සතුට යනු?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සල්ලි ලැබුනත් කරන්න තියෙන්නෙ ඔය ටික පිනවන එක. දැන් ඔබට තිබෙන මුදල් වලිනුත් කරන්නෙ ඔය ටිකමයි. ඉතින් ඔබ හිතනවද මුදල් ලැබුනත් ඔය පසිදුරන් පිනවල ඉවර කරන්නට හැකි වෙවි කියා? එසේත් නැතිනම් ඔබට සිතෙන්නේ නැත්ද ජීවිත කාලයම ඔය පහ පිනවීම වෙනුවෙන්ම ගෙවී යන බව?

    මා මේ කියන්නට උත්සහ කරන්නේ සදාකාලික වූ සතුටක් ගැන.

    iwara karannanam baha eth bus ekaka yanawata wadiya lambogini ekaka yana eka wadath sathutuine neda ?
    hari kiyannako balanna oyage sadakalika sathuta mokakda kiyala ?:P:P
     
    Last edited:

    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    iwara karannanam baha eth bus ekaka yanawata wadiya lambogini ekaka yana eka wadath sathutuine neda ?
    hari kiyannako balanna oyage sadakalika sathuta mokakda kiyala ?:P:P

    බස් එකක යනකොට ලැම්බෝගිනි එකක යන තරම් ශරීරයට සැපක් නෑ තමයි. නමුත් ඔබ සිතන්න ලෝකයේ ඕනෙම රටක සමාන්‍ය කෙනෙකුට ලැම්බෝගිනියක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල? සමහරවිට ජීවිත කාලයම සල්ලි උපයන්න වෙනව නේද? අපි මදකට හිතමු අවුරුදු 25ක සාමන්‍ය පවුලක තරුණයෙක් යම් කෙනෙක් ලැම්බෝගිනියක යනව දැකලා එයා හිතා ගන්නව එයත් කවද හරි ලැම්බෝගිනියක් අරගෙන සැපට යනව කියල. එයා අවුරුදු 30ක් තිස්සෙ මහන්සි වෙලා මහන්සි වෙලා ලොකු පෝසතෙක් වෙලා අන්තිමට ලැම්බෝගිනියක් ගත්ත කියමු.

    දැන් මෙයාට අවුරුදු 55යි. එයාට ලැම්බෝගිනියක් ඕනෙ උනේ අවුරුදු 25දී. ඒ එක දේ වෙනුවෙන් එයාගෙ ජීවිතේ ලස්සනම සුන්දරම කාලෙ වැය කලා. එයා තව දුරටත් තරුණ කොල්ලෙක් නෙවෙයි. ලැම්බෝගිනියට නැංග කියමු. ඒකෙ මහා පුදුම සහගත දෙයක් තියෙනවද ඇත්තටම? ඕනෙම වාහනයක තියෙන දේවල්ම ටිකක් ඊට වඩා සැපපහසුවට තියෙනව. ඉතින් ඔය වාහනේ ඇතුලෙ ගියා කියල මහ ජොලියක් තියෙයිද? අනික වාහනයක් ඇතුලෙ කොටුවෙල ගොඩක් වෙලා ඉන්න එක කොහොමත් අමාරු දෙයක්නෙ. බලන්න එක දෙයක් ලබාගන්න ඕනෙ උන නිසා එයාට එයාගෙ ජීවිතේ විඳින්න බැරි උනා.

    මා මේ කියන්නට යන දේ බොහෝ දෙනෙක්ට තේරුම් නොයන්නට පුලුවන්. මා ඔබෙන් ඉල්ලන්නෙ මා කියූ මේ වදන් ටික හිතේ රඳවාගෙන නිරතුරුවම ඔබේ කටයුතු කරන්න කියල.

    මොකද අප හිතන විදියේ මහා පුදුම සහගත දේවල් මේ ලෝකෙ නෑ. ඕනෙම භෞතික දෙයක් තමන් සතු කර ගත්තට පස්සෙ තමයි තේරෙන්නෙ ඒකෙ තමන් හිතපු තරම් විශ්මය ජනක දෙයක් නැහැ කියල. උදාහරණයක් වශයෙන් අපි හිතපු සාමන්‍ය ෆෝන් එකක් තියෙන කෙනෙක් හිතනව Samsung S7 එකක් හරි iPhone 7 එකක් හරි කියන්නෙ මහා ලොකු දෙයක් කියල. නමුත් ඒකක් ගත්ත කෙනා දන්නව ඒ කියන තරම් ජොලියක් ඒකෙ නෑ කියල.

    main-qimg-1a240dbf1fe0ca7b90ae0145794f6dff-c.jpg
     
    Mar 4, 2017
    23
    2
    0
    සියලුම කුසල් සහ අකුසල් සංස්කාර, ඒවායින් ලැබෙන ප්‍රතිපල මේ සියල්ල අනිත්‍යයයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි පරම සතුට.
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මට නම් තේරෙන විදියට වයසත් එක්ක සතුට හොයන විදිය වෙනස් වෙනව. පුද්ගලයගෙන් පුද්ගලයට සතුට ලබන විදියත් වෙනස්. සාමන්‍ය ජිවිතෙ සතුට කියල හිතෙන්නෙ මනුස්සයෙක් ආර්තික, සෞඛය, මාන්සික, භෞතික, අද්‍යාත්මික, සමාජීය වශයෙන් තමන්ට් යන්න පුලුවන් උපරිමෙට යන එක. එක එක්කෙනට එ මට්ටම් වෙනස් වෙන්න පුලුවන්.බෞද්ධයෙක් විදියට සතුට කියල මම දකින්නෙ සසරින් එතෙර වීම. :):):)
     
    මිනිස්සු හිතන්නෙ සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ භෞතික දේවල් තමන් සතු කරගෙන ඒව කෙරෙහි ආසාවෙන් බැඳීමෙන් කියල. නමුත් අපිට භෞතික දේවල්, ඒව කෙරෙහි කිසිඳු බැඳීමකින් තොරව පරිහරනය කරන්න පුළුවන්නම් ඒක ඉතාම වටින දෙයක්. එතන තමයි නියම සතුට තියෙන්නෙ. ඒ කෙනා තමයි ඒ දෙයෙහි නියම ලස්සන දකින්නෙ.

    සාමාන්‍ය කෙනෙක් යම් ලස්සන දෙයක් දැක්කම ඒක තමන්ට හිමි නොවීම ගැන සිතමින්, නිරතුරුවම සිත යට තැවීමක් තියාගෙන තමයි එය විඳින්නෙ. එහෙම නැත්තන් එම වස්තුව දැනටමත් තමන්ට අයිතියි නම්, එය ඉදිරියටත් තමාගෙ කරගෙන ඒ දේ නඩත්තු කරමින් තමන්ට අවශ්‍ය සේ පවත්වමින් තියාගෙන සතුටු වෙන්න උත්තහ කරනව.ඒ වෙනුවෙන් එයා ගොඩක් වෙහෙසෙනව. නිරතුරුවම සිටින්නෙ විඩාවකින්. නමුත් සිතේ කිසි බැඳීමක් නැති කෙනෙක්ට යම් දෙයක් ලැබුනු විට ඒ දේ සමඟ ඒ කෙනාගෙ කිසි බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා එයා ඒ මොහොතේ ඒ දේ තිබෙන ලස්සන විඳිමින් සිටිනව. එය තමන්ගේ කරගන්නවත්, නඩත්තු කරමින් පවත්වන්නවත් ඒ කෙනාට අවශ්‍ය නැහැ. එයා ඉතාමත් ප්‍රභාස්වරව මේ ලෝකය දකිනවා.
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    සතුට යනු මගේ සිත තුල මා විසින් මවා ගන්නා තවත් එක් සිතුවිලි සමුදායක් පමනි..
     
    සතුට යනු කුමක්ද?

    කාලෙන් කාලෙට මේක වෙනස්වෙලා තියනවා මචෝ.

    ඉසරනං ලන්ච් ටයිම් 1 සිගරට් ගහන එක, හවසට ෆිල්ම් බලන්න යන එක , කෙල්ල හම්බ වෙන්න යන එක, දැන්නං ඉතින් ඒවා වෙනස්

    ළමයි දෙන්න ලගට අරං හවසට උන් මං ගාව නිදාගන්න 1

    wife එක්ක රැට අනාගතේ ගැන කතාකරන එක

    යාලුවෝ එක්ක ඉරිදට පොඩි බියර් 1 ගහන 1

    අනිතිමේදී බැංකු පොත් දිහා බලලත් දැන්නම් සතුටු වෙනවා :) ඉසරහට බලල අඩන්න වෙයිද දන්නේ නෑ :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Mata nam sathuta yanu duka ho sathuta kiyana dekama nodenena mohothak thiyenawanam anna ethanai. Mona de thibbath hithe sathuta ne ban. Mata epa wela ban inne :(
     
    සතුට කියලා අපි සොයන්නෙ මොනවද? ඒ දේවල් වල ඇත්තටම සතුටක් තියනවද? සතුට ගැන අරුත් දක්වන්න බෑ මිත්‍රයා. අද සතුටක් වන ඕනම දෙයක් හෙට වෙද්දි දුකක්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බස් එකක යනකොට ලැම්බෝගිනි එකක යන තරම් ශරීරයට සැපක් නෑ තමයි. නමුත් ඔබ සිතන්න ලෝකයේ ඕනෙම රටක සමාන්‍ය කෙනෙකුට ලැම්බෝගිනියක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල? සමහරවිට ජීවිත කාලයම සල්ලි උපයන්න වෙනව නේද? අපි මදකට හිතමු අවුරුදු 25ක සාමන්‍ය පවුලක තරුණයෙක් යම් කෙනෙක් ලැම්බෝගිනියක යනව දැකලා එයා හිතා ගන්නව එයත් කවද හරි ලැම්බෝගිනියක් අරගෙන සැපට යනව කියල. එයා අවුරුදු 30ක් තිස්සෙ මහන්සි වෙලා මහන්සි වෙලා ලොකු පෝසතෙක් වෙලා අන්තිමට ලැම්බෝගිනියක් ගත්ත කියමු.

    දැන් මෙයාට අවුරුදු 55යි. එයාට ලැම්බෝගිනියක් ඕනෙ උනේ අවුරුදු 25දී. ඒ එක දේ වෙනුවෙන් එයාගෙ ජීවිතේ ලස්සනම සුන්දරම කාලෙ වැය කලා. එයා තව දුරටත් තරුණ කොල්ලෙක් නෙවෙයි. ලැම්බෝගිනියට නැංග කියමු. ඒකෙ මහා පුදුම සහගත දෙයක් තියෙනවද ඇත්තටම? ඕනෙම වාහනයක තියෙන දේවල්ම ටිකක් ඊට වඩා සැපපහසුවට තියෙනව. ඉතින් ඔය වාහනේ ඇතුලෙ ගියා කියල මහ ජොලියක් තියෙයිද? අනික වාහනයක් ඇතුලෙ කොටුවෙල ගොඩක් වෙලා ඉන්න එක කොහොමත් අමාරු දෙයක්නෙ. බලන්න එක දෙයක් ලබාගන්න ඕනෙ උන නිසා එයාට එයාගෙ ජීවිතේ විඳින්න බැරි උනා.

    මා මේ කියන්නට යන දේ බොහෝ දෙනෙක්ට තේරුම් නොයන්නට පුලුවන්. මා ඔබෙන් ඉල්ලන්නෙ මා කියූ මේ වදන් ටික හිතේ රඳවාගෙන නිරතුරුවම ඔබේ කටයුතු කරන්න කියල.

    මොකද අප හිතන විදියේ මහා පුදුම සහගත දේවල් මේ ලෝකෙ නෑ. ඕනෙම භෞතික දෙයක් තමන් සතු කර ගත්තට පස්සෙ තමයි තේරෙන්නෙ ඒකෙ තමන් හිතපු තරම් විශ්මය ජනක දෙයක් නැහැ කියල. උදාහරණයක් වශයෙන් අපි හිතපු සාමන්‍ය ෆෝන් එකක් තියෙන කෙනෙක් හිතනව Samsung S7 එකක් හරි iPhone 7 එකක් හරි කියන්නෙ මහා ලොකු දෙයක් කියල. නමුත් ඒකක් ගත්ත කෙනා දන්නව ඒ කියන තරම් ජොලියක් ඒකෙ නෑ කියල.

    main-qimg-1a240dbf1fe0ca7b90ae0145794f6dff-c.jpg
    මචන් උබ ඔය කියල තියෙන්නේ සතුට ගැන නෙවෙයි ආශාව ගැන . ආශාවන් වලට සැහීමකට පත්වෙන්න බැ. සතුට කියන්නේ වෙනම දෙයක්.:yes::yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,302
    12,557
    113
    Piliyandala
    සතුටින් ඉන්න මුදල් ද අනිවා සාධකයක් වෙලා.... මිනිස්සු වර්ග දෙකක්ම අරන් බලන්න ... මුදල් අඩුපාඩු මිනිහටයි මුදල් හොඳට තියෙන මිනිහටයි දෙන්නටම හාර්ට් ඇටැක් එකක් හැදෙනවා...... සල්ලි නැති එකා රජයේ රෝහලේ බෙහෙත් අරන් ලිස්ට් එකෙන් බලන් ඉන්නවා ඔපරේෂන් එක කරගන්න... අතර මග අමාරු වෙලා උ මැරෙනවා හැබැයි සල්ලි තියෙන එකා ඒක පටස් ගලා කරගෙන ටිකට් කපන් ගෙදර එනවා... එදාම දුප්පත් එකා පෙට්ටියෙන් ගෙදර එනවා,..එක පවුලක් සතුටින් අනිත් පුවලම දුකින්... ගෙනාපු යුෂත් සල්ලි මත තීරණය වෙන අවස්ථාද නැතුව නොවේ.. හැම වෙලාවෙම එහෙම නෑ නමුත් වෙන වෙලාවකුත් තියෙනවා මෙහෙම දේවල් දැක්කම....

    ලෙඩට දුකට ගන්න සල්ලි ඉතුරු කර තබා ගැනීම නුවනට හුරුයි.....:yes::yes::yes::yes:
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    සතුට කියලා අපි සොයන්නෙ මොනවද? ඒ දේවල් වල ඇත්තටම සතුටක් තියනවද? සතුට ගැන අරුත් දක්වන්න බෑ මිත්‍රයා. අද සතුටක් වන ඕනම දෙයක් හෙට වෙද්දි දුකක්.

    සදාකාලික සතුටක් පවතී.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    මචන් උබ ඔය කියල තියෙන්නේ සතුට ගැන නෙවෙයි ආශාව ගැන . ආශාවන් වලට සැහීමකට පත්වෙන්න බැ. සතුට කියන්නේ වෙනම දෙයක්.:yes::yes::yes::yes:

    සියලු බැඳීම් වලින් තොර වීමෙන්, නිරාමිස සතුටක් ඇති වේ. නිවන් සැප/ නිවන් සුව යනු එයයි. දුකින් මිදීමෙන් ලැබෙන්නෙ සතුටක්/සුවයක්.