"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    කතාව මුලින් ලස්සනට ගලාගෙන ආවා. පස්සේ ලැබුණු ජනප්‍රියතාවය නිසාමද මන්දා ටික ටික අදින්න පටන් ගත්තා.. ස්ලෝ මෝශන් පෙන්නනවා පැය ගණන්. නාට්‍යට කිසිම ගැළපීමක් නැති චරිත ඔහේ ඔබන්න ගත්තා.......... මේ වැඩ නිසා පහුගිය දවස් වල නාට්‍ය ටිකක් ඩල් වෙලා තිබ්බේ... මම හිතනවා නාට්‍ය මේ පීක් එකෙන්ම නැවැත්තුවනන් හොඳයි කියලා. මොකද තව ඉස්සරහට යන්න ලොකු ප්ලොට් එකක් නෑ... මම කියන්නේ කම්මැලි නොවී බලන්න. දැන්ම නැවැත්තුවොත් මිනිස්සු අතර අමතක නොවන ඩ්‍රාමා එකක් වෙයි .. තව 150ක් විතර ඇද්දොත් මිනිස්සුන්ටත් එපා වෙයි..

    සෝරත සාමනේර චරිතෙ නිසා නාට්‍යට මාර ප්‍රසිද්ධියක් ලැබුනා. කොල්ලා ඇත්තටම දක්ෂයි.. ඒත් ඒ නිසා පස්සේ පස්සේ අනවශ්‍ය විදිහට සොරත හාමුදුරුවන්ගේ කොටස් ඔබ්බන්න හැදුවා දෝ කියලා හිතුනා.

    ඔබේ කියමන හරියටම හරි. මේ කතාව ප්‍රසිද්ධ වුනේ සෝරත පොඩි හාමුදුරුවො හින්ද තමයි. කොටින්ම මමත් මලී 3 පටන් ගත්තා කියල දැන ගත්තෙ සෝරත හාමුදුරුවො ගැන තිබුන පුවතකින්.
    ඒ හින්ද කතාව ඉස්සරහට යන්න සෝරත හාමුදුරුවො ඉන්නම ඕන. ඒ එක්කම සිඳූගෙයි සෝරත හාමදුරුවොන්ගෙයි කිට්ටු යාලු කම හින්දා සිඳූ ඉන්නත් ඕන. නැත්නම් කතාවෙ ජනප්‍රිය ගැම්ම නැතිවෙනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    mata nam oya hamuduru nattage ktawa diraanne neha

    ඔව් ඉතින්, උඹට දිරවන්නෙ වෙන වෙන ජාතියෙ ඒවනෙ!!!

    මොනව කිව්වත් හාමුදුරු කෙනෙක්ට ඔහොම අපහාස විදියට කතා කරන්න එපා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඊයේ කතාව අන්තිමයි. මේ ටෙලි අධ්‍යක්ෂකතුමාට සාමාන්‍ය සමාජය ගැන මෙලෝ හසරක් නොදන්නා පාටයි. නිකන් මේගොල්ලෝ ගමේ යන්න වගේ තමයි පන්සලට ඇවිල්ල තියෙන්නේ. එදා රාත්‍රිය පන්සලේ ගත කරලා ගෙදර යන්නයි සුදානම. එහෙම වෙනවද ළමයෙක් පැහැර ගත්තාම . ඉස්සලම ලමයව ගෙනියන්නේ පොලිසියට. පොලිසියෙන් පන්සලට ලොකු ටීම් එකක් එනවා. එහෙම රැයක් පන්සලේ ගත කරලා පහුවෙනිදට ගෙදර යන්න බැහැ. අනෙක් හිනා යන කරුණ තමයි එකම පොලිස් නිලධාරියෙකුවත් පන්සලට නොපමිනිමයි. දැන් ලමයව හොයාගෙන අම්ම තාත්තා ගෙදර යන්නයි හදන්නේ. මට පෙන්නේ මේ කතාව තවත් අදින්නයි හදන්නේ. අපෝ මේක දැන්නම් හරිම නීරසයි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    ඊයේ කතාව අන්තිමයි. මේ ටෙලි අධ්‍යක්ෂකතුමාට සාමාන්‍ය සමාජය ගැන මෙලෝ හසරක් නොදන්නා පාටයි. නිකන් මේගොල්ලෝ ගමේ යන්න වගේ තමයි පන්සලට ඇවිල්ල තියෙන්නේ. එදා රාත්‍රිය පන්සලේ ගත කරලා ගෙදර යන්නයි සුදානම. එහෙම වෙනවද ළමයෙක් පැහැර ගත්තාම . ඉස්සලම ලමයව ගෙනියන්නේ පොලිසියට. පොලිසියෙන් පන්සලට ලොකු ටීම් එකක් එනවා. එහෙම රැයක් පන්සලේ ගත කරලා පහුවෙනිදට ගෙදර යන්න බැහැ. අනෙක් හිනා යන කරුණ තමයි එකම පොලිස් නිලධාරියෙකුවත් පන්සලට නොපමිනිමයි. දැන් ලමයව හොයාගෙන අම්ම තාත්තා ගෙදර යන්නයි හදන්නේ. මට පෙන්නේ මේ කතාව තවත් අදින්නයි හදන්නේ. අපෝ මේක දැන්නම් හරිම නීරසයි.

    ඔව්, කොහොම වුනත් කතාව ඇදෙනවා. මොකද දැන් මේ කතාව ජනප්‍රියයි, ඉතින් මාකට් කරන්නෙ ලේසියි. අද කාලෙ හැමදෙයම කැරකෙන්නෙ මුදල් වටේ.
    ඇදෙන්න ඇදෙන්න කතාව නීරස වෙන්න තියෙන සම්භාවිතව ගොඩක් වැඩී
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සිදූ කියන්නෙ මලී අත්තම්මා වල පස්සෙ එක නේද? ඒ දෙක බලන්නෙ නැතුව මේක බැලුවොත් තේරුම් ගන්න බැරි වෙයිද?
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    කාලෙකින් බලපු හොද කතාවක් අඩුපාඩු තිබ්බට. කතාව රබර් කරන්න ගිහින් ඇනගන්නවට වඩා ඉවර කරන එක හොදයි වගේ .
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    සිදූ කියන්නෙ මලී අත්තම්මා වල පස්සෙ එක නේද? ඒ දෙක බලන්නෙ නැතුව මේක බැලුවොත් තේරුම් ගන්න බැරි වෙයිද?

    එහෙම තේරුම් ගන්න කිසිම අපහසුවක් නෑ. මේක වෙනමම කතාවක් වගේ යන්නෙ. 'අත්තම්මා' කතාවෙ හිටපු මලීගෙ ලොකු දූ සාරදී මේ කතාවෙ නෑ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    කාලෙකින් බලපු හොද කතාවක් අඩුපාඩු තිබ්බට. කතාව රබර් කරන්න ගිහින් ඇනගන්නවට වඩා ඉවර කරන එක හොදයි වගේ .

    මේ කතාව බලන කවුරුත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට සිඳූව හොයා ගනී කියලා. මොකද ඒක තමයි කතාවෙ පීක් එක වෙන්න ඕන. දැන් ඉතින් කතාව අදින්න වෙනවා.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මොකක් හරි SEEN එකක් වෙලා තියනවා
    කතාව ලියා ගත්ත විදිහට නෙමෙයි වෙන්නේ.......
    ඒකයි Track පනින්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මොකක් හරි SEEN එකක් වෙලා තියනවා
    කතාව ලියා ගත්ත විදිහට නෙමෙයි වෙන්නේ.......
    ඒකයි Track පනින්නේ
    වෙලා ඇත්තෙ මෙකයි ,කතාව යන්න ඔන විදියට නෙමෙ මුල ඉඳන්ම ගියෙ. සොරතගෙ සුරතලය නිසා ඇතිවෙච්ච ජනප්‍රියතාව උඩ අත්භූත සීන් වැඩිය නොදා නාට්‍ය පොඩි එවුන්ට බලන්න පුළුවන් විදියට සොරත ඉන්න කොටස් සහ පොඩි අය ඉන්න කොටස් වැඩියෙන් ඇඩ් කළා. ඔක තමා උනෙ. නැත්තම් මෙ නාට්‍යෙ පරණ නාට්‍ය කොටස් දෙකෙ තනිකරම අත්භූත බලවෙග වල සීන් තමා ගියෙ. මෙකෙ එහෙම නැහැ නේ ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    වෙලා ඇත්තෙ මෙකයි ,කතාව යන්න ඔන විදියට නෙමෙ මුල ඉඳන්ම ගියෙ. සොරතගෙ සුරතලය නිසා ඇතිවෙච්ච ජනප්‍රියතාව උඩ අත්භූත සීන් වැඩිය නොදා නාට්‍ය පොඩි එවුන්ට බලන්න පුළුවන් විදියට සොරත ඉන්න කොටස් සහ පොඩි අය ඉන්න කොටස් වැඩියෙන් ඇඩ් කළා. ඔක තමා උනෙ. නැත්තම් මෙ නාට්‍යෙ පරණ නාට්‍ය කොටස් දෙකෙ තනිකරම අත්භූත බලවෙග වල සීන් තමා ගියෙ. මෙකෙ එහෙම නැහැ නේ ?

    ඔව් ඒක හරි. ඒත් මම හිතුවෙ අද්භූත සීන් අඩු කරේ ඒ වගේ අද්භූත සීන් වලට තියෙන ජනතා විශ්වාසය අඩු කරල බුදු දහමේ තියෙන සත්යය සහ යථාර්තවාදී බව මතු කරන්න කියලා. මොකද ලොකු හාමුදුරුවන්ගෙ චරිතයෙන් ඒක ගොඩක් සිද්ධ වෙනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ අද ගොඩක් ජනප්‍රිය වෙල තියෙන 'සිඳූ' කතාවෙ තීරණාත්මක අවස්ථාවකින් පස්සෙ කතාව ඉස්සරහට යන්නෙ කොහොමද කියන එක ගැන කට්ටියගෙ අදහස් දැන ගන්න. මෙ ගැන කියල අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.

    ෆැන්ටසි කතාවක් ගැන මේ තරම් කතා කරන්න පිස්සුවක්ද කියල සමහරු හිතන්න පුලුවන්. ඒත් මේ කතාවෙන් සමාජයට කිසියම් හොඳ දෙයක් දෙනවා කියන එක බොහෝ දෙනාගෙ අදහස වෙනවා

    ඉතින් ඒ හින්දා මේ කතාවෙ ඉදිරිය ගැන කතා කරන එකේ තේරුමක් තියෙනව කියන එක තමයි මගේ හැඟීම. මේ කතාවෙන් පොඩි හාමුදුරුවන් ඇතුලු කුඩා ළමුන්ගෙන් සමාජයක එකමුතුව සහයෝගයෙන් ජීවත් වීම ගැන හොඳ ආදර්ශයක් දෙනවා. ඒ වගේම ලොකු හාමුදුරුවොන්ගෙන් බුදු දහමේ ඇති වැදගත් බවත්, මිථ්යා දෘෂ්ටික ආකල්පවල ඇති නිස්සාර බවත් කියා දෙනවා. ඇත්තම කිව්වොත් මම මේ කතාවෙන් යම් දෙයක් ඉගෙන ගත්තා. ඕනවට වඩා බැඳීම ඇති කර ගන්න එක දුකට මුල බව මට හොඳින් තේරුම් ගියා.

    මගේ අදහසේ හැටියට නම් පොඩි හාමදුරුවොයි සිඳූයි වෙන් වෙන්නෙ නෑ. මොනව හරි දෙයක් වෙලා සිඳූ ගමේම ඉන්නවා. තාවකාලිකව ගියත් ආපහු එනවා. ඊට පස්සෙ ඒ දෙන්නගේ සාමූහික බැඳීමෙන් කතාව ඉස්සරහට යයි කියල මට හිතෙනවා. මේ තාක් කල් වුනා වගේ ඉදිරියටත් 'ටිපිකල්' මෙගා නාට්යයක් නොවී හරවත් ලෙස කතාව දිග හැරෙයි කියල අපි බලාපොරොත්තු වෙමු.

    මෙම ත්‍රෙඩ් එකට අදහ්ස පල කරාපු හැමෝටම නැවත වරක් ස්තූතියි. අපි බලමු කතාව ඉස්සරහට යන්නෙ කොහොමද කියලා.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම දන්නේ නැහැ මේ කතා කවුද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. අර සිදු ( මලිත ) අම්මල අක්කලා ඉදිරියට ආවත් අල්ල ගන්න බැරි උනා. අර කොල්ලෙක් හිටියා. එතකොට වැන් එකේ ඩ්‍රයිවර් හිටියා. එකෙක්ට අල්ලා ගන්න බැරි උනාද. පොඩි ළමයෙක් අල්ලා ගන්න බැහැ කියන්නේ ප්‍රැක්ටිකල් නැහැ . අනේ මන්ද මේ ටෙලි නාට්‍ය කරන අධ්‍යක්ෂකට වඩා බුද්දියක් තියනවා පාසල් යන වයසේ දරුවෙකුට. මේ වගේ දුර්වල තැන් තැනක් යු දෙරණ කියන අයට තේරෙන්නේ නැහැ. දෙවන කරණය තමයි පොලිසියෙන් දෙන්නෙක් තුන්දෙනෙක් එන්නේ නැහැ ඔය වගේ ළමයෙක් පැහැර ගත් අවස්ථාවක. ඉස්සලම ලගම තියන පොලිස් ස්ථානය දැනුවත් කර එම ලගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග තමයි පැමිණෙන්නේ.

    ඊයේ කතාවෙනම් හාමුදුරුවන්ගේ චරිතය හොඳට රඟපෑවා.

    :yes: :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    ෆැන්ටසි කතාවක් ගැන මේ තරම් කතා කරන්න පිස්සුවක්ද කියල සමහරු හිතන්න පුලුවන්. ඒත් මේ කතාවෙන් සමාජයට කිසියම් හොඳ දෙයක් දෙනවා කියන එක බොහෝ දෙනාගෙ අදහස වෙනවා

    මේ කතාවෙන් පොඩි හාමුදුරුවන් ඇතුලු කුඩා ළමුන්ගෙන් සමාජයක එකමුතුව සහයෝගයෙන් ජීවත් වීම ගැන හොඳ ආදර්ශයක් දෙනවා.

    ඒ වගේම ලොකු හාමුදුරුවොන්ගෙන් බුදු දහමේ ඇති වැදගත් බවත්, මිථ්යා දෘෂ්ටික ආකල්පවල ඇති නිස්සාර බවත් කියා දෙනවා. ඇත්තම කිව්වොත් මම මේ කතාවෙන් යම් දෙයක් ඉගෙන ගත්තා. ඕනවට වඩා බැඳීම ඇති කර ගන්න එක දුකට මුල බව මට හොඳින් තේරුම් ගියා.

    මගේ අදහසේ හැටියට නම් පොඩි හාමදුරුවොයි සිඳූයි වෙන් වෙන්නෙ නෑ. මොනව හරි දෙයක් වෙලා සිඳූ ගමේම ඉන්නවා. තාවකාලිකව ගියත් ආපහු එනවා. ඊට පස්සෙ ඒ දෙන්නගේ සාමූහික බැඳීමෙන් කතාව ඉස්සරහට යයි කියල මට හිතෙනවා. මේ තාක් කල් වුනා වගේ ඉදිරියටත් 'ටිපිකල්' මෙගා නාට්යයක් නොවී හරවත් ලෙස කතාව දිග හැරෙයි කියල අපි බලාපොරොත්තු වෙමු.

    :lol::lol:

    Nice Jokes by the way