TFS![]()
මේක කියවලා මට ප්රශ්න තුනක් මතු වුණා.
1) ඔයාට payments PayPal එකට ආවම, ඒවා සල්ලි (cash) විදිහට අතට ගන්නේ කොහොමද? ලංකාවට තවම PayPal support කරන්නේ නැහැනේ bank account එකකට funds trasnfer කරගන්න.
2) Clients ලා ට ඔයාගේ output එක deliver කරන්නේ කොහොමද? Source Files දෙනවද නැත්නම් මොකක් හරි render වෙන file එක දෙනවද?
3) අලුතෙන් Fiverr join වුන කෙනෙක්ට ratings එහෙම නැහැනේ, ඉතින් කොහොමද clients ල ගේ විස්වාසය දිනාගන්නේ?
1. මචං මම payoneer කාඩ් එකට තමා withdraw කරන්නේ. ඒකෙන් බැංකුවට ගෙන්නගන්නවා.
2. ඒක client requirement එක අනුව වෙනස් වෙනවා. එයාලා ඉල්ලන්නේ කොහොමද ඒ විදියට දෙනවා.
3. ඔව් ඒක ඇත්ත. තමුන්ගේ එකක් තියෙනවානම් ගොඩ. එහෙම නැත්තම් සාම්පල් එකක් කරලා ලිංක් එක දාලා තමුන්ට වැඩේ පුලුවන් බව පෙන්නන්න.

AloneGuy ද මොකාද එකා ඇත්තටම වන්දනා මාන කරන්න ඕනේ මේ වගේ එවුන්ව. නැතුව සල්ලි වලින් කරන දේවල් පෙන්න පෙන්න market කරගන්න එවුන්ව නෙමෙයි. මේ වගේ හරි පාර කියල දෙන්නේ කීයෙන් කී දෙනාද?


මේ ලියන්නේ තමුන්ගේ අතේ තුට්ටු දෙක වියදම් කරලා මහා පරිමාණ ඩෙස්ක්ටොප් එකක් ගහලා වැඩේ ගොඩ දාන්න යන අයට. මගේ ඩෙස්ක්ටොප් එක මෙන්න මෙහෙමයි .(සල්ලි වැඩි නම් ගත්තට කමක් නෑ)
මම කරන්නේ 3ඩී රෙන්ඩරිං.
4 years old
Intel i3
8 GB ddr3 Ram
No Separate VGA(onboard 512mb shared)
Intel DH61H0 motherboard
80 GB + 160 GB HDD
Front Panel වයර් මීයෝ කපලා මලකඩ කාලා තියෙන්නේ
ඒකෙන් මේ වෙනකොට නොසෑහෙන්න වැඩ අරන් තියෙනවා. (ගතවෙන කාලය වැඩී තමා) නමුත් තව කල් තියෙනවා මේකෙන් වැඩ ගන්න.ඔයාලත් තියෙන දෙයින් වැඩක් අරන් දියුණු වෙන්න.