වැව් මාළු බයිට් එක
මේකෙ ඉන්න එකාලගෙ වැඩේ එක එක කෑම ජාති හදලා දාලා අපිව කුලප්පු කරන එක. ඒ නිසා අපිත් ඒවට ඇබ්බැහි වෙනවා. එහෙම වුණ වෙලාවක හදපු කෑමක් තමයි මේ...
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් වැඩුණු වැව් මාළු 2 (500g)
- දෙහි ගෙඩි 4
- සුදු ළූණු බික් 8
- රතු ළූණු ගෙඩි 8
- අමු මිරිස් කරල් 6
- කරපිංචා කොළ 10
- කහ කුඩු තේ හැදි 1 1/2
- ගම්මිරිස් කුඩු තේ හැදි 1 1/2
- මිරිස් කුඩු තේ හැඳි 2
- නොබැදපු තුනපහ තේ හැඳි 2
- ලුණු ස්වල්පයක්
මුලින්ම මාළු දෙන්නා හොඳින් සුද්ද කරගන්න ඕනි, කරමල් ඉවත් කරලා බඩ සුද්ද කරලා කොරපොතු ඉවත් කරගෙන තිරස් කැපුම් කිහිපයක් යොදා හොඳින් සෝදා ගන්න.
[/IMG]
ඊට පස්සෙ මාළු දෙන්නා භාජනයකට දාලා දෙහි ගෙඩියක් මිරිකලා දාන්න ඕනි. මම නම් පාවිච්චි කළේ ලෙමන් ගෙඩියක්. මොකද දෙහි වලට වඩා ලෙමන් රස ටිකක් වෙනස් නිසා. එහෙම දෙහි ගා ගත් මාළු දෙන්නා පැය කාලක් පමණ සීසන් වෙන්න තියන්න.
[/IMG]
දැන් දෙහි තවරගත් මාළු දෙන්නා පිරිසිදු වතුරෙන් හොඳින් සෝද ගන්න.
[/IMG]
මේ අඩුම කුඩුම සියල්ල අරගෙන වංගෙඩිය හෝ බ්ලෙන්ඩරය ආධාරයෙන් පල්ප් එකක් හදාගන්න අවශ්‍යයි. අවශ්‍ය නම් ලුණු කුඩු ස්වල්පයකුත් එක්කර ගන්න පුළුවන්. ඒකටම දෙහි ගෙඩියකුත් මිරිකලා දාගත්තම රස වගේම මේ මිශ්‍රණය හදාගන්නත් ලේසියි
[/IMG]
[/IMG]
[/IMG]
[/IMG]
දැන් කරන්න තියෙන්නෙ මේ මිශ්‍රණය මාළු දෙන්නගෙ මුළු ඇඟ පුරාම තවරගන්න ඕනි. විශේෂයෙන්ම අර කැපුම් ඇතුළට හොඳින් ගල්වන්න ඕනි. මේ විදියට මිශ්‍රණය හොඳින් තවරගන්න අවශ්‍යයි.
[/IMG]
මේ තැවරුම ගැල්වූ පසු පැය භාගයක් මේක සීසන් වෙන්න තියන්න ඕනි. ශීතකරණයේ තිබ්බොත් වඩා හොඳයි. එහෙම නැති වුණත් ප්‍රශ්ණයක් නැහැ. පැය භාගයක් වහලා තිබ්බත් ඇති.
[/IMG]
නන්ස්ටික් පෑන් එකක් මද ගින්දරේ ලිපේ තියලා බටර් හරි එළවළු තෙල් හරි දාලා මාළුවා ඒකෙ හිමිහිට දෙපැත්ත දදා බැදගන්න ඕනි. වැදගත්ම කාරණේ නම් ඉතාමත් අඩු ගින්දරේ තමයි මේක කරගන්න ඕනි. පින්සලක් භාවිතා කරලා බටර් ටිකක් ගාලා හොඳින් මද ගින්නෙ පිසගන්න තරමට වඩා හොඳයි. ටික වෙලාවකින් රෝස පැහැයට හුරු පැහැයක් ගන්නවා.
[/IMG]
[/IMG]
වටේ තවරා ඇති මිශ්‍රණය බැදගත් තුනපහ මෙන් කළු පැහැයට හුරු පැහැයගත් පසු මාළුවා ඉන් ඉවත්කරගෙන කෙසෙල් කොළයක් මත තබන්න. එහි ඇති උණුසුමට කෙසෙල් කොළයද පදම් වී හොඳ සුවඳක් දැනෙනවා. කැමති නම් මේකට තක්කාලි පෙති, රට ළූණු පෙති රවුම් පාවිච්චි කරලා පුංචි සැරසිල්ලකුත් හදාගන්න පුළුවන්.
[/IMG]
[/IMG]
ගොඩක් වෙලාවට මේක සෙට් වෙන්නෙ බයිට් එකකට තමයි. BBQ එකක ලක්ෂණ සහිත නිසා සුදු හාල් බත් එක්ක උණුවෙන් කන්නත් නියමයි. මොකද තුනපහ සහ දෙහි එකතුව, සැර ගතිය යන සියල්ලම එකතු වුණාම ඒක නැවුම් අත්දැකීමක්. ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

Last edited: