ඔබ වෙනුවෙන් SAITM සහතිකය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔබ වෙනුවෙන් SAITM සහතිකය

    සයිටම් සහතිකය

    උදේම මුහුණු පොතේ මල්ලි කෙනෙක් මේක දාල තිබුන

    SLGvilZ.png

    17264613_748727528620353_730364732910964475_n.jpg

    අද ටියුට් එකයි පේපර් එකයි එක්ක තව අමුතු ජාතියේ කොළයක් හම්බුනා.. ලොකුවටම ලියල තිබ්බේ "ආදරණීය නංගියේ මල්ලියේ" කියල.. හැබැයි ඉතින් ඒක ලියපු අයනම් අපිව ඇහැටවත් දැකල නැ.. 😒
    කියලනම් තියෙන්නෙ කැම්පස් යන්න හම්බෙන්නෙ 23% වගේ පොඩි ගානකටලු.. අනික් 77% ට කැම්පස් යන්න වෙන් නෑලු ඒක හරි අසාදරණයි කියල තමා.. ඇත්ත නේන්නම්.. ගන්න ගාන වැඩි කරන්න ඒ අයියලා අක්කලා මොකක් හරි ක්‍රමයක් හදන්න යනවදවත් කියල හිතල තව ටිකක් කියෝගෙන ගියාම තියනවා විසදුමක් 💡
    හරි අපූරු විසදුමක් තමා ඒ අයියල අක්කල දීල තියෙන්නෙ.. ලංකාවේ ප්‍රයිවෙට් කැම්පස් දාන්න ඕනෙලු එතකොට හරිලු.. 🤒 මෙඩිකල් ෆැකල්ටි නූලෙන් මිස් වෙන අයට ඒකට යන්න පුලුවන්ලු. හැබැයි කෝටි එකහමාරක් විතර ඕනෙලු 😱😱
    ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි නැති එක් බයෝ කරන අයට කරන අසාදාරණයක්ලු. 😌
    කැම්පස් ගිය අයියලා පෙලපාලි යන්නේ අපේ අද්‍යාපනය ලැබිමෙ අයොතිය නැති කරන්නලු.. 😱😱 සයිටම් ජනසතු කරොත් අපේ අද්‍යාපනය ලැබීමෙ අයිතිය නැති වෙනවලු.. 😤😤
    😂 ඒ ටික කියවද්දිනම් හිනා නොවී ඉන්න බැරිම උනා ඉතින්..
    තව ඒ අයියලා කියනවා එයාලට ලංකාවෙ නැත්නම් වෙන රටවල ලොකු ලොකු කැම්පස් වලට ගිහින් අපා දුක් විදින්න වෙනවලු.. එයාලට අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා ඉන්න බෑලු.. (පව් දෙයියනේ කාගෙ උනත් දරුවෙක්නේ නේද 😷😭)
    ඒක හින්දා සයිටම් වගේ තව ඒව අරින්න දෙන්නලු.. එයාල සල්ලි තියන හින්දා අම්මල තත්තලා ගාවට වෙලා ඉගෙන ගන්නම්ලු.. අපිට මොකේ මොක උනත් එයාලට කමක් නැතිලු.. 😊 අපොට කැම්පස් යන්න ලැබුනත් නැතත් මෙඩිසින් යන්න ලැබුනත් නැතත් කමක් නාලු.. එයාලගෙ ඩිග්‍රිය අරගන්න එයාල වෙනුවෙන් නැගී ඉන්ටලු 💪🏼🤒
    😖😖😖 අනේ අපිට ඉතින් මොන කැම්පස්ද නේද ගමේ එකා ගමට වෙලා කුබුරක් කොටන් ඉන් නැතිව දොස්තරලා වෙන්ඩ යනවනෙ නේද.. අපි ඔන්න ඔහේ ඒ ළමයින්ට අම්මල තාත්තලා ගාවට වෙලා ඉගෙන ගන්න දෙමු..
    අපිට කොච්චර වැඩ පුලුවන් උනත් වැඩක් යැ අ
    පිට සල්ලි නෑනෙ.. 😌😌😌
    SAITM එකේ ළමයි ඊට පස්සෙ චැනලින් සෙන්ටර් වලින් අපිට නිකම් බෙහෙත් දෙයිද දන්නෑ නේද 😌😌 ඇයි දෙයියනේ එයාලව අම්මල තාත්තලා ගාව තියාන දොස්තර විභාගෙ කරන්න අපිත් සපෝට් එක දුන්නනෙ.. 😊

    මල්ලිට උත්තරයක් නොදී බෑ කියාලා හිතුන නිසා මේ කියනේ ..

    මම සහතික වෙනවා අපි ඔයාල වෙනුවෙන් අපේ channeling වලදී සත පහක් ගන්නේ නෑ කියල ..

    ඔව් නංගියේ මල්ලියේ , ඔයාල කවද හරි අපි ගාවට බේත් ගන්න අවොත් ඔය දීපු කොලේ අරන් එන්න අපි එතකොට නිකන් බේත්හේත් පරීක්ෂණ සේරම කරනවා.
    කොලේ අරන් එන්න කිව්වේ ඉතින් අපිට බෑනේ හැමෝටම නිකන් බේත දෙන්න , අම්ම තාත්තා අපි වෙනුවෙන් වියදම් කරපු ලක්ෂ 90 අඩුගානේ අවුරුදු 5කින් වත් හොයාගන්න ඕනි
    ඒකට ඉතින් අඩුගානේ මාසෙකට ලක්ෂ 1.5 ක් වත් ශුද්ධ ලාබය ලබන්න ඕනි .. ඉතින් හැමෝටම නිකක් බේත් දෙන්න නම් වෙන්නේ නෑ..

    :love:ඔය කොලේ නැති උනොත් අඩු ගානේ මේ post එකේ printout එකක් වත් අරන් එන්න ... :love:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    නවත්තන්න කිය කිය දඟලනවට වඩා හොඳ නැද්ද අදාල පාර්ශව එක්ක කතා කරල ගුණාත්මක භාවය වැඩි කරන්න දෙයක් කරන එක? මෙච්චර ජනතාවට ආදරේ නම් ඇයි කැම්පස් ගන්න ගාන වැඩි කරල දෙන්න පවු අපේ කොල්ලො කෙල්ලො කියල පාරට බැස්සෙ නැත්තෙ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    2012 da koheda kiyalane monaada wenas karaganna one quality ekata kiyala. Lamayingen salli aran saakkuwe dagattata nevil lokka ea wade karala nea. patta horek neda machan.

    anthare wada nam adala nea. habayi entrance wadi karanna kiyana ekatathkea gahanawa board gahala thiyenawa dakala thiye..
     
    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    මම දැන් ටික කාලෙකට ඉස්සෙල්ල කවුන්සලින්වලට ගියා මගෙ 1 ලව් එක කැඩුනට පස්සෙ, රටේ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙක් ලඟට (රූපවාහිනියෙත් නිතර දකින්න ඉන්න පොරක්) පොර විනාඩි 1 මාත් එකක් කතා කරල රෙස්පිරඩෝන් කියන ටැබ්ලට් එක ලියල මට කියනවා කැමති දේ කරන්න බෑලු. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන උන් අපිට උපදෙස් දෙනවා" කැමති දේ කරන්න බෑ" කියල. උන් උන්ට ඕනෙ දේ කරනව, GMOA එක ෆැසිස්ට් වාදී සංවිධානය්ක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මගේ පෞද්ගලික අත්දැකීමක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දැන් ටික කාලෙකට ඉස්සෙල්ල කවුන්සලින්වලට ගියා මගෙ 1 ලව් එක කැඩුනට පස්සෙ, රටේ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙක් ලඟට (රූපවාහිනියෙත් නිතර දකින්න ඉන්න පොරක්) පොර විනාඩි 1 මාත් එකක් කතා කරල රෙස්පිරඩෝන් කියන ටැබ්ලට් එක ලියල මට කියනවා කැමති දේ කරන්න බෑලු. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන උන් අපිට උපදෙස් දෙනවා" කැමති දේ කරන්න බෑ" කියල. උන් උන්ට ඕනෙ දේ කරනව, GMOA එක ෆැසිස්ට් වාදී සංවිධානය්ක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මගේ පෞද්ගලික අත්දැකීමක්

    GMOA ta wada wadagath wenne SLMC.UNION wala honda naraka dekama thiyenawa. mokadasamajikathwaya wenuwenuth inna wenawane... habai SLMC idiriyatath swadeenawa rata wenuwenma sitiya yutuyi... eyala mulinma SAITM ekata warta deela tyenawa...Badly ignored :dull:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    කෙසිරියට හරියට උගන්නගන්ඩ බෑ කටපාඩමින් ඕක බෝර්ඩ් එකේ ල්යන්නේ පස්සේ මැද හරිය මකල ආයේ ලියනවා.. ඔහොම තම ඒ එල් වලට පුරුදුකරන්නේ ..
    දැන් පනතිවල කටු කාගෙන ගිහින් saitm එන්ඩ කියනවා හරියට උගන්නන sir කෙනෙක් ඔහොම කියය්ද
    ඕකගේ chemestry standerd නැහැ හරියටම ටිඋට් බලපු අයට තේරෙයි.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කෙසිරියට හරියට උගන්නගන්ඩ බෑ කටපාඩමින් ඕක බෝර්ඩ් එකේ ල්යන්නේ පස්සේ මැද හරිය මකල ආයේ ලියනවා.. ඔහොම තම ඒ එල් වලට පුරුදුකරන්නේ ..
    දැන් පනතිවල කටු කාගෙන ගිහින් saitm එන්ඩ කියනවා හරියට උගන්නන sir කෙනෙක් ඔහොම කියය්ද
    ඕකගේ chemestry standerd නැහැ හරියටම ටිඋට් බලපු අයට තේරෙයි.

    ඒක තමා කියන්නේ අපිට AL වලට ලකුණු අඩු උනේ ඔයවගේ ගුරු වරු නිසා ..

    ඔහොම එකක් ඒ දවස් වල තේරුනා නම් වෙන පන්තියකට ගිහින් medicine යන්න පාස් වෙනවා ..

    අඩු ගානේ දෙවෙනි පාර හරි වෙන පන්තියකට යනවා .

    අපිත් ආසයි දොස්තරලා වෙන්න. අපිට වැරදුනේ අපේ ගුරු වරු නිසා ..
    අපි දැනුත් කුයන්නේ ඒකයි. saitm ගුරුවරුන්ගේ අඩු පාඩු ඇති ඒ වැරදි වලට පස්සේ කාලෙක අපෙන් බේත් ගන්න ලෙඩ්ඩුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනොත් ඒක ලොකු අපරාධයක් .
    එකයි අපි කියන්නේ කුහක වෙන්නේ නැතුව GMOA එකට අපිටත් රජයේ රෝහල් වල සුදුසුකම් ලත් දොස්තර වරුන් එක්ක ඉගෙන ගෙන නිසි පුහුණුව ලබාගන්න ඉඩ දෙන්න කියල

    :dull::dull:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    SAITM එකේ කරන්නේ වෙළදාමක් MBBS වත් PATIENT ගැන වත් නෙවිල් හිතන්නේ නෑ. එකයි ඕකට ART කලත් යන්න පුළුවන් එහෙම උනාම එන්ට්‍ර් CRITERIA නැති අයාලේ උපාදි දෙන කඩයක් වෙනවා. ඕකට ළමයි දාපු දෙමව්පියන්ගේ වරද තමා ඒ අයගේ ළමයි ගේ LIFE එකත් එක්ක සෙල්ලම් කරපු එක. අනික ඕවගේ සල්ලියට ගියාම මහන්සිවෙලා ඉගෙන ගත්තු GOVT වයිද්‍ය ශිෂ්‍යයන්ට ලොකු අසාදාරනයක් වෙනවා
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V

    I don't know whether this is true
    but if its ,then I must say from my experience people who haven't studied science for A/L have relatively less brain capacity ,i'm not saying they are stupid.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    I don't know whether this is true
    but if its ,then I must say from my experience people who haven't studied science for A/L have relatively less brain capacity ,i'm not saying they are stupid.
    art karapu aya aran tyenawa aran unta biology phy chem kalin course ekak dunnalu.. ekath gonata andeemak wage thama karala tyenne A to Z this is a cheat
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I don't know whether this is true
    but if its ,then I must say from my experience people who haven't studied science for A/L have relatively less brain capacity ,i'm not saying they are stupid.

    නැහැ. ඔවුන්ගේ කිසිම බ්‍රේන් කැපෑසිටියේ අඩුවක් නැහැ... සයන්ස් විෂය කරන අය දක්ෂ වෙන්නේ ඇනලිටිකල් මයින්ඩ් එක වැඩිපුර යෙදවීම පැත්තෙන්.... කලා විෂය ධාරාව කරන අයගේ තියෙන්නේ තර්කනය නෙවෙයි සෞන්දර්ය... ඒකටත් බ්‍රේන් එක ඕනේ...

    කලාව තියෙන සයන්ස්කාරයෝ ගොඩක් හොඳයි මේ සමාජයට... මොකද කලාවට හදවත හුඟක් සම්බන්ධ නිසා... :dull:
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    SAITM ගැන මා දරණ මතය මම දන්නා දෙයක් ඇසුරින් ලියමි. ශ්‍රී ලංකාවේ මෙන්ම 99% වූ අනෙක් රටවල් වල ගුවන් නියමුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර ලබාගන්නේ අතින් වියදම් කරගෙනය.
    රජයෙන් වියදම් දරා පිනට දෙන ලබ්බක් නැත. එහෙමයි කියා අද ගුවන් නියමුවන් වී සිටිනවුන් ගේ බහුතරයක් වූ දෙමාපියන්ට කෝටියක් දේපලද නැත.
    පෞද්ගලිකව මාගේ දෙමාපියන් ගෙවල් උකස්කර මට මුදල් සොයා දුනි.
    "උසස් පුහුණුවක්" ලබා දෙන්න යයි කියා රජයෙන් පිහිටවූ ගුවන් නියමු පාසල් ද නැත. අපට ඕනෑම රටකට ගොස් පුහුණුවී පැමිනිය හැකිය. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රීලංකාවට අයත් බලපත්‍රය නිසිලෙස තාක්ෂණික දැනුම් පරීක්ෂණ හා ගුවන් පරීක්ෂණ වලින් අනතුරුව ලබාගතයුතු වේ.
    ඔය සියලුදෙයින් පසු වලින් පසු රජයෙන් මෙන්න ගන්න එන්න කියා රැකියා ලබදෙන්නේද නැත. මා පෞද්ගලිකව වසර තුනක් පුරා උත්සාහ කර, රැකියාව ලබාගත්තෙමි, වසර දහය දොලහ තවමත් උත්සාහ කරන්නන් මා අදුනන්නෙමි.
    එහෙමයි කියා අපට ලිප්ටන් වටරවුමේ කලු පටි පැලද පිකටින් කරන්නට අයිතියක් ද නැත. මිලියන 10-15 වියදම් කරපු ගුවන් බලපත්‍රධාරීන් 250-300 අදටත් රැකියා විරහිතව ඇත, නමුත් එකෙක්වත් වටරවුම් වල නැත.
    කෙසේ හෝ..
    ඔබ හෙට යන ගුවන් ගමනේ නියමුවන් ගැන ඔබ මොනවා දන්නවාද? නම? ජාතිය? සුදුසුකම්? පලපුරුදුකම්? ඔබ මොනවත් නොදනී, නමුත් ගුවනේදී ඔබ කා බී MOVIE බලා නිදාගත්තාට ගුවන් නියමුවන්ගේ දක්ශතා නොවන්නට ඔබ මැරුණු තැන්වල ගසුත් පැලවී තිබෙන්නට තිබුනි.
    ගුවන් නියමුවන් ගේ වරදින් ඔවුන් ඇතුලුව මගීන් අඩුමතරමින් 150-200 මිය යා හැකිය. වෛද්‍යවරුන්ට වැරදුනොත් ඔහුට ගෙදර යාහැකිය.
    වෛද්‍ය වෘතියද අනෙකුත් වෘතීන් මෙන්ම වෘතියකි. ඊට පෙර ජන්මානුගත පින් බලයක් අවශ්‍ය නොවේ. නිවැරදි පුහුණුව තුලින් උත්සාහයෙන් නුවණින් ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඕණෑම වෘතිකයෙක් විය හැකිය.
    British airways ගුවන් යානයක කැප්ටන් wind shield එකෙන් එලියට විසිවුනේ, පෙර රාත්‍රියේ සවිකරපු එක වැරදි වර්ගයේ ඇනයක් නිසාවෙනි. එමනිසා ගරු වෛද්‍යවරුන් කියනා ලෙසට ඔවුන් විතරක් උතුම් නොවෙති. පාර අතුගාන මනුස්සයා සුලං හමන දිශාව සහ වේගය තකන්නේ නැත්නම් අපිකන්නේ බත් සමග වැලිය. එමනිසා සියලු රැකියා වැදගත්වේ.
    අපේ ලංකාවේ කතාව වෙනස්ය.
    රජයේ වියදමෙන් උගන්වා රජයෙන්ම රැකියා ලබාදී රජයෙන්ම පඩි ගෙවා අපි වෛද්‍යවරු බිහිකරයි.
    ඔවුන් වාහන පර්මිට් ඉල්ලා ලෙඩ්ඩු මරති, ඔවුන්ගේ ලමුන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා ලෙඩ්ඩු මරති,
    හැබැයි ලෙඩ්ඩු ගැන සිතා යැයි කියා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසන්නට බලකරමින්ද ලෙඩ්ඩු මරති.
    පෞද්ගලිකව ප්‍රබාකරන්ගෙන් පසුව ලංකාවේ බිහිවූ සාමාන්‍ය ජනතාව බිල්ලට තබා ඉල්ලීම් කරන එකම සංවිධානය මේ වෛද්‍ය සංගමය යැයි මා සිතමි.
    ප.ලි. - රජයේ රෝහල් වලට මම වලට Conjuring 2 වලට වඩා බියවෙමි, දකුණු කකුලට වම් කකුල කපා ගන්නවත් ගෝස් බඩ ඇතුලේ ඉතිරි කර සැත්කම් කරගන්නවත් මම අකමැතිය.
    සුලුතරයක්වූ සැබෑ රජයේ/රජයේ නොවනඋතුම් වූ ජීවකයින් හට මෙය අපහාසයක් නොවන බවද සලකන්න.
    Copied: Harith Perera

    :rolleyes:
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ. ඔවුන්ගේ කිසිම බ්‍රේන් කැපෑසිටියේ අඩුවක් නැහැ... සයන්ස් විෂය කරන අය දක්ෂ වෙන්නේ ඇනලිටිකල් මයින්ඩ් එක වැඩිපුර යෙදවීම පැත්තෙන්.... කලා විෂය ධාරාව කරන අයගේ තියෙන්නේ තර්කනය නෙවෙයි සෞන්දර්ය... ඒකටත් බ්‍රේන් එක ඕනේ...

    කලාව තියෙන සයන්ස්කාරයෝ ගොඩක් හොඳයි මේ සමාජයට... මොකද කලාවට හදවත හුඟක් සම්බන්ධ නිසා... :dull:

    කලා තෝරගත්තා කියල පුද්ගලයෙක්ගේ බුද්ධි මට්ටමවත්, ඇනලිටිකල් මයින්ඩ් එකවත් තීරණය කරන්න බැහැ.