දැන් කාලෙ වැඩිය ඇහෙන්න නැති පරණ ලස්සන සින්දු share කර ගමුද?
ලින්ක් එකක් නැති උනත් කමක් නෑ
සින්දුවෙ නම දැම්මම ඇති
ලින්ක් එකක් නැති උනත් කමක් නෑ
සින්දුවෙ නම දැම්මම ඇති
කිරි කවඩි සිනා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ
ආදරේ
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...//
පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ
ආදරේ
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...//
ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
kattiya wadiya mekata kamathi na wage