වෙලාවක් තියෙනව නං කැමති නම් ඉතිං පැහැදිලි කරන්න. ඒත් මේ දාපු comment ටිකෙන් නම් පැහැදිලි වුන දේ මෙතන තියෙන්නෙ ඔබතුමා සමලිංගිකයන්ව දකින විදිහෙ අවුලක් කියන එක. ආතර් සී ක්ලාක් සමලිංගික. ඇලන් ටියුරින් සමලිංගික. ඒ වුනාට ජීවිතේ කාලකන්නි නොවුනා යැයි ඔබතුමා සම්මත කරගෙන ඉන්න ලමයි හදපු කසාද බැඳපු මිනිස්සු බහුතරයට වඩා සේවයක් ඒ මිනිස්සු දෙන්න ලෝකය වෙනුවෙන් කලා ජීවිතේ කාලකන්නි වුන අවස්ථාවක් මට නං හම්බවෙලා නෑ. ඇලන් ටියුරින් නං තමන් සමලිංගික කියල සමාජය දැනගත්ත කියල දැනගෙන ඒකෙන් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතල සියදිවි නසාගත්ත ඒකෙත් වැරැද්ද ඒ මනුස්සයගෙ නෙමේ සමලිංගිකයන් අපරාධකාරයන් විදිහට සලකපු ඒ කාලෙ තිබුණු සමාජය. ලංකාවෙ සමලිංගික වීම නිසා සමාජ පිලිගැනීම, රැකියා ආවස්ථා etc වගේ ගොඩක් දේවල් අහිමි වෙන්න පුලුවන් ඒක මං දන්නව. මං කියන්නෙ එහෙම වෙන්නෑ කියන නෙමේ එහෙම කරන සමාජය වැරදියි කියල. ඔබතුමා ජීවිතය කාලකන්නි වෙනව කියල අදහස් කරන්නෙත් ඔය ටිකයි ලමයි හදන්න බැරිවීමයිනෙ. ඉතිං එතනදි විය යුත්තෙ සමලිංගිකයෝද මනුශ්‍යයෝ බව සමාජය පිලිගැනීම හා ඒ මිනිස්සුන්ට අනික් අයට හිරිහැරයක් නොවෙන විදිහට තමන්ගෙ ආශාවන් සපුරගන්න අයිතිය හා නිදහස තිබිය යුතුයි කියල සමාජය පිලිගැනීම. මීට කාලෙකට කලිං ලංකාවෙ පහත් යැයි සම්මත කුලයක කෙනෙක් ගෙදර බිත්තියෙ හුණු ගෑවද ඌ අපරාධ කාරයෙක්. එතකොට ඒ නීතිය ඒ සමාජ සම්මතය හරිද ? මනුස්සයෙක් තමන්ගෙ පෞද්ගලික උවමනාව කාටවත් කරදරයක් නොවෙන විදිහට සපුර ගත්ත ඒකට සමාජය විරුද්ද වුනා ඉතිං ඒ මනුස්සය ගෙදර බිත්තියේ හුනු ගෑම කියන දේ නිසා කාලකන්නි වුනා. දැන් විය යුතුව තිබුණේ ඒ මනුස්සයා බිත්තියේ හුනු ගෑම දිගටම වැරැද්දක් විදිහට දැක දැක ඒ මනුස්සයගෙ ජීවිතේ කාලකන්නි වුනානේ කියල ඒ දේ විවේචනය කර කර හුනු ගාන්න කැමති හැමෝටම හුනු ගෑමේ නිදහස අහිමි කරමින් ඒ සම්ප්රදාය දිගටම රැකගෙන ඒමද ? නැත්තං අනික් අයට කරදරයක් නොවෙන විදිහට ඒ මනුස්සයාගේ උවමනාව ඉශ්ඨ කරගන්න නිදහස ලබා දීල ඒ මනුස්සයගෙ උවමනාව ඉශ්ඨ කරගැනීම නිසා ඒකට ගරහන සමාජය වෙනස් වීමද ? පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ඒ වගේම තමා මේකත්. සුද්දන්ගෙ ආගම් වල උන්ග සංස්කෘතියෙ සමලිංගිකයො සලකන්නෙ පව්කාරයො කියල. දෙවියන්ගෙ ක්‍රමේට පිටිං ගිය අය කියල. ඉතිං උන් ඒ විදිහට නීති සම්මත කරගෙන ඒ විදිහට සමාජය හැදුව. දැන් වෙන්නෙ ඒ ක්‍රමේට හැදුන අය කෙනෙක් සමලිංගික වීම නිසා ඒ මනුස්සයට තියෙන පිලිගැනීම, රැකියා අවස්ථා, අද්යාපන අවස්ථා අහිමි කිරීම. එතන වැරදි සමලිංගිකයා නෙමේ ඒ මනුස්සයගෙ පෞද්ගලික ආශාවක් මත පදනම් වෙලා අයිතිවාසිකම් අහිමි කරන අනික් අයයි. ඒකයි වෙනස් විය යුත්තෙ.
ඒක උඹේ හිතළුවක් ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි..
මට ඕනේ හින්ද මම කුඩුගහනවා, බොන්නේ මම නං හානිය මට නං කාටවත් ඇති ප්‍රශ්නේ මොකද්ද කියලා උඹට කුඩු බොන්න බෑනේ..
මේකත් ඒ වගේ තමයි.. නීති විරෝධී දේකට ඇබ්බැහි වෙලා සමාජගත උනාම උඹ වැරදි කාරයෙක්..
ඌ අපරාධයෙක්...
උඹ කැමති උනත් නැති උනත් ඒක තමයි ඇත්ත..
මේ මු කරන ප්‍රමෝශන් ත්‍රෙඩ් දැකලා එකෙක්, එකම එකෙක් කරුමෙට හරි ජීවිතේ කෙලෝගෙන අපරාධකාරයෙක් වෙලා එලියට ආවොත් ඇතිනේ..
උගේ ජීවිතේ එතනින්ම කාලකණ්නි වෙනවා ඌ ඉවරයි..
ආයෙ ඌට යහපැවැත්මක් මේ සමාජේ නෑ..
කුඩුකාරයන්ට රජයේ රස්සාවක් හම්බ වෙන්නේ නෑ.. ඒක උගේ කැමැත්ත ඌ කුඩු බොන එක රස්සාවට අදාල නෑනේ උගේ රාජකාරිය ඌ හරියට කරනවනං කියල උඹට කියන්න පුළුවන්, හැබැයි ප්‍රායෝගික ලෝකෙ රස්සාව හම්බවෙන්නේ නෑ.. ඒ ඌ සමාජෙට වරද කාරයෙක් හින්ද, මේකත් එහෙමයි.. මේක මෙහෙම උනානං හොදයි කියල උඹේ මතේ ඉදලා උඹට හිතන්න පුලුවන්, හැබැයි එතනින් එහාට ගියාම උඹට ඒක කරන්න බෑ, සමාජෙට නීතියට උඹ යටයි..
සමලිංගිකත්වය ප්රචාරණයත් තහනම්...
නිකං අපරාධකාරයෝ වෙලා, ජීවිත කාලකණ්ණි කරං සමාජෙට බහින්න එපා කියලයි කියන්නේ..
උඹට ඕන දේ කොහොමත්ම සමාජෙන් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා, දෙන දේට එජස් වෙල වරෙං නිකං කාලකණ්ණි නොවී..