පද පේළී - EK LYRICS THREAD PART 2

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳ එක් දිනක්
තරු හා බිදී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින්
තනිවී සිතින්
සිටියා බලා
සඳ එයි කියා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉඩොරය යලි ඉරි තලා හිත
අනේ පිපි මල් පරවුනා තව
නිවා ලන්නට හිතේ ගිනි කඳ
සදා සිසිලස නුඹයි
සදා සිසිලස නුඹම පමණයි
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීවිත පිරුණා මැදියම රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ ..
නෙතු ළඟ සීතල මැවුනා
කඳුළක් තාලෙට හැලුනා
මා හද හැඞුවා ඔබ දන්නෑ ...
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු
:rofl:
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳවතිය ඔබයි මෘදු සුවය ඔබයි
මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
අපි අපේ වෙමු සදා
හිරු කුමරු ඔබයි මට දිරිය ඔබයි
මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
අපි ‍අපේ වෙමු සදා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා.....
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා.....
සිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා.....
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා.....
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා.....
    ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා.....
    සිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා.....
    ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා.....
    මේ මොහොතේ හිතට එන ගීතයක පද පේළී මෙතන දාන්න...
    ගීතයත් එක්ක හිතට ආපු සිතිවිලි තිනම් ඒත්,
    ගීය අපේ ජීවිමීවෙකාත්
    යාළුවොත් එක්
    බෙදා හදා ගමු
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    නොයෙන ගමන් ගොස්
    ඔබ මා මේ ලොව තනි කලේ
    කුරිරු ලෝකයට බිහි කලේ
    කිමද මා මෙහි තනි කලේ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේ මොහොතේ හිතට එන ගීතයක පද පේළී මෙතන දාන්න...
    ගීතයත් එක්ක හිතට ආපු සිතිවිලි තිනම් ඒත්,
    ගීය අපේ ජීවිමීවෙකාත්
    යාළුවොත් එක්
    බෙදා හදා ගමු
    okath ekka apu sithuwili beda ganna baa:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
    කවුළුව අතරින් හිරිකඩ එනවා..
    මල් පැණි වඩියක උණුසුම ලබනට..
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..

    කබාය ඉරිලා ඊට කමක් නෑ..
    කවුරු බලන්නද කවුරු දකින්නද..
    මා දැන් මහළු වියේ..
    මා දැන් මහළු වියේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රෑ දුරු රට මේ
    හිම වරුසා
    සීත පාළුවේ
    මූදු සතකින් ඈත දේසේ
    මා තනිවේ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැඳුනා ඒ සිතුවිල්ලේ....
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    මෙවන් පිටිසරේ මේ දුගී පැලේ
    වෙසෙන මිහිරි සොඳුර ඔබයි කැලෑ මල මගේ...
    ඔබෙන් මිදී මටත් සැපක් කොයිද කුමාරී
    කැලෑ මලේ ඔබයි මගේ පරෙයි කිරිල්ලි
    මගේ පෙම් ලොවේ
    පහන ඔබ මැ වෙති ළඳේ
    සදා ලැඟුම් ගනිම් ඉතින් ඔබේ තුරුල්ලේ...
    ඔබේ තුරුල්ලේ..
    ඔබේ තුරුල්ලේ සදා ලැඟුම් ගනිම් ඉතින් ඔබේ තුරුල්ලේ...

    සිහින් ඉඟට රෝස පාට සාරියක් වෙළා
    ඊට කැපෙන සේද හැට්ටයක් ද අන්දවා
    සුවඳ තෙල් දමා සමන් කැකුළු වළලු ලා
    බෙදා වරල බැන්ද කලට හහ් හ හා ..

    හීන් වළලු දෙකක් කොමල අත් දෙකේ රුවා
    දෙපා පියුම් සදා රිදී සළඹ පළඳවා
    නළල මැදට දී කොකුම් තිලකයක් අගේ
    සරා ගතොත් සරස්වතී වගේ පෙනේවි...

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගිමන් හරින දියඹ දිගේ..
    සුසුම් හෙලන වෙරල ඉමේ..
    බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා..
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...
     
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
    සුවඳ මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

    සියුමැලී මල් පෙතී
    පාට පාටින් සැරසෙතී
    ඇයි ලොවේ පිපුනේ කියා
    සුවඳ මල් නො අසතී
    - භද්‍රජී

     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි​