කතාව මුලින් ලස්සනට ගලාගෙන ආවා. පස්සේ ලැබුණු ජනප්‍රියතාවය නිසාමද මන්දා ටික ටික අදින්න පටන් ගත්තා.. ස්ලෝ මෝශන් පෙන්නනවා පැය ගණන්. නාට්‍යට කිසිම ගැළපීමක් නැති චරිත ඔහේ ඔබන්න ගත්තා.......... මේ වැඩ නිසා පහුගිය දවස් වල නාට්‍ය ටිකක් ඩල් වෙලා තිබ්බේ... මම හිතනවා නාට්‍ය මේ පීක් එකෙන්ම නැවැත්තුවනන් හොඳයි කියලා. මොකද තව ඉස්සරහට යන්න ලොකු ප්ලොට් එකක් නෑ... මම කියන්නේ කම්මැලි නොවී බලන්න. දැන්ම නැවැත්තුවොත් මිනිස්සු අතර අමතක නොවන ඩ්‍රාමා එකක් වෙයි .. තව 150ක් විතර ඇද්දොත් මිනිස්සුන්ටත් එපා වෙයි..
සෝරත සාමනේර චරිතෙ නිසා නාට්‍යට මාර ප්‍රසිද්ධියක් ලැබුනා. කොල්ලා ඇත්තටම දක්ෂයි.. ඒත් ඒ නිසා පස්සේ පස්සේ අනවශ්‍ය විදිහට සොරත හාමුදුරුවන්ගේ කොටස් ඔබ්බන්න හැදුවා දෝ කියලා හිතුනා.
ඔබේ කියමන හරියටම හරි. මේ කතාව ප්‍රසිද්ධ වුනේ සෝරත පොඩි හාමුදුරුවො හින්ද තමයි. කොටින්ම මමත් මලී 3 පටන් ගත්තා කියල දැන ගත්තෙ සෝරත හාමුදුරුවො ගැන තිබුන පුවතකින්.
ඒ හින්ද කතාව ඉස්සරහට යන්න සෝරත හාමුදුරුවො ඉන්නම ඕන. ඒ එක්කම සිඳූගෙයි සෝරත හාමදුරුවොන්ගෙයි කිට්ටු යාලු කම හින්දා සිඳූ ඉන්නත් ඕන. නැත්නම් කතාවෙ ජනප්‍රිය ගැම්ම නැතිවෙනවා.

