Heartbreaking incident in People's Bank

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Heartbreaking incident in People's Bank

People%27s_Bank_logo.png



දැන් ටිකකට කලින් නුගේගොඩ මහජන බැංකුවට ගියා. කවුන්ටර් වල හෙන දිග පෝලිමක්. කවුන්ටර් 5 වගේ තියනවා නමුත් කවුන්ටර්ස් දෙකක් විතරයි වැඩ. අනෙක් උන් කන්න ගිහිල්ලද නැත්නම් මොන මගුලේ ගිහිල්ල ද මන්ද . අනෙක් කවුන්ටර්ස් හිස්. කොහොම හරි විනාඩි 20 ක් විතර පෝලිමේ. මට ඉස්සරහින් හිටියේ අවුරුදු 25 විතර ලස්සන ගැහැණු ළමයෙක්. පොඩි දරුවෙක් ව වඩාගෙන හිටියේ. දිගු පෝලිමක ඉඳලා මේ ගැහැණු ළමයා බැංකු පොත අස්සේ දාපු ස්ලිප් එකක් එක්ක කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනාට දුන්නා.

පස්සේ මේ කවුන්ටර් එකේ ඉන්න ගැහැණු කෙනා කියනවා මෙහෙම " මිස් මේ ළමා ගිණුම වහලා තියෙන්නේ. මේක ළමා ගිණුමක්. මිස් පොඩි කාලේ රුපියල් සියයක් දාල ඕපන් කරපු ගිණුමක්. එදායින් පස්සේ සල්ලි මේකට දාලම නැහැ. ඒක නිසා පසු කාලයකදී ගිණුම වැහිලා ගිහින් තියනවා. ඒක නිසා මිස් මේ ඉල්ලලා තියන රුපියල් 500 ගන්න බැහැ. දාපු රුපියල් සියය සහ පොලිය බැංකු සේවාවල් වලට කැපිලා ගිණුම වැහිලා තියනවා. පස්සේ කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනා පාස්පොතේ ලොකුවට පෑන් ඉරි දෙකක් ගහල කැන්සල් කියල ලියුවා. පස්සේ තේරුනේ මේ ගැහැණු ළමයා හිතලා තියෙන්නේ එදා පටන් අද දක්වා පොලිය රුපියල් 500 ඇති කියලා. සමහර විට ගණන් හදල බලනකොට රුපියල් 500 වගේ එන්න ඇති.

මට තවත් දෙයක් තේරුනේ මේ ගැහැණු ළමයා ලොකු ආර්ථික අපහසුතාවයකින් පෙලෙන මට්ටමක හිටියා කියලා. විනාඩි 20 කට වඩා පෝලිමේ දරුවෙක් එක්ක හිටන් ඉඳලා බලාපොරොත්තු කැඩුණු ස්වරුපයෙන් පිටව ගියා. ඒ එක්කම මට තේරුනා මේ කවුන්ටරේ ගැහැණු කෙනා කියනකොට ඇය අධික ලජ්ජාවකින් පෙලුනා කියලා. මම සාමාන්‍යයෙන් කවදාවත් බැංකුවකදී මට ඉදිරියෙන් සිටින කෙනාගේ කාර්ය අවසන් වෙනකන් මම මට අදාළ ලයින් එකේ ඉන්නවා. එත් මට කවුන්ටර් එකෙන් කතා කළා. ඉතින් දෙන්නවම එකට තියාගෙන කවුන්ටර් ගෑනි අර ගැහැණු ළමයට කතා කලේ.

පස්සේ මගේ වැඩේ ඉවර කරගෙන යනකොට මම කවුන්ටරේ ගෑනිට මෙහම කිවා" මිස් කවදාවක් වත් මනුස්සයෙකුගේ ආත්ම ගරුත්වය උල්ලංගනය වන විදිහට වැඩ කරන්න එපා. ඔය වගේ දෙයක් කතා කරනකොට හෙමින් කතා කරන්න පුලුරුදු වෙන්න. වට පිටවටම ඇහෙන්න කතා කරන්න ඕනේ නැහැ. " පස්සේ කවුන්ටර් එකේ කාන්තාව බුම්මගෙන සද්දයක් නොකර හිටියා. වයස 55 වත් ඇති මගේ හිතේ.

පස්සේ මට අර ගැහැණු ළමයට කියක්වත් දෙන්න හිතුනත් ඇය අධික ලජ්ජාවට පත්වේ යැයි හිතුන නිසා එම අදහස අත් හැර ගත්තා.

එත් ගෙදර ආවම පොඩ්ක් අවුල් බන්. මට හිතුනා ඇය ලජ්ජා උනත් අහලා බැලුවනම් හරි කියලා. අඩු ගානේ ඇය ලජ්ජාවට පත් නොවන්න ආකාරයට ණය මුදලක් වශයෙන් රුපියල් 1000 වත් ඇයට ණයට දෙන්න තිබුණා කියා.

ඒත් බන් එහෙම දේවල් ඒවගේ වෙලාවට එන්නේ නැහැ නේ ඔලුවට.


 
Last edited:

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    i experienced that too. If you roaming around banks , there are plenty of ppl like that. they juts can't go to road and beg(due to family or other situations) but beggars has more money than them.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    manussakama+mole<<<<<<<experience

    keeyak hari denna bn thibbe...

    Sad story.....bitter truth.....


    කිසිම දෙයක් ආවේ නැහැ බන් ඒවෙලාවේ ඔලුවට . මට හිතුන එකම දේ මම මුදල් දෙන්න උත්සහ කලොත් ඇය ලජ්ජාවට පත්වේවි කියල එන සිතුවිල්ල විතරයි.

    එත් ගෙදර අවම දැනුනේ මම කොයි තරම් මෝඩයෙක් ද කියලා.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ow ban oa wage welawata mkt karanna hitenne lejjawat bayata innawa passe itin help karanna beri unane kya kya regret karanwa, matat ohoma seen wela tynawa :(
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    ලස්සන ගෑනු ළමයෙක් නැතුව. කොල්ලෙක් හරි කැත කෙල්ලෙක් හරි හිටිය නම් උඹලගේ ඔය ආදරේ නැහැ.. :rolleyes::rolleyes: ඕන තරම් ගෑනු ඔහොම බැංකු පොත හිස්කරන්න බැංකුවල පෝලිමේ ඉන්නවා...

    ඕක ගෑනු ළමයෙක් නෙමෙය් යකෝ ළමයෙක් උස්සන් ඉන්න අම්ම කෙනෙක්. ලස්සන නිසා ඉතින් ගැනු ළමය උන නේද... :lol::lol:

    තෝ දවස ගානේ එක එක පච එළකිරි එකේ දානවා... තොපිට මානසික ලෙඩක්
     
    Last edited:

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    U Can set events into motion..\


    Try and go to the bank manager and speak.
    Recall the event and explain what your intentions, and ask IF the Bank Manager can approve Your good deed of action u intend to carry out.

    Request bank account details and you deposit whatever u think its good 1000 or 5000 Anonymously.

    Ask the Bank Manager to call her up or address her by a letter and say she can continue to use her account.
    :love::love::love::love::love::D

    DO IT TOMMORROW IF U HAVE THE GUTS TO DO IT.
     
    Last edited:
    • Like
    Reactions: lasa_dal