සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජිංතක ජිල්ලබකිට;21251809 said:
    නලින් සමඟ කොතරම් මතවාදී ගැටුම් තිබුනද, ඔහු මෙරට අධ්‍යාපනය විසින් බිහිකල අග්‍රගන්‍ය බුද්ධිමතෙක් බව මට පිලිගැනීමට සිදුවේ. නලින්ගේ ආචාර්‍ය උපාදි නිබන්ධනයට ඉදිරිපත් කල ගුරුත්වජ කාච පිලිබඳ භෞතික විද්‍යා සිද්ධාන්තය 1984 දී ඇමරිකානු කන්ඩායමක් විසින් ඔප්පු කර පෙන්වනු ලැබීය. නලින් 1987-1990 කාලයේ අන්තරය සම්ඟ එකඟ වුනත් වයසින් මුහුකුරා යාමත් සමඟ අන්තරය තමන් පාවිච්චි කරන බව තේරුම් ගත්තේය. සයිටම් සම්බන්දයෙන් ඔහුගේ ස්තාවරය ඉතාම ප්‍රගතිශීලි එකක් වන්නේ යම් යම් කාරනා සම්බන්දයෙන් සහ විශේෂයෙන් අද්‍යාපන තලයේ කරුනු කාරනා සම්බන්දයෙන් ඔහුගේ ව්‍යක්ත බව ගැන විවාදයක් නැති බැවිනි.


    දරුවෝ රට යැව්වනේ... ඉතින් අදහස් වෙනස් උනා... නරකක් දකින්නේ නෑ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දරුවෝ රට යැව්වනේ... ඉතින් අදහස් වෙනස් උනා... නරකක් දකින්නේ නෑ

    හැමදාම ජේ වී පී කාරයෝ විදියට කවුරුවත් ඉන්නෙ නෑ. වයස එක්ක මුහුකුරා යද්දී තේරෙනවා "නිදහස් අද්‍යාපනය" කියන්නේ තවත් කෙනෙක්ට අද්‍යාපනය ලැබීමට තියෙන අයිතිය බලෙන් නවත්වන එක නෙවෙයි කියලා.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Pattata wisthara karala tiyanawa :yes::yes:
    ඔව් මචන්, එක එකාගේ දේශපාලන දෘෂ්ටි කෝණ වලින් නැතුව සයිටම් ගැන මං කියවපු හොදම ලිපි ටික...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජිංතක ජිල්ලබකිට;21251856 said:

    හැමදාම ජේ වී පී කාරයෝ විදියට කවුරුවත් ඉන්නෙ නෑ. වයස එක්ක මුහුකුරා යද්දී තේරෙනවා "නිදහස් අද්‍යාපනය" කියන්නේ තවත් කෙනෙක්ට අද්‍යාපනය ලැබීමට තියෙන අයිතිය බලෙන් නවත්වන එක නෙවෙයි කියලා.
    එකග වෙමි... එක්කෝ උබේ account එක හැක් කරලා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සයිටම් විසඳුම්

    මේ ලිපියේ මුල් කොටස අධ්‍යාපනයේ නිදහස නමින් පළවූවා. සම්පූර්ණ ලිපිය අද දින (26) ඉරිදා රිවිර පත්‍රයෙහි පළවෙනවා. මෙහි ඇති විසඳුම් ක්‍රියාත්මක කරාවිය තියා ඒ ගැන සාකච්ඡා කරාවිය කියාවත් මා හිතන්නේ නැහැ. මේ විසඳුම් සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ නැහැ. මේ ලිපිවලින් එතරම් වැඩක් නොවන බවත් පැහැදිලියි. මා මේ විසඳුම් එක් බටහිර වෛද්‍යවරයකුට ඉදිරිපත් කළා. ඔහු සමහරවිට ඒ අදහස් ඔහුගේ අදහස් ලෙස ඉදිරිපත් කළා ද දන්නේ නැහැ. ඔහු මගේ නමක් සඳහන් කරන්න කැමති නැති බව මා දන්නවා. ඒ පිළිබඳ මට අත්දැකීම් ද තිබෙනවා. කොහොමටත් දේශපාලනඥයන් ප්‍රශ්න විසඳීමට සූදානමක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. දේශපාලනඥයන් වීමට බලාපොරොත්තුවන ඊනියා උගතුන්ටත් අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. සම්පූර්ණ ලිපිය කියවීම කාලය නාස්ත කිරීමක් නම් අවසාන ඡෙද කිහිපය පමණක් කියවන්න.

    "අද සයිටම් සම්බන්ධයෙන් ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතාව ගෙන යන්නේ අන්තරේ ශිෂ්‍යයන් පමණකි. වෛද්‍ය සභාවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද වෛද්‍ය පීඨවලට ද ඇති ප්‍රශ්නය සයිටම් ප්‍රමිතිය පිළිබඳ ව වෙයි. මෙහි දී අප කැමති වුවත් නැතත් අපට කටයුතු කිරීමට සිදුවන්නේ පවත්නාන නීතිය යටතේ ය. පවත්නා නීති හා අදාළ රෙගුලාසිවලට අකමැති නම් ඒ වෙනස් කිරීමට ආණ්ඩුව සමග සාකච්ඡා කළ යුතු ය. එහෙත් දැනට අප අධිකරණ තීන්දු පිළිගත යුතු ය. එයට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තරයට යෑම දෙමළ ජාතිවාදීන්ට කරන උපකාරයකි."

    සයිටම් උපාධිධාරිණියගේ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දී ඇති තීන්දුව ඉතා පැහැදිලි ය. අප කොහොමටත් දැන සිටි කරුණු ද ඉන් තහවුරු වෙයි. තීන්දුවෙන් කියැවෙන කරුණු අතර පහත සඳහන් දේ ද වෙයි. උපාධි ප්‍රදානය කරන ආයතනයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ ඇමතිට පමණකි. එය විශ්වවිද්‍යාල පනතේ 25 අ වගන්තියෙන් කියැවෙයි. එහෙත් ඔහුට එසේ කළ හැක්කේ 70 ඇ වගන්තියට යටත්ව පමණය. එහි දී නිර්දිෂ්ට බලධාරියාගෙන් ආයතනයේ පහසුකම් ආදිය පිළිබඳ වාර්තා ලබාගැනීම අනිවාර්ය වෙයි. සයිටම් මේ අවශ්‍යතා සපුරා ඇත. මෙහි දී බලධාරියා (එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික කාලෝ ෆොන්සේකා ද සිටි) කමිටුවලින් වාර්තා ලබාගෙන ඒ අනුව ක්‍රියා කර ඇත. එවකට උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායක ය. විශ්වවිද්‍යාල පනත යටතේ ඇති 31 වැනි රෙගුලාසිය අනුව සයිටම් වෛද්‍ය සභාවෙන් අනුකුලතා සහතිකයක් බලධාරියාට ලබාදිය යුතු මුත් 32 වැනි රෙගුලාසිය යටතේ බලධාරියා එය ලබා ගත යුත්තේ උසස් අධ්‍යාපන ඇමතිගේ අධීක්‍ෂණය හා පාලනය යටතේ ය. අපට මේ වගන්ති හා රෙගුලාසි මග හැරිය නො හැකි ය. සයිටම් නීති ප්‍රකාර ව උපාධි ප්‍රදානය කරන ආයතනයක් බව 2011 හා 2013 නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකකින් උසස් අධ්‍යාපන ඇමති නීත්‍යානුකුලව පිළිගෙන ඇත.

    වෛද්‍ය ආඥාපනත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඇත්තේ ඒ ඒ වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා ලියා පදිංචි කිරීම ය. යාවකාලීන ලියාපදිංචිය ආඥාපනතේ 29 වැනි වගන්තිය යටතේ ද ස්ථිර ලියපදිංචිය 32 වැනි වගන්තියට යටතේ ද සිදුවෙයි. පෙත්සම්කාරියට අවශ්‍ය වී ඇත්තේ යාවකාලීන ලියාපදිංචිය ය. ඇය 29 වැනි වගන්තිය යටතේ වූ අවශ්‍යතා සම්පූර්ණ කර ඇත. ඇගේ ලියාපදිංචිය ප්‍රතික්‍ෂෙප කිරීමට වෛද්‍ය සභාවට නොහැකි ය. වෛද්‍ය සභාව ඇගේ ලියාපදිංචිය ප්‍රතික්‍ෂෙප කිරීමෙන් නීතිය ඉක්මවා ක්‍රියා කර ඇති බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

    අද බටහිර වෛද්‍යවරුන් අතර බොහෝ කතාබහට ලක්වී ඇත්තේ වෛද්‍ය ආඥාපනතේ 19 අ වගන්තිය යටතේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන වාර්තා කිරීමට පත් කළ රිස්වි ෂෙරීෆ් කමිටූව ය. වාර්තාව මත පදනම් වී වෛද්‍ය සභාව නිර්දේශිත ප්‍රමීතීන්ට අනුව සයිටම් සුදුසුකම් වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි කිරීම සඳහා පිළිගත නොහැකි බව සෞඛ්‍ය ඇමතිට නිර්දේශ කර ඇත. වෛද්‍ය සභාවේ කටයුතු එතැනින් නිම වන බවත් ඉන් එහාට ගොස් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂෙප කිරීමට නොහැකි බවත් අධිකරණය තීන්දු කර ඇත. සයිටම් සුදුසුකම් ලියාපදිංචිය සඳහා ප්‍රමාණවත් නැති බව තීරණය කළ හැක්කේ සෞඛ්‍ය ඇමතිවරයාට පමණ ය. ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂෙප කිරීමෙන් වෛද්‍ය සභාව නීතිය ඉක්මවා ක්‍රියා කර ඇත. අනෙක් අතට නිර්දේශිත ප්‍රමිතීන් යනුවෙන් නීතියෙන් පිළිගත හැකි ප්‍රමිතීන් නැති බව අධිකරණය නිරීක්‍ෂණය කරයි. නීතිය අර්්ථ නිරුපණය කරන්නේ වෛද්‍ය සභාව නොව අධිකරණයයි.

    ෂෙරීෆ් කමිටු වාර්තාව ගැන ම අධිකරණය පවසන්නේ කමිටුවේ නිරීක්‍ෂණ හා නිර්දේශය අතර සම්බන්ධයක් නැති බව ය. නිරීක්‍ෂණ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඒ වැඩි කිරීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා ලබා දිය යුතු සායනික පහසුකම්, ප්‍රජා සෞඛ්‍ය පහසුකම් ආදිය එහි සඳහන් වෙයි. එසේ වැඩි කිරීමක් ගැන සඳහන් කර සයිටම් සුදුසුකම් ලියාපදිංචිය සඳහා පිළිගත නොහැකි බවට නිර්දේශ කිරීම ප්‍රශ්නයක් වන බව අධිකරණයේ මතයයි. එවැනි මතයක් ප්‍රකාශ කිරීමට වෛද්‍ය විද්‍යාව පිලිබඳ දැනුමක් අවශ්‍ය නො වේ. අධිකරණය තවදුරටත පවසන්නේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සුදුසුකම් ලියාපදිංචිය සඳහා පිළිගත හැකි බව ෂෙරීෆ් මහතා ද ඇතුළත් පරීක්‍ෂක කමිටුවකින් ඡෙද දෙකකින් පමණක් නිර්දේශ කෙරී ඇත්තේ අදාළ රෝහළ තනා නිම කිරීමටත් පෙර බව ය. අධිකරණය සයිටම් හා කොතලාවල සම්බන්ධයෙන් වූ නිර්දේශවල දෙබිඩි බව ගැන සඳහන් කරයි.

    කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය සභාවේ නිර්දේශය ලැබීමෙන් පසු අදාළ නිර්දේශය සයිටම් වෙත ඉදිරිපත් කර ඇති අතර එයට ආයතනය ලබා දුන් පිළිතුර අනුව සෑහීමකට පත් වී ඇති බව පෙනී යයි. දැන් කළ යුත්තේ කුමක් ද? සයිටම් අහෝසි කිරීම ද?

    මේ සම්බන්ධයෙන් මට වෙනත් කිසිවකුට නැති අත්දැකීමක් වෙයි. ශිෂ්‍ය ප්‍රශ්න විසඳීම සඳහා උපදෙස් ලබා ගැනීමට ජනාධිපති ප්‍රේමදාස 1989 අප්‍රේල් මස මා කැඳවූ අවස්ථාවේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ද සාකච්ඡා විණි. ඒ වන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය කණ්ඩායම් අටක් බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දීමට කටයුතු සකස් කෙරී තිබුණි. එකී විද්‍යාලයට රෝහලක් පවා නො තිබිණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වූයේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, ජනසතු කිරීම ආදිය ය. මා ජනාධිපති ප්‍රේමදාසට කියා සිටියේ කණ්ඩායම් අටක අනාගතය ගැන ද සලකා බැලිය යුතු බව ය. මගේ නිර්දේශ වූයේ ඒ කණ්ඩායම් අටට ඇක්ට් 16 පරීක්‍ෂණයට පෙනී සිටීම, රජයේ සේවයේ පත්වීම් සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ට හා ශිෂ්‍යත්ව මත පිටරට ගොස් උපාධි ලත් අයට පසුව පමණක් සැලකීම, කුසලතා ලැයිස්තුවේ පහළම ස්ථාන හිමිකිරීම යන කොන්දේසි යටතේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබා දීමත්, ඉන් පසුව ඇතුළු වන සිසුන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගැනීමට හැකි වන අයුරින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමත් ය. ඒ සමග විශ්වවිද්‍යාල වසා තිබූ සමයේ ඇතුල්වීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් එකවර කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමටත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වැටුප්් වැඩිකිරීමටත් වැඩිපුර උපකරණ හා පහසුකම් සඳහා ප්‍රතිපාදන සැපයීමටත්, සිසුන් අත්අඩංගුවට ගැනීමේ දී හා නිදහස් කිරීමේ දී ඇමතිවරයා හා උපකුලපතිවරුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමත් ඇතුළු කරුණු කිහිපයකට ප්‍රේමදාස මහතා එකඟ විය මගේ යෝජනා ඇලපිල්ලක පාපිල්ලක වෙනසක් නැතිව ක්‍රියාත්මක විය.

    සයිටම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට වඩා වෙනස් ය. සයිටම්් ලබා දෙන්නේ ඔවුන්ගේ ම උපාධිය ය.. එය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස නීතියෙන් අනුමත වී ඇත. ඔවුන්ට ඔවුන්ගේ ම රෝහලක් තිබේ. සයිටම් උපාධිධාරීන්ගේ සායනික පුහුණුව ගැන ප්‍රශ්න ඇත්තේ ප්‍රධාන වශයෙන් ම රෝහලේ රෝගීන් ප්‍රමාණවත් නොවීම ගැන ය. සිසුන්ට අවිස්සාවේල්ල රෝහලේ යම් සායනික පුහුණුවක් ලැබුණත් ඔවුන් කඩුවෙල මහනගර සභාවේ ප්‍රජා සෞඛ්‍ය කටයුතුවලට සහභාගි වුනත් ඒ ප්‍රමාණවත් නොවන බව මගේ වැටහීමයි. එය නිගමනයක් නො වෙයි. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගීන් වැඩි කිරීමට පියවර ගත යුතු ය. රෝහල රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා යුතු ය. එහි දී රජයට පවරාගන්නා කොටස සාකච්ඡා මගින් විසඳාගත යුතු ය. එයට අමතර ව සෞඛ්‍ය ඇමතිවරයා රිස්වි ෂෙරීෆ් කමිටු වාර්තාවේ නිරීක්‍ෂණ පරිදි සයිටම්හි සායනික ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ හා සයිටම් ආචාර්යවරුන්ගේ කමිටුවක් පත් කළ යුතු ය. මේ උපාධිධාරීන්ට ඊආර්පීඑම් පරීක්‍ෂණයට පෙනී සිටිමට හැකි වන අයුරින් වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම අවශ්‍ය වෙයි. එමෙන් ම ඔවුන් පොදු බහුවරණ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමෙන් පසුව කුසලතා ලැයිස්තුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ට පහළින් පිහිටුවිය යුතු ය. තව ද මේ උපාධිධාරීන්ගේ සේවාවාසික පුහුණුව පත්වීම් තුනකට හෝ හතරකට හෝ දික් කළ යුතු ය. සේවාවාසික පුහුණුව සියළු උපාධිාරීන්ට එක ම අයුරින් ලබා දීම අවශ්‍ය නො වේ. රජයේ විශ්වවිද්‍යාලවලට දැන් පවත්වාගෙන යන පරිදි අවුරුද්දක පුහුණුවක් ද සයිටම් හා පිටරට උපාධිධාරීන්ට වෛද්‍ය සභාව තීරණය කරන පරිදි වසර එකක, එකහමාරක හෝ දෙකක හෝ පුහුණුවක් ලබා දිය හැකි ය. ඒ කාල සීමා අවුරුදු පහකට වරක් සමාලෝචනය කළ යුතු ය. දැනට දිය යුත්තේ යාවකාලීන ලියාපදිංචිය පමණක් බව පැහැදිලි ය. සේවාවාසික පුහුණුවෙන් පසු ස්ථිර ලියාපදිංචිය දිය යුතු ය.

    මින් මතු බඳවා ගන්නා සයිටම් සිසුන් වත්මනේ පරිදි ම විෂය තුනකින් උසස් පෙළ පරීක්‍ෂණය සමත්විය යුතු අතර ඒ වසරේ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට බඳවා ගැනීමේ දී සියලුම දිස්ත්‍රික්ක ගත්කල ලැබෙන අවම ඉසෙඩ් අගය හෝ වැඩි අගයක් හෝ ලබාගැනීම අනිවාර්ය කළ යුතු ය. එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යයකි. අද දිස්ත්‍රික් වෙන් කිරීමේ (කෝටා) ක්‍රමය ඉතාමත් දුෂිත ආකාරයකින් ක්‍රියාත්මක වෙයි. එබැවින් රජයේ විශ්වවිද්‍යාලවලට කුසලතා පදනම මත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10%කින් වැඩි කිරීමට ද යෝජනා කරමි.”

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    https://www1.kalaya.org
    නලින් ද සිල්වා
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Nalin is a academic of first class, pulished in the best of the best journals in the world and a world renowned Astrophysicist!
    Has Sri Lankan Medical education produced a such a figure? No. Not even close.
    I Think everybody must respect his vision.
    :P:P
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Dr. Nalin Silva has not understood the importance of rights of the patients to be treated by competent doctors. If not what guarantee is there that patents would be treated by professionals who are competent. Any professional body would be concerned with reputation and standard of their body. So the issue is the standards of the products from this private university, the SLMC had applied their standards , but the Minister had not gazetted the regulations(rather some regulations were gazetted and repealed so no regualtion!) When there is no regulaiton issued by the Minister is is wrong to follow standards set by SLMC? This is the issue, Are we allowing any body without any standards ?
    Over to you Dr. Nalin Silva. How can this not be an issue to poor people as well as to rich people as everybody fall sick and want to be treated by proper doctor.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Dr. Nalin Silva has not understood the importance of rights of the patients to be treated by competent doctors. If not what guarantee is there that patents would be treated by professionals who are competent. Any professional body would be concerned with reputation and standard of their body. So the issue is the standards of the products from this private university, the SLMC had applied their standards , but the Minister had not gazetted the regulations(rather some regulations were gazetted and repealed so no regualtion!) When there is no regulaiton issued by the Minister is is wrong to follow standards set by SLMC? This is the issue, Are we allowing any body without any standards ?
    Over to you Dr. Nalin Silva. How can this not be an issue to poor people as well as to rich people as everybody fall sick and want to be treated by proper doctor.

    Machan, NDS has always maintained that western medicine is just a tool that we should use when we need it and discard when we don't. He has mentioned this in many, many places.

    With all due respect to this great man, this is not so. If a person traveling on a road meet with an accident, he'll be taken to the nearest Gov. hospital where he'll be treated (“managed” to be accurate. He hates this word) by western doctors. There’s no way you can avoid this at will. Even if you attach yourself a bracelet saying “Please take me to an Aruvedic Hospital”, it just won’t work.



    As long as NDS is armed with this BS theory, anything coming out of his mouth regarding these topics tends to just that; BS.


    Consequently, he just doesn’t care about the patient’s right to be treated by a competent doctor. It means nothing to him.


    Think about it this way, a Saitam graduate with his ill-gotten provisional registration is on call in a surgical unit. You know the unit and the day he’s doing on-call. Can you avoid being treated by him at will? Maybe.

    What about the others in your family? What about your friends, relations etc.? Can all of them avoid this one doctor? Who can say?
    Now, think about 100 such doctors.
    Then think about 100 of them doing this for 1 year/2 years (NDS’ solution).
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රෝගීන්ගේ වම් අත වෙනුවට දකුණු අත කපා දමා කිසි දෙයක් නොවුනා සේ පසු දිනයේත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ පමණි. ඒ රජයේ වෛද්‍ය පීඨ උපාධිධාරීන්ගේ ඉහළ ප්‍රමිතියයි.

    :rofl::rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු

    අද රටේ ප්‍රශ්න බොහොමයකට විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් කිරීමයි. මොන ක්‍රමයකින් හරි සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඔහු බැඳී සිටිනවා. ජනමත විචාරණයක් පවත්වා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඔහු පමණක් නොව සුමන්තිරන් හා සම්බන්ධන් ද ක්‍රියා කරනවා. ජනමත විචාරණය තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ගන්න ආණ්ඩුවට බලාපොරොත්තුවක් ඇති. ඒ සඳහා ඔවුන් දැනටමත් සූදානම් වෙනවා. අද අපට තිබෙන ප්‍රධාන කාර්යය මේ ජනමත විචාරණය පැරදවීමට සූදානම් වීම මිස මීළඟ පළාත් පාලන මැතිවරණය මහා මැතිවරණය හා ජනාධිපතිවරණය ගැන ඇඟිලි ගණන් කිරීම නො වෙයි.

    මා මෙයින් අදහස් කරන්නේ ඒ මැතිවරණ හා ජනාධිපතිවරණය නොවැදගත් බව නො වෙයි. බොහෝ විට ජනමත විචාරණය ඒ කිසිම මැතිවරණයකට කලින් පැවැත්වෙන්න පුළුවන්. මෛත්‍රිපාල සෝභිත හිමියන්ගේ දේහය අසළ දී කුමක් කිවුවත් කුමක් පොරොන්දු වුවත් ඉන් අපට වැඩක් නැහැ. මේ රටේ මිනිසුන් මෛත්‍රිපාලට ඡන්දය දුන්නේ ඔහු ජනාධිපතිවරණයට කලින් දුන් පොරොන්දු මත පදනම් වෙමින් මිස සෝභිත හිමියන්ගේ දේහය අසළ කී දේ අනුව නො වෙයි. මෛත්‍රිපාලට ඡන්දය දුන් සියලු දෙනා ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය කියෙවුවා කියා මා කියන්නේ නැහැ. එහෙත් මෛත්‍රිපාලටත් ඔහුට ඡන්දය දුන් නොදුන් සියල්ලන්ටත් පදනම් වීමට ඇත්තේ ඔහු ජනාධිපතිවරණයට පෙර කී ප්‍රකාශ පමණයි. රනිල් කියා ඇති දේ මෙහි දී වලංගු වන්නේ නැහැ. රාජිත කියා ඇති දේ කොහොමටවත් වලංගු වන්නේ නැහැ.

    අද මෛත්‍රිපාල කළ යුත්තේ තමා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි ජනමත විචාරණයකට තුඩු නොදෙන පරිදි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම හෝ පමණයි. එපමණකින් ඒකාබද්ධ විපක්‍ෂය එයට සහාය දිය යුතු නැහැ. අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ඔහුට තම ස්ථාවරය අනුව ක්‍රියා කිරීමට හැකි විය යුතුයි. ඔහු එසේ කළහොත් තවත් තර්ජනයක් මතු වීමට ඉඩ තිබෙනවා. රනිල් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකර ව්‍යවස්ථා මණ්ඩලයේ දී ම සම්මත කර ගැනීමට ක්‍රියා කරාවි. ඔහු එහි දී බණ්ඩාරනායක මැතිණිය 1972 ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ඒ අයුරෙන් යැයි පවසා තමන් බණ්ඩාරනායක මහත්මිය අනුගමනය කරන බව කීමට ඉඩ තිබෙනවා.

    අප ලිපි කිහිපයකින් ම පෙන්වා දී ඇත්තේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වූ නිදහස් පනතින් කැඩීමට ගත් එකක් බවත් 1978 ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාව මත පදනම් වී සම්මත කර ගත් එකක් බවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය 1978 ව්‍යවස්ථාව මත පදනම් ව කළ යුතු බවත්. ඒකාබද්ධ විපක්‍ෂය මේ නව ව්‍යවස්ථා සම්පාදනයට කිසිසේත්් ම හවුල් නොවිය යුතුව තිබුණා. එකී මණ්ඩලයේ ඊනියා මෙහෙයුම් කමිටුවේ අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වීම අපේ ප්‍රසාදයට ලක් වුවත් ඔවුන් තවමත් ඊනියා මෙහෙයුම් කමිටුවේ රැඳී සිටිනවා. ඒකාබද්ධ විපක්‍ෂය මේ සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි. එසේ නොකළහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ වීමෙන් කරන ලද දිට්ඨ ධම්ම වේදනීය පාපයටත් වඩා භයානක පාපයක් කරනවා.

    අප ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ කෙසේ දැයි දැන් තියා කල්පනා කිරීම තේරුමක් නැති වැඩක්. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිකම කෙසේ තිබේ ද කියාවත් අප දන්නේ නැහැ. අද බොහෝ දෙනා සිතන්නේ මහින්දට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා අප වෙනත් අයකු සූදානම් කළ යුතු ය කියායි. මෙය ගඟ හත්ගවුවක් තියා අමුඩ ගැසීමක් නොව ගඟක් තිබෙනවා ද කියාවත් නොදැන අමුඩ ගැසීමක්. මේ අප භේද කිරීමට අටවන උගුල් පමණයි. අප ඒ උගුල්වලට හසු වී භේද භින්න විය යුතු නැහැ.

    මේ රටේ අද ආණ්ඩු විරෝධී ඡන්ද තිබෙන්නේ මහින්දට. මහින්දගේ ආශිර්වාදය නැතිව අද පළාත් සභා මැතිවරණයකටවත් විපක්‍ෂයෙන් ඉදිරිපත් වෙන්න බැහැ. මා සඳහන් කරන්නේ ජ වි පෙ, දෙමළ ජාතික සංධානය වැනි ආණ්ඩුව් විපක්‍ෂ ගැන නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අය මේ ගැන සිතා බැලිය යුතුයි. අද ඇති ප්‍රධාන කාර්යය රාජ්‍ය විරෝධී ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීමයි. වචන හරඹවලින් ජනතා පරමාධිපත්‍යය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා කරාවි. එයට කසිකබල් මාක්ස්වාදීන්ගේ මෙන් ම දෙමළ ජාතිවාදීන්ගේ ද සහාය ලැබේවි.

    රණවිරුවන් ආරක්‍ෂා කර ගැනීමේ දී මෙන් ම පොදුවේ රට ආරක්‍ෂා කර ගැනීමේ දී ද අනිවාර්ය අවශ්‍යතාව වනුයේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. මෛත්‍රිපාලට එය කරන්න නීතියෙන්, ව්‍යවස්ථාවෙන් ඉඩකඩ තිබෙනවා. එහෙත් ඔහුට ඒ සඳහා දේශපාලන ශක්තිය තිබෙනවා ද යන්න ප්‍රශ්නයක්. රනිල් ඉවත් කිරීමට අද ඇති වඩා විශ්වාසනීය හා ඉඩක් ඇති ක්‍රියා මාර්ගය නව ව්‍යවස්ථාව හෝ රාජ්‍ය විරෝධී සිංහල විරෝධී ව්‍යවස්ථා සංශෝධන හෝ සම්මත කර ගැනීමට ඔහුට ඉඩ නො දීමයි. ව්‍යවස්ථාව රනිල් ඉවත් කිරීමේ ආයුධයක් බවට පත් කර ගනිමු. ඉන් පසු මහින්ද අගමැති කර ඔහුට තුනෙන් දෙකේ බලයක් දී අපට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට මග පාදා ගනිමු. ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ රනිල්ට හා බටහිරයන්ට අවශ්‍ය අන්දමට නොව අපට අවශ්‍ය අන්දමටයි.

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    https://www1.kalaya.org

    නලින් ද සිල්වා

    2017 මාර්තු 21