වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ රැක් බූට් දැම්මා සිහලු. විස්වාස කරනව නම් විස්වාස කරපල්ලා අව්රුදු 25 ක් පරණ මගේ කාර් එකේ එක පැත්තක රැක් බූට් ඔරිජිනල් ආපුවා තිබුනා. කොහොමද ජපන් වාහනේ රබර් කෑල්ලේ කොලිටි එක.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාර් එකේ පස්ස පැත්ත පාත් වීගෙන එනවනම් බෙහෙත් කරමු.:P

    බොහොම කෙටියෙන් දාන්න වෙන්න වෙලාව නිසා. පස්සෙ ෂොක් කොයිල් ස්පිරිං මාරුකරන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.

    අපේ එකේ දැන් ටික කාලෙක ඉඳලා බර වැනම ඕනවට වඩා පස්ස පාත් වෙන ගතියක් තිබුන දැන් ටික කාලෙක ඉඳන්. පස්සෙ ෂොක් දෙක ගිහිල්ල තිබ්බෙ. ඒ වගේම කොයිල් ස්පිරිං දෙකත් බැහැල තිබ්බෙ. ඒ නිසා දෙකම මාරු කරල දැම්ම.

    මේ ජැක් ගහලා වාහනේ යට රිංගන්න නම් එපා මොකද මේව ස්ටේබල් නෑ. මේ ජැක් එක ගැහුවෙ උස්සගන්න විතරයි. උස්සල වාහනේ ජැක් ස්ටෑන්ඩ් දෙකක් උඩ තියල රෝද වලට අඩ තියල තමා වැඩේ කලේ.

    7Rx9YMH.jpg


    z51DuDp.jpg


    මෙන්න මෙහෙම තමා ෂොක් එක සෙට්වෙලා තියෙන්නෙ.:yes:

    AZ0ENG3.jpg


    ෂොක් එක ගලවගන්න මේකෙනම් මෙන්න මේ කෑලි ටික මුලින් ගලවගෙන ඉන්න ඕනෙ.:yes:

    මේ දෙන්න තමා ඔක්කොම බර දරන්නෙ. ඉතින් පොඩි ගේමක් දීල තමා ගලවන්න වෙන්නෙ. ඇණ රවුන් නොවෙන්න හොඳ සොකට් වලින් අල්ලන්න.:yes:


    ZJ7d7ai.jpg



    mRXdqUs.jpg



    Y4anzAQ.jpg


    තව ගැලවෙන්න වෙනව මෙන්න මෙයා.:yes:

    Vq5JMok.jpg


    මැදට ඇලන් කී එකක් දාලා අල්ලන්න තියෙන්නෙ බෝලෙ එක්ක ඇණේ කැරකෙන එන නවත්තගන්න.

    kb3UGjk.jpg


    තට්ටුවකුත් දාන්න වුනා.

    dyqUgN9.jpg


    ඒවගේම බ්‍රේක් හෝස් ටිකත් ගැලවෙන්න ඕනෙ ෂොක් එක එලියට ගන්න.

    kEsSEiT.jpg


    කලින් කාපු කවක කිව්ව මතක ඇති සමහර විට. බ්‍රේක් ඔයිල් අපතෙ යන එක වලක්වගන්න බ්‍රේක් හෝස් එකක් බුරුල් කරලා බ්‍රේක් පැඩ්ල් එක යටටම ගිහින් හිරවෙන්න ලී කෑල්ලක් තියන්න.

    SJMhP0C.jpg


    ඊට පස්සෙ ගලවපු බට වලින් බ්‍රේක් ඔයිල් වැක්කෙරන එක ගැන ආයි වද වෙන්න ඕනෙ නෑ.

    ඔන්න කියන්න ඕනෙ හැම එකම මේ විදියට කරන්න බෑ. හරිම ක්‍රමේනම් ෂොක් එක එක්කම ස්පිරිං එකත් ගලවල අරන් ස්ප්‍රිං කම්ප්‍රෙසර් ටූල් එකක් පාවිච්චි කරන එක ඉතුරු වැඩ වලට.

    ඒත් පරිස්සමින් ඔලුව කල්පනා කරල කරනවනම් ගොඩක් කාර් වල මෙහෙම ස්ප්‍රිං එක අවුලක් නැතුව ගලවගන්න පුලුවන්.


    කරන්න තියන වැඩේ ෂොක් එක වාහනේට හයිවෙලා තියෙද්දිම ෂොක් එකේ ඇණේ පරිස්සමින් බුරුල් කරල ගලවන එක. (සීට් එක ගැලෙව්වම අපේ එකේනම් මේ ටික තියෙන්නෙ)

    5ZlZfBL.jpg


    ඊට පස්සෙ ස්ට්‍රට් එකේ ඇණ තුන ගලවගන්න.

    VEpmJFE.jpg


    දැන් ස්ප්‍රිං එකෙන් වෙන්වෙලා තියෙන්නෙ බඩු. යටින් පරිස්සමින් ඇදල ගන්න පුලුවන්.:yes:

    MsnOZeu.jpg


    qCTGBAB.jpg


    2aRbrao.jpg


    ඊට පස්සෙ ඉතින් අලුත් බඩු ටික. රබර් බූට්. ස්ප්‍රිං එක යටට එන රබර් කෑලි ටිකත් ගන්න අලුතින්.:yes:

    owwrvcY.jpg



    ඊට පස්සෙ ෂොක් එක ඇසෙම්බල් කරගන්න.

    gkrDZwr.jpg


    wHPmzGQ.jpg


    දැන් ගේම තියෙන්නෙ ෂොක් එකේ උඩ ස්ට්‍රට් එක හයිකරගන්න එක. මේකට හරිනම් ස්ප්‍රිං කම්ප්‍රෙසර් ටූල් එකක් පාවිච්චි කරන්න් ඕනෙ. ඒත් මේක ගොඩක් තද ස්ප්‍රිං එකක් නෙමේ නිසා මෙහෙම වැඩක් කරන්න පුලුවන්.

    කෑලි ටික් සෙට් කරලා බර දාලා ස්ට්‍රට් එක පහලට තද කරන්න ෂාෆ්ට් එකේ පොටක් දෙකක් එලියට එන්න. ඒ එක්කම තව කෙනෙක්ට කියන්න නට් එක අමුනගන්න කියල.:yes:

    TLxlWfE.jpg


    ඊට පස්සෙ උඩ නට් එක ගානකට තද කරගන්න. ඉතුරු ටික හයිකලාම හරියට තද කරන්න පුලුවන්.

    zYUjyKz.jpg


    දැන් ඉතින් ගලවපු විදියටම බඩු ටික ආපහු ඔබලා සෙට් උඩ නට් එක හරිගානට තද කරගන්න. ඒවගේම අනිත් ඒක ටිකත් කරන්න.:yes:

    uso5Ii3.jpg


    ඔන්න ඔහොමයි හයිවුනාම පෙනුනෙ.

    iFs7loG.jpg


    ilx546S.jpg


    ඊට පස්සෙ ඉතින් බ්‍රේක් වල හුලන් යවලා රෝද ටික හයිකරලා පස්සෙ සීට් එක හයි කරා වැඩේ ඉවරයක් කරන්න පුලුවන්.

    මේ ටිකෙන් පස්සෙ පිටිපස්ස පාත්වෙන එක නැවතුනා වගේම වාහනේ ස්ටැබිලිටි එකෙත් වෙනසක් වුනා කියල තේරෙනව. ලොකු වැඩක් නෙමේ ගෙදර කරන්න පුලුවන්. වැඩක් වෙන්න ඇති කියල හිතනව.:)

     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් එකේ පස්ස පැත්ත පාත් වීගෙන එනවනම් බෙහෙත් කරමු.:P

    ............
    ............
    ............

    මේ ටිකෙන් පස්සෙ පිටිපස්ස පාත්වෙන එක නැවතුනා වගේම වාහනේ ස්ටැබිලිටි එකෙත් වෙනසක් වුනා කියල තේරෙනව. ලොකු වැඩක් නෙමේ ගෙදර කරන්න පුලුවන්. වැඩක් වෙන්න ඇති කියල හිතනව.:)

    [/B][/SIZE]

    Thanks මල්ලි කට්ට දැම්මට :)
    පරණ කොයිල්ස්ප්‍රින් එක ගලව ගත්ත විදිහනම් මරු...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks මල්ලි කට්ට දැම්මට :)
    පරණ කොයිල්ස්ප්‍රින් එක ගලව ගත්ත විදිහනම් මරු...

    උඩින් පල්ලෙන් අයියේ දැම්මේ. ස්තූතියි :)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාර් එකේ පස්ස පැත්ත පාත් වීගෙන එනවනම් බෙහෙත් කරමු.:P

    [/B][/SIZE]

    බ්‍රේක් හෝස් ගැලෙව්වේ ඇයි?? :confused::confused::confused: Hose Clip එක පැන්නුවා නම් ලේසි නේ..ආයේ Bleed කරන්න ඕනිත් නෑ....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්‍රේක් හෝස් ගැලෙව්වේ ඇයි?? :confused::confused::confused: Hose Clip එක පැන්නුවා නම් ලේසි නේ..ආයේ Bleed කරන්න ඕනිත් නෑ....

    නෑ බන් හෝස් එක ක්ලිප් එකෙන් පැන්නුවට වැඩක් නෑ රබර් හෝස් එකයි යකඩ බටෙයි ෂොක් එකේ හිලක් හරහ එකට හයිවෙලා තියෙන්නෙ. (පැත්තක් කපපු එකක් එහෙම නෙමේ බන්.) ගලවන්නම වෙනව.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නෑ බන් හෝස් එක ක්ලිප් එකෙන් පැන්නුවට වැඩක් නෑ රබර් හෝස් එකයි යකඩ බටෙයි ෂොක් එකේ හිලක් හරහ එකට හයිවෙලා තියෙන්නෙ. (පැත්තක් කපපු එකක් එහෙම නෙමේ බන්.) ගලවන්නම වෙනව.

    අපෝ... එපා වෙනවා නේ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ... එපා වෙනවා නේ...

    උඹ මගුලක් කියෝනවා. ගැරජ් එකක එකෙක් වෙන එකක් ගලවන්න ගිහින් පවර් ස්ටියරින් rack එකේ බටයක් ගලවල ඒකෙ පොට යවල තිබ්බ.:growl: බුදු අම්මෝ මං තනියම කාපු කට්ට. ඒ මගුල එලියට ගන්න බෑ මේකෙ යට තියන සේරම ටික ගලවනකම්. අන්තිමේ ගැලෙව්ව ඔක්කොම ටික තනියම.:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21155697 said:
    Phone walin kitanna ba. Dukase thread ekak kiyogena innawa

    Lap eka allah gawata giya sinhalu.. dan virgin USB 72k gahagena athi:(

    Ekak ganna one ada hetama. Koo welawak nane

    :shocked: මොකද්ද බං එලොව යන්නම උනේ කෲසරේටවත් යට උනාද? ලෙඩක් නම් බඩා මාමට දීලා හදානිං. අපරාදෙනේ බං අල්ලට දෙන්නේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මොකද්ද බං එලොව යන්නම උනේ කෲසරේටවත් යට උනාද? ලෙඩක් නම් බඩා මාමට දීලා හදානිං. අපරාදෙනේ බං අල්ලට දෙන්නේ.

    කන්ටැක්ට් ක්ලීනර් + ඉතිපිසෝ ගාථාව. :lol::lol::lol::lol:හපෝයි ලැප.:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: ඇයි නානා මොනවද කරලා තියන්නේ.

    නෑ නෑ බඩා ලැප් හදන විදිය ඔය.:rofl: කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා ඉතිපිසෝ ගාථාව කිව්ව.:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ බඩා ලැප් හදන විදිය ඔය.:rofl: කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා ඉතිපිසෝ ගාථාව කිව්ව.:baffled:

    :lol::lol: ඊට පස්සේ නානගේ ලැපේ එකේන් පාස්වර්ඩ් එකවත් ඉස්සුවොත් ටික දවසකින් නානා ලේලන්ඩ් වළ හොද කියලා පෝස්ට් දායි.:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked: මොකද්ද බං එලොව යන්නම උනේ කෲසරේටවත් යට උනාද? ලෙඩක් නම් බඩා මාමට දීලා හදානිං. අපරාදෙනේ බං අල්ලට දෙන්නේ.

    Kale hari ban ekak ganna. Dan sahena kal pawichchi kala. :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කන්ටැක්ට් ක්ලීනර් + ඉතිපිසෝ ගාථාව. :lol::lol::lol::lol:හපෝයි ලැප.:rofl:



    Malli mama wada dekak kala...

    1. Ara self latching circuit eka e bay eken gennuwa. Rupiyal 300k wath une na. Wade piliwelai lassanai. Ubata pin

    2. Delay circuit dekak genawa. Ekak wadeta gaththa. Anith eka gettuwe bell ekata damma. Dan eka thathpara thunak obagena hitiyoth witharai wadinne. Danna un danagaththahama athi. Salles karayange mala wade iwarai. Ahawal wade wath paduwe karaganna ba gattuwe bell eka ekka...Ubalath dapalla:P:P
     
    Status
    Not open for further replies.