වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මාමේ .....අයියේ ......මල්ලී...පුතේ..:P..
    මට හිතිලා තින්නේ කාර් එක මාරු කරන්න මොනවද අදහස්..දැන් තින්නේ Allion 240ක්..
    හිතිලා තින්නේ Allion 260ක්...2007-2008 වගේ....
    මීට වඩා හොද option එකක් තීද...මේක තව ටිකක් කල් තියන් ඉන්නද...උපරිම 45ක් වගේ තමයි දාන්න පුලුවන්. :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොනක් පටක් හොයාගන්න බෑ බන්.. මාසයක් විතර නිවාඩු දාල මේක කියවගෙන එන්න වෙන හැඩයි..

    පොල් මාමේ.... :D කොහොමෙයි ඉතිං...?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාමේ .....අයියේ ......මල්ලී...පුතේ..:P..
    මට හිතිලා තින්නේ කාර් එක මාරු කරන්න මොනවද අදහස්..දැන් තින්නේ Allion 240ක්..
    හිතිලා තින්නේ Allion 260ක්...2007-2008 වගේ....
    මීට වඩා හොද option එකක් තීද...මේක තව ටිකක් කල් තියන් ඉන්නද...උපරිම 45ක් වගේ තමයි දාන්න පුලුවන්. :confused:

    ඔය දෙකේ වෙනස 260 එක අලුත් කියන එක විතරයි නේද බං..? වෙන මොහොකට හරි ගියා නම් හොඳ නැද්ද..?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    HID කතාවෙ ඉතුරු ටික තමා මේ.:D:D

    කලින් එක කියෙව්වෙ නැත්නම් කියවල ඉන්න මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.:baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=20265974&postcount=8064

    මේක පුලුවන් තරම් කෙටි කරල ලියන්නෙ නැත්නම් කියවන්න ගියාම ඇත්තටම පිස්සු හැදෙන්න පුලුවන්.:baffled:

    ඔන්න දැන් අර හදල දාපු බල්බ් එකයි අනිත් ආපු HID බල්බ් එකෙයි ප්‍රතිඵලයක් විදියට හැදුන බයිකලර් HID වලින් දිව්ව දවසක් විතර අවුලක් නැතුව.:yes:

    faYYX5w.jpg


    හැබැයි එලිය තිබ්බ සෑහෙන්න හොඳට.:yes:

    ඉතුරු ටිකට වැඩේ ඇදුනේ මං යාලුවෙක්ගෙ ගෙදර ගිහින් රෑවෙලා එහෙන් එන්න පිටත් වුනා. ලයිට් දාලා එලියට ගන්නකොට එක පැත්තයි පත්තුවෙන්නෙ. :frown:හුටා හදල දාපු එක ආයි කෙලියා කියල බැලුව.:growl:


    මේ පැත්තට මෙලෝ හෙනයක් නෑ. අනිත් පැත්ත වැඩ නෑ. :( මොන මගුලක්ද කියල හිතාගන්න බැරුව ඔන් ඕෆ් කලා ඒත් එක පැත්තයි පත්තු වෙන්නෙ.:no:

    ඇරිය බොනට් එක. මෙන්න බොනට් එක අරිනකොටම පත්තුවුනා.:shocked:

    9x8bvyz.jpg


    අංක එකටම හිතුනෙ ලූස් කනෙක්ෂන් එකක් කියල.:yes: ඇද්ද බලන්න එහෙන් මෙහෙන් කනෙක්ටර් ටික. මට ඒ ලයිට් එකට දාල තිබ්බ ෆියුස් එක පොඩ්ඩක් ෂුවර් නැතිවුනා. ෆියුස් එක ඇදලා ආපහු ගැහුව බලන්න. ලයිට් එක ඔන් වුනා. ඕෆ් වුනේ නෑ. :D

    දැන් ඉතින් තව අදින්න ගිහිල්ල මහ රෑ ඉල්ලන් කන්න ඕන්නෑ කියල හිතල ගෙදර ඇවිත් බලන්න හිතාගෙන පිටත් වුනා. :yes:

    ආවා කිලෝමීටරයක් විතර.:yes: ආයි අර පැත්ත ඕෆ් වුනා.:angry: ඕෆ් කරල ඔන් කලා මෙන්න ආයි වැඩ.:frown: ත්ව කිලෝමීටරයක් විතර ගියා. ආයි ඕෆ්. :angry: ඔහොම කිලෝමීටරේකට වරක් බැගින් ඕෆ් ඔන් කර කර ගියා ටික දුරක්.:frown: ටිකක් යද්දි වැඩේ ඉකමන් වෙන්න ගත්තා.:no: අන්තිමට ඔන් වෙන්නෙ නැතුවම ගියා....:(

    jwq7WM2.gif


    පාරෙ මැද ඕක අදින්න බෑ.:no: ඒ පැත්තෙ මහ රෑ පාරෙ ඉන්න එවුන් ෂුවර් කරන්නත් බෑ ආව එන්න තනි ලයිට් එකෙන්.:dull:

    ආපු ගමන් එහෙම්මම ගැලෙව්ව ඒ පැත්ත.:yes: මට හිතුනෙම ෆියුස් එක කියල. එකට කරන්න පුලුවන් හැම එකම කලා තුන් හතරපාරක් ඔන් වෙලා ඕෆ්වෙනව විතරයි. අන්තිමට ෆියුස් එක කපලා වයර් දෙක එකට ඇඹරුවා.. :baffled: දැනුත් කෙලවෙයන්කො කියල.:frown:

    ඒ පාර මොකුත්ප්‍රතිචාරයක්නෑ .:no: ඊටපස්සෙ බැලුවා බැලස්ට් එක. ඒකට වදින සොකට් එකට කරන්ට් එකත් එනවා. පත්තු වෙන්නෑ.:angry: ඔක්කොම දන්න ජාති දාල බැලුවා බැලස්ට් එකෙන් ප්‍රතිචාරයක් නෑ.:growl: අන්තිමට ෂුවර් නැතිවෙච්ච තැන බැලස්ට් එකේ කනෙක්ටර් එකෙන් වයර් දෙකත් කපලා කෙලින් වයර් දෙකක් දීල බැලුවා බැලස්ට් එකට ඒත් නෑ. දැන්නම් ඉතින් අහන්න දෙයක් නෑ මේ පැත්තෙ බැලස්ට් එක ගිහිල්ල.:(

    uj1r5LX.png


    මේ මොන මගුලක්ද කියල හිතුනේ ඔය වෙලාවෙ තමා. කොහේ හරි ඈතක ගිහිල්ල බඩු බනිස් වුනානම් එහෙම ඉතින් ඉවරයි.:dull:

    HID මට මෙහෙම වාත වෙලා නෑ කලින්. අවුරුදු දෙකහමාරක් විතර වෙනවා බයික් එකට දාල. ඒක මෙලෝ හෙනයක් නැතුව තාම වැඩ. ඒකට එක එක ඒව කරන්න ගෙනාපු බලබ් තමා ඉතුරුවෙලා තිබ්බෙ මං ගාව.:yes:

    දැන් ඉතින් මේ වෙලාවෙ මගෙ පිහිටට ආවෙ අපේ බඩා මාමා තමා...:yes::yes:

    L6JSLFl.gif


    හරියට කිව්වොත් බඩාගෙ පල්සරේට දාල තිබ්බ HID කිට් එකේ බැලස්ට් එක. ඒකෙ HID එක නිසා රිෆ්ලෙක්ටරේ උනුවෙන්න ගිහිල්ලා HID කිට් එක ගලෝලා තිබ්බෙ. කෑලිටික තිබ්බෙ මං ගාව.:yes:

    මේ ජාතියෙ බැලස්ට් එකක් තිබ්බෙ ඒකෙ. මේක 35W එකක්. :yes:

    TsYKh5g.jpg


    වෙන කරන්න දෙයක් නෑනෙ දැන්. ඒ බැලස්ට් එක දැම්ම කෙලවෙච්ච බැලස්ට් එක පැත්තට.:yes:

    ඔන්න දැන් ලයිට් දෙකම වැඩ. 35W එක දාපු පැත්ත දැන් සෑහෙන්න නිලට හුරු සුදුපාටක් තමා තියෙන්නෙ. අනිත් පැත්ත කහ පාටයි. පාට දෙක ලස්සනට තිබ්බ.:baffled:

    ඔන්න ඉතින් සිංහලුනේ ටික දවසක් කොයිවෙලේ ලයිට් නැතිවෙයිද කියල දැන්නෙ නැතුව ඇඟේ ලේ වතුර වෙලා දිව්ව එහෙ මෙහෙ.:baffled:

    ලයිට් වල අවුලක් වුනේ නෑ. වැඩකලා දිගටම.:shocked: ඔය අතරේ ඊබේ එකෙන් 35W බැලස්ට් දෙකක් ඕඩර් කරල තිබ්බ. මට හිතුන විදියට මුන්ගෙ 55W එක එච්චර සාර්ථක නෑ.:dull:

    ඔන්න ඉතින් ඔය අතරේ මං පටන් ගත්තා තව වැඩක්.:yes:

    කෙලවෙච්ච බැලස්ට් එක ගැලෙව්ව කෑලි කෑලි.:yes: මෙහෙම ගම් දාල තියෙන්නෙ. මේක පරිස්සමින් සුද්ද කරලා ගන්න පුලුවන්.:yes:

    z1sNBY6.jpg


    මේ තියෙන්නෙ බැලස්ට් එකේ සර්කිට් එක.:yes:

    j3XDGSC.jpg


    දැන් හිතාගන්න පුලුවන් වෙයි මේක මොන පැත්තටද කැරකෙන්නෙ කියලා.:yes:

    මේක ලේයර් තුනක බෝඩ් එකක්. :dull: මේක ටිකක් කරදර නිසා මේකට වඩා මං සෑහෙන කාලයක් පාවිච්චි කරපු බඩා මොඩ්ල් බැලස්ට් එකකට වැඩක් දීලා ඒකක් 55W කරනව කියල හිතාගත්ත.:cool: ඒ ජාතියෙ තව එකක් තිබ්බ හොඳට වැඩකරන.:yes:

    මේ තියෙන්නෙ ඒකට අත්වෙච්ච ඉරණම.:P

    8aJSgzZ.jpg


    මේකට් අරකට වඩා සිම්පල්. ඒ වගේම මේකෙ ඩිසයින් එක කියලා හිතාගන්න පුලුවන් වෙච්ච ඩයග්‍රැම් එකකුත් හම්බවුනා..:yes:

    1PnkemO.jpg


    ඊට පස්සෙ මොකද දන්නවද කලේ.. ඔක්කොම වඩ පැත්තක දාල පටන් ගත්තා HID බැලස්ට් අලුතින් හදන්න. :rofl:

    ට්‍රාන්ස්ෆෝමර් එක ගලවලා කම්බි වට ගනන් කරගෙන.:baffled: අලුතින් ලොකු කෝර් එකක් අරගෙන වැඩි පවර් එකක් ගන්න ඔතල එහෙම..:P

    dgHGuTk.jpg


    OIrJq2L.jpg


    PCB එකක් එහෙම හදලා..:)

    jOXBcjj.jpg


    හැදුවා බැලස්ට් එකක් කියලා හිතාගත්ත එකක්.:dull:

    Atqwss2.jpg


    මොකද දන්නවද වුනේ.. :rolleyes:

    මොකුත් වුනේ නෑ...:lol: සර්කිට් එක වැඩ..:baffled: බල්බ් එක පත්තු කරගන්න බෑ...:no: මේක සම්පූර්නයෙන් එකපාරට විස්තර කලොත් මොලේ කොලොප්පං වෙන්න පුලුවන්.:yes: ඒ නිසා මෙහෙම කියන්නම්.:)

    HID බල්බ් එක පත්තු කරන්න මුලින් හයිවෝල්ටේජ් එකක් දීල ස්පාර්ක් එකක් හදාගන්න ඕනෙ බල්බ් එක ඇතුලෙ.:yes: ඊට පස්සෙ ඒ ස්පාර්ක් එක නැතිවෙන්න නොදී කන්ට්‍රඔල් කරගන්න ඕනෙ. :yes: ඊට පස්සෙ ඒක ස්ටේබල් වුනාම දිගටම පවර් එක කන්ට්‍රෝල් කරගෙන තියාගන්න ඕනෙ එලිය ගන්න.:yes:

    මං මෝඩයා කලබලේට හදපු එකේ තියෙන්නෙ ඔය අන්තිම කෑල්ල විතරයි.:dull:

    RXv0I32.jpg


    ඕක ඇත්තට 12V 90V කරන පවර් සප්ලයි එකක් විදියට වැඩ කරන්නෙ.:dull:

    මොකද දන්නවද කලේ ඉතින්.. අතෑරියෙ නෑ වැඩෙ..:yes:

    බඩා මොඩ්ල් බැලස්ට් එක ඒ විදියටම ආපහු හදන්න පටන් ගත්තා..

    gaVRCPf.jpg


    මේ විදියට පාත් ටික වෙනකරගෙන සර්කිට් එක හොයාගත්ත.:yes:

    KPHceXL.png


    දැන් තොට පිස්සුද යකෝ කියල අහන්න හිතෙනව නේද. :rolleyes: ඒ වුනාට චීන්නු කරල තියන මගුල හරි නෑ. මට ඕනෙ වුනේ ඊට වඩා හොඳ එකක් හදාගන්න. පස්සෙ විස්තර කරන්නම්කෝ.:)

    හැදුවා තව එකක්. අරකෙ කෑලි ගලවලා වැලිව් මැනලා ඒ ගනන් වලටමයි මේක හැදුවෙ.:yes:

    LsbVXaw.jpg


    හරි වැඩද..:D:D

    මගුලක් කතා කරනව. :angry: මේකටත් බල්බ් එක පත්තු නොවේ.:( යන්තම් දඟලලා එක එක ඒව කරල යන්තම් පත්තු කරගත්ත.:dull: ඒත් තත්පර 5ක් වගේ තමා උපරිම. ඊට පස්සෙ නිවෙනව. කන්ට්‍රෝල් වෙන්නෙ නෑ බල්බ් එක හරියට.:no:

    මේක වැඩ්කරන හැටි දැන්නම් සේරම දැනගෙන හිටියෙ. මේ ජාතියෙ හදලා තේරුමක් නෑ කියල තේරුනා. මේක කන්ට්‍රඔල් කරල තියෙන්නෙ ට්‍රස්න්සිස්ටර් දෙකකින් පොඩි කන්ට්‍රෝල් ලූප් එකක් හදල. ඒක ඒ ජාතියෙම ට්‍රාන්සිස්ටර් නොවුනොත් හරියට වැඩ කරන්නෙ නෑ. ඒවා ගෙන්නල හදල තේරුමක් නෑ. හේතුව මේක DC බැලස්ට් එකක්.

    ඒ කිව්වෙ බල්බ් එකට DC කරන්ට් එකක් එහම නැත්නම් තනි පැත්තට විතරක් යන කරන්ට් එකක් දෙන්නෙ. ඒ වැඩේ කාලයක් දුවද්දි බල්බ් එකට කෙලවෙන්න හේතුවෙනව.

    මේ තියෙන්නෙ ඒකෙ ප්‍රතිඵලේ.:yes:

    මේ බඩ තඩියගෙ බල්බ් එක.

    YCnSNmx.jpg


    පේනවද ක්ලියර් තියෙන්න ඕනෙ එක කලුවෙලා ගිහිල්ල:rolleyes:. මේකෙ එලිය අඩුයි. මගෙ බයික් එකෙත් ඔය කේස් එක වේගෙන එන්නෙ.:dull:

    ඉතින් ඔය ක්‍රමේ අතෑරලා හදන්න ප්ලෑන් එකක් ගැහුවා AC බැලස්ට් එකක්. අර තිබිලා කෙල වෙච්ච 55W බැලස්ට් AC ඒව.

    ඒව පිස්සු කෙලින්න හේතුව උන් 35W එකට එන සර්කිට් එකම කෑලි දෙකතුනක් වෙනස් කරල 55W කරලා ලොකු කේස් එකක දාල විකුඅණන එක. වැඩකලාට ෂුවර් නෑ කොයිවෙලේ ගහල යයිද කියල.:dull:

    මේ 55W එකේ සර්කිට් එක 35W එක කවරෙ ඇතුලට දාල. සුදුපාර එක 55W එකේ කවරෙ. තේරෙනවනෙ වැඩේ.:rofl:

    4NsWreN.jpg


    mcyxhan.jpg


    35W වලට මේක ඇති. 55W වෙනකොට ස්ට්‍රස් එක වැඩී කෑලි ඔක්කොටම.:dull:

    ඔය අතරේ ඉතින් ඊබේ දාපු බැලස්ට් දෙක ආව 35W. ඔන්න බඩා මොඩ්ල් එකයි ඉතුරුවෙලා තිබ්බ එකයි අයින් කරලා ඒ දෙක දැම්ම.:yes:

    i5yGnTU.jpg


    දැන් ඉතින් සේරම හරි නේද. :D මගුලක් කතාකරනවා...:lol: මේ ලඟදි කඩවත කිට්ටුව ආයි තනි ලයිට් එකක් වුනා ලයිට් දෙක... ආයි ඕෆ් කරල ඔන් කලාම යන්තම් අල්ලගෙන හිටිය. තාම තුන්පාරක් විතර වුනේ වැඩේ.:baffled:

    ඔය අතරෙ ඉතින් එක්සෑම් එකක් සෙට්වුනා. ඔක්කොම පැත්තක තියලා එක කරල ඉන්න වුනා. මේ සිකුරාද තමා ඒක ඉවර වුනේ.:dull:

    ඊට පස්සෙ දැන් ආයිත් අලුතින් හදන වැඩේට බැහැල ඉන්නෙ.

    මේ තියෙන්නෙ මේ වෙනකොට විනාස කරපුව.:D

    YYyl0L7.jpg


    තව මේ වගේ ටිකක් එකතුවෙයි. ඒත් ඉතින් හරියන එකක් හදාගන්න ඕනේ.:)

    ඔන්න ඔහොමයි ඉතින් HID කට්ට. කියවලා දැන් ඔලුව කැරකෙනවා නේද.:baffled:

    7xiYp0v.jpg


    ඔහොම තමා ඉතින්.. අලුතින්ම දාපු බැලස්ට් දෙකටත් කටුවක් සෙට් කරන්න බොහොම ලොකු වුවමනාවක් තියනව කියල තේරෙනව මට. බලමුකෝ...:angry:

    කියෝලා මොනවහරි ඉගෙන ගන්න ඇති කියල හිතනව. මාත් මේක කාලම තමා දැනගත්තෙ විස්තර.ඒක තමා මාත් ඇදගෙන නැවෙ. :yes::yes:

    හපොයි ලිව්ව ටික නම් ඔන්න ඉවරයි. ඒත් ඉතින් තාම වැඩ ඉවර නෑ..:P:P


    Proud of you bro...:love::love::love:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඔය දෙකේ වෙනස 260 එක අලුත් කියන එක විතරයි නේද බං..? වෙන මොහොකට හරි ගියා නම් හොඳ නැද්ද..?
    260k pedala nee ban..akath ahemada...meee dawaswala amuthu milak tinne..aka nisa hithaganna be machan..dilath bee kiyala hithenawa aka aka katha ahanakota:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    260k pedala nee ban..akath ahemada...meee dawaswala amuthu milak tinne..aka nisa hithaganna be machan..dilath bee kiyala hithenawa aka aka katha ahanakota:(

    මම නම් හිතන්නේ පොඩ්ඩක් හිටියනම් හොඳයි බං... උඹේ 240 එක ඇනිවසරි මොඩල් එකද..? එහෙනම් දෙන්න එපා... ඕක දෙනවනම ප්‍රිමියෝ එකක්වත් ගනින්...
     
    හම්මේ තාම මං 1වෙනි ත්‍රෙඩ් එකේ 279....:sorry::sorry::shocked:
    තව සැහෙන කාලයක් මේක කියවන්න වේවි... :yes::yes:
    එ්ත් එකක්වත් මිස් කරන්න හිතෙන්නේ නෑ...:yes::yes:
    එතකන් බම්ප්...:D:D.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මේ තාම මං 1වෙනි ත්‍රෙඩ් එකේ 279....:sorry::sorry::shocked:
    තව සැහෙන කාලයක් මේක කියවන්න වේවි... :yes::yes:
    එ්ත් එකක්වත් මිස් කරන්න හිතෙන්නේ නෑ...:yes::yes:
    එතකන් බම්ප්...:D:D.

    පොල් කටු ඕනේ....:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මේ තාම මං 1වෙනි ත්‍රෙඩ් එකේ 279....:sorry::sorry::shocked:
    තව සැහෙන කාලයක් මේක කියවන්න වේවි... :yes::yes:
    එ්ත් එකක්වත් මිස් කරන්න හිතෙන්නේ නෑ...:yes::yes:
    එතකන් බම්ප්...:D:D.

    :shocked::shocked::shocked::shocked: යකෝ මේකේ උන්ට කියපන් උඹේ අළුත් වාහනේ සීන් එක..... නැත්නම් මුන් කියනවා යාළුවන්ටමයි වෙන්නේ කියලා......!! :angry::angry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් දිගටම එන්න මචං. පොලා නැතුව මේක පාළුයි.

    පුළුවන් වෙලාවට මේ වගේ එන්නං ටොමෝ.. උඹල ඉන්නවනේ ඉතින් මේක ඇදන් යන්න..
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    රත්නපුර කහවත්ත මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරක් නිසා ඊයේ (19) දිනයේ මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණා.


    මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් වන අතර එහි පසුපස රෝද 4 ගැලවී ගොස් බස් රථයෙන් වෙන්වී තිබෙනවා.



    බස් රථයේ ඉදිරිපස රෝද දෙකෙන් පමණක් එය පාර මැද නතරව ඇති අතර එහි ඡායාරූප පහතින් බලන්න....

    rttt1.jpg


    rttt10.jpg


    rttt11.jpg


    rttt2.jpg


    rttt3.jpg


    rttt4.jpg


    rttt5.jpg


    rttt6.jpg


    rttt7.jpg


    rttt8.jpg


    rttt9.jpg



    ඉතින් රිදිලා කුණු කුණු ගාගෙන එයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නපුර කහවත්ත මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරක් නිසා ඊයේ (19) දිනයේ මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණා.


    මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් වන අතර එහි පසුපස රෝද 4 ගැලවී ගොස් බස් රථයෙන් වෙන්වී තිබෙනවා.



    බස් රථයේ ඉදිරිපස රෝද දෙකෙන් පමණක් එය පාර මැද නතරව ඇති අතර එහි ඡායාරූප පහතින් බලන්න....

    ඉතින් රිදිලා කුණු කුණු ගාගෙන එයි

    :cool::cool: ලේලන්ඩ් රොක්ස්..... බලපන්කෝ රෝද ගැලවිලත් තියෙන ලස්සන..... :D:love::love: සතියෙන් හදලා පාරට දාන්න පුලුවන්...... තහඩු ශීට් එකක වැඩ නෑ..... :P:P
     
    • Like
    Reactions: asanka04024
    Status
    Not open for further replies.