උඹත් වචනෙට කොටු වෙනවනේ.
මම හිතුව උඹල ඕක ප්රශ්නයක් කරගනියි කියල.
ඒක තමයි මම මුලින්ම කිව්වේ,
විඤ්ඤානය ආත්මය නොවෙන බව මාත් දන්නවා. ඒත් අරූගෙ 'soul' වචනෙට සමාන වෙන, විඤ්ඤානය නොවන, වෙන වචනයක් මම දන්නේ නෑ. ප්රශ්නය අහපු එකාට තේරෙන විදිහටනේ උත්තර දෙන්න ඕන. ඒත් උඹට පැහැදිලි කරන කොට, මම හරි වචනය වෙන විඤ්ඤානය පාවිච්චි කළා. ඔයාට දුන්න උත්තරෙත් මම සමහර වචන සරල කරල තියෙන්නේ.
ඔයා බබා වගේ ඇහුවට, උඹත් ඕක දැන දැනම අහන බවත් මම දන්නව. මොකද 'සෝවාන්' කියල තිබ්බ තැනට' රහත්' එන්න ඕන කියල දැක්ක කෙනාට, ඕක නොතේරෙන්න විදිහක් නෑ.
දැන් මේක කිව්වත්, තවත් තැනක පොඩි මොකක් හරි අල්ලන් එකත් ප්රශ්නයක් කරගන්න බවත් මම දන්නවා. උඹට ඒකෙ ආතල් එකක් තියනවනම් ඉතින් මට මොකද නේද?![]()
"ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්."
මේකත් ඔයාට තේරෙන භාෂාවෙන් කියන්නම්කො,
"විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්රත්යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."
අභිධර්ම පිටකයේ තියන තැනක් මම දන්නේ නෑ. කෙලින්ම අභිධර්ම පිටකය කියවල අභිධර්මය ඉගෙනගන්න තරම් දක්ෂතාවක් මට නෑ.
රේරුකානේ හාමුදුරුවන්ගේ, අභිධර්මයේ මුලික කරුණු පොතේත් හොඳ විස්තරයක් තිබ්බ මතකයි ඔය ගැන. ගොඩක් බණ අහල, කියවල එකතු කරගත්ත දැනුමෙ පොඩි සාරාංශයක් ඔය. ඒක නිසා මට මෙතැනයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න හැකියාවක් නෑ. සමහර විට එහෙම පුලුවන් කෙනෙක් හරියට තැනක් කියයි.
හොද පැහැදිලි කිරීමක් මචන්.... අන්න ඒකයි වෙන්නඔනි.





)
