නියමයි සහෝ අලුතෙන් එලියට එන එවුන් ඕවා දන්නේ නැනේ සෙට් උන ගමන් යනවා. අර කතාවකුත් තියෙන්නේ බේස්ලයින් පාරේ ඇවිදගෙන ගියත් ඇතුලට අදාල ගනී කියලා.හැබැයි මේක කතාවක් විතරයි ඇතුලට ගන්නේ ඉන්ටර්විව් 2,3 ක් තියල.
ඔව් මචන් ඒක තමයි සිද්දිය. සාමාන්යෙන් written test,first interview, team/tech lead interview, hr interview කියල interview 4k තියනවා. QA නම් ගොඩක් වෙලාවට interview 3යි. හදිස්සි වෙලාවට se, ase ත් interview 3න් ගන්නවා. හැබැයි ඔය 4 ම පෙනුමට විතරයි මචන්. දන්න නිසා කියන්නේ. මුලින් තියන written test එක ඕන ගොනෙක්ට ලියන්න පුලුවන් සීන් එකක්. 2,3 interview ඒවගේදි තමයි කෝඩිං අහන්නේ. හැබැයි එකක් තියනවා. මුන් කොච්චර ප්රශ්න ඇහැව්වත් interview කරපු එකාගේ recomendation එකට. ඒ ඒ project වලට කට්ටිය අඩුයිනම් මොන බයිලා ඇහුවත් උඹේ ශේප් ලයින් එකක් තියනවනම් ගන්නවා. hr interview එක ඉතින් තියෙන්නේ පඩිය කතා කරගන්නනේ.
ඉතින් අලුතින් ඇතුලට යන එකා හිතන්නේ පට්ට interview process එකකින් තේරිලා අමාරුවෙන් ආවේ, පට්ට චාන්ස් එකක් කියලා! පස්සෙ තමයි තේරෙන්නේ.




මුලදී කියන්න අමතක උන දෙයක් තියනවා. මේ hr interview එකේදී හරියට මීටරෙන් හිටියොත් මම අර මුලින් කියපු මොන ගොඩටද වැටෙන්නේ කියලා දැනගන්න පුලුවන්. සාමාන්යෙන් උන් කිව්වොත් පඩිය මේච්චරයි, මේක තමයි "experience range eke standard package එක අපි ඕන කෙනෙක්ට offer කරන" , "ඔයාව ඉන්ටවීව් කරපු කෙනාගෙ recomendation එකට අපිට offer කරන්න පුලුවන් මේ ගාණ තමයි" කියලා, ඒ කියන්නේ උන් salary negotiate කරන්නේ නෑ, උඹ කැමතිනම් එන්න පුලුවන් නැත්තම් යන්න පුලුවන් කියන එක. මේකෙන් කියවෙන්නේ උඹ බෙන්ච් වැටෙන්න ඉඩකඩ වැඩියි කියලා. එහෙම නැතුව hr එකේදි උන් salary discuss කරනවා කියන්නේ උඹව තියාගන්න ගන්න බලන්නේ කියන එක. virtusa විතරක් නෙමේ ගොඩක් IT company වල මේ කේස් එක මෙහෙමයි.
.
හැබැයි මේක කතාවක් විතරයි ඇතුලට ගන්නේ ඉන්ටර්විව් 2,3 ක් තියල.


