මගේ සංචාර - 1 ඇල්ල කන්ද
ගමන
මාස 6කින් විතර ලැබුනු නිවාඩුව නිසා පසු ගිය දවස් වල ටිකක් අවිදින්න යන්න පොඩි විවේකයක් ලැබුණා. ඉතින් සුපුරුදු පරිදි කොහේ හරි අෑතක යන්නයි හිතා ගත්තේ. ඇල්ල, දියතලාව, බදුල්ල පැත්තේ තමයි මේ පාර ගියේ. කලින්ම දියතලාවෙන් නවතින්න තැනක් වෙන් කර ගත්තා ඒක නසා කිසිම කරදරයක් නැතුව අපිට ඇවිදල ආපසු එන්න ලැබුනා. කලින්ම වෙන් කර ගත්ත නිසා හොඳයි නැත්තම් ඇවිල්ලා හිටිය සෙනග හැටියට පාරේ තමයි ඉන්න වෙන්නේ
. ඒ කිටිටුවම යාළුවෙකුගේ ගෙදරක් තුබුන නිසා කෑම බීම ටිකත් පිරිසිදුවට ලැබුණා.
අපි කොළඹින් උදේම (ඒ කියන්නේ 8ට 9ට වගේ) පිටත් වෙන්න හිතාගෙන හිටියත්, මට හදිසියේ යෙදුන වැඩක් නිසා ගමන ටිකක් ප්‍රමාද වෙලා තමයි අපිට ආරම්භ කරන්න පුළුවන් වුනේ. ඒක නිසා අපේ ගමනාන්තය වූ දියලතාව දක්වා යන ගමනේදී අතර මගදී නරඹන්න සිටි නැන් සියල්ලම වගේ අපිට මග හැරුණා. රෑ බොවුන නිසා අපි හැකි ඉක්මණින් අපේ නවාතැන් පොළ කරා ගමන් කරන්නයි අවශ්‍ය වුනේ. රෑට යාළුවාගේ නිවසින් කෑම කලා නවාතැන් පොළට එව විටත් අපි හිතපු තරමි සීතලක් නම් තිබුනේ නෑ. ඉතින් අපි ටික වෙලාවක් කාඩ් සෙල්ලම් කරල, ප්ලේන් ටී එකක් බීල නිදා ගත්තා. රෑ නම් හොඳට සීතල තිබුනා, ගෙදරින් අමතර පොරවන රෙදි ගෙනත් තුබුන නිසා හොඳ උණුසුමට නිදාගන්න පුළුවන් වුනා.
උදේම නැගිටල (8ට වගේ) අපි නැවතුන තැන අවට තිබුණු මල් වල ෆොටෝ ටිකක් ගත්තා,
උදේට කලා අපි පිටත් වුනා “ඇල්ල කන්ද” නගින්න යන්න.
ඇල්ල කන්ද
ඇල්ල කන්ද කියන්නේ මේ දවස් වල සංචාරයක ආවධානය දිනාගත් ස්ථානයක්, අපි අතරටත් වඩා විදේශිය සංචාරකයන් අතර මේ ස්ථානය ඉතාමත් ප්‍රසිද්ධයි. අපිට හමු වුන අයගෙන් වැඩි පිරිස විදේශිකයන්. මේ මේ ස්ථානයට ලගා වෙන්න ඔබට ක්‍රම කිහිපයකට පුළුවන්.
ඇල්ල සිට කිතල් ඇල්ල දක්වා දුම්රිය කාල සටහන
බණ්ඩාරවෙල සිට කිතල් ඇල්ල දක්වා දුම්රිය කාල සටහන
මේ ගමන ඉතා පහසුවෙන් එක වරුවකින් ගිහින් එන්න පුළුවන්, සිතල දේශගුණය නිසා වැඩිය ඇගට අපහසුවක් දැනෙන්නේත් නෑ, ඒ වුනත් මතක ඇතුව අවශ්‍ය ප්‍රමාණයට ජලය හා කෙටි කෑම බීම, බිස්කට් රැගෙන යන්න අමතක කරන්න එපා.
ඒ වගේම මතක ඇතුව ඔබ රැගෙන යන සුයළු දේ ආපසු රැගෙව එන්න මතක තබා ගන්න, මේ පරිසර පද්ධතියට කිසිදු ආගන්තුක දෙයක් එකතු කරන්න එපා, අපිට වගේම මේ ස්ථාන මතු පරම්පරාවටත් මේ ආකාරයට සුරන්දරව ආරක්ෂා කර තබා ගැනීම ආපේ වගකීමක්.
අපේ කටිටය කන්ද නගින්න සූදානම් වෙනවා;
ඔන්න අපි පිටත් වුනා;
කිතල් ඇල්ල දුමිරිය ස්ථානය;
කන්ද නගින අතරමග සුන්දර තැන්;
ටිකක් ගිමන් හැරල අපි ආයෙත් පිටත් වුනා;
අපි මුදුනටම ආව, මහන්සි නම් මේතන ඇන්ටි කෙනෙක් පොඩි කඩයක් නරනවා, ප්ලේන් ටී එකක් බොන්න පුළුවන්. ඒත් ටිකක් ගනන්. (ප්ලේන් ටී එකක් 100ක් වෙනවා :O).
එතන ටිකක් වෙලා පරිසරයේ සුන්දරත්ව අතිවිදල අපි ආපසු එන්න පිටත් වුනා, කන්ද බහින එක නම් එච්චර ආමාරු වුනේ නෑ, පොඩි පණ්ඩිත කමක් කරන්න ගිහින් පාර වැරදිල ගමේ අයගේ වගාවක් හරහා ගිහින් ඇන්ටි කෙනෙක් ගෙන් තව පොඩ්ඩෙන් බැණුම් අහන්නත් වෙනවා.
කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ලගම තියෙනවා ලස්සන දුම්රිය පාලමක්, අපි ඒකෙත් photo ගන්න අමතක කලේ නෑ, ඒ වගේම එතනින් යන දුම්රයක video එකක් ගන්නත් අපි වාසනාවන්ත වුනා.
ඊලගට අපි ගියේ දෙමොදර ආරුකුකු නමයේ පාලම බලන්න, ඒ ගැව විස්තර ආයේ දවසක දාන්නම්.
ගමන
මාස 6කින් විතර ලැබුනු නිවාඩුව නිසා පසු ගිය දවස් වල ටිකක් අවිදින්න යන්න පොඩි විවේකයක් ලැබුණා. ඉතින් සුපුරුදු පරිදි කොහේ හරි අෑතක යන්නයි හිතා ගත්තේ. ඇල්ල, දියතලාව, බදුල්ල පැත්තේ තමයි මේ පාර ගියේ. කලින්ම දියතලාවෙන් නවතින්න තැනක් වෙන් කර ගත්තා ඒක නසා කිසිම කරදරයක් නැතුව අපිට ඇවිදල ආපසු එන්න ලැබුනා. කලින්ම වෙන් කර ගත්ත නිසා හොඳයි නැත්තම් ඇවිල්ලා හිටිය සෙනග හැටියට පාරේ තමයි ඉන්න වෙන්නේ
. ඒ කිටිටුවම යාළුවෙකුගේ ගෙදරක් තුබුන නිසා කෑම බීම ටිකත් පිරිසිදුවට ලැබුණා.අපි කොළඹින් උදේම (ඒ කියන්නේ 8ට 9ට වගේ) පිටත් වෙන්න හිතාගෙන හිටියත්, මට හදිසියේ යෙදුන වැඩක් නිසා ගමන ටිකක් ප්‍රමාද වෙලා තමයි අපිට ආරම්භ කරන්න පුළුවන් වුනේ. ඒක නිසා අපේ ගමනාන්තය වූ දියලතාව දක්වා යන ගමනේදී අතර මගදී නරඹන්න සිටි නැන් සියල්ලම වගේ අපිට මග හැරුණා. රෑ බොවුන නිසා අපි හැකි ඉක්මණින් අපේ නවාතැන් පොළ කරා ගමන් කරන්නයි අවශ්‍ය වුනේ. රෑට යාළුවාගේ නිවසින් කෑම කලා නවාතැන් පොළට එව විටත් අපි හිතපු තරමි සීතලක් නම් තිබුනේ නෑ. ඉතින් අපි ටික වෙලාවක් කාඩ් සෙල්ලම් කරල, ප්ලේන් ටී එකක් බීල නිදා ගත්තා. රෑ නම් හොඳට සීතල තිබුනා, ගෙදරින් අමතර පොරවන රෙදි ගෙනත් තුබුන නිසා හොඳ උණුසුමට නිදාගන්න පුළුවන් වුනා.
උදේම නැගිටල (8ට වගේ) අපි නැවතුන තැන අවට තිබුණු මල් වල ෆොටෝ ටිකක් ගත්තා,
උදේට කලා අපි පිටත් වුනා “ඇල්ල කන්ද” නගින්න යන්න.
ඇල්ල කන්ද
ඇල්ල කන්ද කියන්නේ මේ දවස් වල සංචාරයක ආවධානය දිනාගත් ස්ථානයක්, අපි අතරටත් වඩා විදේශිය සංචාරකයන් අතර මේ ස්ථානය ඉතාමත් ප්‍රසිද්ධයි. අපිට හමු වුන අයගෙන් වැඩි පිරිස විදේශිකයන්. මේ මේ ස්ථානයට ලගා වෙන්න ඔබට ක්‍රම කිහිපයකට පුළුවන්.
- ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දෙසට, කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 3ක් පයින් ඇවිත් එතැන් සිට කන්ද නැගීම ආරම්භ කරන්න පුළුවන්.
- එහෙම නැත්නම් ඔබට දුම්රියෙන් කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පැමින එතැන් සිට කන්ද නැගීම ආරම්භ කරන්න පුළුවන්.
ඇල්ල සිට කිතල් ඇල්ල දක්වා දුම්රිය කාල සටහන
බණ්ඩාරවෙල සිට කිතල් ඇල්ල දක්වා දුම්රිය කාල සටහන
- ඔබට කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා මහා මාර්ගය ඔස්සේද පැමිණිය හැකියි. නමුත් එම මාර්ල google maps හි සඳහන් නොවන නිසා මෙහි දැක්විය නොහැකියි. (ඒ අවට කෙනෙක්ගෙන් අසා දැන ගන්න පුළුවන්)
මේ ගමන ඉතා පහසුවෙන් එක වරුවකින් ගිහින් එන්න පුළුවන්, සිතල දේශගුණය නිසා වැඩිය ඇගට අපහසුවක් දැනෙන්නේත් නෑ, ඒ වුනත් මතක ඇතුව අවශ්‍ය ප්‍රමාණයට ජලය හා කෙටි කෑම බීම, බිස්කට් රැගෙන යන්න අමතක කරන්න එපා.
ඒ වගේම මතක ඇතුව ඔබ රැගෙන යන සුයළු දේ ආපසු රැගෙව එන්න මතක තබා ගන්න, මේ පරිසර පද්ධතියට කිසිදු ආගන්තුක දෙයක් එකතු කරන්න එපා, අපිට වගේම මේ ස්ථාන මතු පරම්පරාවටත් මේ ආකාරයට සුරන්දරව ආරක්ෂා කර තබා ගැනීම ආපේ වගකීමක්.
අපේ කටිටය කන්ද නගින්න සූදානම් වෙනවා;
ඔන්න අපි පිටත් වුනා;
කිතල් ඇල්ල දුමිරිය ස්ථානය;
කන්ද නගින අතරමග සුන්දර තැන්;
ටිකක් ගිමන් හැරල අපි ආයෙත් පිටත් වුනා;
අපි මුදුනටම ආව, මහන්සි නම් මේතන ඇන්ටි කෙනෙක් පොඩි කඩයක් නරනවා, ප්ලේන් ටී එකක් බොන්න පුළුවන්. ඒත් ටිකක් ගනන්. (ප්ලේන් ටී එකක් 100ක් වෙනවා :O).
එතන ටිකක් වෙලා පරිසරයේ සුන්දරත්ව අතිවිදල අපි ආපසු එන්න පිටත් වුනා, කන්ද බහින එක නම් එච්චර ආමාරු වුනේ නෑ, පොඩි පණ්ඩිත කමක් කරන්න ගිහින් පාර වැරදිල ගමේ අයගේ වගාවක් හරහා ගිහින් ඇන්ටි කෙනෙක් ගෙන් තව පොඩ්ඩෙන් බැණුම් අහන්නත් වෙනවා.
කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ලගම තියෙනවා ලස්සන දුම්රිය පාලමක්, අපි ඒකෙත් photo ගන්න අමතක කලේ නෑ, ඒ වගේම එතනින් යන දුම්රයක video එකක් ගන්නත් අපි වාසනාවන්ත වුනා.
Last edited:
+18