ඔබ වෙනුවෙන් SAITM සහතිකය
සයිටම් සහතිකය
උදේම මුහුණු පොතේ මල්ලි කෙනෙක් මේක දාල තිබුන
මල්ලිට උත්තරයක් නොදී බෑ කියාලා හිතුන නිසා මේ කියනේ ..
මම සහතික වෙනවා අපි ඔයාල වෙනුවෙන් අපේ channeling වලදී සත පහක් ගන්නේ නෑ කියල ..
ඔව් නංගියේ මල්ලියේ , ඔයාල කවද හරි අපි ගාවට බේත් ගන්න අවොත් ඔය දීපු කොලේ අරන් එන්න අපි එතකොට නිකන් බේත්හේත් පරීක්ෂණ සේරම කරනවා.
කොලේ අරන් එන්න කිව්වේ ඉතින් අපිට බෑනේ හැමෝටම නිකන් බේත දෙන්න , අම්ම තාත්තා අපි වෙනුවෙන් වියදම් කරපු ලක්ෂ 90 අඩුගානේ අවුරුදු 5කින් වත් හොයාගන්න ඕනි
ඒකට ඉතින් අඩුගානේ මාසෙකට ලක්ෂ 1.5 ක් වත් ශුද්ධ ලාබය ලබන්න ඕනි .. ඉතින් හැමෝටම නිකක් බේත් දෙන්න නම් වෙන්නේ නෑ..
ඔය කොලේ නැති උනොත් අඩු ගානේ මේ post එකේ printout එකක් වත් අරන් එන්න ...
උදේම මුහුණු පොතේ මල්ලි කෙනෙක් මේක දාල තිබුන
අද ටියුට් එකයි පේපර් එකයි එක්ක තව අමුතු ජාතියේ කොළයක් හම්බුනා.. ලොකුවටම ලියල තිබ්බේ "ආදරණීය නංගියේ මල්ලියේ" කියල.. හැබැයි ඉතින් ඒක ලියපු අයනම් අපිව ඇහැටවත් දැකල නැ..
කියලනම් තියෙන්නෙ කැම්පස් යන්න හම්බෙන්නෙ 23% වගේ පොඩි ගානකටලු.. අනික් 77% ට කැම්පස් යන්න වෙන් නෑලු ඒක හරි අසාදරණයි කියල තමා.. ඇත්ත නේන්නම්.. ගන්න ගාන වැඩි කරන්න ඒ අයියලා අක්කලා මොකක් හරි ක්රමයක් හදන්න යනවදවත් කියල හිතල තව ටිකක් කියෝගෙන ගියාම තියනවා විසදුමක්![]()
හරි අපූරු විසදුමක් තමා ඒ අයියල අක්කල දීල තියෙන්නෙ.. ලංකාවේ ප්රයිවෙට් කැම්පස් දාන්න ඕනෙලු එතකොට හරිලු..මෙඩිකල් ෆැකල්ටි නූලෙන් මිස් වෙන අයට ඒකට යන්න පුලුවන්ලු. හැබැයි කෝටි එකහමාරක් විතර ඕනෙලු
![]()
ප්රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි නැති එක් බයෝ කරන අයට කරන අසාදාරණයක්ලු.
කැම්පස් ගිය අයියලා පෙලපාලි යන්නේ අපේ අද්යාපනය ලැබිමෙ අයොතිය නැති කරන්නලු..සයිටම් ජනසතු කරොත් අපේ අද්යාපනය ලැබීමෙ අයිතිය නැති වෙනවලු..
ඒ ටික කියවද්දිනම් හිනා නොවී ඉන්න බැරිම උනා ඉතින්..
තව ඒ අයියලා කියනවා එයාලට ලංකාවෙ නැත්නම් වෙන රටවල ලොකු ලොකු කැම්පස් වලට ගිහින් අපා දුක් විදින්න වෙනවලු.. එයාලට අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා ඉන්න බෑලු.. (පව් දෙයියනේ කාගෙ උනත් දරුවෙක්නේ නේද)
ඒක හින්දා සයිටම් වගේ තව ඒව අරින්න දෙන්නලු.. එයාල සල්ලි තියන හින්දා අම්මල තත්තලා ගාවට වෙලා ඉගෙන ගන්නම්ලු.. අපිට මොකේ මොක උනත් එයාලට කමක් නැතිලු..අපොට කැම්පස් යන්න ලැබුනත් නැතත් මෙඩිසින් යන්න ලැබුනත් නැතත් කමක් නාලු.. එයාලගෙ ඩිග්රිය අරගන්න එයාල වෙනුවෙන් නැගී ඉන්ටලු
![]()
අනේ අපිට ඉතින් මොන කැම්පස්ද නේද ගමේ එකා ගමට වෙලා කුබුරක් කොටන් ඉන් නැතිව දොස්තරලා වෙන්ඩ යනවනෙ නේද.. අපි ඔන්න ඔහේ ඒ ළමයින්ට අම්මල තාත්තලා ගාවට වෙලා ඉගෙන ගන්න දෙමු..
අපිට කොච්චර වැඩ පුලුවන් උනත් වැඩක් යැ අපිට සල්ලි නෑනෙ..
SAITM එකේ ළමයි ඊට පස්සෙ චැනලින් සෙන්ටර් වලින් අපිට නිකම් බෙහෙත් දෙයිද දන්නෑ නේදඇයි දෙයියනේ එයාලව අම්මල තාත්තලා ගාව තියාන දොස්තර විභාගෙ කරන්න අපිත් සපෝට් එක දුන්නනෙ..