උන්ට නැත අපිට ඇත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං මේ සේරටම මීට කාලෙකට කලිං අඩු කුලේ යැයි සම්මත පිරිසටත් මුහුණ දෙන්න වුනානෙ. ඒ ක්‍රමේ වෙනස් වෙලා කුලයෙන් තීරණ නොගන්න විදිහට සමාජය දියුණු වුනේ නැද්ද ? (තව දියුණු වෙන්න තියෙනව). සමලිංගික වීම නිසා රස්සාවක් දෙන්න බෑ කියනවනං එතන වැරැද්ද සමලිංගිකයාගේද ? ලිංගික ආශාවයි රස්සාවයි අතරෙ ඇති සම්බන්දෙ මොකක්ද ? එතන වැරැද්ද තියෙන්නෙ සමලිංගිකයාගෙ නෙමේ හැම දේම ලිංගික ආශාව මත පදනම් වෙලා තීරණය කරන කෙනාගෙ. දැන් පහුගිය කාලෙ aids තියෙනව කියල ලමයින්ව ඉස්කෝලෙට එක්ක එන්න එපා කිව්ව. එතකොටත් සමාජයේ බහුතර මතය aids තියෙන ලමය ඒ ගොල්ලන්ගෙ ලමයි එක්ක ඉස්කෝලෙ නොයා යුතුයි කියන දේනෙ. aids නිසා කොච්චර දේවල් අහිමිවෙනවද. එතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ලමයට aids තිබීමද ? හැම දෙයක්ම aids මත පදනම් වෙලා තීරණය කරන aids නැති අයගෙද ?

    මෙතනත් ප්‍රශ්නෙ ඒක. ලිංගිකත්වය කියන්නෙ ඒ මනුස්සයගෙ පෞද්ගලික ආශාවක් ඒ මනුස්සය කැමති කෙනා එක්ක ඒ මනුස්සයගෙ ගෙදර එකතු වෙලා ඒ මනුස්සය වින්දනයක් ලබයි. ඒක රස්සාවට ප්‍රශ්නයක් කරගන්න කෙනාගෙ ආකල්ප වලයි වැරැද්ද. නීතිය අනුව සමලිංගිකත්වය වැරදි ඇති. නීතිය අනුව අතීතයේ කොච්චර වැරදි දේවල් හරියි කිව්වද කොච්චර හරි දේවල් වැරදියි කිව්වද. නීතිය වෙනස් විය යුතුයි. සමලිංගික සේවනයට කැමති අයට අනික් අයට කරදරයක් නොවෙන විදිහට තමන්ගෙ ආශාවන් නිදහසේ සපුරගන්න පුලුවන් සමාජයක් හැදෙන්න ඕනෙ. ඕව අපි හදාගත්තු නීති නෙමේනෙ ? ඉස්සර හිටිය සුද්දො හදල දීපුවනෙ ? උන් අද ඒ නීති අතෑරල පුද්ගල නිදහසට ගරු කරන විදිහට නීති වෙනස් කරගෙන යනව. අපි තාම අටසිය ගනං වල සුද්දගෙ ක්‍රමේ හරියි කියල ඒව මත්තෙ නැහෙනව.

    සමලිංගික ඉතිහාසේ අනූව නම් බටහිර පැත්ත ඇඩ්වාන්ස් නේද? සුද්දට බැන බැන ඉල්ලන්නේ ඇමෙරිකාව පිළිගත්ත රේන්බෝ සමාජේ නේද...:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට් වෝකර්ට ඕනේනං..මුල ඉදලම ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරල දෙන්නද කොලු කාරයෙක් උනාම ජීවිතේ කාලකණ්ණි වෙලා විනාස වෙලා යන හැටි මේ ලංකාවේ..
    උඹට ඒක නොතේරෙනවනං තේරුම් කරලා දෙන එක වටිනවා.. එතකොට උඹට ඕකෙ බරපතළකම තේරෙයි...
    ඕනෙද පැහැදිලි කරලා..

    නිදහස හෝ අයිතිය තීරණය කරන්නේ මිනිස්සු... නීතිය හැදුවේ මිනිස්සු. ඉතින් නීතියට අනූව සමලිංගිකත්වය ප්‍රොමෝට් කිරීම තහනම්...

    කිහිප දෙනෙකුට හිතෙන්න පුලුවන් සාධාරණයිනේ එයාලටත් මතයක් තියෙනවනේ.. සංස්කෘතිය mokakda, මනුස්ස හඟීම්නේ කිය කියා... ඒත් ඒක තීරණය කරන්නේ මිනිස්සු හදපු සමාජය/නීතිය...

    උඹ ප්‍රොමෝට් කලාද නැද්ද කියන්න nam මම නීතිය නොදනිමි...:P

    වෙලාවක් තියෙනව නං කැමති නම් ඉතිං පැහැදිලි කරන්න. ඒත් මේ දාපු comment ටිකෙන් නම් පැහැදිලි වුන දේ මෙතන තියෙන්නෙ ඔබතුමා සමලිංගිකයන්ව දකින විදිහෙ අවුලක් කියන එක. ආතර් සී ක්ලාක් සමලිංගික. ඇලන් ටියුරින් සමලිංගික. ඒ වුනාට ජීවිතේ කාලකන්නි නොවුනා යැයි ඔබතුමා සම්මත කරගෙන ඉන්න ලමයි හදපු කසාද බැඳපු මිනිස්සු බහුතරයට වඩා සේවයක් ඒ මිනිස්සු දෙන්න ලෝකය වෙනුවෙන් කලා ජීවිතේ කාලකන්නි වුන අවස්ථාවක් මට නං හම්බවෙලා නෑ. ඇලන් ටියුරින් නං තමන් සමලිංගික කියල සමාජය දැනගත්ත කියල දැනගෙන ඒකෙන් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතල සියදිවි නසාගත්ත ඒකෙත් වැරැද්ද ඒ මනුස්සයගෙ නෙමේ සමලිංගිකයන් අපරාධකාරයන් විදිහට සලකපු ඒ කාලෙ තිබුණු සමාජය. ලංකාවෙ සමලිංගික වීම නිසා සමාජ පිලිගැනීම, රැකියා ආවස්ථා etc වගේ ගොඩක් දේවල් අහිමි වෙන්න පුලුවන් ඒක මං දන්නව. මං කියන්නෙ එහෙම වෙන්නෑ කියන නෙමේ එහෙම කරන සමාජය වැරදියි කියල. ඔබතුමා ජීවිතය කාලකන්නි වෙනව කියල අදහස් කරන්නෙත් ඔය ටිකයි ලමයි හදන්න බැරිවීමයිනෙ. ඉතිං එතනදි විය යුත්තෙ සමලිංගිකයෝද මනුශ්‍යයෝ බව සමාජය පිලිගැනීම හා ඒ මිනිස්සුන්ට අනික් අයට හිරිහැරයක් නොවෙන විදිහට තමන්ගෙ ආශාවන් සපුරගන්න අයිතිය හා නිදහස තිබිය යුතුයි කියල සමාජය පිලිගැනීම. මීට කාලෙකට කලිං ලංකාවෙ පහත් යැයි සම්මත කුලයක කෙනෙක් ගෙදර බිත්තියෙ හුණු ගෑවද ඌ අපරාධ කාරයෙක්. එතකොට ඒ නීතිය ඒ සමාජ සම්මතය හරිද ? මනුස්සයෙක් තමන්ගෙ පෞද්ගලික උවමනාව කාටවත් කරදරයක් නොවෙන විදිහට සපුර ගත්ත ඒකට සමාජය විරුද්ද වුනා ඉතිං ඒ මනුස්සය ගෙදර බිත්තියේ හුනු ගෑම කියන දේ නිසා කාලකන්නි වුනා. දැන් විය යුතුව තිබුණේ ඒ මනුස්සයා බිත්තියේ හුනු ගෑම දිගටම වැරැද්දක් විදිහට දැක දැක ඒ මනුස්සයගෙ ජීවිතේ කාලකන්නි වුනානේ කියල ඒ දේ විවේචනය කර කර හුනු ගාන්න කැමති හැමෝටම හුනු ගෑමේ නිදහස අහිමි කරමින් ඒ සම්ප්‍රදාය දිගටම රැකගෙන ඒමද ? නැත්තං අනික් අයට කරදරයක් නොවෙන විදිහට ඒ මනුස්සයාගේ උවමනාව ඉශ්ඨ කරගන්න නිදහස ලබා දීල ඒ මනුස්සයගෙ උවමනාව ඉශ්ඨ කරගැනීම නිසා ඒකට ගරහන සමාජය වෙනස් වීමද ? පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
    ඒ වගේම තමා මේකත්. සුද්දන්ගෙ ආගම් වල උන්ග සංස්කෘතියෙ සමලිංගිකයො සලකන්නෙ පව්කාරයො කියල. දෙවියන්ගෙ ක්‍රමේට පිටිං ගිය අය කියල. ඉතිං උන් ඒ විදිහට නීති සම්මත කරගෙන ඒ විදිහට සමාජය හැදුව. දැන් වෙන්නෙ ඒ ක්‍රමේට හැදුන අය කෙනෙක් සමලිංගික වීම නිසා ඒ මනුස්සයට තියෙන පිලිගැනීම, රැකියා අවස්ථා, අද්‍යාපන අවස්ථා අහිමි කිරීම. එතන වැරදි සමලිංගිකයා නෙමේ ඒ මනුස්සයගෙ පෞද්ගලික ආශාවක් මත පදනම් වෙලා අයිතිවාසිකම් අහිමි කරන අනික් අයයි. ඒකයි වෙනස් විය යුත්තෙ.
     

    thanujaka

    Well-known member
  • ඉතිං මේ සේරටම මීට කාලෙකට කලිං අඩු කුලේ යැයි සම්මත පිරිසටත් මුහුණ දෙන්න වුනානෙ. ඒ ක්‍රමේ වෙනස් වෙලා කුලයෙන් තීරණ නොගන්න විදිහට සමාජය දියුණු වුනේ නැද්ද ? (තව දියුණු වෙන්න තියෙනව). සමලිංගික වීම නිසා රස්සාවක් දෙන්න බෑ කියනවනං එතන වැරැද්ද සමලිංගිකයාගේද ? ලිංගික ආශාවයි රස්සාවයි අතරෙ ඇති සම්බන්දෙ මොකක්ද ? එතන වැරැද්ද තියෙන්නෙ සමලිංගිකයාගෙ නෙමේ හැම දේම ලිංගික ආශාව මත පදනම් වෙලා තීරණය කරන කෙනාගෙ. දැන් පහුගිය කාලෙ aids තියෙනව කියල ලමයින්ව ඉස්කෝලෙට එක්ක එන්න එපා කිව්ව. එතකොටත් සමාජයේ බහුතර මතය aids තියෙන ලමය ඒ ගොල්ලන්ගෙ ලමයි එක්ක ඉස්කෝලෙ නොයා යුතුයි කියන දේනෙ. aids නිසා කොච්චර දේවල් අහිමිවෙනවද. එතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ලමයට aids තිබීමද ? හැම දෙයක්ම aids මත පදනම් වෙලා තීරණය කරන aids නැති අයගෙද ?

    මෙතනත් ප්‍රශ්නෙ ඒක. ලිංගිකත්වය කියන්නෙ ඒ මනුස්සයගෙ පෞද්ගලික ආශාවක් ඒ මනුස්සය කැමති කෙනා එක්ක ඒ මනුස්සයගෙ ගෙදර එකතු වෙලා ඒ මනුස්සය වින්දනයක් ලබයි. ඒක රස්සාවට ප්‍රශ්නයක් කරගන්න කෙනාගෙ ආකල්ප වලයි වැරැද්ද. නීතිය අනුව සමලිංගිකත්වය වැරදි ඇති. නීතිය අනුව අතීතයේ කොච්චර වැරදි දේවල් හරියි කිව්වද කොච්චර හරි දේවල් වැරදියි කිව්වද. නීතිය වෙනස් විය යුතුයි. සමලිංගික සේවනයට කැමති අයට අනික් අයට කරදරයක් නොවෙන විදිහට තමන්ගෙ ආශාවන් නිදහසේ සපුරගන්න පුලුවන් සමාජයක් හැදෙන්න ඕනෙ. ඕව අපි හදාගත්තු නීති නෙමේනෙ ? ඉස්සර හිටිය සුද්දො හදල දීපුවනෙ ? උන් අද ඒ නීති අතෑරල පුද්ගල නිදහසට ගරු කරන විදිහට නීති වෙනස් කරගෙන යනව. අපි තාම අටසිය ගනං වල සුද්දගෙ ක්‍රමේ හරියි කියල ඒව මත්තෙ නැහෙනව.


    සුද්ද හදපු නීතිය තමයි.. අපි ඒක සුද්ද තද කලාටත් වඩා තද කලා... දැන් සුද්ද හිටපු කාලෙට වඩා ඒක තදයි සහ ඒක හොදයි..

    ඔය මොනදේ උනත්, කවුරුත් අවසානෙට අඩිය තියන්න ඕනේ මේ සමාජෙට, මේ ලංකාවේ සමාජෙට..

    මිනිස්සු අපිට මෙහෙම සලකන එක අසාදාරනයි කියල උබට කීබෝර්ඩ් එකෙන් කියන්න පුළුවන්, නමුත් සමාජෙට බැස්සම, නීතිය සහ සමාජ විනිශ්චය කියනඑකට උබට මූණ දෙන්නම සිද්ධ වෙනවා...

    ලිංගිකත්වය මත් රැකියාව අහිමිවෙන එක අසාධාරණ වෙන්න පුළුවන්, නමුත් ඒක තමයි යථාර්ථය..
    උඹ ඔය කියන්නේ උඹ වෙන්න ඕනයි කියල හිතන දේ, සමාජේ පවතින් දේ නෙමෙයි...
    කොලු කාරයෙක් කියල දවසක නොන්ඩි උනොත් උඹට කවදාවත් මම මේ කරන රස්සාව කරන්න නෑ.. එකෙන්ම දොට්ට... ඊටපස්සේ උඹ ඒ ගැන කා එක්කද ආර්ගිව් කරන්නේ..
    නිකම්ම ජීවිතේ කාලකණ්ණි වෙනවා..
    මම කියන්නේ නිකං මේ ලෙඩ බෝ කරගෙන කාලකණ්ණි වෙන්න එපා කියලයි, ඔය පර ලෙඩ මේකෙ උන්ගේ ඔලුවලට දාන්න එපා කියලයි...
    ඊටපස්සේ සමාජෙට වැටුනම නිකංම ඒකෙන් කැපිලා යනවා..
    උඹට ඕන දේ කරන්න බෑ, තියෙන් දේ අකමැත්තෙන් හරි භාරගන්න වෙනවා.. අන්න ඒකට හැඩගැහිලා සමාජෙට බැහැපං කියලා මම මේ කියන්නේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවෙත් දැන් ඔය ට්‍රෙන්ඩ් එක ටික ටික වැඩිවෙනවා.
    සමාජීය තත්ත්ව එක්ක බැලුවොත් සංස්කෘතිය පිරිහීමක් තමයි.
    නමුත් විකුර්ති ලිංගික ආශාවක් කියන්නෙ මානසික ලෙඩක් කියන්ඩත් බෑ
     

    thanujaka

    Well-known member
  • @whitewalker

    මේ ලෙඩ බෝ කරගෙන කාලකණ්ණි වෙන්න එපා :lol:

    කියන්න දෙයක් තියෙනවා නං කෙලින්ම මාව කෝට් කරල කියපං නිකං තැන තැන කියෝ කොයෝ යන්න එපා...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියන්න දෙයක් තියෙනවා නං කෙලින්ම මාව කෝට් කරල කියපං නිකං තැන තැන කියෝ කොයෝ යන්න එපා...

    උඹව quote කරල kiparak කිව්වද ඕක බෝවෙන ලෙඩක් නෙමෙයි කියල...:lol::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මොකෝ උනේ කට්ටිය වාද කරලා ටුපක්ව එල්ලනවද නැත්ත ජීවිතාන්තය දක්වා හිරේ ද :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොකෝ උනේ කට්ටිය වාද කරලා ටුපක්ව එල්ලනවද නැත්ත ජීවිතාන්තය දක්වා හිරේ ද :oo:

    Hire yana seen ekak තියෙන්නේ lowyer තුමා homophobic ...:lol::sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් මොකෝ උනේ කට්ටිය වාද කරලා ටුපක්ව එල්ලනවද නැත්ත ජීවිතාන්තය දක්වා හිරේ ද :oo:

    හැමෝම සමලිංගික වෙන්ඩ තීරණය කෙරුව. උබත් එනවද?
    එළකිරි මහා කොලු සෙට් එක :eek::eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමෝම සමලිංගික වෙන්ඩ තීරණය කෙරුව. උබත් එනවද?
    එළකිරි මහා කොලු සෙට් එක :eek::eek:

    Ow tupak gen api හැමෝට බෝ වුනා ...:lol:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    haiyooo coment kiyawala epa una sama lingika unta onna ohe unge paduwe inna dila pettakata wela indahallako
    wena mokak hari athal deyak liyapallakoooooooo


    :lol::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාරාංශය

    සංස්කෘතිය නීතිය මේ හැමදෙයක්ම වෙනස් වෙන දේවල්. අපිත් දැන් අපේ සංස්කෘතිය කියල හිතාගෙන ඉන්න මේ සංස්කෘතියෙ වික්ටෝරියානු සුද්ද රිංගපුව ගොඩක් තියෙනව. හැම විදේශ ආක්‍රමණයකදිම වගේ සංස්කෘතිය වෙනස් වුනා. උඩරට විවාහ නීතියෙ නං තාම තියෙන්නෙ තමන්ගෙ කුලේට පිට කුලේට අයෙක් එක්ක විවාහ වීම තහනම් කියල. ඉස්සර වෙනත් කුලේක අයෙක් එක්ක විවාහ වීම නිසාත් මිනිස්සුන්ට මේ සමලිංගික ප්‍රශ්නයේදි කියනව වගේම ජීවිතේ කාලකන්නි වුනා. නිරවද්‍යතාවය 100%ක්ම ශුවර් නෑ රොබට් නොක්ස් කියන විදිහට රොබට් නොක්ස් ජීවත් වුන කන්ද උඩරට ප්‍රදේශයේ ඒ කාලෙ පිරිමි කෙනෙක් තමන්ට වඩා පහත් කුලේක ගෑණු කෙනෙක්ව එහෙම බැන්ද නං ඒ මනුස්සයට උරුම වෙන්න තියෙන දේපල ගේ දොර අම්ම තාත්ත මේ සේරම අතෑරල තමන් බැඳපු අඩු කුලයේ ගෑණු කෙනාගේ පිරිසත් එක්ක ජීවත් වෙමින් ඒ ගෑණු කෙනාගේ කුලයේ අය කරන රස්සාවම කරගෙන ඉන්න ඕනෙ. උදාහරණයක් විදිහට වතු හිමි ව්‍යාපාර වලිං ජීවිතේ ගෙන ගිය කෙනෙක් වලිං හදන කුලයක ගෑණු කෙනෙක් බැන්ද නං ඒ මනුස්සය අර ව්‍යාපාර සේරම අතෑරල වලං හැදිය යුතුයි. මේක තමා ඒ කාලෙ සමාජය. කුලය නිසා තමන්ට කරගෙන යන්න තිබුණ ඉහල රැකියාවක් අහිමි වුනා. සමාජයේ තිබුණ පිලිගැනීම අහිමි වුනා. දේපල අහිමි වුනා. කොටින්ම ජීවිතේ කාලකන්නි වුනා. නමුත් තමන් ආදරේ කරන කෙනා බැන්ද කියල එහෙම තමන්ගේ වරප්‍රසාද අහිමි කිරීමට සමාජයට තියෙන අයිතිය මොකක්ද ? එතනදි වැරදි කුලය යැයි සම්මත තමාගේ කුලකෙන් පිටත තමන් ආදරේ කරන කෙනෙක්ව බැඳපු කෙනාද ? කුලය යැයි සම්මත දේ මත පදනම් වෙලා ඒ මනුස්සයාගෙ නිදහස අයිතිවාසිකම් තීරණය කරපු සමාජයද ?

    සමලිංගිකයන්ට වෙන්නෙත් ඒ වගේ දෙයක්. හොඳ සිහියක් තියෙන කිසිම සමලිංගිකයෙක් පාර මැද්දෙ කලිසම ගලෝල තමන්ගෙම වර්ගයාගේ අයත් එක්ක සංසර්ගයේ යෙදෙන්න යන්නෑ. උනුත් කරන්නෙ තමන් කැමති කොල්ලන්ට නං කොල්ලෙක් හොයාගෙන උන්ගෙන පෞද්ගලික ස්ථානයක කාටවත් හිරිහැරයක් වෙන්නැතුව ඒ කාර්යය කිරීම. රස්සාවකට ගියාම මේ මනුස්සය sex කරන්නෙ කොල්ලෙ එක්ක ඒ නිසා අපේ ආයතනේ ms word open කරන්න දෙන්නෑ කියල කියනවනං වැරදි ඒ ආයතන ප්‍රධානිය මිසක් සමලිංගිකය නෙමේ.

    ලිංගිකත්වය කියන්නෙ වර්ගයා බෝ කරන්න විතරක් තියෙන දෙයක් කියල මතයක් ඉදිරිපත් වුනා. සමලිංගිකත්වය විකෘතියක් කියලත් කිව්ව. මේ දෙකම වැරදියි. ලිංගිකත්වය වර්ගයා බෝ කිරීමට අමතරව සමන්ගේ බලය පෙන්වීමේ ක්‍රමයක් ලෙසත් සත්ව ලෝකයේ භාවිතා වෙනව. බල්ලො තමන්ගෙ යටතේ ඉන්න දුර්වලයව අනික් බල්ලන්ට හඳුන්වා දෙන්නෙ අනික් බල්ලගෙ ඇඟට නැගල සංසර්ගයේ යෙදෙන ඉරියව්ව ප්‍රදර්ශනය කරමින්. ඇතැම් වඳුරු වර්ග ශිෂ්ණය ප්‍රාණවත් කල්ල ප්‍රතිවාදියට දික් කරනව තමන් බලවතා කියල පෙන්නන්න. සටනකට කලින් සටනේ යෙදෙන වඳුරො දෙන්නගෙ ශිෂ්ණය ප්‍රාණවත් වෙනව සත්ව විද්‍යාඥයො නිරීක්ශණය කල්ල තියෙනව. ඒ සත්තුන්ගෙ සමාජයන් වල තමන් යටත් වුනා කියල පෙන්නන්නෙ සංසර්ගයේ යෙදෙද්දි ගෑණු සතා ගන්න ලිංගික ඉරියව්ව ප්‍රදර්ශණය කිරීම මගින්. මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නෙ ඔය කියන විදිහට ලිංගිකත්වය කියන්නෙ හුදෙක් වර්ගයා බෝ කරන්නම විතරක් භාවිතා කරන දෙයක් නෙමේ කියන වග. ලිංගිකත්වය ගොඩක් දේවල් වලට පාවිච්චි කරනව‍ෙ.

    සමලිංගිකත්වට විරුද්ධ වන්නන් පාවිච්චි කරන අනික් ප්‍රධානම තර්කය සමලිංගිකයන්ට ලමයි හදන්න බැරි වීම. මිනිසා කියන්නෙ විරුද්ද ලිංගිකයෙක් එක්ක සංසර්ගයේ යෙදීමෙන් අලුත් ජීවියෙක් බිහිවෙනවා කියල දැනගන්න බුද්ධියක් තියෙන ජීවියෙක් වුනාට මීට වඩා ප්‍රාථමික බුද්ධීන් ඇති සත්තු බහුතරයකට එහෙම අනාගතය ගැන කල්පනා කිරීමේ හැකියාවක් නෑ. සත්තු බහුතරය සේවනයේ යෙදෙන්නෙ උන්ට ඒ මොහොතේ ඇතිවෙන ලිංගික ආශාව සන්තර්පනය කරගැනීමට මිසක් පැටව් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන ආශාව නිසා නෙමේ. උන්ට ඒ මොහොතේ ඇතිවුන තාවකාලික ආශාව සංසිඳුවගන්න උන්ගෙ ජාන වල හැටියට විරුද්ධ ලිංගිකයෙක්ට ආකර්ශණය වුනා සංසර්ගයේ යෙදුන එතනිං ඒ ආශාව ඒ මොහොතට ඉවරයි. ආයෙ දවසක ආයෙම ආශාව ඇති වුනා ආයෙත් සංසර්ගයේ යෙදුන. සත්ව ජීවිතය ඔහොමයි. ඒකෙ අතුරුඵලයක් විදිහට තමා සංසර්ගයේ යෙදුන ගෑණු සතාට පැටව් ලැබෙන්නෙ. උන්ගෙ මොලේ සකස් වෙලා තියෙන්නෙ ලැබෙන පැටව් ආරක්ශිතව වැඩෙනකං ලොකු කරන්න ඉතිං ඒ පරිණාමිකව උන්ට දැනෙන හැඟීම් වලට අනුව උන් පැටව්න්ට කන්න දීල උන් ලොකු කරනව. නැතුව වර්ගයා බෝ කිරීමේ අදහසින්ම සංසර්ගයේ යෙදෙන්න සත්තුන්ට අනාගතය පුරෝකතනය කිරීමේ හැකියාවක් නෑ. සත්ව ලෝකෙත් මනුශ්‍ය ලෝකෙත් ලිංගිකව එක් වීමේදී මූලිකම අරමුණ වෙන්නෙ ඒ කෙටි කාලෙකට ලබන වින්දනය. මිනිසාට ලැබිල තියෙන බුද්ධිය නිසා මිනිසා දන්නව මේ විදිහට කලාම ලමයි හැදෙනව කියල. ඒ නිසා තමා උපත් පාලන ක්‍රම බිහිවෙලා තියෙන්නෙ. සමලිංගිකයන් කරන්නෙත් මේං මේ කෙටි ආශාව සංසිඳුවාගැනීම පමණයි. විරුද්ධ ලිංගිකයෙක්ට වගේම සමලිංගිකයන්ටත් අවශ්‍ය ඔවුන් ආකර්ශණය වෙන කෙනා එක්ක සංසර්ගයේ යෙදිල ඒ තප්පර කිහිපයකට ලැබෙන වින්දනය විඳීම විතරයි. ඉතිං ලමයි හදන්නැතුව මෙහෙම වින්දනයක් ලැබීම වැරදියි කියල කියනවනං ස්වයං වින්දනයත් වැරැද්දක් විදිහට දකින්න ඕනෙ. මිනිසා ස්වභාවිකව හැදිල තියෙන්නෙ ලිංගික වින්දනයක් ලබල වර්ගයා බෝ කරන්න කියනවනං නං සියලුම ලිංගික වින්දනයන්ගෙන් ඈත් වෙලා හුදෙකලා දිවිපෙවතක් ගත කරන්න තීරණය කල්ල මහණ වීමත් වැරැද්දක් වෙන්න ඕනෙ. කිසිම කෙනෙකුට අයිතියක් නෑ තව කෙනෙක්ට බලහත්කාරයෙන් විරුද්ධ ලිංගිකයන් හා එක්වෙන්න කියන්නවත් ලමයි හදන්න කියන්නවත්. මහණ වෙන්න උවමනාව තියෙන කෙනාට ඒ සියලූම ලිංගිකත්වය සම්බන්ධ දේවලිං වෙන් වෙලා තමන් කැමති ආකාරයේ දිවිපෙවතක් ගත කරන්න තියෙන අයිතිය වගේම සමලිංගිකයාටත් තමන් කැමති අය එක්ක පමණක් එකතු වෙලා තමන් කැමති ජීවිතේ ගත කිරීමේ අයිතිය තිබිය යුතුයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hire yana seen ekak තියෙන්නේ lowyer තුමා homophobic ...:lol::sorry:
    හිරේ ගියත් උට නිකන් ඉන්න වෙන්නෙ නෑ ඇතුලේ තත්වේ ටුපක් වගේ උන්ට භයානකයි කියල අහල තියෙන්නෙ. අයියල ගොඩක් ඉන්නවලු මල්ලිලාගේ සැප දුක හොයල බලන :baffled:
     

    thanujaka

    Well-known member
  • වෙලාවක් තියෙනව නං කැමති නම් ඉතිං පැහැදිලි කරන්න. ඒත් මේ දාපු comment ටිකෙන් නම් පැහැදිලි වුන දේ මෙතන තියෙන්නෙ ඔබතුමා සමලිංගිකයන්ව දකින විදිහෙ අවුලක් කියන එක. ආතර් සී ක්ලාක් සමලිංගික. ඇලන් ටියුරින් සමලිංගික. ඒ වුනාට ජීවිතේ කාලකන්නි නොවුනා යැයි ඔබතුමා සම්මත කරගෙන ඉන්න ලමයි හදපු කසාද බැඳපු මිනිස්සු බහුතරයට වඩා සේවයක් ඒ මිනිස්සු දෙන්න ලෝකය වෙනුවෙන් කලා ජීවිතේ කාලකන්නි වුන අවස්ථාවක් මට නං හම්බවෙලා නෑ. ඇලන් ටියුරින් නං තමන් සමලිංගික කියල සමාජය දැනගත්ත කියල දැනගෙන ඒකෙන් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතල සියදිවි නසාගත්ත ඒකෙත් වැරැද්ද ඒ මනුස්සයගෙ නෙමේ සමලිංගිකයන් අපරාධකාරයන් විදිහට සලකපු ඒ කාලෙ තිබුණු සමාජය. ලංකාවෙ සමලිංගික වීම නිසා සමාජ පිලිගැනීම, රැකියා ආවස්ථා etc වගේ ගොඩක් දේවල් අහිමි වෙන්න පුලුවන් ඒක මං දන්නව. මං කියන්නෙ එහෙම වෙන්නෑ කියන නෙමේ එහෙම කරන සමාජය වැරදියි කියල. ඔබතුමා ජීවිතය කාලකන්නි වෙනව කියල අදහස් කරන්නෙත් ඔය ටිකයි ලමයි හදන්න බැරිවීමයිනෙ. ඉතිං එතනදි විය යුත්තෙ සමලිංගිකයෝද මනුශ්‍යයෝ බව සමාජය පිලිගැනීම හා ඒ මිනිස්සුන්ට අනික් අයට හිරිහැරයක් නොවෙන විදිහට තමන්ගෙ ආශාවන් සපුරගන්න අයිතිය හා නිදහස තිබිය යුතුයි කියල සමාජය පිලිගැනීම. මීට කාලෙකට කලිං ලංකාවෙ පහත් යැයි සම්මත කුලයක කෙනෙක් ගෙදර බිත්තියෙ හුණු ගෑවද ඌ අපරාධ කාරයෙක්. එතකොට ඒ නීතිය ඒ සමාජ සම්මතය හරිද ? මනුස්සයෙක් තමන්ගෙ පෞද්ගලික උවමනාව කාටවත් කරදරයක් නොවෙන විදිහට සපුර ගත්ත ඒකට සමාජය විරුද්ද වුනා ඉතිං ඒ මනුස්සය ගෙදර බිත්තියේ හුනු ගෑම කියන දේ නිසා කාලකන්නි වුනා. දැන් විය යුතුව තිබුණේ ඒ මනුස්සයා බිත්තියේ හුනු ගෑම දිගටම වැරැද්දක් විදිහට දැක දැක ඒ මනුස්සයගෙ ජීවිතේ කාලකන්නි වුනානේ කියල ඒ දේ විවේචනය කර කර හුනු ගාන්න කැමති හැමෝටම හුනු ගෑමේ නිදහස අහිමි කරමින් ඒ සම්ප්‍රදාය දිගටම රැකගෙන ඒමද ? නැත්තං අනික් අයට කරදරයක් නොවෙන විදිහට ඒ මනුස්සයාගේ උවමනාව ඉශ්ඨ කරගන්න නිදහස ලබා දීල ඒ මනුස්සයගෙ උවමනාව ඉශ්ඨ කරගැනීම නිසා ඒකට ගරහන සමාජය වෙනස් වීමද ? පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
    ඒ වගේම තමා මේකත්. සුද්දන්ගෙ ආගම් වල උන්ග සංස්කෘතියෙ සමලිංගිකයො සලකන්නෙ පව්කාරයො කියල. දෙවියන්ගෙ ක්‍රමේට පිටිං ගිය අය කියල. ඉතිං උන් ඒ විදිහට නීති සම්මත කරගෙන ඒ විදිහට සමාජය හැදුව. දැන් වෙන්නෙ ඒ ක්‍රමේට හැදුන අය කෙනෙක් සමලිංගික වීම නිසා ඒ මනුස්සයට තියෙන පිලිගැනීම, රැකියා අවස්ථා, අද්‍යාපන අවස්ථා අහිමි කිරීම. එතන වැරදි සමලිංගිකයා නෙමේ ඒ මනුස්සයගෙ පෞද්ගලික ආශාවක් මත පදනම් වෙලා අයිතිවාසිකම් අහිමි කරන අනික් අයයි. ඒකයි වෙනස් විය යුත්තෙ.

    ඒක උඹේ හිතළුවක් ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි..
    මට ඕනේ හින්ද මම කුඩුගහනවා, බොන්නේ මම නං හානිය මට නං කාටවත් ඇති ප්‍රශ්නේ මොකද්ද කියලා උඹට කුඩු බොන්න බෑනේ..
    මේකත් ඒ වගේ තමයි.. නීති විරෝධී දේකට ඇබ්බැහි වෙලා සමාජගත උනාම උඹ වැරදි කාරයෙක්..
    ඌ අපරාධයෙක්...
    උඹ කැමති උනත් නැති උනත් ඒක තමයි ඇත්ත..
    මේ මු කරන ප්‍රමෝශන් ත්‍රෙඩ් දැකලා එකෙක්, එකම එකෙක් කරුමෙට හරි ජීවිතේ කෙලෝගෙන අපරාධකාරයෙක් වෙලා එලියට ආවොත් ඇතිනේ..
    උගේ ජීවිතේ එතනින්ම කාලකණ්නි වෙනවා ඌ ඉවරයි..
    ආයෙ ඌට යහපැවැත්මක් මේ සමාජේ නෑ..
    කුඩුකාරයන්ට රජයේ රස්සාවක් හම්බ වෙන්නේ නෑ.. ඒක උගේ කැමැත්ත ඌ කුඩු බොන එක රස්සාවට අදාල නෑනේ උගේ රාජකාරිය ඌ හරියට කරනවනං කියල උඹට කියන්න පුළුවන්, හැබැයි ප්‍රායෝගික ලෝකෙ රස්සාව හම්බවෙන්නේ නෑ.. ඒ ඌ සමාජෙට වරද කාරයෙක් හින්ද, මේකත් එහෙමයි.. මේක මෙහෙම උනානං හොදයි කියල උඹේ මතේ ඉදලා උඹට හිතන්න පුලුවන්, හැබැයි එතනින් එහාට ගියාම උඹට ඒක කරන්න බෑ, සමාජෙට නීතියට උඹ යටයි..
    සමලිංගිකත්වය ප්‍රචාරණයත් තහනම්...
    නිකං අපරාධකාරයෝ වෙලා, ජීවිත කාලකණ්ණි කරං සමාජෙට බහින්න එපා කියලයි කියන්නේ..
    උඹට ඕන දේ කොහොමත්ම සමාජෙන් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා, දෙන දේට එජස් වෙල වරෙං නිකං කාලකණ්ණි නොවී..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිරේ ගියත් උට නිකන් ඉන්න වෙන්නෙ නෑ ඇතුලේ තත්වේ ටුපක් වගේ උන්ට භයානකයි කියල අහල තියෙන්නෙ. අයියල ගොඩක් ඉන්නවලු මල්ලිලාගේ සැප දුක හොයල බලන :baffled:

    ඉතින් මොකෝ අපිව ගෑනු හිරේට දැම්මා වගෙ තියෙයි ..:love: