මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්
අපේ ආතම්මට දැන් වයස 91 ක් වෙනවා. බුදුසරණින් බොහෝම හොදට ඇවිදලා කරලා ඉන්නවා.
ඒත් දැන් අව්රුදු 3ක විතර වෙලේ ඉදලා හැම දෙයක්ම වගේ ආතම්මට අමතක වෙනවා. හැමදේම කිව්වට එදිනෙදා කරන වැඩ මතකයි. ඒ කිව්වේ ගෙදර ස්විච් දාගන්නවා, මූන සෝදගන්නවා, බාතෲම් යනවා. ඒවා සාමාන්‍යයි. නමුත් කෑම බෙදලා දුන්නම ඒකේ තියන ව්‍යාංජන මතක නෑ, වෙළාවකට අත සෝදගෙන කෑම කන්න අමතක වෙලා ගිහින් නිදා ගන්නවා.
වෙළාවකට ගෙදර ඉන්න අයව මතක නෑ. ඒ කිව්වේ තමන්ගේ කෙනෙක් කියලා දන්නවා හැබැයි හරියටම මතක නැ. ඉස්සර නම් අපි ටිකක් ගෙදර එන්න පරක්කු උනත් හොයනවා, මග බලාගන ඉන්නවා. ඒත් දැන් අපි සතියක් ගෙදරින් පිට ගිහින් හිටියත් ආයි ආවම කොහෙද ගියේ කියලා අහන්නවත් මතක නෑ. ඒ විතරක් නෙවෙයි අපි හිටියෙ නෑ කියලා ගානකුත් නෑ.
මේ ප්‍රශ්නේ නිසා බන පොතක් වත් බලන්න ආතම්මට බෑ. ටිවි එකේ බන යනකොට දාලා දුන්නත් ටිකක් බලාගන ඉන්නවා හැබැයි කියන ඒවා තේරෙන්නෙ නැති නිසාද කොහෙදෝ ටිකකින් නිදා ගන්නවා.
මම මේක වෛද්‍යවරු කීප දෙනෙකුටම කිව්වා. නමුත් එයාලා කිව්වේ වයසේ හැටි කියලා. පන්සලේ හාමුදුරුවොත් කියන්නේ අපිටත් අමතක වෙන එකේ ඔය වයසේ හැටි කියලා. හැබැයි ඔයිට වඩා වයස ආච්චිලා සීයලා හොද මතකයක් ඇතුව අපේ ගමේම ඉන්නවා.
මට ආතම්මා ගැන තියන ප්‍රශ්න මේවා
1) මේ අමතක වීම සාමාන්‍යද?
2) මේක ලෙඩක් නම් සනීප කර ගන්න මොනවගේ වෛද්‍ය වරයෙක් ලගට එක්කගන යන්න ඕනිද?
3) මේ තත්වෙන් ඉන්න ආතම්මව සතුටින් තියන්න මොනවද කරන්න ඕනේ. දැනට මම පුළුවන් හැමවෙලේම එයත් එක්ක කතා කරන්න බලනවා. නමුත් වෙලාවක කතා කරන්න දෙයක් නෑනේ. මොන දේ කරත් ඉතාම පොඩි වෙලාවකින් අමතක වෙලා යනවා. ආතම්මා මොකවත් හිත හිත දුකින් නම් ඉන්නෙ නෑ.මම හිතන්නේ එහෙම හිත හිත ඉන්නවත් මතක නෑ.
බෞද්ධ අය මේ ප්‍රශ්නෙට පුළුවන් නම් උපදෙසක් දෙන්න.
මේ තත්වය උඩ ආතම්මට පිං කරන්න මම මොනවද කරන්න ඕනේ. පන්සල් එක්ක යන්න ගියත් එයා එන්න කැමති නෑ.ඒ වයසේ හැටියට ඉතිං අමාරුත් ඇති. අනිත් එක මතකත් නෑනේ.
ජීවිතේ කියන්නේ ඉතිං මෙහෙම තමයි. තරුණ කාලේ, මැදි වයසෙදි අපි කොයි තරම් ශක්තියෙන් බුද්ධිමත්ව හිටියත් අපි හැමෝම වයසට ගියාම තවත් කෙනෙකුගේ උපකාරයක් අපිට ඕනි වෙනවා. මේ හැටි කියලා ආතම්මගේ ජීවිතේ ඔහේ ගෙවිලා යද්දෙන් කියලා කෑම බීම ටික විතරක් දීලා එයාගේ ශරීරය පවත්වගෙන යන්න අවශ්‍ය දේ විතරක් දීලා හරි යන්නේ නෑනේ. එයාට පිං කර ගන්න අවස්තාවක් තියෙන්න එපැයි.
ආතම්මා හොදට ශක්තිමත්ව ඉදලා මගේ ඇස්පනාපිටමයි මෙහෙම වයසට ගිහින් දුර්වල උනේ. ඒ දවස්වල ආතම්මගේ වැඩ හරි පිළිවෙලයි. කුස්සිය අස් කරත්, මිදුල අතු ගෑවත්, හාල් වී ඇහුලුවත් ලස්සනයි පිළිවෙලයි. හොද මතකයකින් අපිට කතා කියලා දෙනවා. පොඩිකාලේ විස්තර කියනවා එහෙම හිටපු කෙනා තමයි පෙනි පෙනීම වසට ගිහින් දුර්වල උනේ. ආතම්මා ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි ගැන හිතනකොට හිතට මාර දුකයි. සංසාරේ අපි මොන තරම් දුක් විදිනවද කියලා හිතෙනවා.
ත්‍රෙඩ් එක බලන හැමෝටම, වගේම බම්ප් එකකින් හරි උදව් කරන හැමෝටම ගොඩක් ස්තූති.
අපේ ආතම්මට දැන් වයස 91 ක් වෙනවා. බුදුසරණින් බොහෝම හොදට ඇවිදලා කරලා ඉන්නවා.
ඒත් දැන් අව්රුදු 3ක විතර වෙලේ ඉදලා හැම දෙයක්ම වගේ ආතම්මට අමතක වෙනවා. හැමදේම කිව්වට එදිනෙදා කරන වැඩ මතකයි. ඒ කිව්වේ ගෙදර ස්විච් දාගන්නවා, මූන සෝදගන්නවා, බාතෲම් යනවා. ඒවා සාමාන්‍යයි. නමුත් කෑම බෙදලා දුන්නම ඒකේ තියන ව්‍යාංජන මතක නෑ, වෙළාවකට අත සෝදගෙන කෑම කන්න අමතක වෙලා ගිහින් නිදා ගන්නවා.
වෙළාවකට ගෙදර ඉන්න අයව මතක නෑ. ඒ කිව්වේ තමන්ගේ කෙනෙක් කියලා දන්නවා හැබැයි හරියටම මතක නැ. ඉස්සර නම් අපි ටිකක් ගෙදර එන්න පරක්කු උනත් හොයනවා, මග බලාගන ඉන්නවා. ඒත් දැන් අපි සතියක් ගෙදරින් පිට ගිහින් හිටියත් ආයි ආවම කොහෙද ගියේ කියලා අහන්නවත් මතක නෑ. ඒ විතරක් නෙවෙයි අපි හිටියෙ නෑ කියලා ගානකුත් නෑ.මේ ප්‍රශ්නේ නිසා බන පොතක් වත් බලන්න ආතම්මට බෑ. ටිවි එකේ බන යනකොට දාලා දුන්නත් ටිකක් බලාගන ඉන්නවා හැබැයි කියන ඒවා තේරෙන්නෙ නැති නිසාද කොහෙදෝ ටිකකින් නිදා ගන්නවා.
මම මේක වෛද්‍යවරු කීප දෙනෙකුටම කිව්වා. නමුත් එයාලා කිව්වේ වයසේ හැටි කියලා. පන්සලේ හාමුදුරුවොත් කියන්නේ අපිටත් අමතක වෙන එකේ ඔය වයසේ හැටි කියලා. හැබැයි ඔයිට වඩා වයස ආච්චිලා සීයලා හොද මතකයක් ඇතුව අපේ ගමේම ඉන්නවා.
මට ආතම්මා ගැන තියන ප්‍රශ්න මේවා
1) මේ අමතක වීම සාමාන්‍යද?
2) මේක ලෙඩක් නම් සනීප කර ගන්න මොනවගේ වෛද්‍ය වරයෙක් ලගට එක්කගන යන්න ඕනිද?
3) මේ තත්වෙන් ඉන්න ආතම්මව සතුටින් තියන්න මොනවද කරන්න ඕනේ. දැනට මම පුළුවන් හැමවෙලේම එයත් එක්ක කතා කරන්න බලනවා. නමුත් වෙලාවක කතා කරන්න දෙයක් නෑනේ. මොන දේ කරත් ඉතාම පොඩි වෙලාවකින් අමතක වෙලා යනවා. ආතම්මා මොකවත් හිත හිත දුකින් නම් ඉන්නෙ නෑ.මම හිතන්නේ එහෙම හිත හිත ඉන්නවත් මතක නෑ.

බෞද්ධ අය මේ ප්‍රශ්නෙට පුළුවන් නම් උපදෙසක් දෙන්න.
මේ තත්වය උඩ ආතම්මට පිං කරන්න මම මොනවද කරන්න ඕනේ. පන්සල් එක්ක යන්න ගියත් එයා එන්න කැමති නෑ.ඒ වයසේ හැටියට ඉතිං අමාරුත් ඇති. අනිත් එක මතකත් නෑනේ.
ජීවිතේ කියන්නේ ඉතිං මෙහෙම තමයි. තරුණ කාලේ, මැදි වයසෙදි අපි කොයි තරම් ශක්තියෙන් බුද්ධිමත්ව හිටියත් අපි හැමෝම වයසට ගියාම තවත් කෙනෙකුගේ උපකාරයක් අපිට ඕනි වෙනවා. මේ හැටි කියලා ආතම්මගේ ජීවිතේ ඔහේ ගෙවිලා යද්දෙන් කියලා කෑම බීම ටික විතරක් දීලා එයාගේ ශරීරය පවත්වගෙන යන්න අවශ්‍ය දේ විතරක් දීලා හරි යන්නේ නෑනේ. එයාට පිං කර ගන්න අවස්තාවක් තියෙන්න එපැයි.
ආතම්මා හොදට ශක්තිමත්ව ඉදලා මගේ ඇස්පනාපිටමයි මෙහෙම වයසට ගිහින් දුර්වල උනේ. ඒ දවස්වල ආතම්මගේ වැඩ හරි පිළිවෙලයි. කුස්සිය අස් කරත්, මිදුල අතු ගෑවත්, හාල් වී ඇහුලුවත් ලස්සනයි පිළිවෙලයි. හොද මතකයකින් අපිට කතා කියලා දෙනවා. පොඩිකාලේ විස්තර කියනවා එහෙම හිටපු කෙනා තමයි පෙනි පෙනීම වසට ගිහින් දුර්වල උනේ. ආතම්මා ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි ගැන හිතනකොට හිතට මාර දුකයි. සංසාරේ අපි මොන තරම් දුක් විදිනවද කියලා හිතෙනවා.
ත්‍රෙඩ් එක බලන හැමෝටම, වගේම බම්ප් එකකින් හරි උදව් කරන හැමෝටම ගොඩක් ස්තූති.

දැන්ම බෙහෙතක් ගනින් එහෙනං