Singapore - Day 3
දෙවෙනි දවසෙ වුන සන්තෑසියම මේ දවසෙත් උදේ වරුවෙදි වුනා. නැගිටින්න පරක්කු වුනා විතරක් නෙවෙයි අනිත් ඈයෝ ටික ලෑස්ති කරගෙන එළියට බහින්න වුනේ පරක්කු වෙලා
හැබැයි කලින් දා කතා කර ගත්ත විදියට මේ දවසෙ අපි බලන්න යන්න යොදාගෙන තිබුනෙ සීමිත දේවල් ටිකක්. මෙදා අපි සෙන්තෝසා දිවයිනේ තියෙන හරිම ප්‍රසිද්ධ ජල ක්‍රියාකාරකම් වලටම වෙන් වුන Adventure Cove Waterpark කියන ජල උද්‍යානය දිහාවටයි ගියේ. අපි කවුරුත් දන්න ලංකාවෙ තියෙන Leisure World වල තියෙන ජල ක්‍රීඩා පැත්ත වගේම අක්කර සෑහෙන ප්‍රමාණයක විහිදිලා යන දැවැන්ත විනෝද කාමී ජල ක්‍රියාකාරකම් තියෙන උද්‍යාන කොටසට තමයි Adventure Cove කියන්නේ. සිංගප්පූරුවේ මේ වගේ තවත් ස්ථාන කීපයක් ම තියෙනවා. මෙතන එක් අයෙකුට ටිකක් එකක ගාන සිංගප්පූරු ඩොලර් 38ක් 
අපි උදේ කෑම නොගෙන කෙලින් ම ගියේ සුපුරුදු දිහාවට. ඒ කියන්නේ ලඟම MRT station එකට පයින් ගිහින් Harbour Front වලට metro දුම්රියක. ඒ ගියපු හැටි කලින් ලිපියේ සඳහන් කලා. Adventure Cove තියෙන්නේ සෙන්තෝසා වල නිසා Harbour Front යන්නම වෙනව. කිව්වනේ Harbour Front ස්ටේශම උඩ විශාල සාප්පු සංකීර්ණයක් තිබුනා කියලා. අපි Universal Studios යන්න ටිකට් ගත්තෙත් එතන ඉහළ මාලයකින්. අපි කළින් දවසෙදි එතනින් ලබා ගත්තු පත්‍රිකා වගයක තිබුනා package වගයක් සඳහන් වෙලා. අපි ඉන් එකක් තෝරගෙන ඒකට අනුවයි තුන් වෙනි දවසෙ ඉඳන් චාරිකාව ඉස්සරහට ගෙනිච්චේ. ඒ පැකේජයේ හැටියට මුලින්ම තෝර ගත්තේ Adventure Cove ජල උද්‍යානය. මුලින්ම අපි උදේට සප්පායම් වුනා Harbour Front වල food court එකකින්. ඇපි ගියේ McDonalds එකකට. එතන breakfast වලට වෙනම කෑම ජාති තියෙනවා. පාන්, ස්ක්‍රැම්බල් කරපු බිත්තර, කැපුචිනො වගේ ඔක්කොම එකට තියෙන.

උදේට කෑම ගත්තු අපි කෙලින්ම ගියේ cable car station එකට. අපි තෝර ගත්තු පැකේජයේ තියෙන එක ක්‍රියාකාරකමක් තමයි කේබල් කාර්. සිංගප්පූරුවට ආවොත් අනිවාර්යෙන් ම ලබන්න ඕනෙ අත්දැකීමකුයි මේ. ඉතින් අපි සෙන්තෝසා දිවයිනට යන්න තෝර ගත්තේ කේබල් කාර්. අපේ පැකේජයේ පාස් ටිකට් අපි එකතු කරගෙන කේබල් කාර් අංගනයට යන්න පිටත් වුනා. ඒක තිබුනේ වෙනම ටවර් එකක. ඉතින් පහලට බැහැලා යන්න සිද්ධ වුනා එතෙන්ට.
අපේ පාස් බලල අපිට ඒ කිට්ටුව තිබුන වෙනම කවුන්ටරයකින් කේබල් කාර් වලට ටිකට් ලබා ගන්න සිද්ධ වුනා. වෙනම ගෙවීමක් කරන්න අවශ්‍ය වුනේ නෑ.
කේබල් කාර් ස්ටේශන් එකට ආවට පස්සෙ දකින්න ලැබුනේ ඉතාමත් කාර්යබහුල අංගනයක්. එන කේබල් කාර් වටයක් කැරකිලා එහෙමම ආයෙත් පිටත් වෙනවා. ඒ අතරෙදි තමයි මේවට ගොඩ වෙන්නත්, මේවයෙන් බහින්නත් අවස්ථාව ලැබෙන්නේ. එක කාර් එකක උපරිම 8 දෙනෙකුට යන්න පුළුවන්. අපි හරි පැත්තට ගිහින් අපේ ටිකට්පත් පෙන්නල ගමන් ගනිමින් තිබුනු කේබල් කාර් එකකට ගොඩ වුනා. මේව හෙමින් චලනය වෙන නිසා අමාරු වැඩක් නෙවෙයි ඒක. අපි නැගපු කේබල් කාරය හෙමින් හෙමින් අංගනයෙන් මිදිල කේබල් එකෙ එල්ලිලා උඩින් යන්න පටන් ගත්තා. ටිකක් විතර ත්‍රාසය එක් වුන ගමනක්. ඒත් ආරක්ශාව ගැන බය වෙන්න ඕනකමක් තිබුනේ නෑ.
උඩින් යන ගමන් සෙන්තෝසා දිවයින වෙනකන් දකින්න ලැබුනු ගොඩනැගිලි හෝටල් වල පිංතූර ගන්නත් අපි අමතක කලේ නෑ.
දැකපු ගොඩනැගිලි
වරාය
මේ තමයි අපි යන Adventure Cove ජල උද්‍යානය කේබල් කාර් වලින් යද්දි උඩින් පේන විදිය.
කේබල් කාර් වල ඇවිත් සෙන්තෝසා වලින් ගොඩ බැස්සට පස්සේ පයින් යන්න වෙනවා Adventure Cove එකට. ඒ එන අතර තුරේදි සුප්‍රසිද්ධ සිංගප්පූරු Merlion වත් දැක බලා ගන්න පුළුවන්. ඒ වගෙම අපේ පැකේජයේ නොතිබුන Madame Tussauds ඉටි රූප ප්‍රදර්ශනාගාරයත් තිබුනේ මේ යන අතරෙයි.
ඇවිදලා ඇවිදලා අපි Adventure Cove එකට ආවා. මෙතන ඉඳන් නම් පිංතූර ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ අපිට ගෙනාපු කැමරා, දුරකතන ඔක්කොම locker වල දාල යන්න සිද්ධ වුන නිසා. පොඩි lockers SGD 10 කටත් ලොකු lockers SGD 20 කටත් ගන්න පුළුවන්.
මෙතන තමයි එදා දවසේ අපි වැඩි වෙලාවක් ගත කලේ. මේකත් හවස 6 වෙද්දී සියළුම ගමන් අවසන් කරනවා. ලංකාවේ Leisure World වල තියෙන අංග වලට වඩා දේවල් බොහෝමයක් මෙතනත් තියෙනවා. මුලින්ම අපි කලේ අභියෝගාත්මක දෙයක්. මේකට කියන්නේ "Wet Maze" කියලා. උඩින් වතුර වැටෙන ප්‍රෙහෙලිකාවක් වගේ එකක එක කෙළවරකින් පටන් අරගෙන අනිත් කෙළවර හොයාගෙන යාමක් තියෙන්නේ. ඒක ඉවර වුනාට පස්සේ ඉහළට නැගලා ලනු වලින් අල්ලගෙන ටිකක් බය හිතෙන වැල් පාලම් වලින් අමාරු ගමනක් යන්න තියෙන්නේ
(Google දෙයියගෙන් ගත්තු පිංතූර)
ඊට පස්සෙ අපි ගියේ tube slide එකක. එකක් කිවුවට මෙතන 3ක් තියෙනවා. "Pipeline Plunge", "Spiral Washout", "Tidal Twister" කියලයි නම් කරලා තිබුනේ. මේවයෙ බැරෑරුම් කම වගෙම ත්‍රාසජනක බවත් එකිනෙක වෙනස්. ලංකාවෙ තියෙන ඒවට වඩා හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වේගවත් ටියුබ් ගමන් 3ක්. කේබල් කාර් වලින් එන ගමනෙදි මේවයේ ගමන් පථ විහිදිලා තියෙන ආකාරය හොඳින් දැක බලා ගන්න පුළුවන්.
(Google දෙයියගෙන් ගත්තු පිංතූර)
ඒ 3 ම ගිහින් ආවට පස්සේ තවත් water slide එකක ගියා. මේකට කියන්නේ "Dualing Racer" කියලා. මේකට මෙහෙම කියන්න හේතුව දෙන්නෙක්ට එකවර slides 2ක එකිනෙකාට අභියෝග කරලා මුලින් ම ගමන ඉවර කරන්නෙ කවුද කියල බලන්න පුළුවන් නිසයි. මේවත් ලංකාවේ තියෙනවා.
ඉන් පස්සෙ අපි ගියේ "Riptide Rocket" කියන වේගවත් රෝලර් කෝස්ටර් එකක. මේකත් tube ride එකේදි පාවිච්චි කරාට වඩා මහතින් අඩු tube එකක යන ගමනක්. Conveyer belt එකකින්, යන අය නගින tube ඉහලට ගෙනියලා නිදහසේ පහලට යන්න සලස්වනවා. වේගය ඉහල යන නිසා මේකෙදි දැනෙන බයත් ටිකක් වැඩියි. එළියට විසික් වෙයිදෝ කියන හැඟීම ඇති කරවනවා වගෙම සිරස් වක්‍රාකාර තැන් වලදී මුළු tube එකම ඉහලටත් ටිකක් විසික් වෙනවා.
මේ විදියට belt එකකින් ටියුබ් වලින් ඉහලට අරගෙන ගිහින් නිදහස් කරනවා.
ඒ ත්‍රාසජනක අත්දැකීමෙන් පස්සෙ අපි ගියේ කෘත්‍රිම මුහුදකට. Wave pool එකක් කිව්වොත් වඩා නිවැරදියි. මේ වගේ එකක් ලංකාවේ තියෙනවා Leisure World වල. විනාඩි 10න් 10ට මේකේ රළ ගැසීම සිද්ධ වෙනවා. ඒකත් රළ ඇතිවෙන්නේ නැවක් යන විදියට කියලා පෙන්නන්න මේ තටාකයෙ සීමාව විදියට ගොඩ නගලා තියෙන්නෙ නැවක ආකෘතියක්. රළ ගහන හැටියට උඩ පහළ යමින් පාවි පාවි ඉන්න තමයි තියෙන්නේ.
ඒකෙන් පස්සෙ අපි ගියේ තවත් අභියෝගෙකට මූන දෙන්න. මේකත් ක්‍රියාකාරකම් කීපයක් තියෙන අභියෝග ගොඩක්. පිහිනුම් හැකියාව තියෙන අයට විතරයි මෙකට යන්න පුළුවන්. ඒ නිසා අපේ අයගෙන් මමයි මගේ යාළුවයි විතරයි මේකට සහභාගී වුනේ. මීටර් 4ක් විතර ගැඹුරු තටාකයක් උඩින් අදියර කීපෙකින් විහිදෙන ලණු පාළම් මතින් ලණු අල්ලගෙන ගිහින් උස මට්ටම් 2ක ඉඳන් කෙළින් පහළට තටාකයට පනින ආකාරයේ ක්‍රිකාකාරකම් වගයක් තමයි මෙතන තිබුනේ.
(Google දෙයියගෙන් ගත්තු පිංතූර)
ඉන් පස්සෙ අපි ගියේ මුහුද යට මොන වගේද කියල බලන්නයි. Snorkelling කිව්ව නම් වඩා නිවැරදියි. මෙතන තියෙනවා කලින් කීවාක් වගෙම මීටර් 4ක් විතර ගැඹුරු තටාකයක් මුහුදු පතුල වගේ නිර්මාණය කරපු මුහුදු වතුරෙන් සහ මත්ස්‍යයින්ගෙන් පිරුණු. කරන්න තියෙන්නේ ආරක්ශක jacket, හුස්ම ගන්න බට කටට සවි කරගෙන ජල මට්ටමේ ඉඳන් ඔළුවෙන් පිටතට තියෙන හුස්ම ගන්න බටේ වතුරෙන් උඩට හිටින විදියට පාවි පාවි තටාකයේ ආරම්භක අන්තයේ ඉඳන් අවසාන කෙළවරට තටාකයේ පහල නිරීක්ශණය කරමින් යන එක. පිහිනුම් හැකියාව නැති කෙනෙක්ට වුනත් මේක අත්හදා බලන්න පුළුවන් ආරක්ශක ජැකට්ටුව පැළඳ ගත්තාම ලේසියෙන්ම වතුර මත පාවෙන්න පුළුවන් නිසා. විවිධාකාර වර්ණවත් මත්ස්‍යයින් ජලජ පැලෑටි මුහුදේ පීනන්නාක් වගේ දැක බලා ගන්න පුළුවන් මෙතනදි. මේක හඳුන්වන්නේ "Rainbow Reef" කියලයි.
(Google දෙයියගෙන් ගත්තු පිංතූර)
අවසානෙටම අපි මෙතන කලේ නිදහසේ ගලා යන ගංගාවක් වගේ හදපු මුළු ප්‍රදේශය වටා දිවෙන තටාකයක tube වල නැගිල කට්ටියත් එක්ක විනෝදයක් ලබා ගත්ත එක. "Adventure River" කියලයි මේකට කියන්නේ.
(Google දෙයියගෙන් ගත්තු පිංතූර)
මේ විනෝදාංග ඉවර වෙලා එළියට ආවම වතුර වේල ගන්නත් Dry Pod කියලා ස්ථාන හදල තියෙනවා. මේක ඇතුලට නැගලා ඩොලර් ගානක් කාසි වලින් ඇතුල් කලාම මේකේ තියෙන පංකා වලින් වතුර ටික වේල ගන්න පුළුවන්. මෙතන ගෑනු පිරිමි අයට වෙන වෙනම ඇඳුම් මාරු කර ගන්නත්, නාන්නත් පහසුකම් සලසල දීල තියෙනවා. පොඩි අවුලකට තියෙන්නෙ මේවයෙ ඇතුලේ ඇඳුම් මාරු කරන්නේ බොහෝ දෙනා එළිපිට ම නිර්වස්ත්‍රව ඉඳන්
කාන්තාවන්ගෙ පැත්තෙත් එහෙමයි කියලයි දැන ගන්න ලැබුනේ. ඉතින් ලැජ්ජාව පැත්තකින් තියලා ගිය වැඩේ කරගෙන ඉක්මණින් එළියට එන එක හොඳයි.
Adventure Cove එකට සමු දීල අපි කේබල් කාර් වලින් ම ආපසු ප්‍රධාන ගොඩබිමට යන්න තීරණයක කළා සෙන්තෝසා දිවයිනේ ඉඳන්. මෙවර අපිට ලැබුනේ වර්ණවත් කේබල් කාර්. රෑ බෝ වෙලා තියෙන වෙලාවක කේබල් කාරයක යනවා කියන්නෙත් සුන්දර අත්දැකීමක් ලබන්න පුළුවන් අවස්ථාවක්
ප්‍රධාන දිවයිනට ආවට පස්සේ අපි Harbour Front වල තිබුන සාප්පු සංකීර්ණයෙන් හොඳට සප්පායම් වෙලා MRT එකකින් පිටත් වුනා Bayfront වලට. මේ දවසෙදිත් අපිට Gardens By The Bay වල තිබුන අලංකාර ආලෝක සංදර්ශනය නරඹන්න වුනේ නැති නිසා තීරණය කලා Marina Bay Sands හෝටලය ඇතුලට ගිහින් බලන්න. ප්‍රධාන මහා මාර්ගය හරහා දිවෙන පාළමක් හරහා තමයි අපි Marina Bay Sands හෝටලයට ඇතුල් වුනේ.
පාළමේ ඉඳන් අවට පේන හැටි
හෝටලයේ ඇතුල.
මේ හෝටලයේ ඉහළම මාලයේ තියෙනවා sky park එකක්. අපි ඒකටත් ගියාට ටිකට් ගන්න සිද්ධ වෙන නිසා උඩ ඇවිදින්න ගියේ නෑ. ඒ නිසා උඩටම ගිහිල්ලා හැරිල ආවා ආයෙත් අපේ නවාතැනට
පුළුවන් කමක් තියෙනවා නම් හොඳ Action කැමරාවක් අරගෙන යන්න අමතක කරන්න එපා. එතකොට ඉහත කිවුවා වගේ අත්දැකීම් හොඳට පටිගත කරගන්න පුළුවන්. අපිත් Action කැමරාවක් ගෙනිච්චට තාම ඒවයේ තියෙන ඒව දැක ගන්න ලැබුනේ නෑ.