කොළඹ සහ අවට හිතට සෙට් වෙන්න ඩිනර් බුෆේ
අපේ සමහරු ඉන්නවා බුෆේ වලට හෙන ආසයි. ඔව් සමහරු කිව්වේ අනිවා අපි ඔක්කොමත් එක්ක තමයි. ඒකට හේතුවක් තියෙනවා. අපිට කොහොම කළත් කන්න පුලුවන් බඩේ ඉඩ තියෙන ප්‍රමාණෙට වුනාට, බුෆේ එකක කැමති ඕන තරමක් කන්න පුලුවන් කියනකොට මාර ගැම්මක් එනවනේ හිතට. එතකොට ඒක හරි ලාබයි කියලත් හිතට දැනෙනවා. ඒ වගේම තමයි කෑම බීම වලට කල්චර් එකක් විදියට ආස කරන කෙනෙක්ට බුෆේ එකක එක එක ජාතියේ කෑම තෝරගන්න විසිරිලා තියෙනවා දැක්කහමත් හරි තන්තෝසයි. හරි. මේ කියන්න යන්නේ කොළඹ අවට රෑ වෙලාවට යන්න පුලුවන්, ඒ කියන්නේ ඩිනර් ගන්න යන්න පුලුවන් බුෆේ ඔප්ෂන් කීපයක් ගැන. දෙන්නෙක්ට යන්න නම් ඉතින් මේ තැන් සුපිරිම සුපිරි.
1. Harbour Court – The Kingsbury Hotel
Dinner buffets
කින්ග්ස්බරි හෝටලේ හාබර් කෝට් එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකේ වටේ ඕන කෑමක් තියෙන පොට් එකක් විදියට තමයි. ඉතින් ඩිනර් බුෆේ එකකට යනවා නං කින්ග්ස්බරි එකේ ඩිනර් බුෆේ තියෙන්නේ හාබර් කෝට් රෙස්‍ටුරන්ට් එකේ. මේ ඩිනර් බුෆේ එකේ කොහොමත් අයිටම්ස් 200-300 අතර ගාණක් දකින්න ලැබෙන එක විශේෂයක්. මීට් අයිටම්ස් විතරක් නෙවෙයි සී-ෆුඩ් අයිටම්ස් සහ වෙජිටේරියන් අයිටම්ස් එහෙමත් ඕනෑ විදියට තෝරගන්න මේ හාබර් කෝට් ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එකේ පුලුවන්.
දවස් සහ වේලාව: සඳුදා – සෙනසුරාදා දක්වා, හවස 6.30 සිට රාත්‍රී 12.00 දක්වා
එක ඔළුවකට මුදල: රුපියල් 3,000 (සියලු බදු ඇතුළත්ව)
දුරකථන අංක: 0112421221
2. The Dining Room – Cinnamon Lakeside
Dinner buffets
ද ඩයිනින්ග් රූම් එකත් ඉන්ටර්නැෂනල් බුෆේ එකක් පිරිනමනවා. විශේෂයෙන්ම මස් රස හොයන අයට චිකන් වල ඉඳන් ලෑම්බ් දක්වා, එතකොට වෙජිටේරියන්, සීෆුඩ් රස හොයන අයටත් ඒ ඒ විදියට තෝරගන්න ආකර්ෂණීය මෙනු අයිටම් ලැයිස්තුවක් මේ බුෆේ එකේ දකින්න පුලුවන්.සෑහෙන්න දෙනෙක් හොඳ කියන බුෆේ එකක් කියලත් කියන්න ඕන.
දවස් සහ වේලාව: සඳුදා – සෙනසුරාදා දක්වා, හවස 7.00 සිට රාත්‍රී 11.00 දක්වා
එක ඔළුවකට මුදල: රුපියල් 3,150 (සියලු බදු ඇතුළත්ව)
දුරකථන අංක: 0112491930
3. Thunapaha restaurant – Waters Edge
Dinner buffets
දැන් වෝටර්ස් එජ් කියන්නේ නිස්කලංකේ ඉඳලා කෑම ටිකක් කාලා එන්න ගොඩක් දෙනෙක් තෝරගන්න තැනක් වෙලා. ඉතින් ඩිනර් එකට රාජගිරිය අවට පහසුයි නම්, සම්පූර්ණ ශ්‍රී ලාංකීය කෑමකට කැමතියි නම් වෝටර්ස් එජ් එකේ තියෙන “තුන-පහ” රෙස්‍ටුරන්ට් එක තමයි නියම තැන. මෙතන පාන්, බනිස්, රෝස් පාන් වල ඉඳන් පිට්‍ටු, ඉඳිආප්ප වගේ අයිටම්ස් වෙනකලුත්, රයිස් ඇන්ඩ් කරි වල ඉඳන් කොත්තු වෙනකලුත් සෑහෙන්න අයිටම් ප්‍රමාණයක් දකින්න පුලුවන්. විශේෂයෙන්ම මීට් අයිටම්ස් පවා නියම ශ්‍රී ලාංකීය විදියට හදලා තියෙන නිසා, ලංකාවේ කෑම කන්න ආස කරන කෙනෙක්ට මෙතන රෙකමන්ඩ් කරන්න පුලුවන්.
දවස් සහ වේලාව: සඳුදා – ඉරිදාදක්වා, හවස 7.30 සිට රාත්‍රී 10.30 දක්වා
එක ඔළුවකට මුදල: රුපියල්2,900 (සියලු බදු ඇතුළත්ව)
දුරකථන අංක: 0112863863
4. Latitude – TajSamudra
Dinner buffets
සැලඩ්, සකස් කරපු මස්, සී-ෆුඩ් වගේම ඩිසර්ට් වලටත් හොඳයි කියලා ගොඩක් දෙනා කියන ටාජ් සමුද්‍රා එකේ ලැටිටියුඩ් රෙස්‍ටුරන්ට් එකත් බොහොම හොඳ ඩිනර් බුෆේ ඔප්ෂන් එකක්. සිකුරාදා රෑට බාබක්‍යු මෙනු එකකුත්, සෙනසුරාදා රෑට ශ්‍රී ලංකන් මෙනු එකකුත් ඩිනර් බුෆේ එකට ඉදිරිපත් කරන ලැටිටියුඩ් එකේ සතියේ අනික් දවස් වලට ඉන්ටර්නැෂනල් බුෆේ එකකුත් පිරිනමනවා.

එක ඔළුවකට මුදල: සෙනසුරාදාසිට බ්‍රහස්පතින්දා – රුපියල් 2,900, සිකුරාදා – රුපියල් 3,600 (සියලු බදු ඇතුළත්ව)
දුරකථන අංක: 0112446622
5. Chutneys – Cinnamon Grand
Dinner buffets
කොළඹ තියෙන තරු පහේ ඉන්දියන් කෑම පොට් එකක් නං මුලින්ම කියවෙන නමක් තමයි සිනමන් ග්‍රෑන්ඩ් එකේ චට්නීස්. නමින්ම කියවෙන විදියට දකුණු ඉන්දියානු කෑම වර්ග වලට තමයි මෙතන නම් දරලා තියෙන්නේ. හැම අඟහරුවාදා දවසකම චට්නීස් එකේ බුෆේ එකක් අරිනවා. ඉතින් එදාට ගියොත් බොහෝම වර්ණවත් දකුණු ඉන්දියානු කෑම වර්ග එකතුවක් දැක බලාගන්න පුලුවන්. හැබැයි මස් නැත්තං කෑම එපා කට්ටියට මේක සෙට් වෙන එකක් නෑ. චට්නීස් බුෆේ එක වෙජිටේරියන්.
දවස් සහ වේලාව: අඟහරුවාදා, හවස 7.00 සිට රාත්‍රී 11.00 දක්වා
එක ඔළුවකට මුදල: රුපියල් 2,280 (සියලු බදු ඇතුළත්ව)
දුරකථන අංක: 0112497372
6. Curry Leaf – Hilton
Dinner buffets
ගාණ පොඩ්ඩක් වැඩි වුනත් හිත වගේම බඩ පිරෙන, ටිකක් වෙනස් විදියේ ඩිනර් බුෆේ එකක් ඕන නං අපිට රෙකමන්ඩ් කරන්න පුලුවන් හිල්ටන් එකේ කරි ලීෆ් රෙස්‍ටුරන්ට් එක. සතියේ හැමදාම තියෙන මේ බුෆේ එක සී-ෆුඩ් සහ ශ්‍රී ලංකන් තීම් දෙකම එකට එකතු කරපු බුෆේ එකක්. විශේෂම දේ තමයි කෙනෙක්ට තෝරගන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරි තරම් අයිටම්ස් ගණනාවක්ම මෙතන තිබීම. විශේෂයෙන්ම මස් වර්ග, වෙජිටේරියන් අයිටම්ස් වගේම සී-ෆුඩ් ලවර් කෙනෙක්ටත් හිත පිරෙන්න කන්න දේවල් මේ බුෆේ එකේ තියෙනවා. ආප්ප කොත්තු වල ඉඳන් රොටී වර්ග ඇතුළුව නියම ශ්‍රී ලංකන් කෑම වර්ග සෑහෙන ප්‍රමාණයක් මෙතන දකින්න පුලුවන්.
දවස් සහ වේලාව: සඳුදා – ඉරිදාදක්වා, හවස 7.00 සිට රාත්‍රී 12.00 දක්වා
එක ඔළුවකට මුදල: රුපියල් 3,583 (සියලු බදු ඇතුළත්ව)
දුරකථන අංක: 0112544644
7. Echo – Cinnamon Grand
Dinner buffets
සිනමන් ග්‍රෑන්ඩ් එකේම තියෙන එකෝ රෙස්‍ටුරන්ට් එක අපිට රෙකමන්ඩ් කරන්න පුලුවන් ඉතාලි කෑම වලට කැමති කෙනෙක්ට. ලොකු රේන්ජ් එකක සිලෙක්ෂන් එකක් නැති වුනත් කෑම වරදක් කියන්න බෑ. මේ අයගේ බුෆේ එක තියෙන්නේ බදාදාට විතරයි. හැබැයි අර ගිහින් තමන්ට ඕන දේවල් බෙදාගන්න බුෆේ එකක් නෙවෙයි. කරන්න තියෙන්නේ මෙනු එකෙන් බලලා ඕන දේවල් ඕඩර් කරන එක තමයි. හැබැයි කන්න පුලුවන් ප්‍රමාණෙට ඕන තරම් ඕඩර් කරන්න බැරි කමක් නෑ. ඉතාලි ක්‍රමේට හදපු කෑම ගොඩක් නැති වුනත්, මිනි පීසා වල ඉඳන් හිතට හරියන විදියේ අයිටම්ස් ටිකක් එකෝ එකේ තියෙනවා කියන්න ඕන.
දවස් සහ වේලාව: බදාදා, හවස 7.00 සිට රාත්‍රී 11.00 දක්වා
එක ඔළුවකට මුදල: රුපියල් 3,387 (සියලු බදු ඇතුළත්ව)
දුරකථන අංක: 0112497361

Last edited: