සෑම දෙයකම අවසානයක් තිඛෙන බව සෑබෑවක් වුවත් සමහර අවසානයන් අපේ සිත පිළිගන්න කැමති නැති බව ඔබ හොඳින් දන්නා බව මම දනිමි. දැන් සසල හද විල්තෙර අවසාන සටහන් වි ඇත. ඔබ මෙය සිදුකලේ ආත්ම තෘප්තිය සඳහායි කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නොමැතිව තමන්ගේ කාලය, ශ්‍රමය වැයකරමින් අපගේ රසවින්දනය උදෙසා ඔබ කල මෙහෙවර අපමණය ඇත්තෙන්ම එය බෝධිසත්ව ගුණයක් බව නොකියාම බැරිය ඒ වෙනුවෙන් ඔබට බොහොම පින් !
කුමක් ලියන්නද කියන්නද කියලා මට නොවැටහුනත් ඔබගේ වසර 4 විල්තෙර වැඩසටහන් වලින් වසර 3 අඛණ්ඩ ශ්‍රාවකයෙක් වශයෙන් මා රැදි සිට ලැබු රසවින්දනය වචනයෙන් විස්තර කල නොහැකිය. මේ අතරතුරු කාලයේ මා හට රසවිදිය නොහැකි වු වැඩසටහන් ගණන උපරිම වශයෙන් 5 ක් ඇති මා මෙසේ මේ වැඩසටහනට ඇබ්බැහි වි සිටියේ ඔබ ඉදිරිපත් කරන ගී මාගේ රසවින්දනය හා සමපාත වන බැවිනි. වැඩසටහන අවසන් කිරිමට පෙර වැඩසටහනේ ඔබ හා සමඟ යාබද අසුනේ සිට සම්බන්ධවිමට ලැබිම ඇත්තෙන්ම මා ලැබු භාග්‍යයක්
විවිධ බාධක හැලහැප්පිම් සිත් රිදවිම් ඇතිවුනත් ඒ සැම ශ්‍රාවක සත්ජනයින්ගේ රසාස්වාදය උදෙසා සිතෙන් අමතක කරමින් තමන්ගේ පුද්ගලික ජිවිතයේ, වෘත්තීය ජිවිතයේ වගකීම් අතපසු කරමින් අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැපකිරිම ඔබ සතු මනුසත් කමින් අප පෝෂණය කරමින් අප වෙත ලබාදුන් රසය දැනුම වෙනුවෙන් මාගේ ගෞරවනීය ප්‍රණාමය, ස්තූතිය, පුදකරමි ඔබගේ ඉදිරි අනාගත කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා ! බොහොම පින් ඔබට !