මෝඩ කතා කියන්න එපා බන්.
දෙපැත්තේ තියන බිල් බෝර්ඩ් අරවා මේවා ගහලා තිබ්බාට අපේ අවධානටයට ඉෆෙක්ට් වෙන්නේ නෑ නේ ෆෝන් කෝල් එකක ඉන්නකොට තරම්.
ෆෝන් කෝල් එකේ ඉද්දි අපි එක්ක කතා කරන්නේ අපේ කෙල්ල නම් එකපාරටම කෙල්ල කෑ ගහනවා මොනාහරි පොඩි මීයෙක් හරි , කැරපොත්තෙක් හරි ගිහින් .
එකපාරට ශොක් වෙලා බයික් එකේ යනවානම් අනිවා කන්ට්රෝල් නැතුව යනවා අපිව.
ඊට පස්සේ ඉතින් වෙන්න ඕන දේ කියන්න ඕන නෑ නේ.
වාහනෙක ගියත් ඔච්චර තමා.
ඉස්පිරිතාලෙකදි මරණයක් උනාම ඒ ගැන දන්වන්න ඕන පුද්ගලයාට කතා කරලා මුලින්ම අහන්නේ ඔබ වාහනයක් එලවන ගමන්ද කියලා.
ඊට පස්සේ කියන්නේ අපි මේ ඉස්පිරිතාලෙන් කතා කරන්නේ අහවලා මැරුනා කියලා කියන්නයි.
අපිට සිම්පල් දෙයක් , තව කෙනෙක්ට ශොක් වෙන්න පුලුවන්.