සල්ලි ලැබුනත් කරන්න තියෙන්නෙ ඔය ටික පිනවන එක. දැන් ඔබට තිබෙන මුදල් වලිනුත් කරන්නෙ ඔය ටිකමයි. ඉතින් ඔබ හිතනවද මුදල් ලැබුනත් ඔය පසිදුරන් පිනවල ඉවර කරන්නට හැකි වෙවි කියා? එසේත් නැතිනම් ඔබට සිතෙන්නේ නැත්ද ජීවිත කාලයම ඔය පහ පිනවීම වෙනුවෙන්ම ගෙවී යන බව?
මා මේ කියන්නට උත්සහ කරන්නේ සදාකාලික වූ සතුටක් ගැන.


iwara karannanam baha eth bus ekaka yanawata wadiya lambogini ekaka yana eka wadath sathutuine neda ?
hari kiyannako balanna oyage sadakalika sathuta mokakda kiyala ?![]()



මට නම් තේරෙන විදියට වයසත් එක්ක සතුට හොයන විදිය වෙනස් වෙනව. පුද්ගලයගෙන් පුද්ගලයට සතුට ලබන විදියත් වෙනස්. සාමන්‍ය ජිවිතෙ සතුට කියල හිතෙන්නෙ මනුස්සයෙක් ආර්තික, සෞඛය, මාන්සික, භෞතික, අද්‍යාත්මික, සමාජීය වශයෙන් තමන්ට් යන්න පුලුවන් උපරිමෙට යන එක. එක එක්කෙනට එ මට්ටම් වෙනස් වෙන්න පුලුවන්.බෞද්ධයෙක් විදියට සතුට කියල මම දකින්නෙ සසරින් එතෙර වීම.![]()
ඉසරහට බලල අඩන්න වෙයිද දන්නේ නෑ 
සතුට යනු මගේ සිත තුල මා විසින් මවා ගන්නා තවත් එක් සිතුවිලි සමුදායක් පමනි..


Mata nam sathuta yanu duka ho sathuta kiyana dekama nodenena mohothak thiyenawanam anna ethanai. Mona de thibbath hithe sathuta ne ban. Mata epa wela ban inne![]()

මචන් උබ ඔය කියල තියෙන්නේ සතුට ගැන නෙවෙයි ආශාව ගැන . ආශාවන් වලට සැහීමකට පත්වෙන්න බැ. සතුට කියන්නේ වෙනම දෙයක්.බස් එකක යනකොට ලැම්බෝගිනි එකක යන තරම් ශරීරයට සැපක් නෑ තමයි. නමුත් ඔබ සිතන්න ලෝකයේ ඕනෙම රටක සමාන්‍ය කෙනෙකුට ලැම්බෝගිනියක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල? සමහරවිට ජීවිත කාලයම සල්ලි උපයන්න වෙනව නේද? අපි මදකට හිතමු අවුරුදු 25ක සාමන්‍ය පවුලක තරුණයෙක් යම් කෙනෙක් ලැම්බෝගිනියක යනව දැකලා එයා හිතා ගන්නව එයත් කවද හරි ලැම්බෝගිනියක් අරගෙන සැපට යනව කියල. එයා අවුරුදු 30ක් තිස්සෙ මහන්සි වෙලා මහන්සි වෙලා ලොකු පෝසතෙක් වෙලා අන්තිමට ලැම්බෝගිනියක් ගත්ත කියමු.
දැන් මෙයාට අවුරුදු 55යි. එයාට ලැම්බෝගිනියක් ඕනෙ උනේ අවුරුදු 25දී. ඒ එක දේ වෙනුවෙන් එයාගෙ ජීවිතේ ලස්සනම සුන්දරම කාලෙ වැය කලා. එයා තව දුරටත් තරුණ කොල්ලෙක් නෙවෙයි. ලැම්බෝගිනියට නැංග කියමු. ඒකෙ මහා පුදුම සහගත දෙයක් තියෙනවද ඇත්තටම? ඕනෙම වාහනයක තියෙන දේවල්ම ටිකක් ඊට වඩා සැපපහසුවට තියෙනව. ඉතින් ඔය වාහනේ ඇතුලෙ ගියා කියල මහ ජොලියක් තියෙයිද? අනික වාහනයක් ඇතුලෙ කොටුවෙල ගොඩක් වෙලා ඉන්න එක කොහොමත් අමාරු දෙයක්නෙ. බලන්න එක දෙයක් ලබාගන්න ඕනෙ උන නිසා එයාට එයාගෙ ජීවිතේ විඳින්න බැරි උනා.
මා මේ කියන්නට යන දේ බොහෝ දෙනෙක්ට තේරුම් නොයන්නට පුලුවන්. මා ඔබෙන් ඉල්ලන්නෙ මා කියූ මේ වදන් ටික හිතේ රඳවාගෙන නිරතුරුවම ඔබේ කටයුතු කරන්න කියල.
මොකද අප හිතන විදියේ මහා පුදුම සහගත දේවල් මේ ලෝකෙ නෑ. ඕනෙම භෞතික දෙයක් තමන් සතු කර ගත්තට පස්සෙ තමයි තේරෙන්නෙ ඒකෙ තමන් හිතපු තරම් විශ්මය ජනක දෙයක් නැහැ කියල. උදාහරණයක් වශයෙන් අපි හිතපු සාමන්‍ය ෆෝන් එකක් තියෙන කෙනෙක් හිතනව Samsung S7 එකක් හරි iPhone 7 එකක් හරි කියන්නෙ මහා ලොකු දෙයක් කියල. නමුත් ඒකක් ගත්ත කෙනා දන්නව ඒ කියන තරම් ජොලියක් ඒකෙ නෑ කියල.
![]()








සතුට කියලා අපි සොයන්නෙ මොනවද? ඒ දේවල් වල ඇත්තටම සතුටක් තියනවද? සතුට ගැන අරුත් දක්වන්න බෑ මිත්‍රයා. අද සතුටක් වන ඕනම දෙයක් හෙට වෙද්දි දුකක්.
මචන් උබ ඔය කියල තියෙන්නේ සතුට ගැන නෙවෙයි ආශාව ගැන . ආශාවන් වලට සැහීමකට පත්වෙන්න බැ. සතුට කියන්නේ වෙනම දෙයක්.![]()