එක්කෙනෙක් අහලා තිබ්බ....''බලපන් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ එවුන් ෆන් ගන්න හැටි. උන් ෆුල් ආතල් එකේ නේ ඉන්නේ. මමත් ආසයි ඕස්ට්‍රේලියා යන්න කොහොමද බං ඔසී යන්නේ'' කියලා. එයාට එහෙම හිතිලා තියෙන්නේ පහුගිය දා පැවති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා මැච් එක බලන්න ඇවිත් හිටපු ශ්‍රී ලංකීක තරුණ තරුණියන්ගේ හැසිරීම දැකලා. නමුත් ඒ එයා දැක්ක ටික විතරයි. ඔය ලංකාවේ අය ෆන් එකක් ගන්නේ ලංකාවේ අය එකට එකතුවෙන ඔය වගේ එහෙමත් දවසක එක මොහොතක විතරයි. අනිත් හැමදවසේම ෆුල් කට්ටක් උන් එහෙ කනවා පුති... උන් එහෙ කන කට්ට දන්නවා නම් කොල්ලෝ උඹ ඔහොම කියන්නේ නැහැ. ඒ අය ඇතැම්විට ජීවත්වෙන්න කකුස්සිත් හෝදනවා. ස්ටුඩන්ට් විසා කියන්නේ කටු ගොඩක්. කොහොමෙන් හරි කට්ට කාලා ඩිග්‍රිය ගොඩදාගෙන පි. ආර් ගත්තම ඔන්න ටිකක් හොදයි. එත් ඉතින් ජීවත්වෙන්න විතරක් ඇති. ඉතුරුවක් නැහැ. ඒ රටවල බඩුගණන් ඊළඟට රජයට සෑහෙන වශයෙන් බදු ගෙවන්න ඕනේ. ඒ නිසා සල්ලි හම්බ කරගෙන තියාගන්න බැහැ සමහරු රස්සා දෙකක් කරනවා ජීවත්වෙන්න. මම දන්නා පවුලක් ඉන්නවා එයාගේ දරුවා තමන්ගේ පවුල සමග ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන්නේ. ලංකවේ අම්මලාට තමන්ගේ දරු මිනිපිරියන් බලන්න ආසාවට මෙහෙන් ටිකක් ඒ අයට යවල ලංකාවට ගෙන්වගන්නවා. නැතිනම් ඒ අයට මෙහෙ එන්න හැකියාවක් නැහැ. ඕක තමයි ඇත්ත තත්වේ.
හොද මට්ටමක ආදායමක් හදාගන්න පුලුවන්නම් මේ රට තමයි ජීවත්වෙන්න හොදම. බටහිර රටවල ජීවිතය ඔය කියන තරම්ම සුන්දර නැහැ. ලෝකයේ
ජීවත්වෙන්න හොදම රටවල් කියන ස්කෑනින්ඩියානු රටවල මිනිසුන් මට ලංකාවේදී හමුවෙනවා. ඒ අය එකහෙලා කියන්නේ ඒ අයගේ රටවලටත් වඩා ශ්‍රී ලංකා ජීවත්වෙන්න හොද බවයි. ඒ අයටත් තමන්ගේ රටවලදී මුහුණ දෙන්න සිදුවෙන ප්රශ්නය වෙන්නේ අධික බඩු මිල සහ රජයේ බදු අය කිරීම. යුරෝපයට යාමට විමසන ශ්‍රී ලංකීකයන්ට ඔවුන් දෙන පණිවිඩයත් ශ්‍රී ලංකාව යුරෝපයට වඩා හොද බවත් මෙරට ප්‍රමාණවත් තරම් අදායම් ඉපයිය හැකි අවස්ථා ඇති බවත් ඒවා අදුනාගත යුතු බවයි.
තමන්ගේ ආදරනීයන්ගෙන් වෙන් වී නොරටුන්ගේ රටක තමන්ගේ රට ඇති තත්වයක් නොමැතිව ජීවත්වෙනවට වඩා
-විධිමත් අධ්‍යාපනයකින් වුර්තිය සුදුසුකමක් ලබාගෙන ඉහල ශ්‍රේණියේ රැකියවක් කොට යහපත් ජීවන මට්ටමක් ලඟා කරගන්න පුළුවන්.
-විදේශ බාෂා කීපයක් ඉගෙනගැනීමෙන් එම හැකියාවෙන් මෙරට තුල ඉහල ආදායමක් ලැබිය හැක.
-වෙළඳපොලේ ඉල්ලුම සැපයුම නිරීක්ෂණය කොට නව ව්‍යාපාරික අවස්ථා හදුනාගෙන ඉහල ආදායමක් ඉපැයිය හැක.
-අන්තර්ජාලය ආශ්රිත විවිධ ආයෝජන අවස්ථා දැන් ඇතිවෙමින් පවතිනවා.
-විධිමත් අධ්‍යනයකින් පසුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ගනුදෙනු කොට ලාභ ඉපැයීය හැකියි. ( Forex, Binary option )
-අන්තර්ජාලයේ නිදහස් වුර්තිකයෙක් ලෙස කටයුතු කල හැක. ( Fiverr. PeoplePerHour etc...)
මේ ආකාරයේ තවත් බොහෝ අවස්ථා ඇත....
මට හිතෙන විදිහට නම් යමෙක්ට ඉඩම් විකුණලා සල්ලිත් වියදම් කරලා ලොකු දුකකුත් විඳගෙන පිට රට දිවිගෙවනවට වඩා, ඉලක්කයක් තියෙනවා නම්, ටිකක් ස්මාර්ට් විදිහට හිතන්න පුලුවන්නම් අපේ රටේ ඊට වඩා යහපත් ජීවන මට්ටමකට ලඟා වෙන්න බැරි කමක් නැහැ.
බුකියේ පුබුදු ශිරාන්ගෙන් උපුටා ගන්නා ලදී.