Singapore

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    තෑන්ක් මචන් යන්න ඉන්න
    කෙනෙක්ට වැදගත් බන්.
    දවස් 5ක්ට යන කෙනෙක්ට ටිකට්
    වලටත් එක්ක කීයක් වගේ යයිද?
    1.5 - 2 ලැක් වගේ?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    ඉන්න දවස් ගාන අනුව ඉතින් ඒක එහෙ මෙහේ වෙනවා. අඩුම තරමේ ලක්ශයක්වත් අතේ තියන් යන එක හොඳයි. මොකද ගුවන් ටිකට්පතත් 35K-45Kත් අතර ගාණක් වෙනවා. ඒ ඉතින් Sri Lankan Airlines වල. Malaysian Airlines වල හරි Malindo Air වගේ ඒවයෙ නම් 25K ඉඳන් ඉහලට තියෙනවා. සිංගප්පූරුවෙ හැම දෙයක් ම ගණන් වැඩියි. කෑම බීමත් ලංකාවට සාපේක්ශව දෙගුණයක වගේ ගාණක් වෙනවා. ඊට අඩු වෙන අවස්ථාවලුත් තියෙනවා තැන අනුව. සිංගප්පූරුව කියන්නේ වියදම් කරන්න බලාගෙන යන්න ඕනෙ තැනක්. ඒ නිසා ලංකවේ ගණන් එක්ක හැම තිස්සෙම සසඳන්න යන්න ගියොත් යන ගමනේ විනෝදෙටත් බාධාවක් වෙන්න පුළුවන්. :rolleyes:

    Thanks machan. mata company visit ekak set una Singapore walata March wala. flight ticket/accommodation companiyen denewa. 3 days/2 nights. me duration ekata time manage karagena balanna puluwan hondhama attractions monawada kiyapan.
    uba koheda shopping karanna recommend karanne?
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Thanks machan. mata company visit ekak set una Singapore walata March wala. flight ticket/accommodation companiyen denewa. 3 days/2 nights. me duration ekata time manage karagena balanna puluwan hondhama attractions monawada kiyapan.
    uba koheda shopping karanna recommend karanne?

    Universal Studios takes a whole day to complete its exciting rides and worth spending a day for that. :yes:

    In Little India - Mustafa Centre (all kinds of stuff), Sim Lim Square (electronic items).
    In Chinatown - Souvenirs, Sweets and others
     
    • Like
    Reactions: hrm

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Singapore - Day 4

    සිංගප්පූරු සංචාරෙ හතර වෙනි දවස. ඒ කියන්නෙ යන දවසට කලින් දවස උදා වුනා. මෙදා අපි චීනෙට යන්න තීරණය කලා. ඒ කියන්නේ Chinatown වලට. සාප්පු සවාරියකට ම නෙවෙයි, දළදා මාලිගාව වන්දනා මාන කර ගන්න. උදේට කාල එහෙම අපි අපේ සුපුරුදු භූගත (MRT) දුම්රිය ගමනකින් චීන නගරෙට සේන්දු වුනා. ඇත්තෙන්ම ඒ පලාතම චීනයට පය ගැහුවා වගේ හැඟීමක් ඇති කරවන සැරසිලි වලින් සමන්විත වුනා.

    14051833_10210322672880224_3566769030854635002_n.jpg


    වීදිත් හරිම කාර්යබහුලයි, සෙනගයි.
    14102861_10210322676520315_4626000204290042233_o.jpg


    ගෙවල් වලට ඕන කරන විසිතුරු භාණ්ඩ, සිහිවටන, ඇඳුම් පැළඳුම්, ආභරණ වර්ග මේ පාරවල් වල තියෙන කඩ සාප්පු වලින් ගන්න පුළුවන්. නා නා ප්‍රකාරයේ ගල් වර්ග වලින් නිම කරපු ආභරණ මෙහෙදි ඉහළ අගයක තිබුනා.

    මේ තියෙන්නේ ඒ වගේ විසිතුරු භාණ්ඩ තිබුනු චීන කඩ කීපයක පිංතූර.
    14053972_10210322693160731_5536041099310534352_n.jpg


    කෑම කනව නම් යන්න ඕනේ මෙන්න මේ පාරේ. (Food street)
    14100528_10210322750642168_693092752269691190_n.jpg


    13920805_10206997028627115_3965681384345296110_n.jpg


    Google Maps බලාගෙන ඇවිත් දළදා මාලිගාව තියෙන තැන හොයා ගත්තා අන්තිමට. මේක මහායාන සම්ප්‍රදායට පවත්වා ගෙන යන පන්සලක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ මොකද මෙතන වැඳුම් පිදුම්, චාරිත්‍ර සේරම වගේ සිද්ධ වෙන්නේ මහායාන ක්‍රමයට. මොකද රටේ වැඩි හරියක්ම ඉන්නෙ චීන සම්භවයක් තියෙන පුරවැසියන් නිසා.

    14046068_10210322753362236_8663525708180709919_n.jpg

    මාලිගාව ඉස්සරහ ඉද්දි අවටින් අහස උසට දිවෙන ගොඩනැගිලි පේන ආකාරය.

    මේ තමයි විශාල දළදා මාලිගාව. චීන ගෘග නිර්මාණ ශිල්පය අඩුවක් නැතුව හැම අස්සක් මුල්ලක් පුරාම විහිදී පැතිරිලා තියෙන සුවිශේෂී ස්ථානයක් තමයි මේ සිද්ධස්ථානය.
    14079879_10206997049227630_6001772909060963786_n.jpg


    මේ සිද්ධස්ථානය ඉදිරිපිට බුද්ධ පූජාවල් වගේ දේවල් පිළිවෙලකට තබල තියෙන හැටි තමයි පහතින් දැක්වෙන්නේ. මේවා මෙතනින් අරගෙන ඇතුලට ගෙනිහින් පූජා කිරීමක් වගේ දෙයක් සිද්ධ වුනා වගෙයි මතක.
    14055167_10206997055227780_1632356070987560148_n.jpg


    එන බැතිමතුන් වන්දනා මාන කරන නොයෙක් මාදිලියේ ආගමික සංකේත අප්‍රමාණ ප්‍රමාණයක් මේ මාලිගාව තුල තිබුනා. මේවා මහායාන බුදු දහමේ එන විවිධ බෝධිසත්ත්වවරුන් හා සම්බන්ධ දේවල්.
    14047240_10210322782122955_5889709373179352624_o.jpg


    බුද්ධ පිළිම වලට වඩා දැක ගන්නට තියෙන්නේ බෝධිසත්ත්ව පිළිමයි. විවිධාකාර මුද්‍රා වලින් මේ පිළිම අඹල තිබුනා. ඒ ආකාරයේ කුඩා කුඩා පිළිම රාශියක් දකින දකින අත රඳවා තිබුනා.
    14067578_10210322799163381_4804131451676327062_n.jpg


    13932700_10206997112149203_3088516952577484250_n.jpg


    මෙන්න තියෙනවා ලංකාවෙදි අහල පුරුදු නමක් තියෙන බෝධිසත්ත්ව පිළිමයක්.
    14124986_10210322803843498_5694394106869950556_o.jpg


    14124415_10210322804923525_3218610613496576312_o.jpg


    දරුණු පෙනුමැති පිළිමත් නොතිබුනා නෙවෙයි.
    14054364_10210322813643743_4269921168169035355_o.jpg


    අපි ගිය වෙලාවේ මේ මන්දිරයේ පහළ මාලයේ ආගමික වතාවත් සිදු කෙරෙමිනුයි තිබුනේ. ගාථා, ස්තෝත්‍ර යම් කිසි වාදන භාණ්ඩ කීපයක් වයමිනුයි සජ්ඣායණය කෙරුනේ මේ ස්වාමීන් වහන්සේලා විසින්. අමුතුම දර්ශණයක්.
    13938581_10206997074308257_7904639789316971870_n.jpg


    හාල් වලින් මේ පිළිමය ගාවට එනකන් බිම ඉඳන් පුරවලා තිබුනා.
    14022289_10210322817243833_7987025680052568410_n.jpg


    මේ සිද්ධස්ථානයේ වටපිටාව බලන අතරතුරේ අපි ගියා උඩු මහලට. මෙතන දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ ඉහළම මාළයෙයි. එතෙන්ට යන්න කළින් තියෙනවා එළිමහන් තට්ටුවක් ඉතාමත් අලංකාර විදියට චීන උයනක් විදියට සැකසුව.
    13907185_10206997127629590_307567852597136783_n.jpg


    මේක මධ්‍යයේ තියෙනවා තවත් විශේෂ ස්ථානයක්. එතන තිබුනේ විශාල සිලිංඩරාකාර කැරකෙන නිර්මාණයක්. බැතිමතුන් මෙතනදි ඒ සිලිංඩරයට සවි කරලා තියෙන වැට එක අතකින් අල්ලාගෙන අනිත් අතින් නව ගුණ වැල වගේ ඇට මාලයකුත් රඳවාගෙන සිලිංඩරය කැරකෙන අතට අවිදිමින් සිතෙන් ආගමික වතාවත් කරනවා. ඒක භාවනාවක් ද වන්දනාවක් ද කියන්න නම් හරියටම අමාරුයි.
    13938448_10206997119429385_1299325231827986097_n.jpg


    ඉන් පස්සේ අපි ගොඩ වුනේ ධාතු මන්දිරයටයි. මෙතනින් එහාට අපිට පිංතූර ගන්නට පුළුවන් වුනේ නැහැ. මොකද මෙතෙන්දි ඡායාරූපකරණය සපුරා තහනම් කලාපයක්. ඒ මොකද කියනවා නම් ධාතු මන්දිරය සම්පූර්ණයෙන්ම රත්තරණින් නිම කරලා තියෙන්නේ. බිමට රත්‍රන් ටයිල් වගෙම වහල‍යත් ඒ හා සමානව රත්‍රනින් නිම කරලා තියෙන කුටියක් නිසා. දළදාව තිබුනේ ඒ කුටිය මද්ධ්‍යයේ තිබුනු කරඬුවකයි. ඒත් ඒක අපිට පියවි ඇහින් දැක බලා ගන්න විදියක් නෑ. වීදුරු වලින් හදලා මුද්‍රා තබා තිබුනු කුටියක් විදියටයි දැක ගන්න ලැබුනේ. නමුත් මේ දළදාව රඳවා තිබුනු රත්‍රන් කුටිය වටා බැතුමතුන් හට භාවනාවේ යෙදෙන්නට ආසනත් පනවලා තිබුනා. කොහොම නමුත් දළදා වහන්සේගේ සමීප චායාරූපයක් දළදා මැදුරේ දර්ශනය කරලා තිබුනා.

    දළදා වහන්සේ වන්දනා කරගෙන එළියට ආවම තිබුනේ ඒ ආශ්‍රිතව තිබුනු කෞතුකාගාරයක්. මෙතන බුදු රජාණන්වහන්සේගේ අපිට කවදාවත් දකින්න නොලැබෙන ආකාරයේ ධාතුන් වහන්සේලා රාශියක් දකින්නට සලස්වලයි තිබුනේ. මේ කෞතුකාගාරයත් ඡායාරූපගත කරන්නට තහනම් කලාපයක්. ඒ ධාතුන් අතර බුදුන්ගේ කෙස්, ලේ, සම් ආදී ධාතූන් වහන්සේලා පවා ප්‍රදර්ශනය කරලා තිබුනා.

    ලංකාව ගැනත් සඳහන් වෙලා තිබුනා.
    14100434_10210323084730520_8447102338389739105_n.jpg


    දළදා මාළිගාව වැඳ දැක බලා ගත්ත අපි එතනින් එළියට ඇවිත් Chinatown Food Street එකෙන් යමක් බඩට දා ගත්තා. ඊට පස්සේ අපි ගියේ අපි තෝරා ගත්තු නැරඹුම් පැකේජයේ ඉතිරි අංග දෙක දැක බලා ගන්නයි. ඒකට සුපුරුදු පරිදි අපිට harbour Front වලින් සෙන්තෝසා දිවයිනට ආයෙත් යන්න සිද්ධ වුනා.

    මේ වතාවෙදි සෙන්තෝසා දිවයිනේදි අපිට මුලින්ම යන්න ලැබුනේ Sentosa Merlion නරඹන්නයි. Merlion කියන්නේ මාළුවෙකුගේ පසුපසත් සිංහයෙකුගේ හිසත් එක්ව නිර්මාණය වුනු සතෙක්. මේක තමයි සිංගප්පූරුව නියෝජනය කරන ඒ රටේ සංකේතය විදියට භාවිත වෙන මනඃකල්පිත සත්ත්වයා වෙන්නේ. සෙන්තෝසා හි පිහිටුවා තියෙන මේ පිළිමය විශාල එකක්. ඒක ඇතුලට යන්න පුළුවන් වගෙම හිස මතින් එළියට අවිත් වටපිටාව දැක බලා ගන්නත් හැකියාව තියෙනවා.

    14064093_10206997633522237_3692157374268253724_n.jpg


    මේක ඇතුලට ගියපු අපිට දැක ගන්න ලැබුනේ විවිධාකාර මනඃකල්පිත ජලජ සතුන්ගේ නිර්මාණ කීපයක්.
    14067455_10210323100250908_1902427315425246840_n.jpg


    14068559_10210323102050953_2154694014113646637_o.jpg


    ඒ අතරින් ගිහින් එළඹෙනවා පුංචි සිනමා ශාලාවකට. මෙතෙන්දි නරඹන්නන්ට පෙන්වනවා සිංගප්පූරුවට ඒ නම ලැබුනේ කොහොමද, එ Merlion කියන සංකේතය ලැබුනෙ කොහොමද කියල, කෙටි කාටූන් චිත්‍රපටයකින්.
    14067506_10210323105451038_3278055776667669099_n.jpg

    14141589_10210323106971076_580380404747825100_n.jpg

    14034968_10210323107131080_8602755798012477029_n.jpg


    මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ රටට ආදරයක් ඇති වෙන ආකාරයටයි.

    Merlion ගේ හිස මුදුනට නැග ගත්ත අපිට සෙන්තෝසා දිවයිනේ අවට දැක බලා ගන්න ළැබුනේ මෙන්න මේ විදියටයි.
    14051760_10210323109331135_4397046641932140772_n.jpg
    Universal Studios වල අපිට යන්න නොලැබුනු දැවැන්ත රෝලර් කෝස්ටර් ද්විත්වය පෙනුනේ මෙහෙම.

    14022085_10210323110251158_6514048784339648355_n.jpg


    14045641_10206997444117502_2390486376746916518_n.jpg


    Merlion අත්දැකීම ලබපු අපි හැමෝටම එතනින් රන් පැහැති සිහිවටන කාසියක් ලබා දුන්නා.
    14054030_10207005307354078_3623150365554679505_n.jpg


    මෙතනින් එළියට ආපු අපි ඊලඟට ගියේ අපේ පැකේජයේ තිබුනු ආහාර වේලක් රස බලන්නයි. ටෝස්ට් සමග තේකක රස බලන්න ලැබුනා නොමිලේම.
    14021457_10207005309394129_6189965212928456763_n.jpg


    මේක සප්පායම් වුනාට පස්සෙ දවසේ තිබුන අවසාන කාර්යයට තමයි ගියේ. ඒ කියන්නේ පැකේජයේ අවසාන ක්‍රියාකාරකම. Wings of Time කියන වර්ණවත් ආලෝක සංදර්ශනයයි ඒ. මේ සංදර්ශනය පැවැත්වෙන්නේ සෙන්තෝසා දිවයිනේ කෙළවරක තියෙන සිලෝසෝ කියන වෙරළ තීරයකයි. සෙන්තෝසා Merlion ගෙ ඉඳන් කිලෝමීටරයක් 2ක් විතර ඇවිදින්න තියෙනවා ඒ වෙරල තීරයට යන්න. ඒ අතරෙදි හමු වෙනවා සෙන්තෝසා වල කරන්න පුළුවන් දේවල් තියෙන තවත් තැන් කීපයක්. එකක් තමයි sky diving අත් හදා බලන්න පුළුවන් iFly කියන ස්ථානය. සිලෝසෝ වලට පයින් යන අතර මගදි දකින්න ලැබුනු දේවල් ටිකක් තමයි මේ.

    14089143_10207005323434480_8071362301505301166_n.jpg


    13907141_10207005323034470_1043330931655467011_n.jpg


    14079921_10207005321714437_5945744522949089912_n.jpg

    iFly sky diving තියෙන තැන

    දුරක් ගෙවාගෙන සංදර්ශන වෙලාවට විනාඩි කීපයකට කලින් අපිට Wings of Time තියෙන සිලෝසෝ වෙරළට ඇවිත් අපේ අසුන් වල වාඩි ගන්න පුළුවන්කම ලැබුනා.

    14141547_10210323124611517_8496375628840777926_n.jpg


    මේක විනාඩි 20 ක පමණ සංදර්ශණයක්. ප්‍රධාන වශයෙන්ම මේකෙදි වෙන්නේ වෙරළේ හදලා තියෙන තිරයකට වගේම ඉන් පිටුපස නිර්මාණය කෙරෙන ජල තිරයකට දර්ශණ ප්‍රක්ශේපණය කරලා විවිධ ආලෝක රටා ඒ මත නිර්මාණය කිරීමක්. මේක කතාවක් ස්වරූපයෙන් සිද්ධ වෙන ඉතාමත් අලංකාර සංදර්ශණයක්.

    14022302_10207005335154773_6708925743416769196_n.jpg

    මේ තියෙන්නේ මුලින් කී වෙරළේ තනා තියෙන තිරය.

    14039989_10207005335994794_2034105569006364351_n.jpg

    මේ ෆීනික්ස් කුරුලා ගේ තටු තිරය මතත්, උගේ හිස ප්‍රදේශය පිටුපසින් නිර්මාණය කෙරුනු ජල තිරය මතත් දර්ශණය කෙරෙනවා.

    14051595_10210323127971601_4879983277901455324_n.jpg


    14102431_10210323131491689_4304609502096226964_n.jpg


    මේ කතාන්දරය දිග ඇරෙන්නේ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතර. ඔවුන් මුහුදේ සෙල්ලම් කරද්දී එක් අයෙක් අතුරුදහන් වෙනවා. ඒ කෙනාව ආයෙත් හොයගෙන එන්නේ මේ ෆීනික්ස් කුරුල්ලා. පස්සේ මේ දෙන්නම උගේ කර උඩින් කාලය හරහා ලෝකය පුරා විවිධ දේශයන් හරහා ගමන් කරනවා. ඒ අතරෙදි ඒ ඒ දේශයන් වලට ගැලපෙන සංගීත රටා වලට නිර්මාණය කරන දර්ශණ වලින් ආලෝක රටා වලින් මේ සංදර්ශනය වර්ණවත් වෙනවා.

    14079933_10210323131571691_5450486291364833708_n.jpg


    පිංතූර වලින් විතරක් විස්තර කරන්න අමාරු නිසා, ඒක ඒ තරමටම සුන්දර නිසාත් මම තීරණය කළා මේක පටිගත කරන්න. මේ තියෙන්නේ ඒ සංදර්ශනය.


    මේ මනස්කාන්ත අවස්ථාවෙන් පස්සේ අපි සෙන්තෝසා නගරයට සමු දීලා නැවතත් Harbour Front වලට පැමිණියා. ඒ අවිත් මුළින්ම එතන තියෙන සාප්පු සංකීර්ණයේ food court එකෙන් රාත්‍රී ආහාරය අරගෙන අපි ගියේ එතනම ඉහළ මාළයක තිබුන සිනමා සංකීර්ණයකට. හරියට ලංකාවේ Majestic City වල තියෙන cineplex එක වගේ ඊටත් විශාල තැනකට. මේක නම් කරන්නේ Golden Village කියලයි. මෙතන සිනමා ශාලා 12ක් තියෙනවා. ඒ වගේම මින් ප්‍රධාන සිනමා ශාලාවට දකුණු ආසියාවේ දිගින් වැඩිම සිනමා තිරයත් අයිතියි. ඉතාම ඉහළ ශබ්ධ පද්ධති වලින් සමන්විත කරලා හදල තියෙන බව Dolby Atmos කියන සලකුණ දැක්කම තේරුම් ගන්න පුළුවන් වුනා. හැබැයි අවාසනාවකට අපිට මේ සිනමා ශාලාවේ කිසිම චිත්‍රපටයක් බලන්න වුනේ නෑ. එදා මේකේ තිරගත වුනේ Suicide Squad චිත්‍රපටයයි. ගහ මරා ගන්න චිත්‍රපටයක් බලනවාට වඩා ත්‍රාසජනක horror ගණයේ චිත්‍රපටයක් නරඹන්නයි අපිත් එක්ක ගියපු කාන්තා පාර්ශවයට අවශ්‍ය වුනේ. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ කැමැත්තට ඉඩ දීලා The Shallows කියන චිත්‍රපටය නැරඹුවා එතන වෙනත් සිනමා ශාලාවක.

    13939438_10207005347635085_5193909405517795238_n.jpg

    සිනමා සංකීර්ණෙට ගොඩ වෙන පඩිපෙලේ එන බොහෝ දෙනෙක් මේ වගේ පිංතූර ගන්නවා. ඉතින් අපිත් අපි වගේ ආපු තව පිරිසකට පිංතූරයක් අරන් දුන්නා.

    14022257_10207005348395104_609452815168243183_n.jpg


    14046087_10207005349115122_4868044593870296550_n.jpg


    14022324_10207005349555133_8306596857021739495_n.jpg

    මේ තියෙන්නේ මෙතන විශාලම වගෙම හොඳම සිනමා ශාලාවේ කෙටි විස්තරයක්.

    14055194_10207005349795139_1853068122309291879_n.jpg

    මේ තමයි අපි ගියපු ශාලාව. පොඩියට තිබුනට මේකත් ලංකවේ Majestic Superior 3D සිනමා ශාලාවෙම ප්‍රමාණයේ එකක්.

    ඒ දවස එහෙම අවසාන වෙද්දි අපි නැවතත් අපේ හෝටලයට ගියා. හැබැයි පොඩි වෙනසක් වුනා. පසුවදාට ලංකාවට එන්න හිතාගෙන හිටපු අපි අපේ තීරණය වෙනස් කරගෙන ඒක දවසකින් දීර්ඝ කර ගත්තා. මේක කර ගන්න පුළුවන් වුනේ අපිත් එක්ක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරපු දෙන්නෙක් අපිත් එක්ක හිටපු නිසා අභ්‍යන්තර ඇඳුනුම්කම් වලිනුයි.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝ මෙහෙම මට හිතුනා
    දැන් උබට ඔය ගමනට 2ලැක්
    වගේ ගියානේ ඉතින් මම දැක්ක බන්
    ජේට්වින් ට්‍රැවල් වල ජර්මන්, නිව්සිලන්ඩ්, සමහර යුරොප් කන්ට්‍රි වල ටුවර් වලට
    ගන්නේ 2 ලැක් වගේ ඉතින් ඒ වගේ රටකට යන එක ඔයිට වඩා ෆන් නැද්ද?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මචෝ මෙහෙම මට හිතුනා
    දැන් උබට ඔය ගමනට 2ලැක්
    වගේ ගියානේ ඉතින් මම දැක්ක බන්
    ජේට්වින් ට්‍රැවල් වල ජර්මන්, නිව්සිලන්ඩ්, සමහර යුරොප් කන්ට්‍රි වල ටුවර් වලට
    ගන්නේ 2 ලැක් වගේ ඉතින් ඒ වගේ රටකට යන එක ඔයිට වඩා ෆන් නැද්ද?

    2laks yanne na machan, normal shopping paarak dala oya balana than balala enna 1 lak yai uparima me kama bima idun hitun balana than wala ticket okkoma ekka. europe tours wala godak ewage breakfast witharayi denne, anika europe visa ganna ubata hoda income ekak thiyenawa kiyala pennanath one machan.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචෝ මෙහෙම මට හිතුනා
    දැන් උබට ඔය ගමනට 2ලැක්
    වගේ ගියානේ ඉතින් මම දැක්ක බන්
    ජේට්වින් ට්‍රැවල් වල ජර්මන්, නිව්සිලන්ඩ්, සමහර යුරොප් කන්ට්‍රි වල ටුවර් වලට
    ගන්නේ 2 ලැක් වගේ ඉතින් ඒ වගේ රටකට යන එක ඔයිට වඩා ෆන් නැද්ද?

    Newzealand walata wage 2laks ganne ekkenekta neda machan
    and additional ewa athi hangichcha ewa.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මචෝ මෙහෙම මට හිතුනා
    දැන් උබට ඔය ගමනට 2ලැක්
    වගේ ගියානේ ඉතින් මම දැක්ක බන්
    ජේට්වින් ට්‍රැවල් වල ජර්මන්, නිව්සිලන්ඩ්, සමහර යුරොප් කන්ට්‍රි වල ටුවර් වලට
    ගන්නේ 2 ලැක් වගේ ඉතින් ඒ වගේ රටකට යන එක ඔයිට වඩා ෆන් නැද්ද?

    ලක්ෂ 2ක් නම් යන්නෙ නෑ. උපරිම ලක්ෂ 1.5 ක් යයි ශොපින් කරන්නත් එක්ක. වැඩියෙන්ම ගාණක් යන්නෙ එයා ටිකට් එකටයි, නවතින තැනටයි තමයි. නවතින තැනක් ඕනේ නිදා ගන්න විතරනෙ. ගොඩක් වෙලාවට ඇවිදින එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ලාභ තැනක් හොයා ගන්න එක පොකට් එකට වාසියි.
    බලන්න යන තැන් වලත් පැකේජ් තියෙනව නම් ඒකක් අරගෙන ගියාම ටිකක් හරි ඉතුරු කර ගන්න පුලුවන්.
    අනික සිංගප්පූරුව කියන්නේ යනව නම් සල්ලි විසික් කරන්න බලාගෙන යන්න ඔනෙ රටක්. හැමදේම ගණන් :sorry:
    එහේ ගියාම කරන්න නරකම දේ තමයි ලංකාවෙ ගණන් එක්ක හැම තිස්සේම සසඳන එක. එහෙම කරලා තමන් ආස දේවල් නොකර හිටියොත් ඉතින් යන ගමනෙන් ඇති පලේ මොකද්ද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    2laks yanne na machan, normal shopping paarak dala oya balana than balala enna 1 lak yai uparima me kama bima idun hitun balana than wala ticket okkoma ekka. europe tours wala godak ewage breakfast witharayi denne, anika europe visa ganna ubata hoda income ekak thiyenawa kiyala pennanath one machan.

    කීයක් වගේ පෙන්නන ඔනද බන්
    1ලැක් වගේ මදිද?
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    thanks machan... last day eka ganath dapan.... universal studio eke entrance ticket ekata amatharawa athule thiyana rides walata wenama ticket da machan?