අභිධර්ම සංගමය.

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    වෙන්න පුළුවන් හේතු ගොඩක් ඔලුවට එනව, ඒත් හරියට නොදැන දෙයක් කියන එක සුදුසු නෑ. ඕකට හරිම හේතුව කියල ඇත්තෙ විනයපිටකයේ. විනය පිටකය ගැන දන්න ගිහි අය අඩුයි.
    thanks:cool:
    භික්ෂු විනය ගැනැ හොද විස්තරයක් රේරුකානේ හාමුදුරුවන්ගේ මේ පොතින් ගන්න පුළුවන්

    http://www.scribd.com/doc/36262698/20-Upasampada-Sheelaya-උපසම-පදා-ශීලය

    ඔයාට උත්තරේ 147 පිටුවේ තියෙනවා
    ela:cool:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    පටිච්ච සමුත්පාදය ගැන එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක්, වැරදි නම් වැරදි තැන් නිවැරදි කරන්න.

    තරුණයෙක් ගියා අසත්පුරුෂ ආශ්‍රයක් තියෙන ප්‍රදේශයක රැකියාවකට , එහි සිටින අය ඔක්කොම අමු බේබද්දෝ :P . ඒ අය බොන එක ගැන එහෙම වර්ණනා කරනවා , බීමත් කමේ තියෙන ආස්වාදය වර්ණනා කරනවා. :frown:

    ඉතින් අර තරුණයා ඇත්ත පෙනුනේ නැති නිසා අවිද්‍යාව නිසා බේබදු කම හොඳයි කියල පිලිගන්නවා. :shocked:

    අවිද්‍යා පච්චයා සංකාරා

    ඉතින් ඊට පස්සේ ඔහු බොන එක ගැන එහෙම හිත හිතා මනෝ සංකාර වඩනවා , "බොන එක හොඳයි නේ බං" කියල වචී සංකාරත් නැගුවා. කාය සංකාර කරමින් බොන්නත් තම කය මෙහෙයවනවා.

    සංකාර පච්චයා විඥාන

    ඔහු දැන් හිතෙන් කයෙන් වචනයෙන් බීමත් කමට කටයුතු කරගෙන යනවා. දැන් හිත වෙනස් වෙලා කලින් ගෙදර හිටිය තරුණයා නොවේ. කලින් ගෙදර හිටිය තරුණයට බොන්න කලින් මෙවැනි අදහස් තිබ්බේ නෑ , බෝතලයක් දැක්කමත් කිසි ගානක් නෑ , ඒත් දැන් "බේබදු කම හොඳයි නේ" කිය කියා බේබදු කම වර්ණනා කරනවා, දැන් හිත වෙනස් වෙලා , බීමට නැඹුරුවූ හිතක් වැඩෙනවා දැන්. ඉස්සෙලා තිබුනු හිත නෙවේ දැන් තියෙන්නේ. බේබදු සංකාර නිසා බේබදු විඥානයක් හටගත්තා.

    විඥාන පච්චයා නාම රූප

    දැන් තමන් තුල බැහැගන්නේ දුෂ්චරිතය. ගෙදර ඉන්න කාලේ තිබුනේ හොඳ නාම රූප , මවු පියන්ට සැලකීම ,සල්ලි ඉතුරු කරගැනීම වැනි දේවල්. ඒත් දැන් විඥානයට බහින්නේ බීමත් කමට නැඹුරුවූ නාම රූප , ඒ කියන්නේ club එක කොහෙද, කෝ යාළුවො ටික, අලුත් බෝතල් එහෙම තියෙනවද , දැන් බෝතල් වල ගාන කීයද ect.

    නාම රූප පච්චයා සලායතන

    ගෙදර ඉන්නකොට ඇස කන නාසය දිව කය මන මෙහෙයවුයේ හොඳ දේවල් වලට.

    ඒත් දැන් ඔහු ඇස කන නාසය දිව කය මන යන සලායතනය මෙහෙයවන්නේ බේබදු කමට. "කෝ මේ යාළුවො ටික දකින්නත් ආසයි" , "මේ drink එකේ සුවඳ කොහොමද", "මේ අලුතින් ආපු drink එකේ රස කොහොමද" ect.

    සලායතන පච්චයා ඵස්සෝ

    ඇස කන නාසය දිව කය මන වලින් ඔහු දැන් බේබදු දේවල් ඇසුරු කරනවා නම් දැන් ඔහුට ස්පර්ශය වෙන්නේ ඒවාගෙන් ලැබෙන ආශ්වාද වලින්. ආශ්වාද සහිත දේවල් ස්පර්ශ වෙනවා.

    ඵස්ස පච්චයා වේදනා

    බෝතලයක් දැක්ක ගමන් ඒ රූපය ඇහැට ස්පර්ශ වෙලා සැප වේදනාවක් එනවා , යාලුවෙක් "බෝතලයක් ගෙනාව" කියල කිව්වා වචනය කනට ස්පර්ශ වුන ගමන් කනට සැප වේදනාවක් එනවා, ලිකර් සුවඳ එනකොටම ගන්ධ ආස්වාදයක් ලැබුවා සැප වේදනාවක් ආවා, බෝතලය කටේ තියෙන කොටම රස ආස්වාදයක් ලැබුවා , දිවට සැප වේදනාවක් එනවා.

    වේදනා පච්චයා තන්හා

    ඒවා සැප වේදනා දෙන නිසාම ඒවාට ඇස කන නාසය දිව කය මන වලින් ඇලෙනවා. ඒ දේවල් වලට හා වුනා.

    තන්හා පච්චයා උපාදානං

    ඒවාට ඇස කන නාසය දිව කය මන වලින් ඇලිලා හිටිය නිසා ඒවාට බැඳෙනවා.

    උපාදාන පච්චයා භව

    උපාදාන වුන දේවල් වලට අනුව ගොඩනගාගත් බේබදු කෙනෙක් බවට පත් වුනා. තමන්ගේ ශරීරය මූණ ඔක්කොම දැන් බේබදු ගතියක් පේනවා.

    භව පච්චයා ජාති

    බේබදු ජාතිකයෙක් හටගත්තා . බේබද්දා කියන නමට හිමිකාරයෙක් වුනා.

    ජාති පච්චයා ජරාමරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති

    බේබද්දා වුනත් අන්තිමට ජරා මරණයට පත් වී වැනසිලා යනවා. එක්කෝ සිරෝසිස් හැදිලා නැත්නම් වෙන ලෙඩක් හැදිලා.
     
    Last edited:

    Oya widiyata eka jeewithayaka siduweemak patichcha sqmuppadaya tulin balanna behe eka weradi, patichasamuppadaya tulin balanne ateetha warthamaana anagatha kiyana tun bhawaya pilinadawai. Eka jeewitheka siduweemak balanne panchaupadanaskandayak widiyata
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Oya widiyata eka jeewithayaka siduweemak patichcha sqmuppadaya tulin balanna behe eka weradi, patichasamuppadaya tulin balanne ateetha warthamaana anagatha kiyana tun bhawaya pilinadawai. Eka jeewitheka siduweemak balanne panchaupadanaskandayak widiyata

    එහෙනං මේ ලෝකේ උදාහරණයක් රැගෙන පටිච්චසමුප්පාදය ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් පිං :yes:
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    එහෙනං මේ ලෝකේ උදාහරණයක් රැගෙන පටිච්චසමුප්පාදය ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් පිං :yes:

    මේ ධර්ම දේශනාවේ පටිච්චසමුප්පාදය සරලව විස්තර කරනවා මේක හොදට අහල බලන්න අහල ඔයාට තේරෙන විදියට අයෙත් උදාහරණයක් දාන්න වැරැද්දක් තියේ නම් දන්නා විදියට කියල දෙන්නම්

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙනං මේ ලෝකේ උදාහරණයක් රැගෙන පටිච්චසමුප්පාදය ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් පිං :yes:

    මෙහෙමයි මචන්, බුද්ධාගමේ ගැඹුරට යන්න යන්න, මේ ලෝකෙ උදාහරණ අරගෙන පෙන්නන්න අමාරුයි. මම අර සබ්බචිත්ත සාධාරණ පෙන්නන්න ගත්ත උදාහරණෙනුත් ඒකට හරි සාධාරණයක් වෙන්නෙ නෑ. ඇත්තට ඒ හතම එකවර, එක චිත්තක්ෂණයක් ඇතුලතදී ඇති වෙන දේවල්. පටිච්ච සමුප්පාදයත් එක සිත් පරම්පරාවකදී ඇති වෙන දෙයක්. ඉතින් සමාන්‍ය ලෝකෙ සිදුවීම් අරගෙන ඒවාට උදාහරණ පෙන්නන්න ගියාම ඒ ධර්ම වල සත්‍ය ස්වභාවය වසන් වෙනව. බුදුරජාණන් වහන්සේට හරි, රහතන් වහන්සේ කෙනෙක්ට පමණයි මේ වගේ සියුම් ධර්ම කරුණු වලට 100% හරියන උදාහරණ අරගෙන පෙන්නන්න පුළුවන්. කෙනාගෙන් කෙනාට ධර්මය අවබෝධ කරගන්නේ වෙනස් විදිහට නිසා, උදාහරණ හදනකොට අවුල් ඇතිවෙන්න තියන අවස්ථාව වැඩියි.
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    අභිධර්මය යනු බුදුරජාණන්වහන්සේගේ පරම ගම්භිරම දේශනයක් .ධර්මය ලොවෙන් අතුරුදහන් වනවිටද පළමුව අතුරුදහන් වෙන්නෙත් පට්ඨාන ප්‍රකරණය යි ..එය අයත් වෙන්නෙත් අභිධර්මයට . ඒ නිසා මෙය අවබෝධ කර ගැනීම ගොඩක් දුෂ්කර වූ කටයුත්තක් .. ඒ වගේම මෙය සාකච්චා කිරීම සදහා ගැබුරු අවබෝදයක් අවශ්‍ය වෙනවා .. එනිසා මෙය පවත්වාගෙන යන සහෝදරවරුන් ඉතාම ප්‍රවේශමෙන් කලයුතු කටයුත්තකට මුල පුරලා තියෙන්නේ කියන කාරනාව සිහියේ තබා ගන්න ..:yes:

    තෙරුවන්සරණයි ඔබ සැමට
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    හීනයක් දකිද්දී චිත්තවීති ඔක්කොම යන්නේ නැද්ද? චිත්තක්ෂණයක් complete වෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ එකනේ අනෙකුත් හාමුදුරුවෝ හීනෙකින් මිනියක් මැරුවත් ඒක පාරාජික කලේ නැත්තේ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හීනයක් දකිද්දී චිත්තවීති ඔක්කොම යන්නේ නැද්ද? චිත්තක්ෂණයක් complete වෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ එකනේ අනෙකුත් හාමුදුරුවෝ හීනෙකින් මිනියක් මැරුවත් ඒක පාරාජික කලේ නැත්තේ?

    1.හීනයක් දකිද්දී චිත්තවීති ඔක්කොම යන්නේ නැද්ද?
    මේක ගැන කියන්නනම් මාත් හරියටම දන්නෙ නෑ.

    2.චිත්තක්ෂණයක් complete වෙන්නේ නැද්ද?
    ඕනම සිතක් අනිවාර්යයෙන්, අඩු වැඩි නැතුව, චිත්තක්ශනයක් යන්න ඕන.

    3. බුදුහාමුදුරුවෝ එකනේ අනෙකුත් හාමුදුරුවෝ හීනෙකින් මිනියක් මැරුවත් ඒක පාරාජික කලේ නැත්තේ?

    හීනයෙන් මිනීමැරුමක් කරනකොට එතන චේතනාව ඒ අරමුන ක්‍රියාත්මක කරවන්න තරම් ප්‍රභල නෑ.

    චේතනාව ප්‍රභල උනාම තමයි ඒ මිනීමැරුම කරන්න අපේ ශරීරය හොල්ලන්න අවශ්‍ය තරම් ශක්තියක් ජවන වලින් ජනිත කරන්නෙ.

    මට මතක විදිහට 5වෙනි ජවනයෙන් තමයි ශරීරය සොලවන්න අවශ්‍ය ශක්තිය නිපද්වන්නෙ. 6වෙනි හා 7වෙනි ජවන වලින් තමයි කර්ම ශක්තිය ඇති කරන්නෙ.

    1වෙනි ජවනය හැර අනෙක් ජවන ඇති වෙන්නෙ ඊට කලින් ජවනය මූලික කරගෙන feedback+amplify ක්‍රමයකින් නිසා, 5වෙනි ජවනය දුබලනම්, 6,7 දුබල වෙනව. එතකොට හිනෙන් මිනීමැරුවට එතන කර්මයක් ඇති වෙලා නෑ. ඒකයි ඒක පවක් නොවෙන්නෙ.
     
    Last edited: