුවම, හෙලවෙන රුපයක් විදිහට අපි ඒක ග්‍රහණය කරගන්නවා වගේ.

    නහයට දැනෙන සුවඳත්; දිවට ගතට දැනෙන පහසත්; හිතට විඤ්ඤානයෙන් ගන්න අරමුණු වලත් ස්වභාවය ඕකමයි. මාත්‍ර වශයෙන් ග්‍රහණය කරගන්න දේවල් පාදක කරගෙන අපේ මවාගන්න ලෝකෙක තමයි මේ ඉන්නේ.

    හැබැයි අපි මේ විඳින දේවල් හුදෙක් මාත්‍ර සමුහයක් විදිහට දකින්න පටන්ගත්තොත්, අර මුලාවෙන් අපි මිදෙනව. එතකොට අර මුලාව හේතුකරගෙන අපි ගොඩනගන සංකාර නැති වෙනව. එතකොට භවය නැති වෙනව. ඒ කියන්නෙ නිවන් දකිනවා. රහතුන් මේ ලෝකය මාත්‍ර විදිහට දකින නිසා තමයි උන්වහසේලගේ සිත් සංකාර වලින් නිදහස්.

    දැන් තේරෙනව ඇතිනෙ මේකයි සතර සතිපට්ඨානයයි අතර වෙනව.

    මම හිතනව මේ ටික පිළිතුරකට ඇති කියල.

    මේක තමයි මට පුළුවන් තරමට සරල කරන්න පුළුවන් ටික. ඉතුරු ටිකට අභිධර්මයෙන් යන්න ඕන.

    මචන්,පුලුවන්නම් අභිදර්මයෙන් පැහැදිලි කරපන්.. එතකොට තෙරුම්ගන්න පහසුයි. පින්

    අරමුණක් ගන්නකොට සිතේ ඇතිවෙන චිත්ත පරම්පරාවේදී ඇතිවෙන වොත්තපන චිත්තයෙන් තමයි අරමුණේ ස්වභාවය විමසන්නෙ. එතැනදී අරමුණ මාත්‍රයක් විදිහට හඳුනාගත්තොත්, ජවන වලින් ඒ අරමුණ තදින් ග්‍රහණය කරගන්නේ නෑ. එතකොට සාමාන්‍යයෙන් ඊළඟට ජනිත වන ජවන සිත් 7න් ක්‍රියාමක වෙන්නෙ 5ක් විතරයි. ඒ ජවන දාමයේ 5වෙනි එකෙන් ජවන ඇති වෙන ඒක නැවතිල 6 යි 7යි ශුන්‍ය වෙනව. මේ 6වෙනි හා 7 වෙනි ජවන වලින් තමයි තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. එතනින් ඊළඟ භාවයට මුලික වෙන හේතු නැති වෙනව.

    චුති සිතේදී මේ 6වෙනි හා 7වෙනි ජවන නැති වීම, පටිසන්ධිය වැලක්වීමට හේතුවෙන හැටි ගැන මම තාම දාන්නේ නෑ.

    Thanks.....

    මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?

    අනික තමයි, උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද?

    ඇනිත් නරුන නම්, උබ කිව්ව
    නේ අරමුන තදින් ග්‍රහනය වෙන්නේ නෑ කියල එතකොට.. නමුත් සිදුවියයුත්තේ අරමුන ග්‍රහනය කරහන්න ප්‍රමනයෙන් ස්වායත්තව (තදින්ද ලාවටද යන්න නොව )අපි ග්‍රහනය කරගත්ත අරමුන අනුපස්සනා කිරීම නෙද?(අනිච්චනු පස්සනා,දුක්ඛානු,අනත්තනු ).එතකොට නේද ජවනයන්ගේ වේගය අඩුවෙන්නේ..
    මේගැන උබේ අදහස මොකක්ද?
    (මීවනපලනේ, හාමුදුරුවන්ගේ දෙශනාවක්ද මේකට මම අශ්‍රය කරගත්ත )

    තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?

    මම කියන්නේත් අයෙමත් උබ කියන දේමද?



    උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද?


    නෑ මචන් මම ඒ කතා කලේ ඒ පද හතරම ගැන.ඒ හතර ආකාරයෙන්ම වෙන්නෙ අරමුණු ගැනීම. ඒකනිසා සිතට ඒ හතර ආකරයම් එක වගේ.


    මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?



    මාත් ඉස්සර හිරවෙච්ච තැනක් ඔතන. තාමත් ජවන ගැන හරියටම දන්නෙත් නෑ මම. හැබැයි මේ වෙනකොට වටහා ගත්ත ටික කියන්නම්.

    ජවනයේ ස්වභාවය තමයි අපේ සිත ඒ ගත්ත අරමුණ රසවිඳල හොඳට දැන හඳුනාගැනීම. හරියට අපි කටට දාගත්ත කෑමක් හත් පාරක් හප හප, හොඳට දිව වටේ රෝල් කර කර ඒකෙ රස හොඳට දන හඳුනාගන්නවා වගේ. පළවෙනි ජවනය පළවෙනි හැපිල්ල වගේ. අර කෑම හප හප කෑලි කරල කෙල එක්ක මිශ්‍ර කරන තරමට තමයි දිවට රස දැනෙන්නෙ. ඉතින් හපන්න හපන්න රස වැඩියි.

    මේ රසය හේතු කරගෙන, ජවන වලින් බලවත් චිත්ත ශක්තියක් හටගන්නව. චේතනාවක් ක්‍රියාත්මක කරවන්න අපේ ශරීරය මෙහෙයවන්න අවශ්‍ය ශක්තිය(ජවය) සපයන්නෙත් මේ ජවන වලින්. 1 ඉඳල 5 වෙනි ජවනෙට වෙනකන් අපේ සිත කරන්නේ ඒ අරමුණ හොඳට දැන හඳුනාගෙන ඒ අරමුණෙ ස්වභාවය ගැන රූපයක් සංස්කරණය කරගන්නව. මේ සංස්කරණයට තමයි සංකාර කියන්නේ.

    1ජවනය- වේදනා සංඥා සිතට නගන්න පුළුවන් වෙනව - වේදනා සංඥා මනෝසංකාර
    2ජවනය- 1 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් කලින්ට වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩාත් හොඳින් සිතට ගන්නව.
    3ජවනය-2 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් ඊටත් වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩ වඩාත් හොඳින් සිතට ගන්නව.

    4 ජවය- 3 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන, තවත් බලවත් වෙලා, අපේ සිතට විතක්ක විචාර නගා ගැනීමට හා අදහස් වචනයට නගන්න අවශ්‍ය බලය ලබා දෙනව - විතක්ක විචාරෝ වචී සංකාර
    5ජවනය-කය ක්‍රියාත්මක කරවන්න හිතල ක්‍රියාත්මක කරවන්න පුළුවන් ශක්තියක් ලබා දෙනව-ආශ්වාස ප්‍රශ්වාස හා කායි සංකාර

    මේ ටිකට තමයි සංකාර වෙන්නෙ. මෙතනට එනකන් අපි ශරීරය ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය සංකාර ගොඩනගාගත්තට, තාම අපි ඒ සංස්කරණය කරගත්ත අරමුණෙ ඇලිල, ගැටිලා මුලා වෙලා නෑ. ඒක නිසා තාම කර්මය ගොඩනගාගෙන නෑ.

    රහතුන්ගෙ සිත් වල මෙතනින් එහාට ජවන ඇති වෙන්නෙ නෑ. රහතුන් හැර අනෙක් හැමෝටම ජවන හටගන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් 7ක් ගිහිල්ලම තමයි නවතින්නෙ.

    මේ අරමුණෙ මුලා වෙලා ඇති කරන්න 6වෙනි හා 7 වෙනි ජවන වල විශාල බලයක් තියනව. මේවයින් තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. මේවට කියන්නෙ අභිසංකාර කියල.

    රහත් සිත් වල සංකාර නෑ කියල නිකන් කිව්වට, ඒකෙන් ඇත්තට අදහස් වෙන්නෙ මේ අභිසංකාර නෑ කියන එක. අනාගාමී සිත් වල උනත් දුර්වල වෙලා හරි මේ අභිසංකාර හටගන්නව.

    මේ අභිසන්කාර අල්ලන ප්‍රමාණය නිගමනය කරගන්නෙ වොත්තපන කියන කාර සිතෙන්. රහත් සිතේදී හරියට අර කටට දාගත්ත කෑම මොකද්ද කියල හරියට දැනගන්න පස් පාරක් හපල, ඒ කෑමේ ඇත්ත ස්වභාවය පිළිකුල් සහගත නිසා කටෙන් එලියට දානව වගේ. මම හිතන්නෙ මේක වෙන්න ඇති ඔයා අහපු බණෙන් විස්තර වෙන්නෙ.

    තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?

    ජවන පටන්ගන්න කලින්ම ප්‍රඥාව හේතුකරගෙන තමයි වොත්තපන වලින් අභිසංකාර ඇති කරගන්නවද, නැද්ද තීරණය වෙන්නේ. ජවන පටන් ගත්තට පස්සෙ එවයි ජවය අරමුණෙ ප්‍රභලත්වය මත රඳා පවතිනව.

    මමත් මේ මාතෘකාව නිකන් මතුපිටින් අල්ලල විතරයි තියෙන්නෙ. ඒක නිසා මම කියපු ටිකේ අඩු පාඩුවක් දැක්කොත් කියන්න. ඒක මටත් ලොකු උදව්වක්. මොකද තව ටිකක් මේක තේරුම් ගත්තම ඔක්කොම එකතු කරල, අභිධර්ම thread එකට එකතු කරන්න හිතාගෙන ඉන්නෙ.
     
    Last edited: