Singapore

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    universal studio ekata wenama neda tickets? ehema nettam one day package ekakath ekka bundle karanna ona? full package eka 99USD mathaka vidiyata. eth water park eka neh. ekatath wenama 50USD da koheda denna ona. kohomath okkoma 150USD wenawa neda ekkenekta?:shocked:

    Universal Studio ekatama 1 day yanawa machan
    all rides unlimited ne
    Water park ekata separate day ekak daganna.. padu na.. patta..
    ara kalin thread ekaka kollek dala tibuna
    Lucky plaza eke CEBU kiyana spot eken ticket ganna senthosa walata labai eka api gatte etanin.
    (Lucky plaza eke chocholates ehema labai musthafa ekata wada)
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Universal Studio ekatama 1 day yanawa machan
    all rides unlimited ne
    Water park ekata separate day ekak daganna.. padu na.. patta..
    ara kalin thread ekaka kollek dala tibuna
    Lucky plaza eke CEBU kiyana spot eken ticket ganna senthosa walata labai eka api gatte etanin.
    (Lucky plaza eke chocholates ehema labai musthafa ekata wada)
    kochchara laba wenawada machan. mama balapu vidiyata

    2-DAY FUN PASS - 99$ + Adventure Cove Water Park - 27$ = 120USD

    wage wenawa.

    ubala newathuna thena name eka mokakda? ubata hodatama sure the dawas 5ta 50$ giye kiyala?:shocked:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo

    Api giye 2-day premium pass kiyala ekaka. Activity 4yi free meal ekakui tibbe. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Singapore - Day 5

    සිංගප්පූරුවට සමු දෙන දවසට කලින් දිනය උදා වුනා. අපේ සංචාරයේ දවසක් දිගු කර ගත්තට අපිට හෝටලයෙන් පිටත් වෙන්න තිබුනේ මේ දවසේ නිසා දවසේ ඉතුරු ටික ගත කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපිට ඇති වුනා. හෝටලයෙන් පිට වෙන්න තිබුනේ දහවල් 12ට වගේ නිසා අපි අපේ බෑග් මළු වේලාසනම ලැහැස්ති කරගෙන කාමර වලින් එළියට ගත්තා. හෝටල් කාර්‍ය මණ්ඩලයේ අයෙකුට අපේ විස්තරය කී පසු අපිට අපේ ගමන් මළු රඳවා තබන්නට කුඩා කාමරයක් පෙන්වා දුන්නා. එතනට මළු ටික පැටෙව්වට පස්සේ ඒ කාමරය අගුළු දමල වැහුවා අපි නැවත එනකන් ආරක්ශිතව තියන්න ඕන නිසා. මේ දේවල් ඉවර වෙලා හෝටලයෙන් එළියට බහිද්දි 12ට වගේ කිට්ටු වුනා.

    ඒ කරලා අපි ගියේ අන්තිම දවසෙ තවත් නොදැකපු දේවල් ටිකක් දැක බලා ගන්නයි. අන්තර්ජාලයෙන් හොයල බලල පහසුවෙන් යන්න පුළුවන් තැන් ටිකක් අපි තෝර ගත්තා. මුලින්ම අපි MRT එකෙන් Bugis වලට යන්න තීරණය කලා. ස්ටේශන් එකෙන් එළියට ආවම තියෙන්නේ වහළයක් තියෙන එළිමහන් කඩ සාප්පු පෙළක්. හොඳට ඉර එළිය වැටෙනවා වුනාට රස්නයක් දැනුනෙ නෑ. වායු සමීකරණය කරලා තිබුනා කියලයි මම හිතන්නේ. එතනත් කඩ සාප්පු වලින් පොඩි පොඩි දේවල් කීපයක් අපි ගත්තා. චොකලට් ටොෆි වගේ දේවලුත් තිබුනා.

    Bugis මංසන්ධියෙන් එළියට ආවම අවටින් දැක ගන්න ලැබුනු අමුතු හැඩයේ ගොඩනැගිලි.

    එතන පැයක් විතර කැරකුන අපි ඊළඟට එතනින් එළියට ඇවිත් බස් එකකට ගොඩ වුනා. බස් එකක යන අත්දැකීමකුත් ලබා ගන්න ඕනෙ නිසා.

    ලංකාවෙදි කලාතුරකින් දකින්න ලැබෙන ඩබල් ඩෙකර් බස් මෙහෙ සුලභ පොදු ප්‍රවාහන මාර්ගයක්. ඩබල් ඩෙකර් නොවෙන හැම බස් එකක් ම පාහේ ලංකාවේ highway වල යන සුපිරි අධි සුඛෝපභෝගී මාදිළියේ බස් රථයි. මේ හැම බස් එකක් ම වායු සමීකරණය කරල තියෙනවා විතරක් නෙවෙයි අපේ සුපුරුදු ට්‍රැවල් කාඩ් වලින් ම මේවයේ ගාස්තු ගෙවන්න පුළුවන්. ඩබල් ඩෙකර් එකකට ගොඩ වුනු අපි අවට බල බලා යන්නෙ කොහෙටද කියලා දන්නෙත් නැතුව ඉස්සරහට ගියා.

    යන ගමන් මාර්ගය දෙපැත්තේ දැකපු දේවල් ටිකක්.

    පොලිස් සංකීර්ණය

    ගමන අතර මගදි බස් එකෙන් බැහැ ගත්ත අපි ලඟම තිබුනු MRT ස්ටේශන් එකකින් නැවත වරක් Harbour Front වල්ට ගියේ, Vivo City එකේ තියෙන Golden Village එකේ නැවත වතාවක් චිත්‍රපටයක් බලන්න. කලින් දවසෙ චිත්‍රපටය බලන්න ගිය වෙලාවෙදි දැක ගන්නට ලැබුනා අළුත් horror ගණයේ නිර්මාණයක් එතන ආරම්භ වෙන බව. ඒ බවත් මතක තියාගෙනයි අපි එදා එතනට ආයෙ වතාවක් ගොඩ වෙන්න හිතුවේ. සුපුරුදු පරිදි කෑම බීම කෑවෙත් මෙතන තිබුණු KFC එකකින්. මේ KFC එකේ තියෙනව ලොකු rice bucket එකක්. මේක ඇත්තටම ලංකාවේ තියෙන chicken bucket එකට වඩා ටිකක් උස හොඳට බත් තියෙන කෑම එකක්. මසුත් හොඳට තියෙනවා. මේක කෑවම බඩ පිරෙනවා.

    කෑම කාලා අපි කෙළින්ම ගියේ අපේ සිනමා අත්දැකීම ලබා ගන්න Golden City සිනමා ශාලාවක. මෙදා අපි බැලුවේ Lights Out කියන horror චිත්‍රපටය. මේක තිබුනේ එතන තිබුනු 9 වෙනි ශාලාවේ.

    ඉතින් චිත්‍රපටය නරඹලා ඉවර වෙලා අපි ගියේ Fountain of Wealth බලන්න. මේක තිබුනේ Suntec City කියන සිංගප්පූරුවේ තියෙන විශාලම සාප්පු සංකීර්ණ තියෙන පැත්තක.

    14021713_10207006710229149_7447607547984044651_n.jpg

    14095761_10207006710869165_602218123325317790_n.jpg

    මේ තියෙන්නේ Suntec City වල තියෙන අහස උසට දිවෙන ගොඩනැගිලි. මේ වගේ 5ක් 6ක් ම තියෙනවා ඒ වටේට.

    මේක 1998 වසරෙදි ගිනස් වාර්තා පොතට ගියපු අති විශාල වතුර මලක්. ඒක ගිනස් වාර්තා පොතේ සඳහන් වෙන්නේ එවකට ලෝකයේ තුබුණු විශාලම වතුර මල හැටියටයි. ඇත්තෙන්ම මේක වතුර මලක් කියලා හැඳින්නුවොත් මදි පාඩුවක් වගේ. සිංගප්පූරු ජාතිකයන් විශ්වාස කරන පරිදි මේ වතුර මලේ වතුරට අතක් අල්ලගෙන තමන්ගේ ප්‍රාර්තනාවක් හිතේ තියාගෙන ඒ වටා වට 3ක් කැරකුණාම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන බවටත්, වාසනාව සෞභාග්‍යය උදා වෙන බවටත් විශ්වාසයක් තියෙනවා.

    14095900_10207006706069045_8163939125557723050_n.jpg

    14063971_10207006706549057_2346723678003753309_n.jpg

    14064055_10210323595463288_1262997764847513753_n.jpg

    ඔය මැද තියෙන වෘත්තාකාර වතුර මල වටේ තමයි අත දික් කරගෙන දකුනු පැත්තට මිනිස්සු කැරකෙන්නේ.

    හවස් කාලයෙදි මේ Fountain of Wealth වල ආලෝක සංදර්ශනයකුත් පැවැත්වෙනවා. ඒක නම් බලන්න වුනේ නෑ එතන ගත කරන්න තිබ්බ කාලය සීමා සහිත වුන නිසා. ඉන් පස්සෙ අපි එතන ඉඳන් Esplanade වලට ගමන් කලා. මේ ගමනෙදි තමයි සිංගප්පූරුවේ තියෙන ආකර්ශණීය ගොඩනැගිලි සියල්ලම පාහේ එකට බලා ගන්න අවස්ථාවක් ලැබුනේ. සිංගප්පූරු රංග ශාලාවත් දැක ගන්න ලැබුනා. මේක නම් වුනේ Theaters on the Bay ලෙසයි.

    14141733_10210323603703494_974532893854602445_n.jpg

    ඉතා උසස් මට්ටමේ ඉංජිනේරු ක්‍රමවේදයන් වලට අනුව අමුතුම ඇස් ඇද ගන්නා ගෘහ නිර්මාණ ශිල්පයක් භාවිතා කරලයි මේ හැම ගොඩනැගිල්ලක් ම පාහේ නිමවලා තියෙන්නේ. එකිනෙකින් එකිනෙකට වෙනස් ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒකෙන් සිංගප්පූරුවේ ලස්සනත් අනන්‍යතාව්ත් මැනවින් පිළිබිඹු වෙනවා.

    14040050_10207006718149347_916511999654167718_n.jpg

    14079622_10207006724149497_5725348006221929840_n.jpg

    13882341_10207006721789438_7800135131347225354_n.jpg

    හරියට දූරියං ගෙඩියක් වගේ තමයි දුරට පෙනුම.

    14045574_10207006771910691_1143427091469575918_n.jpg

    Esplanade වල ඇවිදපු ගමනෙදි දැක ගන්න ලැබුන ගොඩනැගිලි. කොන්ක්‍රීට් වනාන්තරයක් තමයි එක අතකට බලපුවාම. ඒත් මේ වගේ දර්ශනයක් දකින පළමු අවස්ථාව.

    14039890_10207006772750712_205770427923197757_n.jpg

    14051590_10210323605983551_8900237922212008712_n.jpg

    මෙහෙම දිගටම ගමන් ගත්තු අපි ඊලඟට ලඟා වුනේ සිංගප්පූරු Merlion ගාව. ඒකටත් Esplanade වල ඉඳන් පොඩි දුරක් පයින් යන්න ඕනේ ගමනක්. කලින් සෙන්තෝසා දිවයිනේ දැකපු Merlion ට වඩා මේක ප්‍රමාණයෙන් කුඩා එකක්. මේ පිළිමයේ කටින් ජල පහරක් පිට වෙනවා මුහුදට. මේකත් සිංගප්පූරුවේ තියෙන සංචාරක ආකර්ෂණය වැඩි තැනක්.

    14040004_10207008510194147_390891635787000303_n.jpg

    14039899_10207008513914240_5038534069404570210_n.jpg

    මෙතනත් පිංතූර අර ගත්තු අපි ගියේ MRT ස්ටේශන් එකක් හොයාගෙන. ඇවිදලා ඇවිදලා අපි ගියා Raffles Place වල තියෙන MRT ස්ටේශන් එකට.

    13934662_10207008518834363_7010961605628383487_n.jpg

    14064273_10210323614943775_7999742988669790254_n.jpg

    මෙතනින් දුම්රියක නැගපු අපි ගියා Bayfront වලට අපිට මග හැරුනු සංදර්ශනයක් බලන්න. වෙන මොකක්වත් නෙවෙයි, දවස් 2ක්ම බලා ගන්න බැරි වුන Gardens by the Bay වල ආලෝක සංදර්ශනය.

    14046017_10207008520674409_4665878943489551548_n.jpg

    14039911_10207008523794487_6590700717097757916_n.jpg

    14063944_10207008525634533_8306219232263776709_n.jpg

    14022101_10207008526674559_4958008860656888041_n.jpg

    අහල තියෙන ඉංග්‍රීසි ගීත බොහෝමයකට මේ විශාල ආකෘති වල ආලෝකය නර්තනයක යෙදෙනවා. පිංතූර වලින් විස්තර කරන්න බැරි නිසා මම මේක පටිගත කරා.

    මේවා බලද්දි ලංකාවෙ තොරණ් මතක් වුනා. :yes:

    දවසේ බලන්න තිබුණු තැන් වල අවසානය දැක්කේ මේ විදියටයි. මුළු සංචාරයේම අවසානය වුනේ මෙතනයි. මේ සංදර්ශනය ඉවර වුන තැන අපි ආපහු ගියේ අපේ හෝටලයෙන් අපේ මළු ටික එකතු කර ගන්නයි. තව දුරටත් කාමර වෙන් වෙලා නොතිබුන නිසා අපිට මූණ කට සෝදා ගන්න, නා ගන්න වගේ දේවල් වලට වෙනම නාන කාමරයක් හෝටලයෙන් ලබා දුන්නා. එතනින් ලෑස්ති වුන අපි ගියේ Changi ගුවන්තොටුපොළටයි. මළු ටිකත් ඇදගෙන අපි MRT එකෙන් ම Changi වලට යන්න පිටත් වුනා. බර මළුත් ඇදගෙන ස්ටේශන් එකේ උඩට පහළට escalator වලින් යන එක නම් ඒ හැටි පහසු වුනේ නෑ. ඒ කොහොම නමුත් මේ ක්‍රමය ගොඩක් වාසි දායක වුනා. මොකද පළමු දවසෙ හෝටලේට එන්නම ඩොලර් 60 ගාණක් වියදම් වුන නිසා වාහනයකට. හැබැයි අපිට Changi ගුවන් තොටුපොළටම MRT වලින් යන්න ලැබුනේ නෑ. Changi වලට ස්ටේශන් 2 කට කළින් වගේ තවත් MRT දුම් රියකට මාරු වෙන්න තිබුනත් රාත්‍රී 11 පහු වෙලා තිබුණ නිසා MRT සියල්ලම නවතා දමලයි තිබුනේ. මොකද රාත්‍රී 11න් පස්සේ මේවා ක්‍රියාත්මක කරන්නේ නැති නිසා. ඒ නිසා එතනින් එළියට ආපු අපිට වාහන 2ක් ගන්න සිද්ධ වුනා ඉතුරු දුර යන්න. ගියපු වියදම නම් මතක නෑ දැන්.

    Changi වලට මහ රෑ වෙද්දි ගියපු අපි එතනම තිබුනු food court එකකින් රාත්‍රී ආහර වේල ගත්තා. ඉන් පස්සේ ගුවන් තොටුපොළේ departure එකේම පුටු වල තමයි එදා රෑ නිදා ගත්තේ. ලැජ්ජ වෙන්න දෙයක් ඇත්තෙන් ම නෑ. ගොඩක් දෙනා මේ විදියට ගුවන් තොටුපොළේම නිදා ගන්නවා. පහුවදා ලංකාවට පිටත් වෙන්න flight එක තිබුනේ උදේ 9.45ට. යානෙට ගොඩ වෙන්න වෙලා තිබුන නිසා නොමිලේම කකුල් මසාජ් එකකුත් දා ගත්තා.

    14046021_10207008536034793_2937504899126589257_n.jpg

    ඉන් පස්සෙ ඉතින් සුන්දර අමතක නොවෙන දවස් 5 ක සංචාරෙකින් පස්සෙ දවල් 12 විතර වෙද්දි ලංකාවට ගොඩ බැස්සා ශ්‍රී ලංකන් ගුවන් යානයකින්. :(
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලස්සනට විස්තර කරලා තියෙනවා මචං..
    මට හිතෙන දෙයක් කියන්නම්..
    උඹලා ටිකක් ලක්ෂරි විදියට තමයි ගමන ගිහිල්ලා තියෙන්නේ..
    වියදම් අඩු කරගන්න පුළුවන් තැන් වලදි එහෙම කරලා නැහැ කියලා දැක්කා..
    උඹලට එයාපෝට් එකේ ඉදන් කෙලින්ම MRTඑකෙන් යන්න තිබ්බා ලිට්ල් ඉන්ඩියා.. පොඩි ගානයි යන්නේ.. සිංගා වලදි ටැක්සි පාවිච්චි කරන්න ඕන MRTහරි බස් හරි නැත්නම්.. ටැක්සි පට්ට ගනන්..
    කෑම බීම උනත් අඩුවට කන්න වෙන තැන් තියෙනවා..
    යුනිවර්සල් එකත් අපරාදෙ.. 10ට පටන් ගන්න කොටම යන්න තිබ්බා..
    නයිට් සෆාරි එකත් මිස වෙලා නේද?
    සමහරවිට මෙහෙම වෙන්න ඇත්තේ උඹලගේ යාලුවන්ගේ සහ බිරින්දෑවරුන්ගේ ඕනෑ එපාකම් හින්දා වෙන්න ඇති..
    මොනවා උනත් හොඳ ටුවර් එකක්..
    අඩුවට යන්න අහන උන්ට වැදගත් වෙන්නයි විස්තර ටික කිව්වේ....
    පින්තූරත් එක්ක ලස්සනට දාලා තියෙනවා..
    පලවෙනි පාර යන කෙනෙක්ට වටිනවා...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කියපු ටික නම් වටිනවා මචන්. ගොඩක් අඩුවට යන්න හොයනවා නම් ඉතින් ලංකාවේ වටේ යන එක හොදයි. යන එක හොදට කාලා බීලා enjoy කරන්න එපැයි. :sorry::rolleyes:
     
    ලංකාව වටේ යනවට වඩා අඩුවෙන් සිංගා, බැංකොක් ගිහිල්ලා එන්න පුළුවන්,
    බලපන්කෝ ලංකාවේ හොටෙල් වල ගනන්..
    මම කියන්නේ කනබොන ඒවට වියදම් කරන ඒවා මොනාහරි බලන්න, ශොපින් කරන්න වියදම් කරන්න පුළුවන් කියලා..
    විසි කරන්න සල්ලි තියෙනම් මට මොකෝ..
    උඹ වියදම් කරපන්..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ලංකාව වටේ යනවට වඩා අඩුවෙන් සිංගා, බැංකොක් ගිහිල්ලා එන්න පුළුවන්,
    බලපන්කෝ ලංකාවේ හොටෙල් වල ගනන්..
    මම කියන්නේ කනබොන ඒවට වියදම් කරන ඒවා මොනාහරි බලන්න, ශොපින් කරන්න වියදම් කරන්න පුළුවන් කියලා..
    විසි කරන්න සල්ලි තියෙනම් මට මොකෝ..
    උඹ වියදම් කරපන්..

    :eek::sorry::sorry:
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    හරියටම මමත් ගියා singa දැන් හරියටම සති 2ක් විතර ඇති.ඒ අපේ dancing ටීම් එකත් එක්ක.ඔක්කොම 16K ගියා.ඒකෙ වීඩියෝ එක එඩිට් කරන ගමන්.හෙට දානවා.එතකොට මම ගිය චාරිකාවෙ විස්තර ඇතුව මමත් පොඩි ත්‍රේඩ් කෑල්ලක් දාන්නම්. :P
    සිංගා අඩුවට යන්න බලන අයට
    -පැකේජ් ක්‍රමේට ටිකක් වැඩිපුර කට්ටිය සෙට් වෙලා යන එක තමා වාසි.මෙහෙ ටිකට් ඒජෙන්සි වල ඒක කරනවා.70-80ක් වගේ (හොටෙල්,universal studio,transport ඔක්කොම එක්ක වගේ.) :yes:
    -universal studio යනවා නම් උදේ පාන්දර පටන් ගද්දිම වගේ යන්න. නැත්නම් අපරාදෙ. :angry: හොදම rides තමා. Transformers ride, Revenge of the mummy ride,cylone and human battlestar galactica rides.(අන්තිම දෙක නං අති භයානකයි.:oo:)
    -ලිට්ල් ඉන්දියා පැත්තෙ ඉන්න යනවා නම්.ගනන් අඩුයි.
    -නොදන්න කෑම ගන්න එපා කන්න බැරුව යයි.සල්ලියී කෑමයි 2කම අපරාදෙ.ඒ මදිවට ගඳේ බෑ ඒවා. :baffled:
    -ශොපින් නම් mustafa centre තමයි.එතන විතරයි ලාබ.
    මට ඔක්කොටම උපරිම 90ක් යන්න ඇති (ගොඩක් ශොපින් කරේ නෑ මම):yes:
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ලස්සනට විස්තර කරලා තියෙනවා මචං..
    මට හිතෙන දෙයක් කියන්නම්..
    උඹලා ටිකක් ලක්ෂරි විදියට තමයි ගමන ගිහිල්ලා තියෙන්නේ..
    වියදම් අඩු කරගන්න පුළුවන් තැන් වලදි එහෙම කරලා නැහැ කියලා දැක්කා..
    උඹලට එයාපෝට් එකේ ඉදන් කෙලින්ම MRTඑකෙන් යන්න තිබ්බා ලිට්ල් ඉන්ඩියා.. පොඩි ගානයි යන්නේ.. සිංගා වලදි ටැක්සි පාවිච්චි කරන්න ඕන MRTහරි බස් හරි නැත්නම්.. ටැක්සි පට්ට ගනන්..
    කෑම බීම උනත් අඩුවට කන්න වෙන තැන් තියෙනවා..
    යුනිවර්සල් එකත් අපරාදෙ.. 10ට පටන් ගන්න කොටම යන්න තිබ්බා..
    නයිට් සෆාරි එකත් මිස වෙලා නේද?
    සමහරවිට මෙහෙම වෙන්න ඇත්තේ උඹලගේ යාලුවන්ගේ සහ බිරින්දෑවරුන්ගේ ඕනෑ එපාකම් හින්දා වෙන්න ඇති..
    මොනවා උනත් හොඳ ටුවර් එකක්..
    අඩුවට යන්න අහන උන්ට වැදගත් වෙන්නයි විස්තර ටික කිව්වේ....
    පින්තූරත් එක්ක ලස්සනට දාලා තියෙනවා..
    පලවෙනි පාර යන කෙනෙක්ට වටිනවා...

    ලක්ශරිමත් නෑ. මොකද මේක අපේ මුල්ම ගමන. කලින් දැනගෙන හිටියෙ නෑ airport එකේ ඉඳන් කෙළින් ම MRT එකේ යන්න පුළුවන් ද කියලා. අනික එහෙම පුලුවන් වුනත් කෝච්චියක මලුත් උස්සන් යන්න පුළුවන් වේවි කියලා හිතුනෙ නෑ. ආගන්තුක පරිසරයක් නේ. :oo:
    ඇත්තටම අපිට ඕන වුනා වෙනස් විදියේ කෑම බීම කන්න. ගොඩක් වෙලාවට රෑට එහෙම සයිවර් කඩ වලින් කෑවේ. ඒවයෙ ගණන් අනිත් authentic කෑම බීම වලට වඩා අඩුයි. ඒත් සිංගප්පූරුවට ගිහිල්ලා එහේ කෑම නොකා වැඩකුත් නෑනේ. ඒකත් අත්දැකීම් වල ම කොටසක්. :)
    ඇත්තටම අපි පළවෙනි දවසෙදි night safari යන්න, එතකොට Singapore zoo බලන්න යමුද කියලත් කතාවට ආවා. එහේ පදිංචි වෙලා ඉන්න මගේ යාළුවෙක් කිව්වා කාශ්ටක අවුවේ zoo යන එක නම් වැඩක් නෑ කියලා. ඒ නිසා අපි ඒ දෙකම කපා හැරියා.
    අත දිග ඇරලා වියදම් කරන්නම ආපු ගමනකුත් නෙවෙයි. මොකද අපිට වියදම් කරන්න පුළුවන් සීමාවකුත් තිබුනා. හේතුව අපිත් එක්ක ගිය මගෙ යාළුවගෙ කසාදෙන් පස්සෙ ආපු ගමනක් නිසා :P.
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa

    අපිට කාල වේලාව තිබුනේ හරිම සීමිත ප්‍රමාණයක්. මොකද මේක උදේ 10 ට විවෘත කරාම අවසාන කරන්නේ හවස 6ට. අපිට ඇතුල් වෙන්න ලැබුනේ දවල් 12 ට විතර නිසා තිබුන පැය 6න් උපරිම ප්‍රයෝජන ගන්නත් අවස්ථාවක් ලැබුනේ නෑ සෙනග වැඩි කමත්, පෝලිම් වල දිගත් නිසා. ඒ නිසා සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන ආපු Transformers 4D ගමන, ලොකු රෝලර් කෝස්ටර් දෙකේමත් යන්නත් බැරි වුනා. :(

    NJWHt0xh.jpg

    cKnqbduh.jpg

    අපරාදෙ! මුලු studio එකෙන්ම තිබ්බ හොදම ride එක තමා transformers ride එක :angry::angry::angry:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    හරියටම මමත් ගියා singa දැන් හරියටම සති 2ක් විතර ඇති.ඒ අපේ dancing ටීම් එකත් එක්ක.ඔක්කොම 16K ගියා.ඒකෙ වීඩියෝ එක එඩිට් කරන ගමන්.හෙට දානවා.එතකොට මම ගිය චාරිකාවෙ විස්තර ඇතුව මමත් පොඩි ත්‍රේඩ් කෑල්ලක් දාන්නම්. :P
    සිංගා අඩුවට යන්න බලන අයට
    -පැකේජ් ක්‍රමේට ටිකක් වැඩිපුර කට්ටිය සෙට් වෙලා යන එක තමා වාසි.මෙහෙ ටිකට් ඒජෙන්සි වල ඒක කරනවා.70-80ක් වගේ (හොටෙල්,universal studio,transport ඔක්කොම එක්ක වගේ.) :yes:
    -universal studio යනවා නම් උදේ පාන්දර පටන් ගද්දිම වගේ යන්න. නැත්නම් අපරාදෙ. :angry: හොදම rides තමා. Transformers ride, Revenge of the mummy ride,cylone and human battlestar galactica rides.(අන්තිම දෙක නං අති භයානකයි.:oo:)
    -ලිට්ල් ඉන්දියා පැත්තෙ ඉන්න යනවා නම්.ගනන් අඩුයි.
    -නොදන්න කෑම ගන්න එපා කන්න බැරුව යයි.සල්ලියී කෑමයි 2කම අපරාදෙ.ඒ මදිවට ගඳේ බෑ ඒවා. :baffled:
    -ශොපින් නම් mustafa centre තමයි.එතන විතරයි ලාබ.
    මට ඔක්කොටම උපරිම 90ක් යන්න ඇති (ගොඩක් ශොපින් කරේ නෑ මම):yes:

    ඊළඟ ගමනෙදි වුන අඩු පාඩු ඔක්කොම හදා ගන්නයි කල්පනාව. ඔව් ඔය අන්තිම රෝලර් කෝස්ටර් ගමන් දෙක නම් සෑහෙන භය හිතෙන දෙකක් කියලා ගියපු අය කියනවා :shocked: සමහර කෑම නම් ඇස් දෙකට ප්‍රිය මනාප වුනාට රසක් නෑ. මෙහෙම දෙයක් වුනා මම ගත්තු අතුරුපසක. :baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලක්ශරිමත් නෑ. මොකද මේක අපේ මුල්ම ගමන. කලින් දැනගෙන හිටියෙ නෑ airport එකේ ඉඳන් කෙළින් ම MRT එකේ යන්න පුළුවන් ද කියලා. අනික එහෙම පුලුවන් වුනත් කෝච්චියක මලුත් උස්සන් යන්න පුළුවන් වේවි කියලා හිතුනෙ නෑ. ආගන්තුක පරිසරයක් නේ. :oo:
    ඇත්තටම අපිට ඕන වුනා වෙනස් විදියේ කෑම බීම කන්න. ගොඩක් වෙලාවට රෑට එහෙම සයිවර් කඩ වලින් කෑවේ. ඒවයෙ ගණන් අනිත් authentic කෑම බීම වලට වඩා අඩුයි. ඒත් සිංගප්පූරුවට ගිහිල්ලා එහේ කෑම නොකා වැඩකුත් නෑනේ. ඒකත් අත්දැකීම් වල ම කොටසක්. :)
    ඇත්තටම අපි පළවෙනි දවසෙදි night safari යන්න, එතකොට Singapore zoo බලන්න යමුද කියලත් කතාවට ආවා. එහේ පදිංචි වෙලා ඉන්න මගේ යාළුවෙක් කිව්වා කාශ්ටක අවුවේ zoo යන එක නම් වැඩක් නෑ කියලා. ඒ නිසා අපි ඒ දෙකම කපා හැරියා.
    අත දිග ඇරලා වියදම් කරන්නම ආපු ගමනකුත් නෙවෙයි. මොකද අපිට වියදම් කරන්න පුළුවන් සීමාවකුත් තිබුනා. හේතුව අපිත් එක්ක ගිය මගෙ යාළුවගෙ කසාදෙන් පස්සෙ ආපු ගමනක් නිසා :P.

    උඹලට අවුලක් නැත්නම් කමක් නැහැ ඉතිං..
    මම ගිහිල්ලා ආවා 1කින් වගේ ශොපිනුත් එක්ක..
    උඹලා ඩොල්ෆින් බලන්න ගියේ නැද්ද?
    අනික උඹලගේ යාලුවො ශ්‍රීලංකන් නිසා වෙන එයා ලයින් යන්න බැහැනේ..
    නැත්නම් අනිත් ඒවා ගනන් අඩුයි ශ්‍රී ලංකන් එකට වඩා..