නිකං මහ ගංගාව තියෙද්දි අතු ගංගා දිගේ පාරු පදිනව වගේ පදුර වටේ ගිහින් වැඩක් නෑ.
දැන් මම අහන්නේ මෙච්චරයි.....
ඔය ගීතය සමලිංගික අර්ථ නිරූපණයක් සහිතව අරගෙන අවසන දී ශ්රාවකයා ගේ විඥාණයේ ඉතිරි වෙන්නේ මොකක්ද? එක්කො කුණු ගොඩක්. නැත්තං “ආ අංකල් කොල්ලො ගහන්න කතා කරන සීන් එකක් ද තියෙන්නේ?“ ඔච්චරයි....
නමුත් මේක බිදී ගිය ප්‍රේමයට මධුවිත පිළියමක් නෙවෙයි, ජීවිතයෙ තව ලබන්න තියන අත්දැකීම් තියනවා, මේ නුරා-විරහ ගින්න නිවන්න මධු ඔඩමේ ගිලෙන එක නිශ්ඵල ක්‍රියාවක් කියන අර්ථ නිරූපණයට ආවාම, අඩුම තරමේ ඒ තත්ත්වයට පත් වෙච්චි එකෙක් සැබෑ ජීවිතයෙදී ජීවිතේ විනාස කර ගන්නෙ නැතුව ගොඩ යාවි.....
දැන් ආනන්දයෙන් ප්‍රඥාවට එලඹවන අර්ථ විග්‍රහය තියෙන්නේ ඔය සමලිංගික අර්ථ විග්රහයෙ ද, නැත්තං අනිත් එකේ ද?
ඕන එකෙක්ට ඕන එකක් කියාගන්න පුළුවන්(නැවතත්, මේ කියන්නේ අපේ රට පාත්තයා ගැන නෙවෙයි) විශේෂයෙන් සමාජ ජාල වල “අපි හිතන්නේ වෙනස් විදියට-අපි out of the box thinking කියල අවධානය දිනා ගන්න හදන මෙලෝ රහක් නැති මළ මූසලයෝ ඉන්නවා.(නැවතත්, මේ කියන්නේ අපේ රට පාත්තයා ගැන නෙවෙයි) නමුත් අහන එකා තමන් ගේ මොළෙන් ඒ අහන එක විග්රහ කර ගන්න ඕන......