පද පේළී - EK LYRICS THREAD PART 2

[FONT=&quot]මේක මගේ යාළුවෙක් කරපු සින්දුවක්..........
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]හදේ ලැගුම්ගෙන හදවත පාරයි නම්[/FONT]
[FONT=&quot]සුසුමක් වී මා ඔබේ හදින් යන්නම් [/FONT]
[FONT=&quot]මතකයන් යලි සිතට නැගෙයි නම් [/FONT]
[FONT=&quot]සිතුවිල්ලක් වී මා සිතින් යන්නම් //[/FONT]

[FONT=&quot]ඈ දන් නෑ , ඈ මගෙයි කියා [/FONT]
[FONT=&quot]ඈ දන් නෑ , ඈ පෙම් බැදී මා [/FONT]
[FONT=&quot]ඈ දන් නෑ , ඇගේ සිහිනය මමයි කියා....[/FONT]
[FONT=&quot]ඈ දන් නෑ ඈ ආදරේ මටයි කියා [/FONT]
[FONT=&quot]ඈ දන් නෑ ඈ [/FONT] [FONT=&quot]ආදරේ මටයි කියා [/FONT]

[FONT=&quot]නෙතෙහි ඇදුනු රුව නෙත තුල වද දෙයි නම් [/FONT]
[FONT=&quot]දසුනක් වී මා ඔබේ නෙතින් යන්නම් [/FONT]
[FONT=&quot]සසර පුරා බැදී දහසක් බැදුමින්[/FONT]
[FONT=&quot]භවෙන් භවේදී මා ඔබ මුදවන්නම් [/FONT]

[FONT=&quot]හදවත පාරා නෙත හැඬ වූ ඒ[/FONT]
[FONT=&quot]ප්‍රේමය හට මා සමුදෙන්නම් [/FONT]
[FONT=&quot]නෙත බොද කල ඒ සොදුරු දසුන් හට [/FONT]
[FONT=&quot]සමු දී යලි මා නොපෙනෙන්නම් [/FONT]
[FONT=&quot]නෙතට හොරා හදවත් බැදි ආදර [/FONT]
[FONT=&quot]සිහිනය යලි මා නොදකින්නම් සදා[/FONT]

[FONT=&quot]අතීතයේ එක් සොදුරු නිමේශෙක [/FONT]
[FONT=&quot]මා ජිවත් වෙන්නම් [/FONT]
[FONT=&quot]සුවපහසුව යලි කිසිදා [/FONT]
[FONT=&quot]නොලබන්නම්........[/FONT]
[FONT=&quot]ඈ දන් නෑ ඈ[/FONT] [FONT=&quot]ආදරේ මටයි කියා [/FONT]

link එකක් තියනවනම් දෙන්න අහන්න
 
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජිවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා.
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
    රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
    රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී..

    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ
    හමුවෙමූ කවදා හෝ ආයේ
    හිනැහෙමූ තරහා නෑ වාගේ
    මේ සැදෑවේ කෝ කොහේදෝ
    මා සොයන්නී..

    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී..

    සඳ ඔබ මගේ....

    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී..

    Athula Adhikari :love::love:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
    දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
    එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
    හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
    මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
    කඳුළක කැළලක් ඉතිරි වෙලා…

    උරහිස තැවරී වියැළුනු කඳුළෙන්
    ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත…
    සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්…

    ඔබහට පෙම් කළ යුගය නිමා කර
    වෙන් වී යන්නට දවස පැමිණ ඇත...
    සමාව දෙන් මට සෙනෙහෙ සිතින්...

    පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය:- ස්ටැන්ලි පීරිස්
    ගායනය :- නන්දා මාලිනී
     
    • Like
    Reactions: Malinga

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නිල් නුවන් පින් බරයි
    රෝස තොල් ලස්නයි
    හිම හංසියේ ඔබ නිල් අහස වගේ

    අහස පිබුදු දෙවිලියේ
    සයුරු කැලබු කිදුරියේ
    මගේ රත්තරන් ඔබ මිණි පහන වගේ

    දේදුන්නේ නැගී ආවේ මමයි
    මද පවනෙ වේලි ආවේ මමයි
    සංසාරයේ ආවෙමි ප්‍රියේ

    සත්තකයි ඔබ මගේ
    ඇත්තමයි මා ඔබේ
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ

    මා තරම් සෙනෙහසක
    කිසි කෙනෙක් මේ ලොවේ
    නැ රත්තරන් ඔයාට ආදරේ

    උණුසුම් හදු වස්සෙන් සනසා
    කදුලට සතුටක් එක්කලා
    අපේ ආදරේ සදහට පවතින්නේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන ඇස් පොඩි තිබුණට
    තිස්සෙ ම නොබලයි
    යන්නට හැරි බලන විටදි
    මගෙ සිත සසලයි

    දුරට ගිහින් ආපසු බලනා
    ළඟ යනවිට වෙනතක බලනා
    නුඹෙ ඔය දඟකාර කමට
    මගෙ සිත බැඳුණා

    ලස්සන ඇස් .................

    ඇසින් කියන මුවින් නොකියනා
    වසන් කරන දේ මට දැණුනා
    නුඹෙ ඔය දඟකාර කමට
    මගෙ සිත බැඳුණා

    ලස්සන ඇස් .................


    ගායනය :- මර්සලින් පතිරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන ගම්මානේ පින්බර රන්මැණිකේ
    බාලේ හිත බැන්ඳා මා කෙරේ
    මතක ඈත මගේ අද ඊයේ වාගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ

    දුණුකේ මල්යායේ සැංගී සැන්ඳෑවේ
    නෙතගින් පැවසු ඒ ආදරේ
    සිහිනෙන් තැවරූවේ මෘදු සුවඳක් වාගේ
    සිත මගෙ පුබුදාවී රෑ දිවේ

    ලස්සන ගම්මානෙ .............

    පැල් රැක ඇල් හේනේ
    මේ දහදුක් වින්ඳේ
    ඔබ මට හිමිවෙන්නෙයි ජීවිතේ
    ළඟ එන බක්මාසේ
    දළුලන සඳපානේ
    රහසක් පවසන්නයි මා සිතේ

    ලස්සන ගම්මානෙ .............


    ගායනය :- මර්වින් මිහිඳුකුල
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ
    දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ
    වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ
    කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ

    චොකලට් කෑල්ල මගේ
    සූකිරි බට්ටියා මගේ
    ඔයා නොලැබුනොත් අනේ
    පනිනවා ලෝකාන්තේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ

    පංතිත් කට් කරලා ඉන්නේ ඇය බලන්න
    අරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න
    තිබුනට බූට් සොමිය මේ හද පිරේන්න
    දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

    චොකලට් කෑල්ල මගේ
    සූකිරි බට්ටියා මගේ
    ඔයා නොලැබුනොත් අනේ
    පනිනවා ලෝකාන්තේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ

    වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ
    ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ
    වියදම නෑ මචං ඩබල් වෙන්නේ
    බූට් එකත් අමුතු ආතල් එකක්නේ
    බූට් එකත් අමුතු ආතල් එකක්නේ

    චොකලට් කෑල්ල මගේ
    සූකිරි බට්ටියා මගේ
    ඔයා නොලැබුනොත් අනේ
    පනිනවා ලෝකාන්තේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
    මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
    මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා ජීවිතයේ තනි වී

    සඳ ගිලිලා තරු නිවිලා
    මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
    ඔබ සතුටේ ඇතැයි සිතා
    කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

    විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
    මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ

    දළු දාලා මල් පිපිලා
    ඔබ ලෝකේ හිනැහේවා සැමදා
    හදට ඔබේ දුක ආ දා
    මම එතැනයි පමා නොවෙමි කිසිදා

    විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
    මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
    මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා ජීවිතයේ තනි වී


    ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     
    මයුරාසන හිඳ පාන තෙදැති
    සුරිඳුනි කඳ රාජනේ
    මනු ලෝ සත වෙත පෑව නෙතින
    සුරකිනු අප ස්වාමිනේ
    මයුරාසන හිඳ පාන තෙදැති
    සුරිඳුනි කඳ රාජනේ

    සාමයේ චේතනා රැඳුණු සිතැඟි නෑ මෙදා දේවනේ
    මෝහයේ ද්වේශයේ ගිලෙන ලොවට පා තබා දේවනේ

    දෙයියෝ දැන් ඉන්නේ වෙන කොහෙද ලු
     
    දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ
    රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ
    කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ
    දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දිනේ

    මැකුණු සිතුවමක් ඇඳ තෙලි තුඩින් යළි යළිත්
    නෙතට රිදුවමින් බැලු බැලු අතක දිස් වෙමින්
    නැවුණු සුබ හැඟුම් ඉතිරුණු තුහින තුන් යමින්
    වඩියි නුඹ සිතට හිනැහී දෙව්දුවක් ලෙසින් ...
    දෙව්දුවක් ලෙසින්


    Sunil Edirisinghe
    Rohana Weerasinghe
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තුරුලේ නිතර සතපා පැතුලෝකෙ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබ ගේ ආදරේ මටනම්
    දෑත මගෙ පටලා දුර ඈත යමු දෙදෙනා
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//

    රැදිලා මේ හිත මානේ හැමදා මා පන වාගේ
    ඔබමයි මාව ජිවත් කලේ...
    කිසිදා නෑ හැර යන්නේ තිබෙනා කල් දිවි මාගේ
    ආසයි ඉන්නදැවටී හදේ...

    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//

    දැනෙනා සීතල යාමේ හැමදා ඉන්නට ඕනේ
    සිනහා පැළඳ මුවගේ මගේ...
    ඔබ නෑ මම පබදින්නේ ඔබමයි මා නමදින්නේ
    අපගේ ප්‍රේම පූජාසනේ...

    තුරුලේ නිතර සතපා....

    Chillie Thilanka & Rosi
     
    රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ
    නීලමණී සේ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
    රුප ශ්‍රියා සේ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
    රතඳර මධු බොමි සිත සන්තොසිනේ
    ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී

    වෙනු ෂූලා තොප ම'කෙරෙ ආලය ප්‍රීති.. ප්‍රීති වෙමි මෙමා
    සම්පතටා මංගල්ලෙටා ප්‍රීති ප්‍රීති වෙමි මෙමා

    ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී
    බොහොම උදාරයි වහපිය තී කට යාවි යාවි දිවි තිගේ
    ඉක්මනටා ඉක්මනටා යාවි යාවි දිවි තිගේ

    ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී
    රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ
     
    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
    නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

    පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
    ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඳුරු කුටිය තුල
    දොරගුළු ලා ගෙන
    ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන්හට නෑසේ
    පොළොව කොටන තැන
    පාර හදන තැන
    ගිනියම් අව්වේ මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    බලන් කඩතුරා හැර දෑසේ...