යාලුවනේ මම ජපන් යන්න අසයි දන්නා කෙනෙක්ගෙ&#3505

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    යාලුවනේ මම ජපන් යන්න අසයි දන්නා කෙනෙක්ගෙ&#3505

    #මොනාද විසා ගන්න තියෙන ලේසිම ක්‍රමය
    #pr ගන්න නිවැරදි ක්‍රමය
    #ජෝබාක් සෙට් කරගන්න විදිය
    #මොනාද Qualification තියෙන්න ඕනි ?
    #බුමි කම්පා ගැනත් :)

    කිරියේ ඉන්න ජපන් ඉන්න කෙනෙක්ගෙන් හරි යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ගෙන් හරි උපදෙස් ටිකක් මේ නුලට දැම්මොත් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා!!!
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    #මොනාද විසා ගන්න තියෙන ලේසිම ක්‍රමය
    Study Visa and Job Training Visa

    #pr ගන්න නිවැරදි ක්‍රමය
    Study Visa ------ After Graduation (PR Apply)

    #ජෝබාක් සෙට් කරගන්න විදිය

    ජපන් තාක්ෂණික පුහුණු වැඩසටහන (Job Training Visa)


    [FONT=&quot]මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබන්නේ ජපන් සහ ශ්‍රී ලංකා රජයන් 2 අතර අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමක් මතය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍ය විසින් මෙහෙයවනු ලබන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේය. මෙතුළින් තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් වැඩිදුර වෘත්තීය පුහුණුව සඳහා ලියාපදිංචි විදේශ රැකියා ඒජන්තවරුන් හරහා ජපානයට යවනු ලැබේ.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම වැඩසටහන යටතේ කාර්යස්ථ පුහුණුව සහා සෑම වසරකම තරුණ තරුණියන් 1000 කට අවස්ථාව සැපයීමට ජපන් රජය එකඟ වී ඇත. 2008 අප්‍රේල් මස පවත්වනු ලැබූ රැස්වීමකදී ගරුවිදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යතුමා ජපන් කම්කරු, අධිකරණ සහ ආරක්ෂක ඇමතිවරුන් සමඟ කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් වසරකට යවනු ලබන අභ්‍යාසලාභීන් 500 සිට 1000 දක්වා වැඩිකරන ලදි.[/FONT]
    [FONT=&quot]
    මෙම වෘත්තීය පුහුණු කාලය වසර 3 ක් වන අතර, පළමු වසරේ වීසා බලපත්‍ර ඔවුන්ට ලැ‍බෙනුයේ
    [/FONT]
    [FONT=&quot]අභ්‍යාසලාභීන් ලෙසට වන අතර සෙසු වසර 2 සහා‍ පුර්ණ වීසා බලපත්‍ර ඔවුන්ට ලැ‍බෙනු ඇත.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සෑම අභ්‍යාසලාභීයකුම මෙම වසර 3 ක කාල සීමාව කලින් නම් කරන ලද ස්ථානයේම සේවය කළ යුතු වන අතර වසර 3 අවසන් වු පසු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීම අනිවාර්ය්‍ය වේ.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සුදුසුකම්

    [/FONT]
    [FONT=&quot]1. අයදුම් කරුවන් වයස අවුරුදු 19-30 ත් අතර විය යුතුය (වයස අවුරුදු 25 ට අඩු අය වඩාත් සුදුසු ය)[/FONT]
    [FONT=&quot]2. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සමත්‍ විය යුතුය[/FONT]
    [FONT=&quot]3. අයදුම් කරුවන් නිරෝගී විය යුතුය[/FONT]
    [FONT=&quot]4. අදාල රැකියා ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසරක අත්දැකීම් සහිත විය යුතු වන අතර එය සනාථ කිරීමට වලංගු සහතිකයක් ද තිබිය යුතුය[/FONT]
    [FONT=&quot]5. වෘත්තීය පුහුණු අත්දැකීම් සහිත අයදුම් කරුවන් වඩාත් සුදුසු ය[/FONT]
    [FONT=&quot]6. ජපන් භාෂා දැනුම ඇත්නම් වඩාත් වාසිදායක වනු ඇත[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බඳවා ගැනීම

    [/FONT]
    [FONT=&quot]නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍ය සමඟ ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් හරහා ය. නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම කිරීමට අවසර ලබාදී ඇත්තේ මෙම ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් ගෙන් ද කිහිප දෙනෙකුට පමණි. නව බඳවා ගැනීම් සිදුකරනු ලැබෙන්නේ කළින් ලැබුනු රැකියා ඇණවුම්වලින් 60% ක් සම්පූර්ණ කිරීමෙන් පසු ව පමණි. ඔවුන් මෙලෙස අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍ය මඟින් පනවා ඇති නීති සහ කොන්දේසි වලට යටත් වී කටයුතු කළ යුතුය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පුහුණුවීම්

    [/FONT]
    [FONT=&quot]බලයලත් නියෝජිත ආයතන මඟින් බඳවා ගන්නා අභ්‍යාසලාභීන් හට ජපන් භාෂාව, ජිවන රටාව සහ ශාරීරික අභ්‍යාස පුහුණුව තෝරා ගන්නා ලද ආයතන මඟින් ලබා දිය යුතුය. ජපන් භාෂා දැනුම පැය 224 කට නොඅඩු අධ්‍යයන කාලයක් සපුරා තිබිය යුතුය. අදාල සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍යට බාහිර ස්වාධීන පිළිගත් ආයතනයක් මඟින් පවත්වනු ලබන විභාගයක් සඳහා පෙනී සිටිය යුතු අතර මෙම විභාගය සමත් වීම අනිවාර්ය්‍ය වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බැඳුම්කරය
    [/FONT]
    [FONT=&quot]ජපානයේ අභ්‍යාසලාභීන් ලෙස බඳවාගනු ලබන සියළු ශ්‍රී ලාංකිකයින් මෙරටින් පිටවීමට පෙර බැඳුම්කරයකට අත්සන් කළ යුතුවේ. මෙමඟින් පුහුණුව සඳහා යොමුකරන ආයතනයෙන් පරිබාහිරව සේවයේ යෙදීම වළකාලනු ලබන අතර එම සේවා ස්ථානයේදී සාර්ථකව පුහුණුව නිම කිරීමට අවශ්‍ය වටපිටාව මෙමඟින් තහවුරු කර ඇත. යම් හෙයකින් බැඳුම්කරයේ කොන්දේසි කඩකරනු ලබන අභ්‍යාසලාභියෙකු රුපියල් මිලියන 2 ක් අදාල පාර්ශවයන් හට ගෙවීමට මෙමඟින් එකඟ වී ඇත. අභ්‍යාසලාභීන් තම අභිමතය පරිදි ක්‍රියා කිරීම වළකාලීම සඳහා හඳුන්වා දී ඇති මෙම බැඳුම්කරය මඟින් අභ්‍යාසලාභීන් මෙන්ම අදාල අනෙකුත් පාර්ශව ආරක්ෂා කිරීම මූලික අරමුණ වේ.[/FONT]

    #බුමි කම්පා ගැනත් :)
    ජපානේ අවුරුද්දකට භූමිකම්පා 1,500ක් විතර එනවා.


    http://www.elakiri.com/forum/showthread.php?t=1764757
     
    • Like
    Reactions: shaminda peiris

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    #බුමි කම්පා ගැනත් :)

    :(

    giphycrdownload-2c39_1-animation.gif



    source: http://www.elakiri.com/forum/showthread.php?t=1761864