මෙන්න_බයිට්_5ක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මෙන්න_බයිට්_5ක්

    පිටින් ගන්න ගාණින් බාගයක්ම අඩුවෙන් ගෙදරදීම රසට හදාගත හැකි බයිට් 5ක්


    සෙට් වෙන කොට ඉතින් බයිට් එකක් නැතුව සෙට් වෙන්නෙ නෑනෙ. හොටේල් එකකට ගියත් ගෙදර සෙට් උනත් බයිට් නම් අනිවාර්යයි. හැබැයි ඉතින් හොටේල් එකකට ගිහින් ගන්න පෙපර් පෝක්, හොට් බටර් කට්ල්ෆිශ්, කංකුං බීෆ් වගේ බයිට් ඩිශ් එකක් නෙවෙයි ගෙදර සෙට් වෙද්දි ගන්නෙ. සොසේජස් ටිකක්, මික්ස්චර් පැකට් එකක් වැඩිම උනොත් චිකන් ඩෙවල් එකක්. ඇයි ගෙදර සෙට් වෙද්දි හොටේල් එකකදි වගේ බයිට් එකක් නැත්තෙ? ඒකට හේතු දෙකයි. එකක් තමා වියදම. ගෙදර සෙට් වෙන්නත් හොටේල් එකකින් බයිට් එකක් ගෙන්න ගන්න එක ටිකක් සැර වියදම් වැඩක්. අනික තමා අඩු වියදමට ගෙදර හදගන්න ඕන උනත් හදන්න දන්නෙ නැතිකම.

    අනිවා අපි ඔය අන්තිම ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නම්. හොටේල් එකකින් ගන්න බයිට්ස් කොහොමද ගෙදර හදාගන්නෙ කියල. කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදාගනිද්දි ගාණත් අඩුයි වගේම ඒ ගාණට වටින තරම් ලොකු පෝශන් එකක් හදාගන්නත් පුළුවන්. මේ ඔයාල සෙට් වෙද්දි ගන්න කැමතිම බයිට්ස් ටික ගෙදරම හදාගන්න රෙසිපි. ට්‍රයි කලොත් නෝනා ගෙදර නැති වෙලාවක ඔයාලටම හදාගන්නත් බැරි නෑ 😉 . නෝනා නැතුව තනියම මේ දේවල් හදන්න බෑ වගේ හිතෙනවනම් කොල්ලොන්ටත් තනියම හදාගන්න පුළුවන් ලේසිම බයිට්ස් වර්ග 5ක් මේ ලින්ක් එකට ගිහින් බලන්න.



    1. Kangkung Beef


    Bites-01.jpg




    සිහින් පෙති කපාගත් බීෆ් 400g (පෝක් හෝ මට්න් බීෆ් වෙනුවට ගන්නත් පුළුවන්)
    සුද්ද කරගත් කංකුං මිටි බාගයක් (මේරූ නටු ඉවත් කරගන්න.)
    සිහින්ව පෙති කපාගත් සුදු ලූනු බික් 4ක්
    ඔයිස්ටර් සෝස් මේස හැන්දක්
    සෝයා සෝස් මේස හැඳි 2
    රස අනුව ලුණු
    චිලි පේස්ට් මේස හැන්දක්
    කෑලි මිරිස් සැර අනුව


    කංකුං සෝදා පිරිසිදු කර වතුර බේරෙන්නට තබාගන්න. බීෆ් වලට කෑලි මිරිස්, සෝස් සහ ලුණු එක් කර විනාඩි 15ක් පමණ වසා තබන්න.

    තෙල් මේස හැඳි 2ක් පමණ රත් වෙන්න තබා එයට පෙති කපාගත් සුදු ලූනු එක් කරන්න. එයට බීෆ් ටික එක් කර තරමක් අඩු ගින්දරේ හැන්දකින් පෙරලමින් බීෆ් ටික බැදෙන තුරු පිසගන්න.

    බීෆ් ටික පිසුනු පසු එයට චිලි පේස්ට් සහ කංකුං මිශ්‍ර කර කංකුං ටික මැලවේගෙන එන විටම ලිපෙන් ඉවත් කරගන්න. අවශ්‍ය නම් දෙහි ඇඹුල් ටිකක් උඩින් ඉස ගන්න.



    2. Hot Butter Cuttlefish


    Bites-02.jpg




    පිරිසිදු කරගත් දැල්ලො 200g
    කෝන් පිටි 200g
    ලුණු තේ හැඳි 1\2
    කහ ස්වල්පයක්
    බිත්තර සුදු මද
    චොප් කරගත් සුදු ලූනු තේ හැඳි 1
    බටර් මේස හැඳි 1
    සීනි තේ හැඳි 1\2
    චිලි පේස්ට් මේස හැඳි 1
    තෙල් තේ හැඳි 1
    කපාගත් මාළු මිරිස් කරලක්
    අඟල් 2ක දිගට කපාගත් ලූණු කොල ටිකක් (ලූනු කොටසත් සමඟ)
    කපාගත් වියලි මිරිස් කරල් 2ක්



    දැල්ලන් වල තෙත පිරිසිදු රෙද්දකින් පිසදා වෙන් නොවෙන සේ යන්තම් පිහි තුඩින් ඇතුළු ඇත්තේ ඉරි ඇඳ කුඩා කොටු කපා ගන්න. කඩදාසියක රැලි කපනව වගේ ඒ කොටු වල එක පැත්තක් හීනි තීරු කපාගන්න. (දැල්ලාගේ හිස පැත්තේ සිට පහලට මේ විදියට රැලි කපාගන්න එක පහසුයි.)
    කෝන් පිටි වලට ලුණු තේ හැඳි 1\2 සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.

    කපා ගත් දැල්ලන්ට බිත්තර සුදු මදය එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කෝන් පිටි වල දැල්ලන් දවටා රත් වූ ගැඹුරු තෙලේ විනාඩි 2,3ක් පමණ බැදගන්න.

    වෙනම පෑන් එකක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ලූනු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.

    එයට බැදගත් දැල්ලන්, මාලු මිරිස්, වියලි මිරිස් සහ ලූනු කොල එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.




    3. Black Pepper Pork



    Bites-03.jpg



    කුඩාවට කපාගත් පෝක් 500g
    ගම්මිරිස් ඇට තේ හැඳි 2
    ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
    සෝයා සෝස් තේ හැඳි 2
    චොප් කරගත් සුදු ලූනු බික් 2
    කොටු කපාගත් මාළු මිරිස් කරලක්
    කොටු කපාගත් බී ලූනු ගෙඩියක්
    කෝන් පිටි තේ හැඳි 1\2
    ලුණු


    ගම්මිරිස් ඇට ටික කුඩු කරගන්න. කලින් කුඩු කරපු ගම්මිරිස් ගන්නවට වඩා එවෙලෙම කුඩු කරල ගන්න එක තමා වඩා හොඳ.

    පෝක් ටික සෝදා එයට ගම්මිරිස් වලින් 3\4ක් පමණ එක් කරගන්න.සෝස් වර්ග දෙක සමඟ රස අනුව ලුණු එක් කර හොඳින් මිශ්‍ර කර විනාඩි 15ක් හෝ පැය භාගයක් පමණ වසා තබන්න.

    තෙල් මේස හැඳි 2ක් පමණ රත් වෙන්න තබා එයට පෝක් ටික එකතු කරගන්න. කලවම් නොකර විනාඩි 2, 3ක් බැදෙන්න හරින්න.

    බාජනයේ ඉතිරිව ඇති සෝස් වලට වතුර මේස හැඳි 3ක් එක් කර එයට කෝන් පිටි තේ හැඳි 1\2ක් දිය කර පෝක් එකට දමා මිශ්‍ර කරන්න.

    විටින් විට හැඳි ගාමින් විනාඩි 10ක් පමණ පිස ගෙන කපාගත් මාලු මිරිස්, ලූනු සහ සුදු ලූනු එක් කර කලවම් කර තවත් විනාඩි 10ක් පමණ අඩුම ගින්දරේ පිසගෙන ඩිශ් එකකට දමා ඉතිරි ගම්මිරිස් කුඩු ටික උඩින් ඉසගන්න.




    4. Butter Prawns​


    Bites-04.jpg



    සුද්ද කරගත් ඉස්සන් 400g
    චොප් කරගත් සුදු ලූනු බික් 15ක් පමණ
    තෙල් තේ හැඳි 2
    බටර් මේස හැඳි 2
    ලුණු රස අනුව
    අළුතෙන් කුඩු කරගත් ගම්මිරිස් තේ හැඳි 2
    දෙහි යුශ තේ හැඳි 1



    සෝදාගත් ඉස්සන්ට ලුණු සහ දෙහි ඉස්ම ටික ඉස පසෙකින් තබාගන්න. තෙල් තේ හැඳි 2ක් රත් වෙන්න තබා එයට බටර් එක් කර එයට චොප් කරගත් සුදු ලූනු දමා විනාඩියක් පමන තෙම්පරාදු කරගන්න. එයටම ගම්මිරිස් කුඩු එක් කර ඉස්සන්ද එක් කරගන්න.

    අඩු ගින්දරේ විටින් විට හැඳි ගාමින් විනාඩි 2, 3ක් වසා තබන්න. ඉස්සන් හොඳින් පිසුණු පසු දෙහි ඉස්ම ටිකක් උඩින් ඉසගන්න.




    5. Lemon Chicken



    Bites-05.jpg



    කුඩාවට කපාගත් කටු රහිත චිකන් බ්‍රෙස්ට් 1
    බිත්තර සුදු මද 1
    කෝන් පිටි කප් 1\4
    පාන් පිටි කප් 1\4
    සෝයා සෝස් තේ හැඳි 1\2
    දෙහි හෝ ලෙමන් යුශ තේ හැඳි 3
    සීනි තේ හැඳි 1
    වතුර මේස හැඳි 5
    කෝන් පිටි තේ හැන්දක්
    ලුණු රස අනුව


    චිකන් වලට සෝයා සෝස් එක් කර මිශ්‍ර කර විනාඩි 15ක් පමණ වසා තබන්න.
    දෙහි හෝ ලෙමන් යුශ, සීනි, වතුර, ලුණු සහ කෝන් පිටි තේ හැන්ද එකට මිශ්‍ර කර පසෙකින් තබාගන්න

    කෝන් පිටි වලට ලුණු ස්වල්පයක් සහ පාන් පිටි එක් කර හොඳින් මිශ්‍ර කර බිත්තර සුදුමද තවරාගත් චිකන් කැබලි එහි දවටා රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගෙන තෙල් බේරෙන්නට තබාගන්න.

    මිශ්‍ර කරගත් ලෙමන් මිශ්‍රණය නන්ස්ටික් පෑන් එකකට දමා බුබුළු දමන තුරු රත් කර බැදගත් චිකන් උඩින් දමා මිශ්‍ර කරගන්න.






    source:අනිවා.lk