ඒක ඇත්ත..මට මොකෙක්වත් සල්ලි හෙව්වා කියල ඇති කුහුක කමක් නැහැ...එත් මචන් මූ ගැන හැම තැනම තියෙන්නේ මූ ෆයිවර් වලින් සල්ලි හෙව්වා කියල...මේ ත්‍රෙඩ් ඒක දාපු එකානේ ඔය ලසන්ත කියන එකාව ප්‍රසිද්ද කරේ...ඌත් ඒ දාපු හැම වතාවකම දැම්මේ ෆයිවර් කෝටිපතියෝ, ෆයිවර් කරලා ගොඩ ගිය උන් කියල...
ඉතින් ඕන මෝඩයෙක් ට තේරෙනවා වගේ මටත් තේරුණා මේක ෆයිවර් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල...මූ කරන්නේ මිනිස්සු අන්දන ඒක...තමන්ගේ සල්ලි ෆයිවර් වලින් ලැබුණාය කියල මිනිස්සු නිකන් මුලා කරලා මචන් නැති රෙස්පා එකක් ගන්න යනවා...
ඉතින් ඔන්න ඔය ඕක ෆයිවර් වලින් නෙමෙයි කරේ කියන දේ කිව්වම තමා උගේ අනුගාමිකයෝ බුරාගෙන එන්නේ...ඌ ෆයිවර් නෙමෙයි නම් කරේ ෆයිවර් වලින් කෝටිපතියෝ වුනා කියල බොරු කෙබ්බ ගහල අනිත් උන්ට පොරක් වෙන ඒක වැරදියි...එහෙම කරලා අන්තිමේ උන් ඒ ප්‍රසිද්දය භාවිත කරලා, ඇමේසන් ලංකා වගේ ඔන්ලයින් සල්ලි හොයන හැටි කියල දෙන පන්ති පවත්තල ආයෙම දුප්පත් එකාව හූරන් කනවා...
අනේ ඉතින් අපේ මොකුත් නොදන්නා උන් ලසන්ත ෆයිවර් කරලා හමර් ගත්ත...අපිට කෝ ඔර්ඩර් එකක් වත් නැනේ කියල අඬනවා...මුන් කරන්නේ නොකරපු දෙයක් කරා කියල පෙන්නලා මිනිස්සු මුලා කරන එකක්...
අනිත් ඒක මේ පොත් බෙදා දීම කෝටිපතියෙක් ගේ වැඩක් ද කියහන්? අපේ ඔෆිස් එකේ බර්ත්ඩේ එකට ඉන්න උන්ට කන්න දෙන්නත් මම හිතන්නේ මම ඔයිට වඩා වියදම් කරනවා...


මූ කරන්නේ තනිකර නමක් හදාගන්නයි ප්‍රසිද්ද වෙන්නයි දෙන ගේමක්...අවසාන වෑයම තමා අර මම කිව්ව දේ..බලපන් නැද්ද කියල...