අද මම ත්‍රේඩ් එක අරන් එන්නේ රිඩ්ජ්බැක් බ්‍රීඩ් එක ගැන.
ගොඩක් උන් මේ නම කියන්නේ රිච්බැක් කියලයි.
රිච්බැක් කියලා බ්‍රීඩ් එකක් නෑ මේ ලෝකේ කොහේවත්.
රිඩ්ජ්බැක් කියලා විතරයි ඉන්නේ.
ඒ නිසා අද ඉදන්වත් නම හරියට කියන්න මෙච්චර කල් රිච්බැක් කිව්ව අය.
මේ සීන් එක ගොඩක් උන් දන්නේ නෑ.
සමහර වෙට්ලා පවා දන්නේ නෑ.
මෙන්න මේකයි සීන් එක.
රිඩ්ජ්බැක් වල බල්ලෝ ජාති තුනක් ඉන්නවා මේ ලෝකේ.





පිස්සු නේ.
රිඩ්ජ්බැක් බල්ලෝ බ්‍රීඩ්ස් තුනම මුලින්ම හැදුනේ දකුණු ආසියාවේ හෝ අප්රීකාවේදි කියලයි සමහර අය කියන්නේ.
ඒක හරියටම කන්ෆර්ම් කරන්න තරම් සාධක නෑ මොකද කිව්වොත් රිඩ්ජ්බැක් අයගේ ඉතිහාසේ අපට මිස් වෙච්ච දේවල් ගොඩක් තියනවා.
Phu Quoc Ridgeback.
ප්හු ක්වෝක් රිඩ්ජ්බැක්.
(මෙයාලා ගොඩාක්ම අඩුයි හොයාගන්න.
මෙයාලා ලෝකෙටම ඉන්නේ ඉතාම සුලු පිරිසක් විතරයි.)
Thai Ridgeback.
තායි රිඩ්ජ්බැක්.
(මෙයලත් තරමක් දුරට හොයාගන්න අමාරු බ්‍රීඩ් එකක්.)
Rhodesian ridgeback.
රොඩෑශියන් රිඩ්ජ්බැක්.
(මෙයාලා නම් ඉන්නවා ඕන තරම් හොයාගන්න.)
ඔන්න ඔය තුන් දෙනා තමා රිඩ්ජ්බැක් බ්‍රීඩ් එකේ ඉන්න තුන් දෙනා.
අපි දැන් ඔය එකින් එක ගැන බලමුකෝ.
Phu Quoc Ridgeback.
ප්හු ක්වෝක් රිඩ්ජ්බැක්.
වියට්නාමයේ දකුණු කීන් ජයෑන්ග්(Kiên Giang Province) කියන පලාතේ තියනවා ප්හු ක්වෝක්(Phú Quốc) කියලා දූපතක්.
ඒ දූපතේන් තමා මේ බ්‍රීඩ් එක ඇති උනේ.
ඒ දූපතේ නම තමා මෙයාලගේ බ්‍රීඩ් එකේ නම විදියටත් වැටුනේ.
මෙයාලා හැදුනේ මොකා මොකා එකතු වෙලාද කියලා හරි සදහනක් නම් නෑ කොහෙවත්.
මෙයාලා ගොඩක්ම ඉන්නේ කලු පාටින්.
අලු පාට,කලු සහ අලු මික්ස් වෙච්ච පාටවල් වලිනුත් ඉන්නවා ඒත් අඩුයි ඒ පාටවල් වලින් හොයාගන්න.
වියට්නාමයේ ඉන්න ගාන වැඩිම බල්ලෝ ජාති වලින් ජාතියක් තමා මෙයාලා.
http://www.phuquocridgeback.com/
ඔය සයිට් එකට ගිහින් තව විස්තර දැනගන්න පුලුවන් මෙයාලා ගැන.
මේ අය වියට්නාමයට ආවේනික බල්ලෝ ජාතියක්.
අපේ රටේ නම් මම දැකලම නෑ විකුණන්න හෝ ගෙදරකවත් ඉන්නවා.
Thai Ridgeback.
තායි රිඩ්ජ්බැක්.
මෙයාලා ඉන්නේ තායිලන්තයේ.
අවුරුදු 350 ඉස්සෙල්ලා ඉදන් තායිලන්තයේ ඉන්න බ්‍රීඩ් එකක් මේ.
මෙයාලා පැවත එන්නේ හොට්න්ටොට්(Hottentot dog) කියන බ්‍රීඩ් එකෙන්.
හොට්න්ටොට් කියන බ්‍රීඩ් එක ලෝකෙන් වද වෙලා ගිය බ්‍රීඩ් එකක්.
ඉමේජ් එකක් නම් හොයාගන්න බැරි උනා.
ඇෆ්රිකනිස්(Africanis) කියන බ්‍රීඩ් එකට දැන් දැන් කියන්න පටන් අරන් තියනවා හොට්න්ටොට් කියලා.
ඒ වද වෙලා ගිය බ්‍රීඩ් එක නෙවෙයි.
අපේ අය ඇෆ්රිකනිස් බ්‍රීඩ් එකව හදුන්වන්න දාගත්තු නමක් මෑත යුගයේ.
වද වෙලා ගිය හොට්න්ටොට් බ්‍රීඩ් එකම රොඩෑශියන් රිඩ්ජ්බැක් අයගේ මුලික අඩිතාලම දැම්මා කියලා සමහර අය විස්වාස කරනවා.
ඒක ගැන වැඩිපුර විස්තර හොයාගන්න නෑ කොහෙවත්.
මේ ඉමේජ් එකේ ඉන්නේ මෑත යුගයේ හොට්න්ටොට් කියලා හදුන්වන ඇෆ්රිකනිස් කියන බ්‍රීඩ් එකේ බල්ලෙක්.
අපේ රටේ ඉදලා හිටලා විකුනන්න ඉන්න බ්‍රීඩ් එකක් තායි රිඩ්ජ්බැක් කියන්නේ.
ලන්කාවේ ගෙවල් කීපයක මෙයාලව ඇති කරනවා මම දැකලා තියනවා.
මේ තියන්නේ තායි රිඩ්ජ්බැක් අයගේ ප්‍රධාන පාටවල් සෙට් එක.
Rhodesian ridgeback.
රොඩෑශියන් රිඩ්ජ්බැක්.
මේ ඉන්නේ රිඩ්ජ්බැක් අයගෙන් ලෝකේ ගොඩක් රටවල් වල දකින්න පුලුවන්,අපේ රටේ දකින්න පුලුවන් කට්ටිය.
මෙයාලා මේ ලෝකෙට ආවේ රොඩෑසියාව කියන රටෙන්.
රොඩෑසියාව කියන රට තමා දැන් සිම්බාබ්වේ කියලා හදුන්වන්නේ.
එකදාස් නවසිය බර ගනන් වල රොඩෑසියාව කියලා හදුන්වපු රට නිදහස ලැබිලා මොකක්ද හුටපටයක් ගිහින් සිම්බාබ්වේ කියලා නම වෙනස් කරා.
ඒ ගැන මම දන්නේ නෑ හරියට.
රොඩෑසියාව කියන්නේ සිම්බාබ්වේ කියලා දන්නවා.
ඒ ඇති මට.
ඔහොම අයිටම් එකක් දාලා මම දැන් මෙයාලගේ ඉතිහාසේ ගැන කතා කරන්නම්කෝ.
ඈත අතීතයේ නිරිතදිග අප්‍රිකාවේ හිටියා කොයිකොයි(Khoikhoi) කියලා මිනිස්සු පිරිසක්.
ඒ මිනිස්සු ගාව හිටියා ඒ මිනිස්සුන්ටම ආවේනික වෙච්ච බල්ලෝ ජාතියක්.
ඉමේජ් එකක් නම් හොයාගන්න බැරි උනා.
දකුණු අප්‍රිකාවේ හිටියා බොයිර්(Boer farmers) කියලා මිනිස්සු පිරිසක් ගොවිතැන් කරන.
ඒ ගොවිතැන් කරන අයට ඕන උනා උශ්ණ කාල වලදි හොදින් ජීවත් වෙන්න පුලුවන්,ගොඩක් සැර,තමන්ට හීලෑ,දඩයම් කරන්න පුලුවන්,තමන්ගේ වගාවන් ආරක්ශා කරන්න පුලුවන් බල්ලෝ බ්‍රීඩ් එකක්.
මේ අය යුරෝපයෙන් ග්‍රේට් ඩේන්(Great Dane),ඉන්ග්ලිශ් මස්ටිෆ්(English Mastiff),ග්‍රේ හවුන්ඩ්(Greyhound),බ්ලඩ්හවුන්ඩ්(Bloodhound) කියන බල්ලෝ ගෙනල්ලා කොයිකොයි(Khoikhoi) මිනිස්සුන්ගේ බල්ලෝ එක්ක මික්ස් කරලා හැදුවා බල්ලෝ බ්‍රීඩ් එකක්.
ඒ බ්‍රීඩ් එක තමා රොඩෑශියන් රිඩ්ජ්බැක් උනේ.
ග්‍රේට් ඩේන්(Great Dane)
ඉන්ග්ලිශ් මස්ටිෆ්(English Mastiff)
ග්‍රේ හවුන්ඩ්(Greyhound)
බ්ලඩ්හවුන්ඩ්(Bloodhound)
රිඩ්ජ්බැක් අය එක්ක වැඩ කරද්දි ගොවීන්ට දැනුනා මෙයලගේ ශක්තිය සහ දඩයම් කිරිමේ හැකියාව.
ඒ නිසාම සින්හයන් බහුල ප්‍රදේශ වලදි අශ්වයන් පිටින් ගොවින්ට ගමන් කිරිමේදි ආරක්ශාවට මෙයාලව අරන් ගියා.
සින්හයන් මිනිස්සුන්ව ඇටැක් කරන්න හදනකොට රිඩ්ජ්බැක් බල්ලෝන්ට පුලුවන් උනා දඩයක් කාරයෝ ඇවිත් සින්හයන්ව මරලා දානකම් මිනිස්සුන්ව ආරක්ශා කරන්න සින්හයන්ට මිනිස්සු ගාවට එන්න නොදි.
සින්හයන්ට බය නෑ කියන දේ රිඩ්ජ්බැක් බල්ලන්ගෙන් දඩයක්කාරයෝ දැකපු නිසා දඩයක්කාරයෝ රිඩ්ජ්බැක් උන්ව ට්‍රේන් කරා සින්හයන්ව දඩයම් කරන්න යද්දි එක්කන් ගිහින් සින්හයන්ව මරන්න උදව් කරගන්න.
ඔය සීන් එක නිසා තමා රොඩෑශියන් රිඩ්ජ්බැක් අයට ඇෆ්රිකන් ලයන් හවුන්ඩ්(African Lion Hound) කියලා කියන්නේ.
අද ලෝකයේ සමහර ෆෝසස් මේ බල්ලන්ව යොදාගන්නවා බේස් එකේ ආරක්ශාවල් සදහා ඇන්ඩ් අපරාධකාරයින් අල්ලන මෙහෙයුම් වලදි අපරාධකාරයින්ව හඹාගෙන ගිහිල්ලා අපරාධකාරයින්ව අල්ලන්න.
මෙව්වා ටිකක් බලමු අපි රොඩෑශියන් රිඩ්ජ්බැක් අයගේ.
රොඩෑශියන් රිඩ්ජ්බැක් අයගේ ප්‍රධාන පාටවල් තුනයි.
රෙඩ් වීට්න්.
red wheaten.
ලයිට් වීට්න්.
light wheaten.
වීට්න්.
wheaten.
රිඩ්ජ්බැක් බ්‍රීඩ් තුනටම පොදු දේවල් මම කියන්නම් දැන්.
මෙයාලව කරත්ත අදින්න,දඩයම් කරන්න,ආරක්ශාවට යොදාගෙන තියන බ්‍රීඩ් එකක්.
ගොඩක් වෙලාවට රිඩ්ජ්බැක් අයගේ පිටේ කදු මුදුනක් වගේ පොඩි අයිටම් එකක් තියනවා.
ඒක නිසාම මෙයාලව ගොඩක් අයට නම කිව්ව ගමන් මතක හිටිනවා.
රිඩ්ජ් කියන වචනේ තේරුම මුදුන කියන එකයි.
කිව්ව දේ වැඩිපුරත් එක්ක තේරෙන්න ඇතිනේ උඩ ඉමේජ් එක දැක්කාම.


රිඩ්ජ්බැක් අයගේ රිඩ්ජ් එක නැතුව ඉපදෙන අයත් ඉන්නවා සමහර වෙලාවට.
රිඩ්ජ්බැක් කියන්නේ වන් මාස්ටර්,හන්ටින් බ්‍රීඩ් එකක්.
ගොඩක් වෙලාවට මෙයාලා ආස එක්කෙනෙක් කියන දේ විතරක් කරන්න.
ඒකයි වන් මාස්ටර් ඩෝග් කිව්වේ.
පොඩි ලමයි එක්ක තියන්න කියලා නිර්දේශ කරන්න බෑ මෙයාලව මොකද කිව්වොත් මෙයාලට ඉක්මනට තරහා ගිහින් හපන්න පනින නිසා.
කොච්චර හොදට ට්‍රේන් කරත් රිඩ්ජ්බැක් එකෙක් ඕන කෙනෙක්ව හපන්න පුලුවන් කේන්ති ආවම.
සීතලට වඩා රස්නේ ඉන්න පුලුවන් මෙයාලට ෆර් එක ගොඩක්ම ශෝර්ට් ෆර් එකක් නිසා.
ඒ නිසා මෙයාලගේ ෆර් එක ගැන කරදර වෙන්න ඕන නෑ ලොකුවටම.
අපි කියන දේ තේරුම් ගන්න පුලුවන් උනත් මෙයාලා ගාව හිතුවක්කාර ගති තියන නිසා අපි කියන දේට පිටින් යන්න බලනවා හැමවෙලාවේම.
රිඩ්ජ්බැක් අයව ට්‍රේන් කරන්න අමාරුයි ටිකක්.
කොච්චර ට්‍රේන් කරත් පිට පනින්න බලනවා.
ඒ නිසා මෙයාලව ට්‍රේන් කරද්දි අපි ගොඩක් ස්ට්‍රෝන්ග් විදියට ඉන්න ඕන.
මෙයාලගේ ඉවසීම එච්චරම හොද නෑ අයිතිකාරයා එක්ක ඉන්නකොට ඇරුනම.
වෙන සත්තු එක්ක පොඩි කාලේ සෝශල් කරලා,ට්‍රේන් කරලා හැදුවත් මෙයාලා උන්ව ඇටෑක් කරන්න බලනවා කේන්ති ගියාම.
ගොඩක් වෙලාවට මෙයාලව හදන්නේ ආරක්ශාවට.
KASL රෙජිස්ටර් කරපු රොඩෑශියන් රිඩ්ජ්බැක් පොඩි පැටියෙක්ව රු.15000.00 - රු.35000.00 අතර ගානකට ගන්න පුලුවන්.
පොඩි කාලේ ඉදන්ම මෙයාලට එක්සර්සයිස් කියන දේ නම් හොදටම තියෙන්න ඕන මොකද කිව්වොත් මෙයාලා ගොඩක් ඇක්ටිව් බ්‍රීඩ් එකක් නිසා.
ට්‍රේනින් කියන දේ නම් සුපිරියටම තියෙන්න ඕන මෙයාලගේ පොඩි කාලේ ඉදන්ම.
එහෙම නොවුනොත් මෙයාලා ලොකු උනාම ලගටවත් යන්න බැරි වෙනවා අපිට.
ඔය සීන් කෝන් එක දාලා මම ත්‍රේඩ් එක ඉවර කරනවා.
ජිවිතේ පලවෙනි පාරට බල්ලෙක් හදනවානම්,ගෙදර පොඩි ලමයි ඉන්නවානම්,ගෙදරට මිනිස්සු ගොඩක් නිතර නිතර යනවා එනවා නම් කවදාවත් රිඩ්ජ්බැක් එකෙක්ව නම් හදන්න එපා.
බල්ලෝ හදලා හොදට එක්පිරියන්ස් තියන,ට්‍රේන් කරලා එක්ස්පිරියන්ස් තියන අය රිඩ්ජ්බැක් කෙනෙක්ව හැදුවට අව්ලක් නෑ.
මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් වල රිඩ්ජ්බැක් බල්ලෝ ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.
ජර්මන්~ශෙපර්ඩ්~GSD
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
Siberian~හස්කි
http://www.elakiri.com/forum/showthread.php?t=1752550
ලැබ්රඩෝර්~රිට්රීවර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752224
රොට්වයලර්~Rottweiler
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
බීගල්~Beagle
http://www.elakiri.com/forum/showthread.php?t=1753046
ඩොබමන්~Doberman
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
බුල්_මස්ටිෆ්~Bullmastiff
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever
http://www.elakiri.com/forum/showthread.php?t=1754176
German Shepherd~මම
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
බල්ලන්ගේ~ලෝම
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
බල්ලට~බෙහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1750772
හපන~බල්ලෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751116


