Extreme weather Live Update 2017..

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ssyHcY7.png
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අධිවේගයේ ගැලනිගම-දොඩම්ගොඩ අතර කොටසක් ජලයෙන් යටවෙයි


    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩම්ගොඩ අතර කොටසක් ජලයෙන් යටවීම නිසා වේගය පාලනය කර ගන්නා ලෙස එහි මෙහෙයුම් ඒකකය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

    එමෙන්ම, අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් මාර්ග කිහිපයක් ජලයෙන් යටව පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ වනවිට කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරයෙන් අඩි 6 ක් පමණ ජලයෙන් යටවී තිබේ.

    මේ අතර, මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ - මාලිම්බොඩ, අමලගොඩ හන්දිය සහ අකුරැස්ස - පිටබැද්ද මාර්ග ජලයෙන් යටවී වාහන ගමනාගමන සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    එමෙන්ම, නෙළුව - දෙල්ලව සහ නෙළුව - මොරවක, නෙළුව - උඩුගම මාර්ග ද ජලයෙන් යටවී තිබේ.

    වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම අසල අළුත්ගම - මතුගම මාර්ගය කොහිලවල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, කළුතර හොරණ - පනාපිටිය ඇළ අසල මාර්ගය ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව ද සඳහන්ය.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒ හේතුවෙන් නිල්වලා ගඟේ පාළම හා ආරක්ෂිත බැම්ම කැඩීයාමේ අවදානමක් ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

    නිල්වලා ගඟේ ජල ප්‍රවාහය මේ වන විට මාතර නගරය ආසන්නයටම පැමිණ ඇතැයිද ඒ හේතුවෙන් අවට පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

    ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී ඇති බවත් දින තුනක් තිස්සේ විදුලිය ඇණහිටීමෙන් දුරකථන පවා විසන්ධී වී ඇති බවත් සඳහන්ය.

    අවතැන්වූවන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට දිසාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පියවර ගෙන ඇත.

    ඇතැම් ප්‍රදේශවල තව පිරිස් කොටු වී සිටින බවත් ඔවුන් බේරාගැනීමේ කටයුතු යුද - නාවික - ගුවන් හමුදාව හා පොලීසි විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    දෙනියාය නගරය ගං වතුර නිසා ලොකු හානියකට ලක් වෙලා. දෙනියායට පිවිසුම් මාර්ග 3 ම අවහිර වෙලා. 1. රත්නපුර මාර්ගය වැහිලා. 2. අකුරැස්ස මාර්ගය තිබුණු තැනක් වත් නෑ. 3.මතුගම නෙලුව හරහා මොරවකට වත් එන්න බෑ.

    ඉතින් මාධ්‍ය වලින් වත් දෙනියායට වෙලා තියන දේ දන්නේ නෑ. අඩුම ගානේ දෙනියාය ටවුන් ඒකෙ ඉන්න ය වත් දන්නේ නෑ දෙනියායේ සිට පල්ලේගම පැත්තේ මිනිස්සුන්ට කුමක් වෙලාද කියල, ඉතින් ඒ මිනිස්සුන්ට කන්න නෑ. ඇදි වත විතරයි.

    වතුර නෑ. කරන්ට් නෑ... සිග්නල් නෑ... මගේ ගමත් දෙනියාය. ඊයේ උදේ ඉදල ගෙදර ගැන අරන්චියකුත් නෑ...

    ඉතින් ඉල්ලන්නේ බත් පැකට් එකකින් වත් අදාරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දෙනියායට යන්න එකම එක මාර්ගයක් තියනවා. ඒ මාර්ගය මාද්‍යයෙන් වත් කිව්වේ නෑ.
    මේ මාර්ගය ඔස්සේ දෙනියායට යන්න පුළුවන්. ඉතින් පුළුවන් ය උදව්වක් කරන්න.

    මාර්ගය-
    මාතර >මුලටියන>උරුබොක්ක>තලපලකන්ද>දෙනියාය.
    ඉතින් අදාර දෙන අයට මේ මාර්ගය ගැන කියන්න,
    0720750300
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කොහාටද මේ තරම් continue වහින්නේ? දවස් කීයක්ද බන්:(