මම කියවපු පොත් අතරින් වඩාත්ම කැමතිම පොත තමයි මේ.
![]()
මේකෙ තියෙන්නේ රුසියාවේ ජීවත්වෙන ඩෙනිස් කියලා පොඩිලමයෙක්ගේ එදිනෙදා ජීවීතේදි සිදුවන සිදුවීම් . ගොඩක් කතා හරිම හාස්‍යජනකයි. තවත් කතා හරිම සන්වේදියි. නිරසයිකියන්න පුලුවන් එක පිටුවක්වත් නෑ. මමමේපොතේ හැම කතාවක්ම 10 සැරයකට වඩාකියවලා ඇති එත් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ. පරිවර්තනයත් සැහෙන හොදට කරලා තියෙනවා
මම මේ පොත ලියලා තියෙන වික්ටර් ඩ්‍රැගන්ස්කි කියන ලේඛකයාගෙ අනිත් පොත්හොයන්න ට්‍රයි එකක් දුන්න.එත් එයාගේ විකිපෙඩියා පේජ් එකක්වත් නෑ. ගූඩ්රීඩ්ස් එකෙත් පරිවර්තන විදියට තියෙනේ මේ පොත විතරයි .
තව දෙයක් පුලුවන් නම් මේ පොත මිලදි අරන කියවන්න. කොහොමහ් මේපොත එක සැරයක්කියවලා නවත්වන්න පුලුවන් එකක් නෙවෙයි. අනික ලන්කාවේ ලේඛකයෙකුට පොතකින් හම්බවෙන්නේ ඉතාම සුලු මුදලක්.මේ වගේ පොතක් පරිවර්තනය කරන්න යන වේලාව හා ශ්‍රමය එක්ක බලද්දි ඒක ඉතාම සුලු මුදලක්. ඒක නිසා එයාලා ඉදිරියත් මේ වගේ පරිවර්තන කරන්න දිරි දීමක් විදියට ලන්කාවේ පොතක් කියවද්දි ගොඩක් පරන නොවන හෝ ලේඛකයා ජීවත්වෙලා ඉන්න පොත්වත් පොතක් මිලදි අරගෙන කියවන්න
ඒක ඇත්ත. ගොඩක් පොත් වල ගනන රුපියල් 300- 500 අතර( ෆ්‍රයිඩ් රයිස් දෙකක ගනන නෙද ), ඉතින් පොතක් අරන් කියවන එක තමයි හොදම, මොකද කතෲ ට යම්කිසි මුදලක් ලැබෙන නිසා.


