මගේ සංචාර - 1 ඇල්ල කන්ද

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මගේ සංචාර - 1 ඇල්ල කන්ද

    ගමන

    මාස 6කින් විතර ලැබුනු නිවාඩුව නිසා පසු ගිය දවස් වල ටිකක් අවිදින්න යන්න පොඩි විවේකයක් ලැබුණා. ඉතින් සුපුරුදු පරිදි කොහේ හරි අෑතක යන්නයි හිතා ගත්තේ. ඇල්ල, දියතලාව, බදුල්ල පැත්තේ තමයි මේ පාර ගියේ. කලින්ම දියතලාවෙන් නවතින්න තැනක් වෙන් කර ගත්තා ඒක නසා කිසිම කරදරයක් නැතුව අපිට ඇවිදල ආපසු එන්න ලැබුනා. කලින්ම වෙන් කර ගත්ත නිසා හොඳයි නැත්තම් ඇවිල්ලා හිටිය සෙනග හැටියට පාරේ තමයි ඉන්න වෙන්නේ :D. ඒ කිටිටුවම යාළුවෙකුගේ ගෙදරක් තුබුන නිසා කෑම බීම ටිකත් පිරිසිදුවට ලැබුණා.

    අපි කොළඹින් උදේම (ඒ කියන්නේ 8ට 9ට වගේ) පිටත් වෙන්න හිතාගෙන හිටියත්, මට හදිසියේ යෙදුන වැඩක් නිසා ගමන ටිකක් ප්‍රමාද වෙලා තමයි අපිට ආරම්භ කරන්න පුළුවන් වුනේ. ඒක නිසා අපේ ගමනාන්තය වූ දියලතාව දක්වා යන ගමනේදී අතර මගදී නරඹන්න සිටි නැන් සියල්ලම වගේ අපිට මග හැරුණා. රෑ බොවුන නිසා අපි හැකි ඉක්මණින් අපේ නවාතැන් පොළ කරා ගමන් කරන්නයි අවශ්‍ය වුනේ. රෑට යාළුවාගේ නිවසින් කෑම කලා නවාතැන් පොළට එව විටත් අපි හිතපු තරමි සීතලක් නම් තිබුනේ නෑ. ඉතින් අපි ටික වෙලාවක් කාඩ් සෙල්ලම් කරල, ප්ලේන් ටී එකක් බීල නිදා ගත්තා. රෑ නම් හොඳට සීතල තිබුනා, ගෙදරින් අමතර පොරවන රෙදි ගෙනත් තුබුන නිසා හොඳ උණුසුමට නිදාගන්න පුළුවන් වුනා.

    උදේම නැගිටල (8ට වගේ) අපි නැවතුන තැන අවට තිබුණු මල් වල ෆොටෝ ටිකක් ගත්තා,


    01fIvnoy5orW2cx0gR7-2GPVH5YTycxYAqV90kSIkcuKaQrjRFC_T3yxj7bMRChatW46zNzQR1-2tQjLBE8Y5vroMJJYpvYS4hTeNegQecPHB4f9rpN6_bO7e-CAwF7dxfFywFPD


    Uch1UNopy1XrmLJKI4RKutXHZMgml9s01VQnatgybB8Q5zYQvW9lNeQkwbH5V-CkNQP5qa0PAecFHDtMpjhmQVrvTce9YpaT1b3b5hxHJo2GLD9mXSTtvVJ9h01edy0-wBT7HBW_


    උදේට කලා අපි පිටත් වුනා “ඇල්ල කන්ද” නගින්න යන්න.

    ඇල්ල කන්ද

    ඇල්ල කන්ද කියන්නේ මේ දවස් වල සංචාරයක ආවධානය දිනාගත් ස්ථානයක්, අපි අතරටත් වඩා විදේශිය සංචාරකයන් අතර මේ ස්ථානය ඉතාමත් ප්‍රසිද්ධයි. අපිට හමු වුන අයගෙන් වැඩි පිරිස විදේශිකයන්. මේ මේ ස්ථානයට ලගා වෙන්න ඔබට ක්‍රම කිහිපයකට පුළුවන්.

    • ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දෙසට, කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 3ක් පයින් ඇවිත් එතැන් සිට කන්ද නැගීම ආරම්භ කරන්න පුළුවන්.
    • එහෙම නැත්නම් ඔබට දුම්රියෙන් කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පැමින එතැන් සිට කන්ද නැගීම ආරම්භ කරන්න පුළුවන්.

    ඇල්ල සිට කිතල් ඇල්ල දක්වා දුම්රිය කාල සටහන

    lEYfMbbPXlkcWwrnglzUHfVC5v1PLpcRNcHIpT4Mvtmi0iBkEEpGTVQLA0m3pEg6ng-BXoZlLDt6y_5Ddsc-jVIxZund3rHdUYnlJYx-HxCXqgtgklvmNYmVsekQU-rs-TX_o3mV




    බණ්ඩාරවෙල සිට කිතල් ඇල්ල දක්වා දුම්රිය කාල සටහන

    6a5v_63wE1E3gMWDTHtKrCNFz7X8-AT13sJeouRhsJpnwiIMkPbP2JLtIk8x63zxjjgo0sbz6B__hCEjlCInDS-YQvbyX8nmP4zWwz1hhsvSICbhwygCVTo5ovDorUzEJymt9NS_


    • ඔබට කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා මහා මාර්ගය ඔස්සේද පැමිණිය හැකියි. නමුත් එම මාර්ල google maps හි සඳහන් නොවන නිසා මෙහි දැක්විය නොහැකියි. (ඒ අවට කෙනෙක්ගෙන් අසා දැන ගන්න පුළුවන්)

    මේ ගමන ඉතා පහසුවෙන් එක වරුවකින් ගිහින් එන්න පුළුවන්, සිතල දේශගුණය නිසා වැඩිය ඇගට අපහසුවක් දැනෙන්නේත් නෑ, ඒ වුනත් මතක ඇතුව අවශ්‍ය ප්‍රමාණයට ජලය හා කෙටි කෑම බීම, බිස්කට් රැගෙන යන්න අමතක කරන්න එපා.

    ඒ වගේම මතක ඇතුව ඔබ රැගෙන යන සුයළු දේ ආපසු රැගෙව එන්න මතක තබා ගන්න, මේ පරිසර පද්ධතියට කිසිදු ආගන්තුක දෙයක් එකතු කරන්න එපා, අපිට වගේම මේ ස්ථාන මතු පරම්පරාවටත් මේ ආකාරයට සුරන්දරව ආරක්ෂා කර තබා ගැනීම ආපේ වගකීමක්.

    අපේ කටිටය කන්ද නගින්න සූදානම් වෙනවා;


    lL7PjMZGsM77qxOoQ7rssKTZ9VOklG5alGeNP4mgFzWaxqP7QQBglC38eCcoQGXowEcK4QOL4HIbVdDAYBzxsRheXC8OX-ss25nOTmEuBQLkzfZqwiHLE2JnMPDjxY_tHi6iAfFh


    ඔන්න අපි පිටත් වුනා;

    kqZZAo0A0NtfUFEjpAXToyhzQvQc6BcEOXFS2y3lybiogP4goM1DV0kK_-Fw-8VwOKeSEXobn6F1UecF8LYWsTJEQ4LP4jKKgewE4uyEts5jfvRvq-SC31W_7WIjeoztBJDa_za0


    කිතල් ඇල්ල දුමිරිය ස්ථානය;

    dE9IwheNsDFAdMXJsZ7mP7rfKviT96U7l8Wdwpd_FKQ0hQw188QCVaHb4d0JUZnlvS0kW1MU_NsVClQmQJLcBe633PadVszyGouGfvQ7wcxUZ12kMn505uNrl5oOv7FhMgo0Hk25


    කන්ද නගින අතරමග සුන්දර තැන්;

    AWgBJcxcnfidU8DuN4elyRzZQ6uUtzO1kqNP9C3vaIAIgvjVsTRgvRb26TsGMrl4ryqWN451XzzC2SowF_1ygBfc4aWxrxpC6xGVQoriD9Eslp7pvoC8U2IekslN8-XeX1IxQMG6


    3yhI01qOwAzlzg-89MyT1_M8EbaGG7qRtPQaGvHGnmJTCIxfZFziR6YMDSgfsntkiNbahPz_1a085mYP3NhAwpO-lXnqzn6-A-CP7a55L3MbhhZ57jf6FbiU4YljTaXBNZkYILxr


    U94kKo8e6W2kutbH1m2MC2VRQOhLx-EkvFULBcSL8BcEi9kGbJ81nKtZ6n32CdyNT_6VIKiU-c-bh-i2oM4h1VOg19QkhViGraU_6vwXPhstFOB81CvlPDDOP5QeaTMrRATTeHaJ


    LCpT06CbcEKdJYcQ9oT5D373iNbY5Pf8xN7Xh0uafLTdcfbevK-1kdpqvdb8EF-zbaHWWAOrzZyvleTg_ACCVJgO4UG_jbx_m7sMLRYqv6mBF_-AttkUFP0Nuqh0Ky-Co-1nHHnR


    VFqs3vO1lsNre61UqV6MB4ZLqIc32BCUnnznFxh6uawYcaYVtY_A1mQJVFuf91HJjfydyr-nCYJncYtJbNDnJsYiQpneKThtz9ZU6pkh92iLymP9ipCNGOFExrwZ4wlJ_xKjWvd5


    dtej_459FsEX_UqY6355v35JCrulGE6YqoSbSDhDFJyNHxdagBmr4c2tjLY_pOTXFHizYljcEEkyRu2DuA16EJczzGBkHC2nH2dJ3o5fHpOCwqQvl_IQ4V6LFNQWJ-TjlEjrIB8N


    01LtIoBj5cC6GcsTw7tqxXo6GvZtHu1byQ5DqnLhB1snYDJ-laVMoprE3ZiO1bqKJbvtMw1s6VSKLvbSEHyXr-wD9h6B9YJeYxjQD8ZVfsa3h4qBPzSO1e2UTGSckBt8XOz7qBt8


    ටිකක් ගිමන් හැරල අපි ආයෙත් පිටත් වුනා;

    9F9I2Der-hHDwmxApIEzCtv5ZiCb9QFP9pqkVqT1g7WEry7oLRCkbsMkCsFnLPXbOjHxu1ARYbg7B45-i1suOemjBlx5mgwDlY9_kP2x1kruSPgMBqGnR8Ogn45krPf-BEkOV5qW


    5Nwx-ZK2oz7ibH1WdG6MNZAEoK71tUJoKFgNBc2foE_dHH_E0sRp4mDJsBjjUsqYfPwBQHQg93wwStQm4Kh13blcYpk191J72ugyYg3xXrZsIOxamKUq8dUPNvs3ZXWtTGA4-wtC


    eAtIv4p3ECVIfbK5vOa_V0ks-cyZhUcRk_wz1rqGeSp-C-ZJyfRex3sd3kqaAMf3y_n2yoUcRNe0JRhaN3Lc76mWDsPSMxVvH5vQj17vSxyVXEKn_2TmuadTsQQNO1M9gmjEkfUB


    hDTnyE-Thbqe88dYdwiQ-_sjAaV36E62jpy89PujNx90whozulci0Oz3A0xWS27KKLpxc2DWTXyQ2y7-Av0BrJnLqfQd_jBrLuW_-OzX-_QXEGCPTJXVcE44k-1Qe9qsU6bYX07Z


    අපි මුදුනටම ආව, මහන්සි නම් මේතන ඇන්ටි කෙනෙක් පොඩි කඩයක් නරනවා, ප්ලේන් ටී එකක් බොන්න පුළුවන්. ඒත් ටිකක් ගනන්. (ප්ලේන් ටී එකක් 100ක් වෙනවා :O).

    noQgZem7-fq-ulL6QH9wWKeGfg97s9kzNucOAnGDmCoE7yYixzGAhNFuRVkWfVAckB4RiViX2VOYhO2TZ9EiN0CloSsIPC6pUK_URK4Xjv6XiYv21PNQMjN7vBN5ca1klTXcU1VT


    kHl3ZiYYsPzPzuRySMcOZ5NG22hfpAzLRRlJalVw5oBOZ7pQCsuzx_qsQPIdmap5mjD_LBaTfD51SoTDRZsK3gHZVjssK4V90V-yXe_NG6_ZKhCOV8IoK98peSryu7FElPle-Xcw


    4OhtP6xKx5EDM2eUZqoj15VjKSkEdU3LSWgVYSNmIVzY2upMWMUNNFUAf5K6D463hX-VY_MxDSN9kshxcHuKqq7ab2WGsUYHi32e7jvv3jCo3eQx8E4dhF0IklSIizUpmOJMx9mQ


    mL1m1NZEnWQK6KLdfxcWv_0-t_jH0lGn3alF-c31jsi4GP7tYOo9cwI1iXdX6ShZ8i_dLTezZUxBwbPM1INd9d5DQC10XuQy4quCMGrDz3HY1boP6m5oxJxUwGWmItJCNIwews9v


    9h32uZ2GJoXzvktWKXEqhxymnlchbg8LOQamfNeBtx7C1US4CrEV54IThzvNNR2d0RAks_Djlj3F8CuQvyacL-QVVIF1nOjzQhqC6x9FuYOs_Y0Ks1trwS2W0QEUQeRk3uvLOWeG


    dyqsZOYMO6HtejNMIXcfv5YQOOn8I4pifFUrGoETsL-qN0YvSBvx-09LgiC-nE8M18Y-K1yfZnIEV9x-t5oQ6bqQFaaV8I7EnC_ybshMVdUtkQvS7TW8zoIKcjDA6zsMifZn0ctD


    7tHYAe3GczAh4iaeyNlXK3aUMQmTJceo4DhII03CYDihdDKQCDpaqS5xX163nQrP6PtffKdfcEBpdUEwXtvSOG_eCx63AFR-hXr2nio6KYh1FOICO7xXYWEBYjnb5cvtZbkQELUY


    rUWqwewtPPdZbOPzvu04NK3YVkcGKbVIHDhlZK8BZbDktL3L6pHZMLduUm7AjHeeDtj_DmqC15GM-mWI09b4TVQdwhdDLFCdkttc2NXWIosuIi7tbOiolCZwZmfT0L_GpEpRjSTE


    එතන ටිකක් වෙලා පරිසරයේ සුන්දරත්ව අතිවිදල අපි ආපසු එන්න පිටත් වුනා, කන්ද බහින එක නම් එච්චර ආමාරු වුනේ නෑ, පොඩි පණ්ඩිත කමක් කරන්න ගිහින් පාර වැරදිල ගමේ අයගේ වගාවක් හරහා ගිහින් ඇන්ටි කෙනෙක් ගෙන් තව පොඩ්ඩෙන් බැණුම් අහන්නත් වෙනවා.

    කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ලගම තියෙනවා ලස්සන දුම්රිය පාලමක්, අපි ඒකෙත් photo ගන්න අමතක කලේ නෑ, ඒ වගේම එතනින් යන දුම්රයක video එකක් ගන්නත් අපි වාසනාවන්ත වුනා.


    vBMVDoOIEMFvRs0UNRDo0hcbEg1Rgjt1vA6EdrQLYQ9JIpXTg2_6H3gSxj3Z381M70a_e9_U1Grai49ezitjkUGc_WGWLOrHGSRGPeGw84XNOOD5ttV4BkbwNNlfn10Tjt83Q24O



    ඊලගට අපි ගියේ දෙමොදර ආරුකුකු නමයේ පාලම බලන්න, ඒ ගැව විස්තර ආයේ දවසක දාන්නම්.
     
    Last edited:

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන් පොටෝ ටික පොඩි කරන්න නැත්නම් අකුරු සයිස් එක 5,6 ටවත් දන්න TfS

    දැන් නම් photo size එක අඩු කරන්න අමාරුයි, මම font size එක වැඩි කරන්නම්. ස්තූතියි.
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    e

    නියමයි මචන් ලිපිය... ප්ලෙන් ටි එකක් 100 කිව්වම හිරි වැ‍ටුනා හිත.... උනුවතුර බෝතලේකට දාගෙන යමන්...
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    නියමයි මචන් ලිපිය... ප්ලෙන් ටි එකක් 100 කිව්වම හිරි වැ‍ටුනා හිත.... උනුවතුර බෝතලේකට දාගෙන යමන්...

    ඒක නම් අසාධාරණ ගනනක්, එතන ගොඩක් අය මිලදී ගන්න තිබුනා සාධාරණ ගනනක් කිව්වානම්. කාටද ප්ලෙන්ටී එකක් 100ක් දීල ගන්න හිතෙන්නේ. ඒත් විදේශිකයන් නම් මිලදී ගන්නවා දැක්කා කොහොමත් අපේ අය පුරුදු වෙලා ඉන්නේ විදේශිකයෙක් දැක්කොත් දත් සෙට් එකම ගලවගන්නනේ.