Old is Gold පරණ ගීත Mega Thread

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැන් කාලෙ වැඩිය ඇහෙන්න නැති පරණ ලස්සන සින්දු share කර ගමුද?

    ලින්ක් එකක් නැති උනත් කමක් නෑ

    සින්දුවෙ නම දැම්මම ඇති​
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මතකය ඇසුරින් - ඉන්ද්‍රාණි පෙරේරා | Mathakaya asurin - Indrani Perera

    මතකය ඇසුරින් සිහියට ගන්නට
    නිතරම වෙහෙසුනෙමි
    මට පමණක් ඒ පින නැත්තේ ඇයි
    නිරතුරු වැළපුනෙමි
    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක චායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි

    ඉස්සර දවසක උදෑසනක ඔබ
    මා නළවන්න ඇතී
    මා හඬනා විට දුක ඉපදී මට
    ලේ කිරි දෙන්න ඇතී
    මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
    මුව සිප ගන්න ඇතී
    ඔබ යන විට මා කැටුව යන්න නම්
    අමතක වෙන්න ඇතී

    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි

    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
    සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන


     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ පාළු මාවතේ...තනිවී බලා ඉමී...
    පෙරදා ලෙසේ යලී...හමුවේවී දෝ..

    නෙතඟින් සිනාසලා.. මනසින් බැඳී...
    තෙපලූ කථා සිතේ.. නොසැලීහිඳී....
    Priya Sooriyasena​

     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

    හිතැඟි කළඹ කැටයම් කල
    නීල පලිඟු ගොළු කැඩපත..//
    හද බිදු තල සිතුවම් කල
    රූ කඩමලු මුව රඟහල...

    ගී ලියන්න මට කීවේ...

    තුරුණු බමර ආයාචන
    අභියස පත්තිනි කෝවිල..//
    මගේ දෙනෙත් කුළු ගැන්වුන
    ගී මුමුණන ගීත බුබුල..

    ගී ලියන්න මට කීවේ...

    ගායනය : දයාරත්න රණතුංග​
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ආදරයේ උණුසුම ළඟ - සෝමතිලක ජයමහ | Adaraye unusuma langa - Somathilaka Jayamaha​
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කල්පනා ලොව මල් වනේ - අබේවර්ධන බාලසූරිය | Kalpana lowa mal wane - Abeywardena Balasuriya
     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home


    කිරි කවඩි සිනා
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ
    ආදරේ
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...//

    පුළුලු උකුල සිහිනිඟ සුඟ
    සුනිල උපුල දිගු නෙත් යුග
    සඳැස් කවක උපමාවක් යොදාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා

    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

    නැකැත් අරන් මා එනතුරු
    හෙට කුකුළා හඬළන තුරු
    ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ
    ආදරේ
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...//

    ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113


    කිරි කවඩි සිනා
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ
    ආදරේ
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...//

    පුළුලු උකුල සිහිනිඟ සුඟ
    සුනිල උපුල දිගු නෙත් යුග
    සඳැස් කවක උපමාවක් යොදාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා

    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

    නැකැත් අරන් මා එනතුරු
    හෙට කුකුළා හඬළන තුරු
    ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ
    ආදරේ
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...//

    ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව - ආචාර්ය දයාරත්න රණතුංග

    thanks

    thawa damu
     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home


    ආදරේ කියන්න දන්නෙ නෑ
    ආදරේ කරන්න දන්නෙ නෑ
    ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
    කවුද මේක මැව්වෙ දන්නෙ නෑ ...//

    සිනිඳු මල් වලින්පෙනෙන්නෙ නෑ (පෙනෙන්නෙ නෑ)
    මුහුදු රැල්ලකින් නැගෙන්නෙ නෑ (නැගෙන්නෙ නෑ)
    පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ
    කවුද මේක මැව්වෙ දන්නෙ නෑ
    පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ
    කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

    ආදරේ කියන්න දන්නෙ නෑ
    ආදරේ කරන්න දන්නෙ නෑ
    ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
    කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

    නිල් වලා තුලින් පෙනෙන්නෙ නෑ (පෙනෙන්නෙ නෑ)
    තාරකා තුලින් දිලෙන්නෙ නෑ (දිලෙන්නෙ නෑ)
    සීත රෑ සුළං තුලින්ද නෑ දැනෙන්නෙ නෑ
    කවුද මේක මැව්වෙ දන්නෙ නෑ
    සීත රෑ සුළං තුලින්ද නෑ දැනෙන්නෙ නෑ
    කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

    ආදරේ කියන්න දන්නෙ නෑ
    ආදරේ කරන්න දන්නෙ නෑ
    ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
    කවුද මේක මැව්වෙ දන්නෙ නෑ ...//

    ගායනය - ත්‍රී සිස්ටර්ස්
    පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
    තනුව හා සංගීතය - වික්ටර් දළුගම
     
    • Like
    Reactions: Alaya

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    Eagles

    "Hotel California"

    On a dark desert highway, cool wind in my hair
    Warm smell of colitas, rising up through the air
    Up ahead in the distance, I saw a shimmering light
    My head grew heavy and my sight grew dim
    I had to stop for the night
    There she stood in the doorway;
    I heard the mission bell
    And I was thinking to myself,
    "This could be Heaven or this could be Hell"
    Then she lit up a candle and she showed me the way
    There were voices down the corridor,
    I thought I heard them say...

    Welcome to the Hotel California
    Such a lovely place (Such a lovely place)
    Such a lovely face
    Plenty of room at the Hotel California
    Any time of year (Any time of year)
    You can find it here

    Her mind is Tiffany-twisted, she got the Mercedes bends
    She got a lot of pretty, pretty boys she calls friends
    How they dance in the courtyard, sweet summer sweat.
    Some dance to remember, some dance to forget

    So I called up the Captain,
    "Please bring me my wine"
    He said, "We haven't had that spirit here since nineteen sixty nine"
    And still those voices are calling from far away,
    Wake you up in the middle of the night
    Just to hear them say...

    Welcome to the Hotel California
    Such a lovely place (Such a lovely place)
    Such a lovely face
    They livin' it up at the Hotel California
    What a nice surprise (what a nice surprise)
    Bring your alibis

    Mirrors on the ceiling,
    The pink champagne on ice
    And she said "We are all just prisoners here, of our own device"
    And in the master's chambers,
    They gathered for the feast
    They stab it with their steely knives,
    But they just can't kill the beast

    Last thing I remember, I was
    Running for the door
    I had to find the passage back
    To the place I was before
    "Relax, " said the night man,
    "We are programmed to receive.
    You can check-out any time you like,
    But you can never leave! "
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    No Mersy

    "Where Do You Go"

    Where do you go, my lovely
    Where do you go
    I wanna know, my lovely, I wanna know

    Where do you go, oh oh eh oh
    I wanna know, oh oh eh oh
    Where do you go, oh oh eh oh...
    I wanna know...

    You leave without a word, no message, no number
    And now my head is pounding like rolling thunder
    You left me with a heartache deep inside
    Girl you should see me cry all night, and I wonder

    Everybody says, what a shame, what is wrong
    They don't like the game we play
    Heard you're hanging round every night until dawn
    I'm waiting for you night and day

    Where do you go, my lovely
    Where do you go
    I wanna know, my lovely, I wanna know

    Where do you go, oh oh eh oh
    I wanna know, oh oh eh oh
    Where do you go, oh oh eh oh...
    I wanna know...

    You gotta break the silence, don't keep me waiting
    Just like a river flowing to the sea
    You are running back to me
    Come back and save me

    Where do you go, My Lovely
    I wanna know

    Where do you go, oh oh oh...
    Where do you go, oh oh oh...
    I wanna know

    Na na na na nida, na na nida da da dee da [x2]

    Where do you, where do you go?...
    Where do you, where do you go?...

    Save me...

    Come back and dry the tears, I cried for you baby
    You've gotta stop this heartache deep inside
    You've gotta help me make it through the night safely
    Come back and save me

    Where do you go, my lovely
    Where do you go
    I wanna know, my lovely, I wanna know
    Where do you go, my lovely
    Where do you go...
    i wanna know...

    Na na na na nida na na nida da da dee da [x2]

    Where do you, where do you go...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සීතල සඳ එළියේ - අනිල් භාරතී | Seethala sanda eliye - Anil Bharathi

    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම් //

    ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී
    ගොතලා කීවා ගී මිහිරි
    පරදයි වාගේ කෝකිළ නාදේ
    දෙසවන මාගේ රස මැවුනේ

    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම්

    ඔබ හා එක් වී සැන්දෑවේ
    ඔරු පැද යන්නම් ගංඟාවේ
    ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
    කිසි දින නෑනේ අඩු වූයේ

    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම් //

    ගායනය - අනිල් භාරතී


    http://geepadura.blogspot.com
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    වලාකුළක් මෙන් ඈතට පා උන.
    නිම්නැති අඹර දිගේ..
    G.S.B. Raani Perera