මචන් ළමයි වඩාගෙන ඉන්න අම්මලාව පෝලිමේ තියන්නේ නැතුව පෝලිමෙන් ඉස්සරහට ගන්නේ නැද්ද මහජන බැංකුවේ?![]()
ඔය වගේ වෙලාවකට පස්සෙන් ගිහින් රු 1000 විතර දීපන්
මිස් මේ මිස්ගෙ සල්ලි වගයක් වැටුන පාරෙ කියල හිතන්නත් කලින් අතට දීල මාරු වෙන්න ඔනේ
ලොකු පිනක් මචන් එහෙම කලා නම්
තමන්ගෙ වාරෙ එනකල් ඉඳන් ඉන්න කියනවා.ඒ වෙලාවට කථා කරලා ගන්නෙ.
ඒ විදිහෙත් වැරැද්දක් නෑ.පෝලිමේ ඉස්සරහ ඉන්න අයටත් හදිස්සි වෙලාවල් තියනවනේ.![]()
bank වල counter එක ඉස්සර ඈදලා තියන line එක ගෑන ලන්කවෙ මිනිසුන්ට තෙරුමක් නෑ... එක්කෙනෙක් counter ලග ඉදන් වෑඩ ටික කරගන්න කොට තව දෙන්නෙක් දෙපෑත්තෙ ඉදන් එක දිහ බලන් ඉන්නවා..
මමනම් එහෙම වෙලාවට එ අයට පස්සට ගිහින් ඉන්න කියනවා..
ලොකු කමකට නෙමේයි.. එ විදිහ තමා හරි නිසා
මාත් ඔයවගේ දේකට මුහුණ දුන්නා ඩර්ඩන්ස් හොස්පිටල් එකේදී.එක කකුලක් නැති ,හරියට කතා කරගන්න බැරි තාත්තා කෙනෙක් එයාගේ දුවව ළමා රෝග දොස්තර නෝන කෙනෙකුට පෙන්නන්න එපොඉන්මන්ට් එකක් දා ගන්න සල්ලි නැතුව ඉන්නවා මම දැක්කා.මම 1500/= Appoinment එකක් දාලා ඒ තාත්තාට ත්‍රීවීල් එකක යන්න තව කීයක් හරි දෙන්න හදද්දී ඒ මනුස්සයා කිව්වා “අනේ සර් ,මට ඔය කරපු උදව්ව හොඳටම ඇති .මට බස් එකේ යන්න පුළුවන් කියලා” .ආත්මගරුත්වය මිනිහෙකුට වටිනවා නැතිබැරිකම් තිබුනත්.පුළුවන් තරම් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න මචං .
මන් එකනේ බන් ලස්සන කෙල්ලන්ට එක තඹ සතේකට ගණන් නොගන්නේ
ඇද බස් එකේ එද්දී කෙල්ලෙක් ගාව වාඩිවුනා මන් නිකමට ඉතින් මූණ දිහා බැලුවා
බස් එකක සීට් එකක වදිවුනාම තව් එකෙක් ලගින් බලනවනේ බන් අනිකා මොකද කියල කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත්
මෙන්න මෙකි කට පුක කරගෙන අහක බලාගත්තා
මාත් එසැණින් අහක බලාගත්තා එහා සීට් එකේ ඇන්ටි පාරක් හිටියා මන් ඉතින් හොරෙන් හොරෙන් එයා දිහා බල බල ආවා ටිකකින් ඒ ඇන්ටිත් මන් ඉන්න පැත්ත බැලුව යන්තමට හරි ඇහේ කොනින් පෙනිලා වගේ එකදුගට බලන් ඉන්නකොට තේරෙනවනේ
එකිත් අවුලක් නෑ යන්තම් හිනාවෙලා වට පිට බල බාල හිටියා
ඒ ගේ එහාපැත්තෙ සීට් එක හිස් වෙච්ච ගමන් මන් දඩබඩ ගාලා එතෙන්ට ගියා
ඒකිට කටපුරා හිනාවක් දාල shape එකේ අර කෙල්ල දිහා බැලුව
එකී ඔරවන් බලන් ඉන්නව
මන් කින්ඩි හිනාවක් දාලා ඉතුරු ටික ආවා
බහින කන් අර ඇන්ටි එක්ක හෙන කයියක් ගැහුවා බහින තැන එනකම්
ඔය වගේ පඩත්තල කෙල්ලන්ට ඔහොම්මම කරන්න ඕනේ.
උත්ත නළලේ තමා තියෙනව කියල හිතන්නේ
සීට් එකක් නොතිබ්බොමත් මිසක් ලෙසියකින් ඔහොම කෙල්ලෝ ගාවින් ගිහින් වැඩි වෙන්නෙත් නෑ මන්නම්



දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ කියල. පස්සෙ අර ගෑනිට තරහ ගිහින් කෙස් වල්ලෙන්ම කවුන්ටරෙන් එළියටම ඇදල අර ගත්තා අර ගෑනිව. කොට කොට හිටපු කී බෝඩ් එකත් එළියට ඇදිල ආවා. මුන් දෙන්න බිම පෙරළි පෙරළි පොර කන්න පටන් ගත්තා. පස්සෙ සිකුරුට්ටා ඇවිත් අර කවුන්ටරේ හිටපු කැෂියර් ගෑණිට වෙඩි තිබ්බා. මොනා හරි කලින් තරහක් තියෙන්න ඇති කියල තමයි මට හිතුණේ. මම එතනින් පට ගාල ෂේප් වෙලා ආව. මම හිතුවෙ මෙහෙම දේවල් වෙන්නෙ GTA ගේම් වල විතරයි කියල. ඒත් රියල් ලයිෆ් එකේ මෙහෙම දේවලුත් වෙනව කියල එදා මම විස්වාස කරා.
මෙය හුදෙක් මාගේ විනෝදය පමණක් සඳහා හැදූ අමූලික බොරු කතාවකී.



කිසිම දෙයක් ආවේ නැහැ බන් ඒවෙලාවේ ඔලුවට . මට හිතුන එකම දේ මම මුදල් දෙන්න උත්සහ කලොත් ඇය ලජ්ජාවට පත්වේවි කියල එන සිතුවිල්ල විතරයි.
එත් ගෙදර අවම දැනුනේ මම කොයි තරම් මෝඩයෙක් ද කියලා.
මෙහෙමයි ඕක සදාචාරාත්මක හැගීමක් ඉතින් ඒ ඒ කෙනාගෙ කැමැත්ත තමයි. සමහර දුර යන බස් වල මිනිස්සු seat එකක් අල්ලගන්න සෑහෙන ගේමක් දෙනවා ඒ මිනිස්සුන්ගෙත් යම් යම් අපහසු තා තියෙන නිසා අපි දන්නෑනෙ සමහර මිනිස්සු හොදට පෙන්න හිටියට bypass කරපු අය වගේ ඉන්න පුළුවන්. ඉතින් මගින් ළමයෙක් වඩාගෙන හෝ හම්බෙන්න ඉන්න කෙනෙක් නැග්ගොත් seat එක දෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා හැබයි කාටවත් බල කරන්න බෑ.


