Heartbreaking incident in People's Bank
දැන් ටිකකට කලින් නුගේගොඩ මහජන බැංකුවට ගියා. කවුන්ටර් වල හෙන දිග පෝලිමක්. කවුන්ටර් 5 වගේ තියනවා නමුත් කවුන්ටර්ස් දෙකක් විතරයි වැඩ. අනෙක් උන් කන්න ගිහිල්ලද නැත්නම් මොන මගුලේ ගිහිල්ල ද මන්ද . අනෙක් කවුන්ටර්ස් හිස්. කොහොම හරි විනාඩි 20 ක් විතර පෝලිමේ. මට ඉස්සරහින් හිටියේ අවුරුදු 25 විතර ලස්සන ගැහැණු ළමයෙක්. පොඩි දරුවෙක් ව වඩාගෙන හිටියේ. දිගු පෝලිමක ඉඳලා මේ ගැහැණු ළමයා බැංකු පොත අස්සේ දාපු ස්ලිප් එකක් එක්ක කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනාට දුන්නා.
පස්සේ මේ කවුන්ටර් එකේ ඉන්න ගැහැණු කෙනා කියනවා මෙහෙම " මිස් මේ ළමා ගිණුම වහලා තියෙන්නේ. මේක ළමා ගිණුමක්. මිස් පොඩි කාලේ රුපියල් සියයක් දාල ඕපන් කරපු ගිණුමක්. එදායින් පස්සේ සල්ලි මේකට දාලම නැහැ. ඒක නිසා පසු කාලයකදී ගිණුම වැහිලා ගිහින් තියනවා. ඒක නිසා මිස් මේ ඉල්ලලා තියන රුපියල් 500 ගන්න බැහැ. දාපු රුපියල් සියය සහ පොලිය බැංකු සේවාවල් වලට කැපිලා ගිණුම වැහිලා තියනවා. පස්සේ කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනා පාස්පොතේ ලොකුවට පෑන් ඉරි දෙකක් ගහල කැන්සල් කියල ලියුවා. පස්සේ තේරුනේ මේ ගැහැණු ළමයා හිතලා තියෙන්නේ එදා පටන් අද දක්වා පොලිය රුපියල් 500 ඇති කියලා. සමහර විට ගණන් හදල බලනකොට රුපියල් 500 වගේ එන්න ඇති.
මට තවත් දෙයක් තේරුනේ මේ ගැහැණු ළමයා ලොකු ආර්ථික අපහසුතාවයකින් පෙලෙන මට්ටමක හිටියා කියලා. විනාඩි 20 කට වඩා පෝලිමේ දරුවෙක් එක්ක හිටන් ඉඳලා බලාපොරොත්තු කැඩුණු ස්වරුපයෙන් පිටව ගියා. ඒ එක්කම මට තේරුනා මේ කවුන්ටරේ ගැහැණු කෙනා කියනකොට ඇය අධික ලජ්ජාවකින් පෙලුනා කියලා. මම සාමාන්‍යයෙන් කවදාවත් බැංකුවකදී මට ඉදිරියෙන් සිටින කෙනාගේ කාර්ය අවසන් වෙනකන් මම මට අදාළ ලයින් එකේ ඉන්නවා. එත් මට කවුන්ටර් එකෙන් කතා කළා. ඉතින් දෙන්නවම එකට තියාගෙන කවුන්ටර් ගෑනි අර ගැහැණු ළමයට කතා කලේ.
පස්සේ මගේ වැඩේ ඉවර කරගෙන යනකොට මම කවුන්ටරේ ගෑනිට මෙහම කිවා" මිස් කවදාවක් වත් මනුස්සයෙකුගේ ආත්ම ගරුත්වය උල්ලංගනය වන විදිහට වැඩ කරන්න එපා. ඔය වගේ දෙයක් කතා කරනකොට හෙමින් කතා කරන්න පුලුරුදු වෙන්න. වට පිටවටම ඇහෙන්න කතා කරන්න ඕනේ නැහැ. " පස්සේ කවුන්ටර් එකේ කාන්තාව බුම්මගෙන සද්දයක් නොකර හිටියා. වයස 55 වත් ඇති මගේ හිතේ.
පස්සේ මට අර ගැහැණු ළමයට කියක්වත් දෙන්න හිතුනත් ඇය අධික ලජ්ජාවට පත්වේ යැයි හිතුන නිසා එම අදහස අත් හැර ගත්තා.
එත් ගෙදර ආවම පොඩ්ක් අවුල් බන්. මට හිතුනා ඇය ලජ්ජා උනත් අහලා බැලුවනම් හරි කියලා. අඩු ගානේ ඇය ලජ්ජාවට පත් නොවන්න ආකාරයට ණය මුදලක් වශයෙන් රුපියල් 1000 වත් ඇයට ණයට දෙන්න තිබුණා කියා.
ඒත් බන් එහෙම දේවල් ඒවගේ වෙලාවට එන්නේ නැහැ නේ ඔලුවට.

Last edited: