බංඩාරවෙල, නුවර එලියේ මහපාරවල් වල තියන සියලු කදු D එකේ දමා අද්දා පළ පුරුද්ද ඇත. ඒ නිසා බය නැතුව D එකේ යමං. 2 ට දැම්මොත් වාහනේ ගියර් මාරු වෙන්නේ ෆස්ට්, සෙකන්ඩ් ගියර් දෙක අතරේ විතරයි එක කදු අදින්න හොදයි. එතනදි D එකේදි වගේ ඔක්කොම ගියර් මාරු වෙන්නෙ නෑ. L කියන්නේ ලෝඩ් ගියර් එක ඒ කිව්වේ ෆස්ට් එක පුතී. ලොකු කදු අදින්න හොදයි. D එකේ යද්දි කන්දක් අදින්න හොරයි වගේ නම් L එකට දාලා යන්න. ධාවනයෙදි D, L වලට මාරු කලාට කමක් නෑ.
වාහනේ ධාවනය වෙන ගමන් OD on/off කරාට කමක් නෑ.OD ඕෆ් කරන්න ඕනේ අවස්තාවට අනුවයි ඒ කියන්නේ කන්දක පහලට එද්දි වාහනේ වේගය වැඩි වෙනවනම් බ්රේක් එකෙන් කන්ට්‍රෝල් කරන්නෙ නැතුව OD ඕෆ් කරලා යන්න පුලුවන් එතකොට ගියර් 3 ට වැටිලා ගානට කන්ද බැස්සෙනවා. එතනදි තව දුරටත් වේගේ වැඩී නම් 2 ට දාගන්න පුලුවන්. කදු අදිද්දිත් OD ඕෆ් කරලා තිබ්බම අනවශ්‍ය විදිහට ගියර් මාරුවීම නවත්තන්න පුලුවන්.
සාරාංශයක් විදිහට කියනව නම් L කියන්නේ ගියර් 1, 2 ට දැම්ම 1ත්,2ත් අතර මාරු වෙනවා. OD ඕෆ් කරාම 1ත්,2ත්,3ත් අතර මාරු වෙනවා. OD ඔන් කරාම සියලුම ගියර් වලට මාරු වෙනවා.