ඔය බොන අයගෙන් අහන්නේ..බිව්වම එහෙම බය හිතෙන්නැද්ද? තමන්ට හරියට සිහියක් නෑ..වෙන කෙනෙක්ට අපිට ඕනේ දෙයක් කරන්න පුලුවන්නේ..එහෙම තමන්ට තමන් පාලනයක් නැතුව ඉන්න බය හිතෙන්නැද්ද?
බිව්වම පහුවෙනිදා උදේට ඔලුව රීෆ්රෙශ් වෙලා..
ආයෙ මුල ඉදන්ම වැඩ පටන්ගන්නවා වගේ..
ඒක නිකං මෙහෙමයි..
බත් එකක් කන්න ගන්නවා.. භාගයක් කාල නවත්තලා පැය කාලක් ඉන්නවා.. ඉදල ඉතුරු භාගේ කන්න ගන්නවා.. දැන් අර මුලින් කනකොට තිබ්බ ගැම්ම එන්නේ නෑනේ පැය කාලෙකට පස්සේ කනකොට..
අන්න ඒ වගේ ෆීලින්ග් එකක් ඒකේ මට නං තියෙන්නේ..
පට්ට රිලැක්ස් වෙලා යනව ඔලුව..
ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඉතිං








