අපි මොනවද මේ කරන්නෙ .?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අපි මොනවද මේ කරන්නෙ .?

    කාලෙක ඉදන් කියන්න හිටපු කතාවක් ......

    කුකුලනි උබලට මතකද කතාවක් තියනව බිබිලෙ දොඩම් නැති කරේ ඊශ්‍රායලයෙන් ඇවිත් දිලීරයක් බෝ කරපු නිසා කියල .ඇත්තටම දැන් අපට ලන්කාවෙ දොඩම් කන්න තැනක් නෑනෙ .මන් මෙහෙම කියන්නෙ අපේ තාත්ත අමාරුවෙන් අපේ ගෙදර වත්තෙ දොඩම් පැලයක් පැල කරා .ගහ ගොඩක් පරිස්සමෙන් ලොකු කරා ,ඒත් ඒ ගහට දැන් මාස කීපයකට කලින් අර දිලීර රෝගෙ ආව .ගහේ හැමතැනම පුස් .එක ගෙඩියක් හැදෙන්නෙ නෑ .පේනවද පතුරවපු විශබීජෙ තරම .අපේ පැත්තෙ දොඩම් ගහක් වත් නැතුව බිබිලෙනුත් කිලෝමීටර් හෙන ගානක් දුර ඉදලත් ගහ ඉවරයි :dull::dull:

    ඒක නෙමෙයි ප්‍රදාන කතාව .උබලගෙ ගෙවල් වල ලන්කාවෙ ගස්ලබු තියද .පොඩි ගෙඩි තියන පට්ටම රස එක .මට නම් ඒව හොයාගන්නත් අමාරුයි .ඔක්කොම තියෙන්නෙ අර තඩි ලබ්බ .ඇටයක් වත් පැලවෙන්නෙ නෑ ඒවගෙ .ඊලගට ගෙවල් වල පේර තියද නැත්තම් අර පනුවො ගහන කිලෝ පේරද තියෙන්නෙ .ඊලගට කොමඩු .අර තද කොලපාට පොත්ත තියන එක ගන්න තියද ඇට පැලවෙන එක .නැත්තම් පිබුරගෙ වගේ වයිරන් තියන කොමඩු ගෙඩියද දැන් කඩවල් වලත් තියෙන්නෙ .ඒවගෙ ඇට තියද පැලවෙනවද .:confused::confused::confused:

    තේරෙනවද මන් මොනවද කියන්නෙ කියල .අපි අපේ රටේ බීජ නැති කරගෙන යන්නෙ .එක පාලකයෙකුටවත් මිනිහෙකුටවත් ගානක් වත් නෑ .දැන් ෆුඩ්සිටි වල තියනව කහපාට තඩි මැන්ගො .(සින්හලෙන් ටයිප් වෙන්නෙ නෑ බන්).බලපන් තව ටික කාලෙකින් අපේ මැන්ගො ටිකට මොකද වෙන්නෙ කියල . වෙන රටකින් ඇට ටික එනකන් බලා ඉන්න වෙයි ගස් හිටවන්නත් බොලව් තව කාලෙකින් .

    උබලට පුලුවන් නම් මේකෙම කොට කොට ඉන්න කැත කලු මෝඩ මිටි සින්හලයෙක් නොවී ගෙදර අපේ බීජ වර්ග පැල කරපන් එකක් දෙකක් හරි .ගස් ලබු අපට නැති වෙන්න ලගයි සින්හලයො පුලුවන් නම් බේර ගනින් .

    මන් දන්නව මේකට බම්ප් එකෙක් වත් දාන්න උනන්දු වෙන උන් අඩුයි කියල .කමක් නෑ මේක කියවල කොන්දක් තියන යාලුවෙක්ට තේරුම් කරල දියන් ඌ හරි රට වෙනුවෙන් පැලයක් හිටවයි


    ජය වේවා ....!
    (හම්බයො නෙමෙයි අරාබිකාරයො කියපම් ඈ :yes::yes::yes:)




     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    සහතික ඇත්ත. අපේ පරණ බෝග වර්ග ටික ටික වඳ වෙනවා. උඹ දන්නවද ලංකාවෙ කාලෙකට කලින් පරිප්පු ජාතියක් තිබුනා. බදුල්ල දිහා. දැන් ඒවා හොයාගන්නවත් නෑ. මගෙ නෝනා විනෝදෙට වගා කරනවා. එයාට දේශීය බෝග වර්ග හොයාදෙන්න ට්‍රයි කරන නිසා හොයාගන්න තියන අමාරුව දන්නවා මං. දේශීය බීජ දැන් ඉස්සර වගේ හොයාගන්න නෑ. වැඩිය ඕන නෑ සිංහල වැටකොලු පවා දැන් අඩුයි. ඒවාගේ රස වැඩි මේ හයිබ්‍රිඩ් ඒවට වඩා.

    දැන් ලංකාවෙ තියන කොමඩු මෙලෝ රහක් නෑ. ඉස්සර තිබුන පතක්කා කියන පැණි කොමඩු විශේෂයට වෙච්චි දෙයක් නෑ.

    ගිය අවුරුද්දෙ හැදුවා කොමඩු. කිනාරි කියන හයිබ්‍රිඩ් එක. ඒකෙ සති දෙකෙන් දෙකට කෙමිකල් එකක් තියනවා ගහන්න. ඒක ගැහුවෙ නැත්තං ලෙඩ එනවා. ඔහොමයි බහුජාතික සමාගම් අපේ ගොවියන්ට නාස් ලණුව දාන්නේ. උන්ට පට්ට ප්‍රොෆිට්. අපේ උනුත් අස්වැන්න වැඩි හින්දා කරනවා. පරණ බීජ 100%ක්ම වඳවෙලා ගිය දවසට අර සමාගම් වලින් බීජ වල ගණන් සහ කෙමිකල් වල ගණන් වැඩි කරපුවාම මොනාද කාපු රිලව් වගේ බලාඉන්න තමයි වෙන්නේ.

    දකුණු ඇමරිකාවෙ චිලී වල ඒ දේ ඒ ආකාරයටම උනා. අන්තිමට සුලු පරිමාණ හා මද්‍යපරිමාණ ගොවියො නැතිවෙලා ගිහිං මහාපරිමාණ සමාගම් විතරක් ඉතුරු උනා.

    පරණ කෙසෙල් වර්ග කිතල, සුවඳැල් වගේ ඒවා හොයාගන්න මාරම අමාරුයි. ඒ විතරක් නෙවෙයි මොන්දං කෙසෙල් වර්ග හොයාගන්නත් දැන් නෑ.

    පරණ වී වර්ග යකඩමරං,සුවඳැල්,කුරුලු තුඩ, ගෝනබරු හොයාගන්න නැත්තටම නැති තරම්. අපේ අයියා කෙනෙක් වගාකරනවා. පුදුම රසක් ඒ හාල් වලින් උයන බත්. බාස්මතී මොනාද කියලා හිතෙනවා ඒවා කනකොට.

    කෘෂිකර්මෙ ඉන්න ගොං බූරුවො හයබ්‍රිඩ් වර්ග ප්‍රමෝට් කරන එක තමයි කරන්නේ. උන් කටපාඩං ගිරව් ඉන්නේ. මෙලෝ මලදානයක අවබෝධයක් නැතිව වැඩකරන්නේ ගොඩක් උං.රජය ගැන කතානොකර ඉමු. මෙලෝ වැඩකට ඇති උන් ඉන්න තැනක්යැයි
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,533
    113
    උබ නිකමට තායිලන්ඩ් ගියොත් බලපන් උන්ගේ රටේ තියෙන එළවලු,පළතුරු දිහා..ඒවා තායිලන්තෙටම ආවේනික ඒවා.ඒ මිනිස්සු ඒවා තාමත් ආරක්ෂා කරගෙන ඉන්නේ.ලංකාවේ සක්කිලි වගේ ලාභෙ ගැන හිතලා වෙන රටවල් වල දේවල් බදාගෙන නැහැ.අපේ රට වගේ තමන්ගේ දේට කෙලවලා අනුන්ගේ දේ බදා ගන්න ඉන්න මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ වෙන නැතුව ඇති.ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ.රටක් දියුණු වෙන්න ඒ රටේ මිනිස්සු ඉස්සෙල්ලා තමන්ගේ රටේ දේවල් වලට ආදරේ කරන්න ඕන.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ලක්බිම සරුකෙත , ඇග්රෝ එසිඅන් එකේ ලේබල් කරන්නේ මම
    මම වැඩේ ගේන එකාට කිව්වා ගස්ලබු බීජ ටිකක් ගෙනත් දෙන්න කියල
    උ කියනව නිකන් පැල කරලා හරියන්නේ නැහැලු

    වවපු ගමන් බෙහෙතක් ගහනවලු

    මැදදී තව එකක් ගහනවලු

    ගෙඩි එද්දී එකක් ගහල ගෙඩි පුරෝලා ආවම අමුවෙන්ම ගෙඩි ටික බෙහෙත් ගහල පත්තර වල ඔතනවලු

    මිනිස්සු ගුණයි කියල කනවලු

    ඒවල තියෙන ඇට පැල උනාට පලදාව නැහැලු

    අයියෝ සංසාරේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබ නිකමට තායිලන්ඩ් ගියොත් බලපන් උන්ගේ රටේ තියෙන එළවලු,පළතුරු දිහා..ඒවා තායිලන්තෙටම ආවේනික ඒවා.ඒ මිනිස්සු ඒවා තාමත් ආරක්ෂා කරගෙන ඉන්නේ.ලංකාවේ සක්කිලි වගේ ලාභෙ ගැන හිතලා වෙන රටවල් වල දේවල් බදාගෙන නැහැ.අපේ රට වගේ තමන්ගේ දේට කෙලවලා අනුන්ගේ දේ බදා ගන්න ඉන්න මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ වෙන නැතුව ඇති.ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ.රටක් දියුණු වෙන්න ඒ රටේ මිනිස්සු ඉස්සෙල්ලා තමන්ගේ රටේ දේවල් වලට ආදරේ කරන්න ඕන.

    ඔක්කොම රට පේර රට ජම්බු රට අම්බ ,රට ලබ්බ කිය කිය කනව මෝඩ සින්හලු
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,613
    1,885
    113
    අවධානය යොමුවිය යුතු වැදගත් කාරනයක්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ow bn oka thama loke godak than vala venne, israel vitarak neme balawat rataval okkoma oya vade karanawa unge companies valata market eka hadaganna...

    israel un bibile dodam valata karapu de vistara karapnko bn, oka maattu vune nadda ? rajaya owa danne nadda ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ow bn oka thama loke godak than vala venne, israel vitarak neme balawat rataval okkoma oya vade karanawa unge companies valata market eka hadaganna...

    israel un bibile dodam valata karapu de vistara karapnko bn, oka maattu vune nadda ? rajaya owa danne nadda ?

    උන් බිබිලෙ දොඩම් ගැන පරීක්ශනයක් කරන්නලු ආවෙ එච්චර රස උනේ කොහොමද කියල .කැම්පස් රිසර්ච් එකක් කියලලු ආවෙ .ගිහින් අවුරුද්දකින් බිබිලෙ දොඩම් නෑ .උන්ගෙන් දොඩම් ගෙන්නන්න උනාලු :oo::oo::oo::oo:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උන් බිබිලෙ දොඩම් ගැන පරීක්ශනයක් කරන්නලු ආවෙ එච්චර රස උනේ කොහොමද කියල .කැම්පස් රිසර්ච් එකක් කියලලු ආවෙ .ගිහින් අවුරුද්දකින් බිබිලෙ දොඩම් නෑ .උන්ගෙන් දොඩම් ගෙන්නන්න උනාලු :oo::oo::oo::oo:

    hmm, ow bn api thambiyo ekka avulen hitiyata oya jews la thama mulu lokema inna darunuma sakkilima jatiya..un thama loke rataval vinasa karanne,,,,mchn bibile dodam dan kohewat nadda bn ? podiyatawat kaurut karanen nadda ?

    kalama na bn..
    :oo::oo::oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද මාතෘකාවක්...
    ඉස්සරනන් නිවාඩු පාඩුවෙ පැල වැවුවා. වැඩක් එක්ක දැන් ඔක්කොම අතපසු වෙලා... පුලුවන් විදිහට ආයිත් මොනව හරි වවන්න ඕනි.. මිරිස් පැලයක් හරි..
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    From FB ;


    මේ කියන්ට යන්නේ මා අසා ඇති දෙයකි.

    ලෝකේ ඉතා රසවත්ම දොඩම්, නැත්තම් රසවත්ම දොඩම් වලින් එකක් තමයි ලංකාවේ බිබිලේ දොඩම්. ඒ වගේම ලෝකේ ඇති තවත් රසවත්ම දොඩම් ජාතියක් තමයි ඊශ්‍රායලයේ ජෆ්ෆා දොඩම් කියන්නෙත්.

    ඔය ඊශ්‍රායල් කාරයෝ, ලංකාවේ සුභ සිද්ධියක් උදෙසා වූ කර්තවයකට පැමිණෙන ලෙසින්, යම් කිසි රෝගයක් හිතා මතාම (ජානමය විකෘතියක් බෝ කලාද දන්නෙත් නැහැ) ව්‍යාප්ත කරලා තියෙනවා, බිබිලේ දොඩම් වලට. ඉන් පසු මේ වටිනා, දේශීය දොඩම් වර්ගය වඳ වී ගියාය කියනවා.

    ඔය වගේ දෙයක් ලංකාවේ ඉතා සාර්ථකව ඇපල් වැවු(මතක හැටිය එතුමාගේ නම මාර්ටින්. ඔහුට කියන්නේ ඇපල් මාර්ටින් වගේ තමා නිච්චි.) පුද්ගලයෙකුට ඕස්ට්‍රේලියාවෙන් හොඳ තෑග්ගක් ලැබුනා. මොහු ඉතා සාර්ථකව ඇපල් වැවු සැටි දන ගෙන ඔවුන් නැවත වවන්ට වෙනත් ප්‍රබෙධයක් ලබා දුන්න නොමිලේම, ආධාරත් ඇතිව. එය වගා කලාට පසු අර පෙර වැවු සියල්ලක්ම වඳ වී ගොස් ඇත. නැවත ඇපල් ගසක් වගා කරන්ටවත් බැරි වී ඇත. මින් කම්පනයට පත් එතුමා, හිත තැවුලින් සියලු වගාවන් අත්හැර දැමුවා කියා කියනවා(මෙය මා බොහෝ කලට පෙර පුවත්පත් ලිපියකින්, මතක ඇති විදිහට බත් පාර්සලයක් බැඳ තිබ් කොළයකින් කියවපු දෙයක්.)
     
    • Like
    Reactions: skymicro